ඔය ඉන්නෙ කබරයෙක්

Posted by දුමී


මගේ 'දෙවන මනමාලි' පෝස්ට් එක කට්ටිය කියවන්න ඇතිනෙ. ඕක ලියන කොට ඔන්න මට තවත් රසවත් සිද්දි කීපයක් මතක් උනා, මගුල් ගෙවල් වල සිද්ද වෙච්ච. ඒ කාලේ මම සංගීත කණ්ඩායමකට සම්භන්ධ වෙලා හිටියා. මේ මම NIBM එකේ ඩිප්ලෝමා එක කරන කාලේ. ඒ කියන්නෙ 96 අග හරි 97 මුල හරියෙ. ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ මම ගෙදරට බරක් නොවී ඉන්න ලොකු ගේමක් දුන්නා. මගේ වියදම් මංම හොයා ගත්තා මියුසික් වලට පිහිට වෙන්න. ඒ කාලේ මගේ පෙම්වතී, දැන් මගේ ප්‍රිය බිරිඳ එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න හරි, එයාගේ උපන් දිනේට ඔරලෝසුවක්, මේකප් සෙට් එකක් නැතිනම් පුංචි ගලක් දාපු මුද්දක් හදල දෙන්නත් මම ඒ දවස්වල හොයාගත්ත සොච්චම් ගාන හොඳටම සෑහුනා.

අපිට ඒ දවස්වල මදි නොකියන්න බූකින්ග්ස් තිබුනා. ඉතින් මමත් මගේ ලෙක්චර්ස් වලට පාඩු නොවෙන විදිහට ඒවට සෙට් උනා. මාසෙකට වෙඩින්ග්ස් 4 ක් 5 ක් හරි ඩාන්ස් දෙක තුනක් හරි වරදින්නෙම නැහැ. එක බූකින් එකකින් එක්කෙනෙක්ට රුපියල් 500 ක් වගේ ගානක් සෙට් උනා. සමහර දවස්වල වෙඩින්ග් දෙක ප්ලේ කරපු දවසුත් තිබුනා. උදේ ඉඳන් දවල් එකයි, ආපහු රෑ තව එකකුයි. ඉතින් ඒ වගේ දවස් වල පාං කියා ගන්න බැහැ. ඔක්කොමටම වැඩිය පහු වෙනිදා ලෙක්චර්ස් හරි ප්‍රැක්ටිකල් හරි සෙට් උනොත් ඉතින් බඩුම තමා.

ඔය කාලේ මට මතකයි අපි වෙඩින් එකක් ප්ලේ කලා හරියටම මහරගම හයිඩ්ඩ්‍රාමනි ගාමන්ට් එක ඉස්සරහා ගෙදරක. සාමාන්‍යය මට්ටමේ මගුල් ගෙයක්. එච්චර ඉඩ පහසුකම් නැති උනත් ඒ ගොල්ලන්ට උපරිම විදිහට මගුල් ගේ තිබුනා කියලා මට මතකයි. අපිත් ඉතින් සුපුරුදු විදිහට කිසි වෙනසක් නැතිව වාදනය සහ ගායනය කරගෙන ගියා. ඒ දවස්වල ඉතින් රොබෝල වගේ තමයි සින්දු ප්ලේ කරන්නෙ. ගොඩක් වෙලාවට එකම සින්දු සෙට් එක තමයි හැම මගුල් ගේකම ප්ලේ කරන්නෙ. එහෙමත් වෙලාවක තමයි එකක් දෙකක් එහාට මෙහාට වෙන්නෙ.අපි නොගැහුවත් අපේ ඇඟිලි ටික දන්නව සින්දුව ප්ලේ කරන හැටි.

මට මතක විදිහට එදා මනමාලය ඇඳල හිටියෙ තනිකරම සුදෝ සුදු ඇඳුමක්. ඉතින් මගුල් ගේත් යස අගේට යනවා. වීදුරු එකිනෙක ගැටෙන හඬ එහෙම අපිට හොඳටම ඇහෙනවා.

ගොඩක් මගුල් ගෙවල් වල අවසානයේ ඔය කතා පැවැත්වීම් අනිවාර්යයෙන්ම සිද්ද වෙනවානෙ. එහෙමත් එකක තමයි ඔය වගේ සිරිත් වලට තැනක් නොදෙන්නෙ. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු හෝටල් වල කෙරෙන මගුල් වලදී. ඉතින් අනිවාර්යයෙන්ම ඔය වගේ තැන්වලදි මයික් ටයිසන්ලා, මයික් ගැටින්ලා ඉන්නවාම තමයි. ඒ කියන්නෙ මයික් එක අතට ගත්තොත් ආපහු දෙනවා බොරු. පැයක් හමාරක් නව යුවලට අවවාද අනුශාසනා දීල තමයි පස්ස බලන්නෙ.

ඉතින් අපිටත් හරි ජොලි ඒ වගේ කතා පවත්වන මගුල් ගෙවල් වලදි, මොකද එතකොට අපිට ප්ලේ කරන්න තියෙන කාලය අඩු වෙනවානේ. කතා පවත්වලා ඉවර උනාට පස්සෙ අපිට තියෙන්නෙ ඉතින් "පුංචි දවස්වල නින්දට යද්දී" කියන සින්දුව ප්ලේ කරන්න මනමාල යුවල අම්මලාට තාත්තලාට සමුදීල කාර් එකට නගින වෙලාවට.

කොහොමෙන් කොහොම හරි එදා මගුල් ගෙදර ටිකක් විතර අවුල් වෙලා වගේ තමයි අපිට පෙනුනෙ. මොකද මනමාලය සතුටටද එහෙම නැතිනම් තනිකඩ ජීවිතේ ඉවරයි කියන දුකටද, එහෙමත් නැතිනම් නිකන් හම්බ වෙච්ච හින්දද දන්නෙ නැහැ කන පැලෙන්න බීල. ඔන්න ඒත් වැඩි හිටියො සුපුරුදු පරිදි කතා පවත්වන්න සෙට් වෙලා. ජෝඩුව වාඩිවෙන කවිච්චිය එහෙම ලෑස්ති කරල මනමාලිව ගෙනැල්ල ඉන්ඳෙව්වා. ඊට පස්සෙ ඔන්න මනමාලයවත් කොහේ ඉඳන්ද මංදන්නෑ තුන් හතර දෙනෙක් වත්තන් කරගෙන ඇවිත් මනමාලි ගාවින් ඉංඳෙව්වා. පොර ෆුල් ට්‍රයි එකක් දෙනවා දැන් ඔළුව කෙලින් කරං ඉන්න. ඒත් කන ෂර්ට් එකේ සාක්කුවටම තමයි වැටෙන්නෙ. ටයි එකේ නොට් එක තියෙන්නෙ මනමාලයගෙ බඩ හරියෙ. ඔන්න ඒක දක්ක මනමාලයගෙ පැත්තෙ නෑයෙක් ඇවිල්ල ට්යි නොට් එක ආපහු බෙල්ලට තියල තද කරා .ඒත් ආපහු කන සාක්කුවේ.

ඔන්න ඉතින් මනමාලිගේ පැත්තෙ ඉන්න වැඩිහිටි පිරිමි කෙනෙක් මංගල සභාවෙන්ම එහෙම අවසර ඉල්ලල කතාව පටන් ගත්තා.

"අද මේ සුභ නැකතින් විවාහපත් මේ යුවතිපති යුවලට මාගේ සුභාශිංෂණය පල කරන අතරම පුංචි පහේ අවවාද අණුශාසනා ටිකක් දෙන්න තමයි මගේ මේ කල්පනාව . . . !" ඔන්න මෑන්ස් පටන් ගත්ත . . .

"දැන් ඉතින් මේ යුවතිපති යුවල තනි කඩ ජීවිතෙන් මිදිල, දෙන්න දෙමහල්ලො වෙලා ජීවිතේට මුහුන දෙන්න තමයි මේ වෑයම . . . ."

"අදින් පස්සෙ මේ දුවගේ දුක සැප බලන්න ඉන්නේ මේ පුතා තමයි . . . ඒ වගේම මේ පුතාට දුකක් කරදරයක් උනහම මේ දුවගේ පිහිට තමයි . . . . " කියනකොටම . . .

"ඕඕඕක් . . . . බෲස් . . ." කියලා සද්දයක් ඇහුනා . . .

බලන කොට මනමාලයා මනමාලිගේ ඔඩොක්කුවට හෝටලයක් දානවා . . . .

මනමාලයා උදේට කාපු කිරි බතුයි ලුණු මිරිසුයි, බොන වෙලාවෙ බයිට් එකට කාපු ජරාවල් ඔක්කොමයි, අරක්කුයි දැන් මනමාලිගෙ ඔඩොක්කුවේ . . .

ඔන්න එතකොටම මනමාලයගෙ පැත්තෙන් ආපු කොල්ලො කීප දෙනෙක් පැනල මනමාලයව ආපහු කෙලින් කරලා වත්තන් කරං කොහෙන්දෝ බාල්දියක් ගෙනැල්ල අල්ලගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සෙ පොර ටිකක් කූල් ඩවුන් උනාට පස්සෙ ඔන්න ආපහු කන සාක්කුවෙ දාගෙන නිදි.

"මේ ජීවිතේ සුමට සුකොමල විදිහට හැම තිස්සෙම ගලාගෙන යන්නෙ නැහැ . . . . . ජීවිතේ කියන්නෙ වල ගොඩැලි ගල් පර්වත මැදින් ගලාගෙන යන මහා ගංගාවක් . . . . " මයික් ටයිසනුත් අරින්නෙ නෑ හෝ ගාලා කියවගෙන යනවා . . .

"දෙමව්පිය නෑදෑයන්ගේ ගෞරවය ආරක්ශා කරගෙන ජීවත් වෙන්න මේ යුවති පති යුවල හොඳින් හිතට ගන්න ඕනෙ . . . . " කියනකොටම

"ඕඕඕක් . . . . ." කියල මනමාලය තමන්ගේම ෂර්ට් එකේ සාක්කුව පුරව ගත්තා . . . . !

ඔන්න ඒත් එක්කම වැඩිහිටි ගෑනු දෙතුන් දෙනෙක් දෙහි බෑයවල් දෙක තුනක් අරන් ඇවිත් එක්කෙනෙක් මනමාලයගේ ඔළුවෙත් තව එක්කෙනෙක් සපත්තු දෙක ගලවලා මනමාලයාගේ යටි පතුල් වලත් උලන්න ගත්ත . . . .

එතකොට තමයි හොඳම ඩ්‍රාමා එක පටන් ගත්තෙ. මනමාලයා ඇවිල්ල නහුතෙටම කිචි තියෙන පොරක්. අර කවුරු හරි ඇඟේ වැදුනත් කුචි ඇවිල්ල කුනු හරුපයක් කියවෙන එවුන් ඉන්නේ. අන්න ඒ ජාතියේ . . . .

දෙහි බෑය කකුලෙ උලන්න උලන්න පොරට කුණු හරුපයක් කියවෙනවා. ඒකත් ෆුල් එකම නෙමෙයි මුල් අකුරු දෙක විතරයි ඌට කියවෙන්නෙ ඩෝප් වැඩි කමට.. . . .

අපිටත් ඉතින් කාල ඉන්න නෑ . . . බඩ කොරවෙන්න හිනා යන්න එනවා . . . ඒත් තොල විකාගෙන ඉවසගෙන හිටියා බිම බලාගෙන.

ඒත් එක්කම මයික් ටයිසන්ගෙන් මයික් එක උදුර ගත්තු මනමාලයගෙ පැත්තෙ පොරක් කියනව. . . .

"හරි හරි, දැන් පිටත් වීමේ නැකතත් හරි " කියල . . . .

ඔන්න ඉතින් යුවල පිටත් වෙන වෙලාව. මනමාලය කවිච්චිය උඩ තල පතා වගේ බුදි . . . මනමාලි විතරක් අම්මලට තාත්තලාට වැඳල දැන් යන්න ලෑස්ති වෙනවා . . . අපිත් ඔන්න සුපුරුදු විදිහට "පුංචි දවස්වල" සින්දුව ප්ලේ කරන්න පටන් ගත්තා. කණ්ඩායමේ ඉන්න ගායිකාව දැන් ලයාන්විතව සින්දුව ගායනා කරනවා . . . .

"මල් බෝනික්කන් . . . පූසි පැටව් ටික . . . . පාට ගවුම් පොඩි . . අද තනි වෙනවා . . . . " කියල අපේ ගායිකාව දැන් සින්දුව ගායනා කරනවා . . . .

එතකොට අපේ බෑන්ඩ් එකේ එකෙක් අපිට විතරක් ඇහෙන්න "පූසි පැටව් මොකටද බං, දැන් ඔය ඉන්නෙ කබරයෙක් . . . . " කියල කියපි.

මෙච්චර වෙලා තද කරගෙන හිටපු හිනාව ඩෝං ගාල එළියට පැනපි. කට්ටිය දෙකට නැවිලා හිනා වෙනවා. ඩ්‍රම්ස් ගහන එකා හයි හැට් එක බදාගෙන හිනා වෙනවා . . . ඒ අස්සෙ මගුල් ගෙදර උන් අපිට රවනවා . . . . ඒත් සින්දුව නැවතුනේ නැහැ . . . කොහොම හරි එල්ලිලා යනවා . . . .

මනමාලිත් ඔරවගෙන ඇවිල්ල ඕං මගුල් කාර් එකට නැග්ග.

"පියානනී ඔබෙ ආසිරි විඳ විඳ ඉරණම් ගමනක් යන්නට යනවා . . . " අපේ ගායිකාවත් ගීතය ගයනවා . . . .

එතකොටම හතර පස් දෙනෙක් මනමාලයව උස්සගෙන ඇවිල්ල මගුල් කාර් එකට කුදලලා ඔබල දැම්මා . !

ඒ යුවලට සුභම සුභ මංගලම් . . . . . !

39 comments :

  1. hafoi . . .. ude paaandara wadata aapu gamanma meka dakka . . . itin kiyewwa . . .mage bada kora wela yakooo hinaa welaaama . . . .. hooooooooo

    ReplyDelete
  2. බුවා හා හා හා ............... පට්ට්

    ReplyDelete
  3. සුභම සුභ මංගලම්....ෆට්ට කතාව...... පදමට ගහල වමට බදින්න එපැයි මොනව කොලත්.....නිකන් තියෙන Liver එක නිසා ඔහෙ ගසලා නොදැම්මොත් එකත් හරි නෑ නේ....:D....

    ReplyDelete
  4. මගේ බඩ නම් කොර වෙලා තියෙන්නේ හිනාව තද කරලා අනේ. ‍ඔහොම කරන එක හොඳයිද? අපි කොහොමද ඔෆිස් වල ඉඳන් හිතේ හැටියට හිනා පාන්නේ?

    ReplyDelete
  5. ..............සභාවේ තදින් සිනා.......
    ඔය මඟුල ජෝඩු කලේ කපුවෙක් හරි වෙන අතරමැදියෙක් එහෙමනං...හපොයි....
    ඕවට තමයි ඇඟ කිළිපොලා යන විහිලු කියන්නෙ.....

    ReplyDelete
  6. mata nam Dukai '''hina wenna behe'''

    ReplyDelete
  7. 'පූසි පැටව් මොකටද බං, දැන් ඔය ඉන්නෙ කබරයෙක් . .' :D
    කවුරු උනත් කියලා තියන කාරණේ ඇත්ත..

    ගෙදර ඉන්න හින්දම හොඳයි..නැත්තන් හිතනවා ෂුවර් එකටම පිස්සු කියලා..:-))))))

    ReplyDelete
  8. පට්ට්ම පට සිරා ඔහොමඩෙවල් වෙනවනෙ බන්.....

    මන්

    ReplyDelete
  9. මම හිතන්නේ දුමීගෙ කතාවලින් හොඳම සහ උපරිමටම හිනා උන කතාව මේක වෙන්න ඕනෙ.....
    කියලා වැඩක් නෑ...........නියමයි

    ReplyDelete
  10. ඔහොම කතාවක් ඇහුවමයි. පුදුමයි කසාදෙ නොකැඩුණ එකට. අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නෙ ඔය වගේ ඒවලට නේද??? හිකිස්

    ReplyDelete
  11. හා.............නේ මනමාලිගේ සාරිය අපරාදේ.

    ReplyDelete
  12. නියම කථාව, හික්ස් :P

    ReplyDelete
  13. හිහ් හිහ් හි මරුම වෑඩෙ තමයි..

    ReplyDelete
  14. හම්මෝ .. හිනාවෙලා පනයනවා.. ලියන ස්ටයිල් එක නම් මරේ මරු!

    ReplyDelete
  15. ඒ කෙල්ලට එපා උනෙ නැද්ද දන්නැනෙ ? ඇයි බදින දවසෙම දැන ගන්නවනෙ මෙකා බේවද්දෙක් කියලා.... මේ මචන් අයියෙ බොරු කියන්න එපා...ඔයාගෙ වෙඩින් එක දවසෙ නෙද මෙක උනෙ ? :P

    මරු කතාව :-D

    ReplyDelete
  16. පට්ට කතාව. මේකට හොඳ පබ්ලිසිටියක් දෙන්න ඕනේ. අතෙන් දාලා නෑ නේද මොකුත් ???

    ReplyDelete
  17. මට නම් තාම හිනාව නවත්තගන්න වුණේ නැහැ අයියා :) :) :) පට්ට කතාව.

    මාත් ලිව්වා කබරයා කතාවක් තියෙනවා බලන්නකෝ

    http://aagiyakatha.blogspot.com/2010/06/blog-post_04.html

    ReplyDelete
  18. හහ් ඌ තවම එල බෙබේ තමා... ලමයි නිසා ඩිංගක් කොන්ට්‍රොල්... තාත්තාගේ සල්ලි තියනකල් හොඳා...

    ReplyDelete
  19. happaa . . me tissa danna buwekda???? machoe thissa . . ubath giyaada ea magulta ????

    ReplyDelete
  20. නියම කතාව දුමී. ඒත් කණගාටුයි අර මනමාලිය ගැන නම්, මොනතරම් පෙරුම් පුරලා ඇද්ද ලස්සනට සමු දී යන්න...

    ලස්සනම කොටස "පූසි පැටව් මොකටද බං, දැන් ඔය ඉන්නෙ කබරයෙක් . . . . "

    ReplyDelete
  21. දුකා- උඹට හිතෙන්නේ නැද්ද මේ තිස්ස අයියගේ මගුල් ගේ දවසේ උන සීන් එකක් කියලා.. හික් හික්...

    තිස්ස අයියා- පොඩි ජෝක් එකක් හොඳේ

    ReplyDelete
  22. හහ් හහ් හහ්... අනේ අම්මපා උඹලටත් හිතෙන දේවල්...!

    ReplyDelete
  23. හික්ස් මරුනේ

    ReplyDelete
  24. හප්පා.. මම හිතුවා තිස්ස අයියා මල අතට ගනී කියලා!

    ReplyDelete
  25. @දුකෝ,
    පිනක් මචන් උඹව උදේ පාන්දරම හිනා ගස්සපු එක. මොකද කලින් දවසෙ උඹ ආච්චි වැහිල හිටිය කියල ආරංචියි . . .!
    @වැප්,
    තැන්ක් යූ වේවා . . !
    @ශැඩෝ/හේමලයා,
    ඔය ලිවර් එක ඉතින් තියෙන්නෙ බයිට් එකට ගන්න තමයි. (මේ මම කිව්වෙ, කුකුලගේ ලිවර් එක ගැන )
    @රන්දිල්,
    හිනාවී තරවෙන්න . . කොර නොවෙන්න !
    @ඉන්දික උපශාන්ත ,
    අර කිව්වවත් වගේ, කොන්ඩේ බැඳපු එකෙක් දිව්ව තමයි ජෝඩුව පිට වෙන්න කලින් . . . . !
    @වත්,
    ගෙවල් තියෙන්නෙ මහරගම හයිඩ්රාකමනි එක ඉස්සරහද ?
    @නිමන්ති,
    එදා අපිත් හිනාවෙලා එතනම මැරෙනවා තව පොඩ්ඩෙන් . . !
    @ඉලන්දාරියා,
    :)
    @දිල්,
    තෑන්ක් යූ දිල් . . . !
    @තරියා,
    මොන හැදිල්ලක්ද . . . ඌ හැදිල ඉවරයි !
    @ඉසිඹුව,
    සාරිය විතරක් නෙමෙයි මනමාලිත් අපරාදේ . . . !
    @හසී,
    තෑන්ක් යූ වේවා !
    @ජෙනී,
    සාදරයෙන් පිලි ගන්නවා මගේ බ්ලොගයට !
    @වැම්පයර්,
    තෑන්ක් යූ වේවා කමෙන්ට් එකට . . . !
    @බනී මලේ,
    අම්මපා, බඳින්න කලින් මමනම් කටේවත් තිව්වෙ නැහැ . . . බොන්න පටන් ගත්තෙ ඔන්න බැන්දට පස්සෙ තමා . . බැඳල බලපන් බොරුද කියලා . . . !
    @තේජාන්,
    මොන පිස්සුද, මේක ෆුල් රියලිටි ශෝ එකක්. බඩ කොර වෙනව මතක් වෙනකොටත් . . . !
    @හසිත මලේ,
    එල පන්සි පෝස්ට් එක, මම බොන එකට විරුද්ද නැහැ . . ඒත්
    දැන තම පමණ
    ගණු නොම වී බමණ
    @තිස්ස,
    මේක දකින කොට මට බය හිතෙනවා . . . අර දුකා කිව්වත් වගේ අඳුරන පොරක්ද ? නෑදෑයෙක්ද ? එදත් ඇවිල්ල හිටියද ?
    @ගල්මල්-කොරල්,
    සමහර විට ගෑනි ඌව හදල ගන්න ඇති . . . ජීවිතේ කියන්න ඉතින් ඕකට තමා . . . !

    ReplyDelete
  26. නෑ නෑ මචෝ මමත් ඔය කිට්‍ටුවමයි...
    ඔබේ බ්ලොග් එකනම් නියම entertainment... නියමයි මචෝ... ආසාවෙන් කියවනවා....

    ReplyDelete
  27. මචං තිස්ස, මගේ අඩවියට සාදරයෙන් පිලි ගන්නවා. බොහොමත්ම ස්තුතියි . . .

    ඒ ගෙදර උඹ දන්න කට්ටියකගෙද ?

    ReplyDelete
  28. අහල පහල නිසා දන්නවා... ආස්සරයක් නෑ මචන්...

    ReplyDelete
  29. ආහ්. . . එහනං කමක් නැහැ . . මම බය වෙලා හිටියෙ ගුටිකන්න වෙයිද කියලා මේක ප්‍රසිධියේ පළ කරපු එකට . . . හෙහ් හෙහ් . .

    ReplyDelete
  30. පට්ටම පට්ට කතාව. ඇයි බන් මන මාලි සීන් එකක් දැම්මෙ නැහ ??? පව් මොනව උනත් කෙල්ල ඉතින්

    ReplyDelete
  31. මට උනානම් මම ආපහු සැරයක් හිරේ යනවා..... එළම එළ

    ReplyDelete
  32. @පිස්සා,
    මනමාලි සීන් එකක් දැම්මද දන්නෙ නැහැ පස්සෙ ඌට සිහිය එනකොට . . .
    @සිර කරුවා
    ඌත් හිරේ යන දවස නිසා දුකට දාගත්තද කවුද දන්නෙ.
    @The revival,
    Yes, it was DCSD 96.1

    ReplyDelete
  33. හික්ස් සිංදුව කියනකෙනාටත් හිනා ගියානම් තමයි වැඩේ...

    මමනම් කැමතිම නෑ ඔය ජරාව මගුල් ගෙවල් වගේ සුබ තැන් වලට ගන්නවට.. හපෝ ඔය කාගෙ සංස්කෘතියක්ද මන්ද.

    ReplyDelete
  34. I was also in 96.1! But then, soon after completing, I left Sri Lanka.

    This is a cool blog you have machang! I can't stop laughing!!! :P

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. පස්ට ආතල් කියන්නෙ ලොවෙත් නෑ ඈ... අයියෝ මනමාළී... ෆට්ටෙට ලියල තියේ... එල..

    ReplyDelete
  37. මනමාලිට තිබුනේ මනමලයව දාලා ගෙදර යන්න :v

    ReplyDelete

Related Posts with Thumbnails