එළාර දෙමළෙක්ද

Posted by දුමී

ඔන්න හැමෝම අහල තියෙනවනෙ ඉතින් එළාර දුටුගැමුණු යුද්දේ ගැන. ඒක ගැන තමයි මම අද කට කහන කතාව ලියන්න හිතුවෙ. ඇත්තම කියනවානම් දුටුගැමුණු ගැන නෙවෙයි එළාර ගැන තමයි ලියන්න යන්නෙ.


එළාර දෙමළෙක්ද ?


මම ඔය ටික කාලෙකට ඉස්සර, ඒ කියන්නේ දැනට අවුරුදු 10 කට එහා පැත්තෙ මොකක්දෝ පත්තරයක් කියව කියව ඉන්නකොට කවුදෝ මහත්මයෙක් ඔය ප්‍රශ්නය අහලා තිබුනා පත්තරේ ලිපියකින්. මට හරියටම මතක නැහැ ලිපිය මොකක් සම්භන්ධයෙන්ද කියලවත් කව්ද ලිපියේ කතෘ කියලාවත්. හැබැයි බොලේ මටත් තේරුණා ඒ ප්‍රශ්නයේ තිබුනු සාධාරණත්වය. හැබෑටම අපේ රටේ මෙච්චර දෙමල ජාතිකයො පිරිසක් ජීවත් වෙනවා, අපිට මෙච්චර කාලයකට හම්බවෙලා තියෙනවද එකම එක දෙමළ ජාතිකයෙක් හරි 'එළාර' කියල නම තියෙන ?


මම මේ වැඩ කරණ ඩුබායි පුරවරයේ ඔය ඉන්දියාවෙ හැම පලාතකින්ම වගේ ඇවිත් වැඩ කරන ඉන්දියානුවො තොගයක් ඉන්නවනෙ. ඇත්තටම කියුවොත් මෙහේ ජන ගහනයෙන් 80% ක් විතර ඉන්නේ ඉන්දියාවෙන් ආපු කට්ටිය තමයි. (මේක සම්භන්ධයෙනුත් ඔය පොඩි කට කහන කතාවක් තියෙනව. ඒක ඉතින් පස්සෙ ලියන්න බැරියෑ.) ඉතින් ඔය අතරෙ මලයාලි, කර්ණාටක, චෙන්නායි, මේකී නොකී දකුණු ඉන්දියානුවො ගොඩක් එක්ක මම වැඩ කරල තියෙනවා. හැබැයි මෙච්චර කාලෙකට මට එකම එකෙක්වත් හම්බ උනේ නැහැ ඔය 'එළාර' කියන නම තියෙන. ඒක වෙන්න පුලුවන්ද ? එළාර දෙමළෙක් හරි, ආවෙ ඉන්දියාවෙන්නම් හරි අඩු ගානේ සීයක් හමාරක්වත් ඉන්න එපායෑ ඒ නම තියෙන. බොරුද මම කියන්නෙ. ඔය ඉන්දියාවෙ බොලිවූඩ් නලුවො නිලියො ඇති කරන බල්ලගේ නමත් තමන්ගෙ අලුතෙන් ඉපදුන දරුවට දාන රටේ මේක විශ්වාස කරන්න පුලුවන්ද හැබෑට ? මෙච්චර මේ බලගතුව හිටිය රජ කෙනෙක්, ඊටත් වැඩිය ලංකාව ආක්‍රමණය කරල අවුරුදු බර ගානක් පාලනය කරපු රජ කෙනෙක්ගෙ නමක් තියෙන වෙන එකෙක්වත් නැති එක ?


මම ඉතින් ඕක කල්පනා කලා, මොකක්ද හැබෑටම වෙන්න ඇත්තෙ කියලා. මම ඉතින් දවසක් දෙකක් ඕක කල්පනා කර කර ඉඳල යන්තං ඇහැ පියවුනා විතරයි. හොල්මන්ද පොල්කොළ මේන්න එනවා . . . . කවුද ? එළාර .


මහා සත්දන්ත දේහයක් තියෙන කට්ට කළු පාට පොරක්. සුදු පාටට හුරු ඇඳුමක්ද කොහෙද තමා ඇඳගෙන හිටියෙ. මම හිතන්නෙ ඔහුව ආදාහනය කරන වෙලාවෙ අන්දල තිබුනු විදිහටම තමයි ඔහු අවිල්ල තිබුනෙ. දුටු ගැමුණු ගහපු හෙල්ල පාරත් තාම පපුව හරියෙ පේන්න තියෙනව. පොර ඇවිත් ඉතින් මට කතා කරා.


"දුමී . . . දුමී . . . මම එළාර . . . !"


අප්පට සිරි මගේ කකුල් දෙකත් මැන්ඩලින් ගහනව ගහනව වගේ . . . අනික පොර මගේ නම දන්නෙ කොහොමද ?


"ඕකත් හිතන්න දෙයක්ද. මේ ලෝකේ ඉන්නකොට අපි ඔය ලෝකේ වෙන ඔක්කොම දන්නවා. ඉතින් ඔහේගෙ නම හොයාගන්න එකත් කජ්ජක්ද ? ". එළාර අහපි.


ඒ කියන්නෙ මම හිතන දේත් පොරගෙ රේඩාර් එකට වදිනවා. අනික පොර කතා කරන්නෙ හොඳ පැහැදිලි සිංහලෙන්. දෙමළ ඇක්සන්ට් එකක් ගෑවිලාවත් නැහැ. ඒ කියන්න දැන් මගේ ඉස්සරහ මේ ඉන්නෙ එළාර. දුටු ගැමුණු රජ තුමත් එක්ක යුද්ධ කරල පැරදිච්ච එළාර. කොහොමෙන් කොහොම උනත් දුටු ගැමුණු රජ තුමාත් එළාරට ගරු බුහුමන් දැක්වූවා කියලත් කියනවනෙ. ඉතින් මම මොකෙක්ද. මමත් ඉතින් කොච්චර බය වෙලා හිටියත් පුරුෂ ධහිර්යය ටිකක් එකතු කොරගෙන ගරු සරු දක්වල කතා කලා.


"ඉතින් ඔබ තුමා මොකද මේ පැත්තෙ ? " මම ඇහුවා,


ඔන්න එතකොට එළාර මගේ පැත්තකින් වාඩි උනා. වාඩි වෙලා උගුරේ රැල් එහෙම ටිකක් බුරුල් කරගෙන ආයෙමත් කතා කරන්න පටං ගත්ත.


"දුමී, මම දැන් දවස් කීපයක ඉඳන් දැක්ක දුමී කෙස් කරකව කරකව මගේ මේ නම ගැන කල්පනා කරනවා. මෙච්චර කාලෙකට ඔය ප්‍රශ්නය ගැන මෙච්චර කල්පනා කලේ දුමී විතරයි. මගේ කරුමෙට ඔය ලංකාවෙ ඉතිහාසය ලියපු ඈයොත් මම ආවෙ ඉන්දියාවෙ චෝල රාජ්‍යයෙන්ය කියල මහම මහ පට්ටපල් බොරුවක්නෙ ලියල තියෙන්නෙ."


"එතකොට ඔබ තුමා ලංකාවට ආවෙ ඉන්දියවෙ ඉඳල නෙවෙයිද ? " මම ඇහුවා


"මොන කෙහෙම්මල්ද ?" එළාර අහපි


"එහෙනං ඔබ තුමා කොහෙං ඇවිල්ලද ලංකාව ආක්‍රමණය කලේ ? " මම මගේ කට කහ කහ තිබුණු ප්‍රශ්නය දමල ඇරිය.


එතකොට එළාර මගේ දිහා මහා ගැඹුරු බැල්මක් දාලා ආයෙමත් උගුරෙ රැල් බුරුල් කලා. ඊට පස්සෙ තව ටිකක් මගේ ලඟට කිට්ටුවෙලා මූන මට ලංකරල රහසින් වගේ කිව්වා,


"මම ආවෙ වෙස්ට් ඉන්ඩීස් වල ඉඳන් . . . . ."


මම ජීවිතේට බලාපොරොත්තු උන්නැති ඒ උත්තරෙන් මම හිටි තැනම එහෙම්මම නැගිට්ටුනා . . .



"මොකක් ? වෙස්ට් ඉන්ඩීස් වල ඉඳන් ?"



එතකොට එළාර ඔහුගේ සීතල අතෙන් අල්ලලා මාව ආයෙමත් වාඩි කෙරෙව්වා. ඊට පස්සෙ හෙමිහිට පොර මෙච්චර වෙලාවක් දාගෙන හිටපු රත්තරන් පාට ඔටුන්න ගලෝල මට ඔළුව පෙන්නුවා. කොණ්ඩෙ හොඳටම සුදු පාට වෙලා තිබුනත් ඒක හරියටම අර කිව්වත් වගේ අප්‍රිකාණුවෙක්ගෙ බොකුටු බොකුටු කොණ්ඩයක්ම තමා . . .


"එහෙනං කොහොමද ලංකාවෙ ඉතිහාසේ පොත්වල ඔබ තුමා ඉන්දියාවෙන් ආව කියලා ලිය වුනේ ?" මම ඇහුව.


"ඕකම නේන්නං දුමී මේ මටත් තියෙන ප්‍රශ්ණය. ඕක ලියවිලා තියෙන්න හරිම වැරදි විදිහටනෙ" එළාර ඉණට අත්දෙක තියාගෙන හෙමිහීට නැගිටින ගමන් කිව්ව.

"ඒ කාලේ ලංකාවෙ මිනිස්සු දැකල තිබුනේ ඉතින් ඉන්දියාවෙන් ආපු ඈයො විතරනෙ. විශේෂයෙන් මගේ මේ හමත් කළුම කළු නිසා මාව දැක්ක ගමන් මේ මිනිස්සු හිතුවෙ මමත් ආවෙ ඔය දකුණු ඉන්දියාව පැත්තෙන් කියලා."


"ඉතින් ඔබ තුමාට තිබුනනේ ඒ මිනිස්සුන්ට පැහැදිලි කරල දෙන්න ඔබ තුමා සැපත් උනේ වෙස්ට් ඉන්ඩීස් වලින් කියලා !" මම කිව්ව.


"මොකද නැත්තෙ කොලුවො, මම කොච්චර නම් කිව්වද ඒ යක්කුන්ට මම බටහිර ඉන්දියානුවෙක් කියල. එහෙම කියන්න කියන්න උන් පිලි ගත්තෙ මම ඉන්දියාවෙ බටහිර පැත්තෙ ඉඳන් ආව කියලනෙ. උන් ඔය ඉන්දියාව මිසක් වෙන ඉන්දියාවක් ගැන දැනගෙන හිටියෙ නෑනෙ ඒ කාලේ." එළාර කියපි.


"හැබෑ නේන්නං. ඕක ඉතින් වරදින එක ආයෙ අහන්න දෙයක්යෑ . . . " මට ඉබේම කියවුනා.


"එතකොට ඔබතුමාගේ නම ? එළාර කියල නම තියෙන ඈයො වෙස්ට් ඉන්ඩීස් වල ඉන්නවද ?" මම ඇහුවා.


එතකොටම එළාරට බකස් ගාල හිනාවක් ගියා.


"හෙහ් හහ් . . . පොඩ්ඩක් හිතපන් කොලුවො . . ." කියල එළාර මගේ දිහා මහ නක්කල් හිනාවක් දාගෙන බලාගෙන ඉන්නවා.


මම ඉතින් පුරුද්දට මගේ තව කෙස් ගස් දෙක තුනක් රවුං කරන්න ට්‍රයි එකක් දෙමිං විනාඩි කීපයක් කල්පනා කලා. ඒත් මීටර් වෙන්නෙම නැහැ.


ඔන්න එතකොටම එළාර ආපහු මගේ ලඟින් වාඩි වෙලා මගේ කරට අතක් දම්මා.


"පුතා මගේ හරි නම . . . . . ඒ.ලාරා"


"ඔය ක්‍රිකට් ගහපු බී.ලාරා ඒකියන්නෙ බ්‍රයන් ලාරා පැවතෙන්නෙත් මගේ පරපුරෙන්ම තමයි" කියාගෙන මට අත වනාගෙනම ඒ.ලාරා නොපෙනී ගියා.


මම උඩ ගිහිල්ල ඇහරුන පාරටම ඇඳ විට්ටමේ ඔලුව වැදිල එහෙම්මම සිහි නැති උනා . . . . .!

40 comments :

  1. එළ කතාවක්නෙ ලියල තියෙන්නෙ. මැරෙනව හිනා ගිහිල්ලා....

    ReplyDelete
  2. උබටත් පෙන හ්න මචො....සිරව්ටම එහෙමද දන්නෙ නැහැ.... බන්....සිරා කතාව

    ReplyDelete
  3. එළර නම කෙසේ වෙතත් මගෙ ඔළුව නම් මඤඤං උනා දුමින්ද මේක කියවලා ඔන්න

    ReplyDelete
  4. ඈ බන් අයියෙ... දුටු ගැමුණු කියල නම තියෙන සිංහ‍ලයොත් නැහැ නෙව... දුටුගැමුණු පරපුරේ අය නම් ඉන්නවලු ....
    (ගැමුණු නම් ඉන්නව තමයි... එහෙම වත් හිත හදා ගමු)

    එහෙම බැලුවොත් දුටු ගැමුණු ඇවිත් තියෙන්නෙත් වෙන රටකින් වෙන්න බැරිද හැබෑට....

    ඉතිහාසේ කියන්නේ ලියපු කෙනා මත රදා පවතින දෙයක් නෙ... ලියපු කෙනා කැමති විදිහට ලියන්න ඇති. මොකෝ එපා ඒව බොරු කියල නවතන්න ඒ කාලේ අකුරු දන්න අයත් අඩුයි නෙව....

    කොහොම වුනත් ලිවිල්ල නම් උපරිමයි....

    ReplyDelete
  5. වත් නගෝ, ඇත්තටම දුටු ගැමුණු රජතුමාගේ හරි නම ගැමුණු නේ. එහෙම නැතිනම් ගාමිනී. දුටු කියන කෑල්ල ඇවිත් තියෙන්නෙ "දෙටු" එහෙම නැතිනම් වැඩිමල් කියන පදයෙන්. මොකද එතුමා තමා ඒ පවුලේ වැඩිමල් කුමාරයා. ඔහුට බාල සහෝදරය තමය් "තිස්ස". පස්සෙ කාලේ "සද්ධා තිස්ස" එහෙම නැතිනම් "ශ්‍රද්ධා තිස්ස" කියලා රජ උනේ.

    ReplyDelete
  6. දු‍ටුගැමුණු නෙවෙයි බොලේ .. ගැමුණු.. දු‍ටු කෑල්ල වැ‍ටුනෙ අර lingerie ටිකක් කුරියර් කරපු සීන් එකට නේ. ගැමුණුලා නම් ඉන්නේ!

    ReplyDelete
  7. ඔව් ඔව් , වැම්පයර්ගේ කතාවත් හරි, ඒ ලින්ගරි සීන් එකට සහ රජ මාලිගයෙන් පැනල ගිහිල්ල හැන්ගිල හිටිය කාලෙ එතුමාව හඳින්නුවෙ "දුෂ්ඨ ඝාමිණී" කියලනෙ.

    ReplyDelete
  8. හෙහෙහ්හෙහෙ..
    මරු කතාවක් නෙව..
    :D

    ReplyDelete
  9. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා . . සිරා කතාව මචෝ . . .හොඳ වෙලාවට හීනයක් වුනේ ඒක . . හික් හික්

    ReplyDelete
  10. හපොයි හපොයි උබට නම් පින්. හිනාව නවත්තගන්න බැහ තාමත්. මරුම හීනේ තමයි ඒක

    ReplyDelete
  11. මෙන්න නියම කතන්දරයක්. මරු එකට ලියල තියෙනවා.

    ReplyDelete
  12. WOW WOW ..!!ඇත්තම නේන්නම්.. :D
    ඒ කාලේ කවුද දැනගෙන හිටියේ නේද වෙස්ට් ඉන්ඩීස් තියන්නේ කොහෙද කියලා.
    මොකද්ද දන්නේ නැහැ?? B.ලාරාට A.ලාරාගේ තියන හරිම නෑදෑකම් :P

    ReplyDelete
  13. @තරිය, බුදු අම්මෝ මලේ මැරෙන්න එපා දැන්මම . . . මැරෙනවනං ඇඩ්‍රස් එක කියල මැරියං.

    @ඉලන්දාරියා,
    පොඩ්ඩක් හිතල බලපන් මගේ හීනෙ වැරදිද කියල ? දැන් බලපන් මුන් දෙන්නම (ඒ.ළරා සහ බී.ළරා) ආක්‍රමණිකයොනෙ.එකෙක් ආක්‍රමණ කාරී පිති කරුවෙක්. අනෙකා ආක්‍රමණකාරී කඩු කාරයෙක්.

    @දිල්,
    ඇත්තටම මඤ්ඤං වගේ. මටත් වෙන කාගෙද නමකින්නෙ කතා කලේ . . . හෙහ් හෙහ් . . .

    ReplyDelete
  14. @වැප්, @සංජු, @Ansh, @හසී,
    තෑන්ක් යූ වේවා කමෙන්ට් වලට !

    ReplyDelete
  15. @දුකා,
    උඹ් දන්නවනෙ, මේ දවස් වල තියෙන රස්නෙට ඔළුව කර වෙලා පිස්සු බාබකිව් වෙනවා. ඒක තමයි මේ වගේ හීන පේන්නෙ.

    ReplyDelete
  16. @පිස්සා පලාමල්ල
    මෙහෙම හරි පිනක් දහමක් කරන්නෙ නැතිව ඉතින් අපි කොහොම කියල පිනක් කරගන්නද ?

    @කතන්දරකාරයා ,
    කතන්දර ශූරීන්ගෙන් කමෙන්ට් එකක් වැටෙනවා කියන්නෙත් කොච්චර ලොකු දෙයක්ද . . . හෙහ් හෙහ් හෙහ්

    @නිමන්ති
    අනේද කියන්නෙ. ඔය කළු පාට හැම එකාම ඉන්දියාවෙන් ආව හැටියට තමයි අපේ අය ඒ කාලේ ගනන් ගත්තෙ.

    ReplyDelete
  17. උඹ මාර පොරක්නෙ! හැබැයි ඉතින් දුටුගැමුණුගෙ පරංපරාව පහු පහු වෙනකොට සිල්වල උන එකේ, එළාරගෙ කට්ටියද දන්නෙ නෑනෙ පෙරේරල උනේ පස්සෙං පහු!

    ReplyDelete
  18. එතකොට ඔය හැම ලාරම එයාගේ නෑයොලුද??????? :P :P

    මොනව උනත් අයියේ තව තවත් වැඩිපුර හීන දකින්නට ලැබේවා....!!!
    අපිටත් හිනා වෙන්න බැරියැ එතකොට.......

    ReplyDelete
  19. හිහ් හිහ් හි මරෙ මරු..හරියටම එලාරත් ඔයාට කතා කරලා තියෙන්නෙ හරියට දුටු ගෑමුනු රජ්ජුරුවන්ට මිහිඳු මහරහතන් වහන්සෙ කතා කලා වගේ..

    ReplyDelete
  20. දුටුගැමුණු දැනගත්තනම්... එහෙන්මම කැලේට රිංගනවා.. දුමි රටම දුම් ගස්සන වැඩ... කැගැස්සුනා ඇත්තටම මෙන්න වැඩ ඉස්සල්ලාම දැක්කෙ මෙතනින් ...

    ReplyDelete
  21. අප්පට සිරි...අපේ දුමී අයිය එහෙනම් ඉතිහාසෙත් හරි ගැස්සුව...එල එල..මැක්සා!!

    මේ අයියට ඔය වගේ හීන පේන්නෙ කොයිවගේ වෙලාවටද අනේ ඇත්තටම?

    මොනව උනත් සිරා අයියෙ...පට්ට..හරිම තාත්විකයි

    දිගටම ලියන්න...අයියේ...ඕන් අපි ගියා

    ReplyDelete
  22. මහාවංශයට බ්ලොග් ටීකාවක්. අපේ දුමී ඇඳුරුතුමාට සුභ පැතුම් :) :) :)

    ReplyDelete
  23. මෙ අඩවියේ ලිපි කිහිපයක් මීට කලින් ද කියවා ඇත. හාස්‍යයෙන් පිරි එවා රසවිඳා නිහඬව. මෙදා පාර ඇරයුමක් එක්ක ආව. කුතුහලයෙන් කියවන් ආවත් බැලින්නම් ඒ කාලෙත් අපේ අත්තෝ ක්‍රිකට් වලට ලොල් වෙලා නොවැ.

    එළාර නම දකුණු ඉන්දීය සාහිත්‍යයේ එළාරම්, එළාරන් ලෙස යෙදෙන අවස්ථා ඇත.

    ඒ නමින් නැතත් එළාර නැවත නැවත් අපේ රටේ හොල්මන් කරනවා කියලා සිතෙන වාර අනන්තයි...

    ReplyDelete
  24. ඇත්තටම මෙහෙම වුනා වෙන්න බැරිද?

    තව තව ඉස්සරහට මොන මොන කතා කියයිද කියලා අපි බලාගෙන ඉන්නවා. සුභ පැතුම්

    ReplyDelete
  25. මරු කතාව. පුරාවිද්‍යා චක්‍රවර්තිවරුන්ගේ අවධානය යොමු කරන්න වටිනවා.

    වැඩි වැඩියෙන් හීන පෙනේවා !

    ReplyDelete
  26. මචO මරු කථාව..එත්කොට A.ලාරා කතා කරලා තියෙන්නේ ඉOග්‍රිසියෙන් වෙන්න ඕනෑ..ඒකාලෙ ඉදන් ඉOග්‍රිසි කතා කරපු අපේ එවුන්ට තාම අම්මපා හරියට ඉOග්‍රිසි කතා කර ගන්න බැරි හැටි

    ReplyDelete
  27. මගෙ අම්මියෝ!! හිනා ගිහින් පන යනවා මචෝ!!

    ReplyDelete
  28. උඹේ blog එක ගැන දැනගත්තෙ ටික දවසකට කලින්. ඒත් අද තමයි ඔක්කොම කියෙව්වෙ. උඹ නම් මාර පොරක්. මට නම් කවදාවත් හිතුනෙ නෑ උඹට මෙහෙම talent එකක් තියෙනව කියල. ආදිකාලෙ ලොක්කෙක් කියල තියෙනවලු "ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත" කියල.. ඒ ලොක්කට නම් හොඳටම වැරදිලා.. උඹට තුණුරුවන්ගේම සරනයි !!!

    ReplyDelete
  29. ප්‍රභාකරන් දෙමළ ද? :P

    ReplyDelete
  30. මම අහල තියන මතයකට අනුව එලාර කියන්නෙ පර්සියනුවෙක්

    ReplyDelete
  31. ශහ්... :( මට පේන්නේ නෑනේ ඔහොම හීන :(
    එත් මරු හීනේ දුමී අය්ය

    ReplyDelete
  32. Niyamai............. Keep on writing such nice stories.

    ReplyDelete
  33. හිනා වෙලා පන යනවා ඉතිහාසක්ඤ දුමීට අපගේ ප්‍රණාමය
    සෑහෙන්ඩ බොන්ඩ ඕන ප්‍රශ්නයක්නෙ මේක ඇත්තටම

    ReplyDelete
  34. හම්මට සිරි ඉතිං ලාරා අපේ මුරලියටත් එළන ඒළවා ගැහුවෙ ෂුවර් එකටම ඔය ඇරියස් එකට තමා ... කන්න එපැයි ඕකව 😬

    ReplyDelete

Related Posts with Thumbnails