සුද්දා සහ බිත්තර ආප්ප

Posted by දුමී

(මට මේ කතාව කිව්වේ මගේ ආදර මිත්‍රයෙක්ව හිටිය සුජාන්. ඔහු අප අතරින් අකාලයේ සමු ගත්ත 2002 වසරෙදි. කෙනෙකුට ඉතාමත් කලාතුරකින් මුන ගැහෙන යාළුවෙක් ඔහු. හොඳ මිනිස්සුන්ට වැඩි ආයුෂ නෑ කියන කතාව ඇත්තක් කරමින් ඔහු අප අතරින් සමු ගත්තා. සසරේ සැරි සරණා තුරාවට යලිත් මෙවැනි අකල් මරණයකට පත් නොවේවා කියල මම පුංචි සටහනක් තියන්නම් ඉස්සෙල්ලාම. සුජාන් සහ මම අකුරු කලේ එකම ඉස්කෝලේ. මට වඩා අවුරුද්දක් විතර ඉහල පංතියක හිටියත් අපි ගොඩක්ම යාලුවො උනේ ඉස්ස්කෝලේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකට බැඳුනට පස්සෙ තමා. තමන්ගෙ යාලුවො වෙනුවෙන් ජීවිතේ හරි දෙන ජාතියේ සුන්දර මනුස්සයෙක් ඔහු. ඉතින් සුජාන් මට කිව්ව කතාව ලියනව කියල පටන් ගත්තත් ඔහු ගැන මතක් වෙලා හැඟීම් බර වෙන එක වලක්ව ගන්න බැහැ.)


ඉස්කෝලේ A/L වලින් පස්සෙ සුජාන් කාලයක් වැඩ කලා වත්තල පාම් බීච් හොටෙල් එකේ ෆ්‍රන්ට් ඩෙස්ක් කැෂියර් කෙනෙක් විදිහට. ඉතින් මම මේ ලියන්න යන කතා දෙක වෙලා තියෙන්නෙ සුජාන් එතන වැඩ කරමින් ඉන්න කාලෙදි තමයි. ඉතින් ඔය කාලේ හොඳ හොඳ ඒව වෙලා තියෙනවා. ගොඩක් ඒව ඉතින් මෙහෙම පබ්ලික් එකේ දාන්න පුලුවන් ඒව නෙවේ. මේ කතා දෙකත් ටිකක් විතර තාර බර එහෙම ඇරල තමා ලියන්නෙ මොකද හරිම භාෂාව සහ වචන පාවිච්චි කරන්න බැරි නිසා.


ඔන්න එක දවසක් හෝටලේට ඇවිල්ල තියෙනව ලස්සන ජර්මන් කෙල්ලො දෙන්නෙක්. විශේෂත්වය තමයි උන් දෙන්නා කසාද බැඳල මදු සමය ගත කරන්න තමයි ලංකාවට ඇවිල්ල තියෙන්නෙ (ඔන්න ඉතින් කට්ටිය ඊයා, ඉකේයියා කිය කිය ඉන්නෙ නැතුව කතාව අහගන්න. අප්සෙට්මනම් ඉතින් ඉතුරු ටික නොකියව හිටියට කමක් නැහැ.) . අපිට මේව ඉතින් මැජික් උනාට උන්ගේ රටේ මේව හරිම සාමාන්‍ය දේවල්නෙ. මේ වගේ 'සම රිසි' විවාහ වලට නීතියෙන් කිසිම තහනමක් නැහැ.

ඉතින් මේ සුද්දියො දෙන්න හෝටලෙට ඇවිත් සතියක් දෙකක් විතර ගත කරල තියෙනවා. මේ දෙන්න හැමෝම එක්ක හරිම සුහද විදිහට කතා බහ කරනවලු. ඉතින් සුජාන් ඉන්න තැනටත් නිතරම ඇවිල්ල කට්ටියත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉඳල යනවලු. ඉතින් එක දවසක් ඔහොම කතා කර කර ඉඳල යනකොට කෙල්ලො දෙන්න සුජාන්ල දිහාවට අත වනල "ආප්පේ . . " කිව්වලු. කට්ටිය මූනට මූන බලාගත්තලු මේ මොකක්ද මුන්ට උනේ කියල . එදා ඉඳන් හැමොටම මුන් දෙන්න අත වන වන ඒ වචනය කියනවලු. ඉතින් සුජාන්ල හොයල බලල තියෙනව මොකක්ද වෙලා තියෙන්නෙ කියල. බලාගෙන යනකොට නැහැදිච්ච රූම් බෝයි කෙනෙක් මුන්ට උගන්නල සිංහලෙන් "බායි" කියන්නෙ එහෙමයි කියල.

ඉතින් ඒක තමයි පලවෙනි කතාව. සමහරුන්ට ඉතින් මේක කැත කතාවක් කියල හිතෙයි. ඉතින් ඒකට එච්චර කේන්ති ගන්න එපා. මේ ඇහෙන් බලල අනිත් ඇහෙන් පිට කරල දන්නකො ඔන්න . . . !



දෙවනි කතාවත් ඉතින් ආප්ප කතාවක්ම තමයි, හැබැයි ඒක නම් බිත්තර ආප්ප කතාවක්. මේකටත් ඉතින් සුද්දෙක් සම්භන්ධයි.

ඉතින් ඔන්න එක දවසක් හෝටලේ නවතින්න සුද්දෙක් ආවලු. මේ සුද්ද හරිම ඩිමාන්ඩින් පොරක්ලු. හැම දේම තිතට තියෙන්න ඕනෙලු. ගොඩක්ම ඉතින් කරදරේ බුෆේ එකේ ඉන්න අයටලු. බුෆේ එකේ කොච්චර හොඳට කෑම හදල තිබුනත් ඌට ඒව හොඳ මදිලු. එක්කො එලවළු තම්බල වැඩියි කියයිලු, මස් ග්‍රිල් කරල මදි කියනවලු, ඔය වගේ දාහක් විතර කම්ප්ලේන්ලු. ඉතින් දවසක් සුද්දා ඩිනර් එකට ආපු වෙලාවක ආප්ප හදන චෙෆ් ලඟට ගිහිල්ල බිත්තර ආප්පයක් ඉල්ලලා. ඉතින් ආප්ප චෙෆ් දන්න සාස්තරය පාවිච්චි කරල බිත්තර ආප්පයක් පුච්චල දුන්නලු. සුද්ද මේක අරගෙන චෙක් කරල ආපහු ආප්පෙ දුන්නලු. දීල කිව්වලු මේකෙ බිත්තරේ තැම්බිල වැඩියි කියල. කොහොමත් මේ වෙනකොට බුෆේ එකේ ලයිව් කුකින් කරපු කොල්ලන්ට මූව ඇති වෙලා තමයි තිබිල තියෙන්නෙ. ඉතින් ආප්ප දාන චෙෆ් ලඟින් ඉන්න කොත්තු හදන චෙෆ්ට සිංහලෙන් කිව්වලු, "මේ ............... සුද්දට කොච්චර හොඳට අප්ප හැදුවත් වැරදියි" කියල (හිස් තැනට යොදපු වචනය මේකෙ දාන්න බැහැනෙ. හරි හරි ඔය හිතපු වචනය තමයි ) . ඒත් එක්කම සුද්ද කිව්වලු "චී චී මල්ලි කුණු හරුප කියන්න එපා ! බිත්තර ආප්පයක් දෙන්න බැරිනම් නිකං ආප්පයක් දෙන්න" කියල. අර කොල්ලො දෙන්න ෆුල් හොල්මන්ද පොල් කොල වෙලා ගියාලු. මූණු නිකන් යෝක් එක කැඩිච්ච බිත්තර ආප්පයක් වගේ වෙනව දැකල සුද්ද කිව්වලු "කමක් නෑ මල්ලි, මම කාටවත් කියන්නෙ නැහැ, පුලුවන් විදිහට ආප්පයක් හදල දෙන්න" කියල. බලාගෙන යන යනකොට මේ සුද්ද අවුරුදු 15 ක් විතර ලංකාවෙ ජීවත් වෙච්ච එකෙක්. ඌට හොඳට සිංහල පුලුවං.

19 comments :

  1. නියම කතා ටික....:D
    දිගටම ලියන්න

    ReplyDelete
  2. හ්ම් ...

    ReplyDelete
  3. හික්ස්... ආප්පේ කතාවට මට තාම හිනා...

    ReplyDelete
  4. නියමකතා දෙක දිගටමලියන්න........

    ReplyDelete
  5. දිගටම ලියන්න

    ReplyDelete
  6. hahaa!! දෙවනි කතාව පට්ට.. :D

    ReplyDelete
  7. චී චී...මදෑ කොලා .....

    ඔය වගේම කතාවක් අපේ කස්ස මට කිව්වා. කස්ස වැඩ කරන තැන ඔසී එකෙක්ට ලංකාවේ උන් කුණු හරුප උගන්නලලු.ඌ ගෙදර ගෑණිට බනින්නෙත් සින්හල කුණුහරුපෙන්ලු

    ReplyDelete
  8. එලම කිරි... දිගටම ලියාගන යන්නකෝ..

    ReplyDelete
  9. @බුද්ධික, @US,
    ඹොහෝමත්ම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කට කහන කතා බලුවට . . .ඇපහු ඇවිත් යන්න එන්න.

    @වත්,
    හරි හරි මට තේරුම් ගන්න පුලුවන්. සුද්දියො දෙන්න කසාද බඳපු එකට කැමති නෑ නේද ? මගේ වයිෆුත් ඒ කතාවට කැමති නෑ . . .

    @ළමයා,
    ෂ් ෂ් . . .කෑ ගහන්න එපා. අනික ඔය වචනය පොඩි ළමයින්ට හොඳ එකක් නෙමෙයි.

    @ඉලන්දාරියා, @අනුෂ්, @ගයන්ත, @චන්දික,

    ගොඩක් සතුටුයි කට කහන කතා බලන්න ආවට.

    @දිල්,

    හෙහ් හෙහ්. . . ඕක සාමන්‍ය දෙයක්නෙ . . . මෙහෙදි ඔය වගේ දෙවල් සෑහෙන්න සිද්ද වෙනව. මගේ යාලුවො වගයක් මෙහෙ සුපර් මාර්කට් එහෙකට ගිය වෙලාවක, කැෂියර් එකේ හිටිය පිලිපිනො කෙල්ල මේ ගොල්ලො ලංකාවෙ කියල දැනගෙන, ලංකාවෙ කොල්ලෙක්ගෙ නමක් කියල අඳුනනවද කියල අහුවලු. මේ අය දන්නෙ නෑ කිව්වම මේ කෙල්ල අමු තිත්ත කුණුහරුපෙන් ඒ කොල්ලට බනින්න පටන් ගත්තලු.බලාගෙන යනකොට ඒ කොල්ල මෙයත් එක්ක යාලුවෙලා ඉඳල ටික කාලෙකට පස්සෙ කොල්ල බූට් එක තියලා. හැබැයි බූට් එක තියන්න කලින් ඔක්කොම විශේෂණ පද ටික ඔක්කොම හොඳට උගන්නල. දැන් ඉතින් ඒකි ඒව හොඳට පාවිච්චි කරනවා . . .!

    ReplyDelete
  10. හික්ස්....මරේ මරු අප්පා

    ReplyDelete
  11. හික් හික් මරු කතා ටික

    ReplyDelete
  12. @හසිත මලේ . . .. තෑන්ක් යූ වේවා !

    @පිස්සා පලාමල්ල . . .. ඔබටත් එසේමයි !

    ReplyDelete
  13. මරේ මරු කතා ටික. විදේශිකයොත් එක්ක කතා කරද්දී හරි පරිස්සම් වෙන්න ඕනේ දැන් කාලේ. එවුන්ට දැන් අපිටත් වඩා හොඳට සිංහල තේරෙනවා :)

    ReplyDelete
  14. හික් හික්!! එලම කිරි

    ReplyDelete
  15. මටත් සිංහල කතාකරන සුද්දෙක් හා සුද්දියක් හම්බෙලා තියෙනවා... ඔයාගෙ කතා හරි ජොලි. දිගාම ලියන්න

    ReplyDelete
  16. දැක්කද සුද්ද හොර වගේ හිටියනේ!! නරක සුද්දෙක්

    ReplyDelete

Related Posts with Thumbnails