දෙවන මනමාලි

Posted by දුමී


හුඟ දවසකින් කට කහන කතාවක් ලියාගන්න වෙලාවක් කලාවක් හොයගන්න නම් අමාරු උනා. පහුගිය දවස්වල නිවාඩු යන්න හිටි නිසා ඔෆිස් එකේ නහයටත් උඩින් වැඩ තිබුනා. ඔන්න ඉතින් මම සහ මගේ දරු පව්ලත් දෙයියනේ කියල ලංකාවට සැපත් උනා නිවාඩුවට පහුගිය 23 වෙනිද . මගේ අප්පොච්චියේ ලංකාවට ආවට පස්සෙ කට විතරක් නෙමෙයි මුලු ඇඟම දැන් කහනවා මදුරුවො කාලා. හොඳ වෙලාවට අර බී.අයි.ටී ද මොකක්ද එක ගහල තිබුනෙ.

ඔන්න ඉතින් ලංකාවට ඇවිල්ල අම්මලත් එක්ක ආගිය දෙවල් කතා කර කර ඉන්න කොට මට මතක් උනා අපේ නිලමේ මාමව. නිලමෙ කිව්වට එයා නිලමෙ කෙනෙක් නෙවෙයි. එයාට පොඩි කාලෙ ඉඳන් කතා කරල තිබුනෙ එහෙම තමා. නිලමෙ මාමා අපේ අම්මගෙ බාප්ප කෙනෙකුගෙ පුතෙක්. නිලමෙ මාමා පදිංචි වෙලා හිටියෙ ඇල්පිටියෙ යටගල. ඒ තමා අපේ අම්මලාගෙ ගම් පලාත. මට මතක් උන මේ කතාව සිද්ද උනේ නිලමේ මාමගේ මගුල් දවසෙ. එයා කසාද බැන්ද නැන්ද හිටියෙ ගම්පහ පලාතෙ. මේ සිද්ධිය වෙනකොට මට අවුරුදු 14 ක් හරි 15 ක් හරි වගේ මට මතක. නිලමේ මාමාට ඒ නැන්දව මුන ගැහිල තියෙන්නෙ එයාගේ යාලුවෙකුගේ මගුල් ගෙදරකදි. ඒ යාලුවගේ දෙවනි මන මාලයා වෙලා හිටියෙ අපේ මාමා. ඒ යාලුවගේ දෙවනි මනමාලි වෙලා ඉඳල තියෙන්නෙ දැන් ඔය බඳින්න යන නැන්ද තමා. ඒ විදිහට තමයි ඒ දෙන්නට මල් සරා විදල තිබුනෙ.

ඉතින් දන්නවනෙ ඔය ගම් පලාත්වල සිද්දවෙන මගුල් තුලා කටයුතු. ඔන්න මාමගෙ පැත්තෙ කට්ටිය වෑන් තුන හතරක් පුරෝගෙන තමයි ගම්පහ යන්න ආවෙ. ඉතින් යටගල ඉඳන් ගම්පහ යනකොට කොලඹ හරහා එනවා මිසක් වෙන විදිහක් නැහැනෙ. කට්ටිය ඉතින් කුකුලා අඬලන්නත් කලින් එහෙන් පිටත් වෙලා උදේ කෑමට කලුබෝවිල තියෙන අපේ ගෙදරට තමයි ආවෙ. ඉතින් ඔන්න උදේ කෑමෙන් බීමෙන් සප්පායම් වෙලා අපේ ගෙදර කට්ටියත් ඔය ඉඩ තියෙන විදිහට වෑන් එකකට නැගගත්ත. මට නැගගන්න හම්බ උනේ ඔය නිලමෙ මාමගේ යාලුවො සහ කොල්ලො කුරුට්ටො ඉන්න වෑන් එකට තමයි. නිලමේ මාමගේ දෙවනි මනමාලයත් හිටියෙ ඒ වෑන් එකේමයි. මම කලින් කිව්වනෙ අපේ මාමට එයාගේ මනමාලිව මුණ ගැහුන විදිහ. ඔන්න ඉතින් මේ දෙවනි මනමාලයත් ෆුල් හෝප්ස් තියාගෙන තමයි දැන් යන්නෙ කොහොම හරි දෙවන මනමාලිව සෙට් කරගන්න. ඉතින් මග දිගටම කතා බහ ඔය සම්භන්ධයෙන් තමයි. වෑන් එකේ ඉන්න අනිත් අයත් එක එක විදිහට ක්‍රම සහ විදි කියල දෙනව කොහොම හරි දෙවන මනමාලිව සෙට් කරගන්න. මෙයත් කසාදයක් කරගන්න විදිහක් නැතුව ටික කලක් වේලි වේලි හිටිය පොරක්. ඉතින් මෙයත් තදින්ම හිතට අරගෙන කොහොම හරි මේක නම් සෙට් කරගන්නවාම තමයි කියල. ඉතින් මෙයත් අහනව දැන් ගෑනු ළමය ලස්සනයිද අරකද මේකද කියලා. කොහොම හරි එදා දවසෙ ප්‍රධාන මාතෘකාව මනමාලයා සහ මනමාලි නෙවෙයි. දෙවන මනමාලයා සහ දෙවන මනමාලි.

ඔය මගුල් ගෙදර තිබුනේ මනමාලිගේ ගෙදරම තමා. ඒ දවස්වල මගුල් තුලා කටයුතු පුළු පුළුවන් විදිහට ගෙවල් වලම කර ගත්ත මිසක්ක ඔය පාටි හෝල්වල අරගත්තෙ නැහැනෙ. පාටි හෝල්වල මගුලක් ගන්න එක මදි කමක් විදිහට තමයි ගම්වල ඈයො සැලකුවෙ. දැන්නම් ඉතින් ඒකෙ අනිත් පැත්තනෙ.

ඔන්න ඉතින් අපි කට්ටියම මගුල් ගෙදරට සැපත් උනා කියමුකො. මනමාලිගෙ පැත්තෙ ඈයො මුළු ගමටම ඇහෙන්න රඹන් ගහල, රතිඤ්ඤා එහෙම පත්තු කරල මනමාලයගෙ පාර්ශවය ඒ කියන්නෙ අපි කට්ටියව මහ ඉහලින්ම පිලි ගත්තා. ගෙදර කට්ටිය මනමාලයගෙ කකුල් දෝවනය කරල ගේ ඇතුලට ආරාධනා කලා. ඒ අතර ළමා සාරිය අඳ ගත්ත ගෑනු ළමයි ටිකක් පිලි ගැනීමෙ ගීතයක් එහෙම ගායනා කලා. ඔන්න දැන් තියෙන්නෙ දෙවනි මනමාලයා මනමාලියට මල් කලඹ දෙන්න. මේ අවස්ථාව එනකන්නෙ අපේ කතා නයකයත් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටියෙ. ඔන්න ඉතින් එයා ගියා මල් බොකේ දෙකත් අරගෙන මනමාලි ඉන්න තැනට. ඔය ඉන්නෙ දෙවන මනමාලිත් බැබලි බැබලි. ලස්සනේ බැරුවා. ඔන්න මෙයා ඉස්සෙල්ලම මල් කලඹ දුන්න මනමාලිට. ෆොටෝ ගහන එක්කෙනත් එහෙට මෙහෙට කර කර ෆොටෝ සීයක් විතර ගැහුවාම තමයි දෙවනි මනමාලිට බොකේ එක දෙන වෙලාව ආවෙ. ඔන්න ඉතින් මෙයා මල් කුමාර හිනාවක් එහෙම දාගෙන ගියා දෙවනි මනමාලිට බොකේ එක දෙන්න.

"ආහ් . . . . . අංකල්ද බෙස්ට් මන් ? " දෙවනි මනමාලි අහපි !

"ඔ . ඔ . . ඔව් . . . ඔව් . . . මම තමයි . . . !" අපේ මෑන්ස්ටත් කියවුනා . . .

ඉතින් ඔක්කොම හබක්. දවස් ගානක් පෙරුම් පුරල පුරල කරගන්න හදපු දේත් බකස්. පෝරුව වෙලාවෙත් අපේ මෑන්ස් ඔය ඉන්නෙ අලිය පැනල ගිය ඇත් ගොව්ව වගේ !! අන්තිමට වෙඩින් ෆොටෝ එක ගන්න මිනිහව හොයනවා . . . ඒත් පොර නෑ . . . . බලනකොට පොර කන පැලෙන්න බීල පිලි කන්නෙ වැටිල ඉන්නවා . අදටත් නිලමෙ මාමගේ වෙඩින් ෆොටෝ එකේ ඉන්නෙ දෙවනි මනමාලි විතරයි. දෙවනි මනමාලයෙක් නැහැ.

27 comments :

  1. :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    මල් 7යි.. පව් බන් මෑන්ස්. හෝප්ස් දුන්නේ අපරාදේ..

    ReplyDelete
  2. හික් හික්!! පව් අසරණයා....

    ReplyDelete
  3. අයියො.........................පව් අසරණයා.....

    ReplyDelete
  4. අංකල් කිව්වට මොකෝ, පොඩි ට්‍රයි එකක් දාල බලන්න තිබුණනේ...

    ReplyDelete
  5. හිනාවෙන්නද......අඬන්නද කියල හිතාගන්න බෑ........:D

    ReplyDelete
  6. හෆොයි මට හිනාව නවත්ත ගන්න බැරියෝ . . .

    හෑබෑවට අංකල් කිව්ව ගමන් "ඔව් මම තමයි බෙස්ට් මෑන් ඒත් මම දැනගෙන හිටියේ නෑ නේ ආන්ටියි කියලා බ්‍රයිඩ්ස්මේඩ් " කියන්න යි තිබ්බේ . . පව් අසරණයා . ..

    ReplyDelete
  7. මගේ නංගිගේ වෙඩින් පින්තූර වල මට ම ඉන්න කිව්ව බෙස්ට් මෑන්ට . . .

    බ්‍රයිඩ්ස්මේඩ් මස්සිනාගේ අක්කගේ දුව . . .

    අපේ මසීගේ පොඩි අක්කා (උඹේ වගේ කට කහන කතා කියන) කියනවා අපරාදේ බං . . නෑකම අප්සෙට් නේ නැතිනම් මේ බෙස්ට්මෑන් බ්‍රයිඩ්ස්මේඩ් ජෝඩුව නියමෙට මැචිං කියලා . .

    හෆොයි අර චූටි කෙලි පොඩ්ඩ. . .

    අක්ක අහ ගත්තා හොඳ ඒවා කස්ටියගෙන් . .

    ReplyDelete
  8. හික් හික් හික් මරු කතාව..මෙගෙත් කට කහනවා වගේ හිනා වෙලා :-D

    ReplyDelete
  9. අයියෝ අංකල් තව ටිකක් ට්‍රයි කලානම් එකෙන්ම ගොඩ දාගන්න තිබ්බා...හික්zzz

    අපේ අයියගේ කට කහන කතාවලට හිනා ගිහිල්ල බනි අයිය කිව්ව වගේ මගෙත් කට කහනවා :D

    ReplyDelete
  10. අයියෝ මදැයි කොළා. ගොඩ යන්න තිබ්බ එකත් කොට උඩ ගියා :) ........ දැන් එයා මොකද කරන්නේ ?

    ReplyDelete
  11. @ හෙලයා, @ බ්ලොග් ගඩොල්, @ දිල්, @ ෂැඩෝ, @ තරියා,

    දුක තමයි, හැබයි අපි එන ගමන බඩවල් අල්ලගෙන තමයි හිනා උනේ. පස්සෙ ආරංචි වෙච්ච විදිහට මේ දෙවනි මනමාලය ළමයි තුන් හතර දෙනෙක් දෑවද්දට දුන්න ගෑනු කෙනෙක් බැන්ද කියලා ආරංචියි . . . !

    ReplyDelete
  12. @ දුකා,

    පිස්සුද බන්, ඌ පලවෙනි වර්ඩ් එකෙන්ම සරෙන්ඩර් . . . . බ්‍රයිඩ්ස් මේඩ් ඇවිල්ල ඌට වඩා අවුරුදු දයක්වත් බාල කෙල්ලෙක් . . . . . ! බෙස්ට්මන් ඇවිල්ල කොන්ඩෙ ගිය හඳ පායපු තට්ටයෙක් . . . . !

    හොඳ වෙලාවට උඹ බාල අපරාද නඩුවකින් බේරුනෙ !!! නැතිනම් අපිට නදීශව හම්බවෙන්නෙත් නැහැනෙ !

    ReplyDelete
  13. බනී මලේ, බලපන් උඹේ කටෙත් මදුරෙවෙක් වහලද කියලා !!

    ReplyDelete
  14. හසිත මලේ,

    අංකල් ට්‍රය් කරපු ටික හොඳටම ඇති . . . . කට්ටිය ෆුල් හොල්මන් උනේ, එදා වෙඩින් එකේ බොන්න දීපු නැති එක ගැනයි . . . . . පොර දාල තියෙන්නෙ හොර පොට් එකකින් . . . . !

    ReplyDelete
  15. හසිත මලේ,

    එයා දැන් ළමයි දෙතුන් දෙනෙක් ඉන්න අසරණ කාන්තාවක් බඳල ඉන්නව කියලා තමයි ආරංචිය . . . !

    ReplyDelete
  16. දුකයි....හෆොයි....හිනත් යන්වා..ඉතින්......

    ReplyDelete
  17. එක පාරක් දෙවෙනි මනමාලයට හිටපු අපේ යාලුවෙක්, නොදන්න කමට වෙන්න ඇති මනමාලයගෙ පස්සෙන්ම ගිහිල්ලා මනමාලයව පෝරුවට නග්ගනකොට ඒ පිටිපස්සෙන්ම පොරුවටත් නැග්ගා. පෝරුව උඩ 3 දෙනෙක් බිරන්තට්ටු වෙලා ඉන්න ෆොටෝ එකකුත් තිබ්බා.

    ReplyDelete
  18. @කතන්දර ශූරි,

    දුකයි තමයි මචන් . . . හැබැයි ආතල් දුකක් . . . !

    ReplyDelete
  19. @ඉලන්දාරියා,

    හරි හරි . . .ඉස්සෙල්ල හිනාවෙලා, පස්සෙ දුක් වෙයන් . . . !

    ReplyDelete
  20. @ චානක ,

    මලේ උඹේ ස්ටෝරි එක කියවනකොට මට පෝරුව උඩ තුන් දෙනාව මැවිල පේනවා . . . . !

    ReplyDelete
  21. හප්පේ,... මදෑ කොළා!

    ReplyDelete
  22. දුමී නියමයි ලියවිල්ල, හිනා වුනා හොඳටම. අර මනුස්සයා දන්නවා නම් අයේත් බොයි.

    ReplyDelete
  23. පව් බන් ඒ මනුස්සය. කෙල්ලො දරුනුයි කියන්නෙ ඕක්නේ... ඔහොමත් අහනවද හික් හික්.

    ReplyDelete
  24. හිහි හිහි
    මාර වැඩේනෙ....

    ReplyDelete

Related Posts with Thumbnails