බොම්බිලි සහ ආප්ප
Posted by
ඔය මම ඉස්කෝලේ ඕ ලෙවෙල් කරන කාලේ අපේ පන්තියේ හිටියා පොරක් ගීත් කියලා. මතකනේ, ඒ කාලේ අර අයි.ටී.එන් එකේ ගිය කෝපි කඩේ ටෙලි නාට්ටිය එහෙම නැගලා යන කාලේ. කොහොමත් ඔය කොල්ලන්ගේ ඉස්කෝලවල හිටපු ගමන් ඉන්නවනෙ හරිම සුකුමාල එක නූල් ගහෙන් කෙල්ලෙක් නොවී කොල්ලෙක් වෙලා ඉපදෙන එවුන්. අන්න ඒ වගේ හරිම සුකුමාල එකෙක් තමයි මේ ගීත්. ඉතින් ඒ කාලේ අපි ඌට කිව්වෙ ගීතා නගා කියලා, අර කෝපි කඩේ සුවඳා ට්‍රයි පාර දෙන කෑල්ල.
ඉතින් ඒ දවස්වල ඉස්කෝලෙන් පස්සෙ දවස් පහේමයි, සති අන්තෙ දවස් දෙකයි, නුගේගොඩ ඇල්ෆා එකේ ජයනෙත්ති සර්ගේ ගණන් ක්ලාස් එකයි, තව සයන්ස් ක්ලාස් එකයි, අරකයි මේකයි, අම්මලාගේ වදේට ඕලෙවල් ගොඩ දාගන්න යන ක්ලාස් බර තොගේකුයි කවර් කරන්න වෙනවනේ. ඉතින් ඔය දවස්වල ඉස්කෝලෙ කොල්ලො ගොඩක් වෙලාවට උදේට කන්නයි, දවල්ට කන්නයි කෑම පාර්සල් දෙකක් ගේනවා. ඉතින් ගොඩක් වෙලාවට උදේ කෑම එක විදිහට ගේන්නෙ පාන් තමයි. කොහොමත් යන්තන් හරි බඩට දාගන්න හම්බවෙන්නෙ උදේ කෑම එක විතරයි. මොකද ඉන්ටර්වල් එකට කලින් උදේ පීරියඩ් වලදි අතරතුරදි හිමිහිට බෑග් එකට අත දාලා පාන් කෑල්ල කෑල්ල හොරෙන් කාලා ඕක ඉවර කරන නිසා පංතියේ ඉන්න නසරාණීන්ට ඕකට ගේමක් දෙන්න වෙන්නෙ නෑ. ඒකට දවල්ට ගේන බත් එක, දිග ඇරිය ගමන් එක බත් කටක් හරි කෑවොත් බත් එක ගෙනාපු එකා දිනුම්. අපේ පන්තිවල හිටපු සමහර එවුන් කරන්නෙ බත් එක දිග ඇරිය ගමන් ඕකට තූ තූ තූ කියල කෙල ගහන එක. එතකොට එකෙක්වත් ඕකට කිට්ටු වෙන්නෙ නැහැනේ. ඉතින් ඕකත් දිගටම කරන්න හම්බ උනේ නෑ, මොකද කවුරුහරි ඊට පස්සෙ තමන්ගෙ බත් එකට තූ තූ කියලා කෙල ගැහුවොත් තවත් එවුන් දෙතුන් දෙනෙකුත් ඇවිල්ලා ඒ බත් එකටම තු තූ කියලා කෙල ගහලා යනවා. අනේ ඉතින් ගෙනාපු එකාටත් නෑ, අනිත් එවුන්ටත් නෑ. පස්සෙ ඉතින් ඒ සිරිත එහෙම්මම නැති උනා.
තවත් සමහරු කරන දෙයක් තමයි බිත්තරයක් හරි කුකුල් මස් කෑල්ලක් හරි දැක්ක ගමන් ඉක්මනට අරගෙන ඒක එහෙම්පිටින්ම කටේ දාගැනීම. දවසක් අපේ එකෙක් තව පොඩ්ඩෙන් ඉස්පිරිතාලේ ගෙනයන්න වෙනවා, මොකද ඌ එළු මස් කෑල්ලක් කියලා තඩි ගොරක කෑල්ලක් කටේ දාගත්ත ගමන් හැපිලා ඇඹුල දැනිලා කලබල වෙච්ච පාරට ඒක උගුරේ හිර වෙලා මාර ජංජාලයක් වීම නිසා. පස්සෙ කට්ටිය ඌත් එක්ක තියෙන පරණ තරහ යන්නත් එක්ක බිම දාගෙන පිටට දඩම් බඩං කියලා ගහපු නිසා ඌ යන්තන් බෙරුනා.
මෙච්චර ලොකුඌණ පූර්ණයක් පූර්ව කථනයක් දීල මට කියන්න ඕනෙ උනේ මේකයි, අර මම කලින් කිව්ව ගීතා නගා අරගෙන එන කෑම එක තමයි දෙයියනේ කියලා කාගෙන්වත් කිසිම අතුරු ආන්තරයක් නැතිව ඌටම කියලා කන්න පුළුවං උන එකම කෑම එක. මොකද විශ්වාස කලත් නොකලත් ගීතා නගා අරගෙන එන්නෙ පොල් සම්බෝලත් එක්ක ඉඳි ආප්ප ‘පහයි’. ඒකෙන් උදේට ඉඳි ආප්ප දෙකක් කාලා දවල්ට කන්න ඉඳි ආප්ප තුනක් ඉතිරි කර ගන්නවා. ඒ කාලේ දෙයියනේ කියලා එක වේලකට ඉඳි ආප්ප විසි පහක් බඩට දාගන්න අපිට මේක නිකන් හරිම ජිල් බෝල මැජික් එකක් උනා. ඔය ඉඳි ආප්ප පහ කාලා මොනව කරන්නද කියලා පංතියේ හැම එකාම කල්පනා කරපු නිසා අතුරු ආන්තරාවක් නොවී පන්තියේ ඉතුරු උන එකම කෑම එක තමයි මේ ඉඳි ආප්ප පහ. ඒ කාලේ ඉඳි ආප්ප පහ නිසා ගීත නගා කොල්ලන්ගෙන් බයිට් උන වාර ගාන නම් මට මතක නෑ. මොනවා උනත් මම නම් ජීවිතේටවත් හිතුව නෑ ඊට අවුරුදු දොලහකට විතර පස්සෙ මටත් මේ වගේ ඉඳි ආප්ප 2 ක් කාලා වේලක් පිරි පිරිමහගන්න වෙයි කියලා.
දැනට අවුරුදු 8කට 9කට කලින් ඩුබායි දේශයට පය තබපු අළුත වගේ, දවසක් මලබාරි කඩේකට රිංගුවේ පාතරාසය ලබාගැනීමට කියලා තමයි. අතට දීපු මෙනු කාඩ් එක මුල ඉඳලා අගට කියවගෙන යනකොට ඔන්න කන්න ආස කෑමක් තියෙනවා. මොනවද ඉතින් "ඉදියප්පම්". මලායලම් භාෂාවයි, දෙමළ භාෂාවයි ගොඩක් එක සමාන නිසා, ලංකාවෙත් ඉඳිආප්ප වලට සමහරු ඉඳිආප්පම් කියලා කියන නිසා ඔන්න මම ඕඩර් කරා "ටුවෙන්ටි ඉඳිඅප්පම් ඇන්ඩ් චිකන් කරී" කියලා..... ඔන්න බොලේ වේටර් බුවා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉඳලා අහනවා "කිත්නා ආද්මී ? (කී දෙනෙකුටද ?)" මම ඉතින් අතින් පෙන්නුවා එක්කෙනෙකුට කියලා. ඔන්න ඒ පාර පොර මොනවද මංදන්නෙ නෑ හින්දියෙන් කියවගෙන කියවගෙන යනවා. සිංහල සබ් ටයිටල් නැති නිසා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. පස්සෙ මම කිව්ව "හිංදි මාළුම් නෙහී බායි....." කියලා. ඔන්න ඒ පාර පොර ආපහු මගේ ඔළුවෙ ඉඳන් පාදාන්තය දක්වා බලාගෙන ඉඳලා ගියා. මෙන්න බොලේ ටික වෙලාවකට පස්සෙ පොර එනවා සුදු පාටට සුදු පාටේ අඩියක් විතර උස ඉඳි ආප්ප කන්දකුත් උස්සගේන. ඇවිල්ලා තිබ්බා මේසෙ උඩින්. ඊට පස්සෙ නක්කලේට මගේ මූණ දිහා බලාගෙන ඉඳලා පොඩි චිකන් දීසියකුත් ලඟින් තියලා ඈතට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඒ උනාට මට උගේ මූන පේන්නෙ නැහැ මොකද ඉඳි ආප්ප ගොඩට වැහිලා. බලාගෙන යනකොට මුංගෙ ඉඳි අප්පයක් අපේ බත් කන පිඟානක් සයිස්. වලියකට එහෙම අරගෙන යන්න පුළුවන් කිසි ගේමක් නැතිව, මොකද ඒ ඉඳි ආප්පයකින් ගහලා දෙන්නෙක්ව බිම දාන්න පුළුවං. අනේ මමත් ඉතින් දාහක් ඇස් මගේ දිහා බලාගෙන ඉන්න අස්සේ ඉඳි ආප්ප ගොඩේ ඔළුව හංගගෙන එයින් ඉඳි ආප්ප දෙකක් කාලා හෙමින් සීරුවෙ මුකුත් උනේ නෑ වගේ ආවා.
ඉඳි ආප්ප විතරක් නෙමෙයි, මලබාර් කඩවල ආප්පත් තියෙනවා. ඒවාට කියන්නෙ "ආප්පම්" කියලා. රසනම් ඉතින් ටිකක් ඒ වගේ තමයි හැබැයි අපේ ලංකාවෙ අප්පයකට ගහන්න නම් බෑ. ලංකාවෙ ආප්පනේ ආප්ප. මලබාරි ආප්පම් එක නිකන් ලංකාවෙ ප්ලේන් තෝසයක් වගේ ෆුල් ෆ්ලැට්. ඔන්න එක කාලයක් මගේ ටීම් එකේ හිටියා කේරල කෙල්ලෙක් ලීනා කියලා. කෙල්ලෙක් කිව්වට බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ටීම් එකේ අපි ඔක්කොම අනිත් අය ලංකාවෙ අය. ඉතින් දවසක් මෙයා අපිට රෑ කෑමකට ගෙදරට එන්න කියලා කිව්ව නිසා අපිත් ඉතින් පවුල් පංසල් එක්කහු කරගෙන ලීනාගෙ ගෙදරට ගියා කියමුකො. ඔය සතුටු සාමීච වලින් පස්සෙ ඔන්න රෑ කෑම වෙලාව ආවා. කට්ටියම සෙට් උනා කෑම මේසෙට. ඔන්න ටික වෙලාවකට පස්සෙ එනවා මෙන්න කෑම මේසෙට "මලබාරි ආප්පම්". චිකන් කරි සහ ෆ්‍රයිඩ් බීෆ් එක්ක. ඔන්න ඉතින් අපිත් දැන් ටුවෙන්ටි ටුවෙන්ටි මැච් එකක් වගේ දිගටම බැට් කරනවා. ආප්පම් ඉවර වෙන්න ඉවර වෙන්නත් මේසෙට එනවා. කොහොම හරි එක්කෙන් අප්පම් 5කට 6කට විතර වැඩ දුන්නා. දැන් මට පේනවා ලීනාගේ මූණ එච්චර හරි නෑ.ටිකකට පස්සෙ ලීනා ඉඳන් කියනා, "Guys, this is not the main meal....." සිංහලෙන් කිව්වොත්, "යකුනේ මේක ප්‍රධාන කෑම එක නෙමෙයි.." කියලා. විළි ලැජ්ජාවෙ බෑ....බලාගෙන යනකොට මුන් ආප්ප කන්නෙ බුරියානි හරි තාලි හරි කන්න කලින් බඩේ රැළි ඇරගන්න ඇපටයිසර් එකක් විදිහට. අපි හිටු කියලා රැළි කෙලින් වෙන්න ආප්ප කන කෑමට තව පොඩ්ඩෙන් ලීනට කලන්තෙ දානවා. එහෙම ආප්පම් කෑවට පස්සෙ ආපහු මොන මේන් මීල්ද. කොහොමෙන් කොහොම හරි අර කිව්ව මේන් මීල් එක පාර්සල් කරගෙන ගෙදර ගෙනැල්ල පහුවෙනිදා උදේට කෑවා.
මේ ඉතින් මම කියන්න යන බොම්බිලි කතාව සිද්ධ උනේ දැන අවුරුදු 5 කට 6 කට කලින් මම එමිරේට්ස් ගුවන් සේවයේ පරිඝණක අංශයේ වැඩ කරන කාලෙ. ඒ කාලෙ මගෙ බොස් වෙලා හිටියේ සුද්දෙක්, පැඩී කියලා. මේ සුද්දත් ඉතින් සුද්දා වගේ තමයි හරිම කෙලින් වැඩ කතා බහ ඔක්කොම.වැඩ කරන්න මාර ලේසියි, වෙලාවක යාළුවෙක් වගේ ඕන කුණුහරුපයක් ඇවිත් කතා කරනවා, ඒ වගේම වැඩ වලදිත් අකුරට වැඩේ තියෙන්නත් ඕනෙ. ඉතින් වැඩේ කියන්නෙ එක දවසක් ඔන්න අපේ ගම හාමිනේ දවල්ට කන්න කියලා මගේ බත් එකට දාල ෆුල් සිරා බොම්බිලි බැදුමක්. ඔන්න මමත් ඉතින් දෙඤ්ඤං බැස්ටිය කියලා බත් ඇටයක්වත් ඉතුරු නොකර බත් ටික කාලා අත සෝදගෙන එළියට එනකොටම ඉස්සරහට එනවා මගේ බොසා, පැඩී. ඉතින් වෙනදා වගේම මූ මට අතට අත දීලා සුභ පතලා ගියා. ඔන්න මම මගේ පුටුවට ගිහිල්ලා ටික වෙලාවකට පස්සෙ මට කෝල් එකක් එනවා පැඩීගෙන්...කෝල් එක ගත්ත ගමන් පොර අහනවා,
"Man, did you scratch your balls..................?"
(ප.ලි : මේ කෑල්ල මම සිංහලට පරිවර්තනය කරන්න යන්නෙ නෑ මොකද එහෙම උනොත් කට්ටිය කියයි මම අසභ්‍යය කතා ලියනවා කියලා)
ඉතින් ඒ දවස්වල ඉස්කෝලෙන් පස්සෙ දවස් පහේමයි, සති අන්තෙ දවස් දෙකයි, නුගේගොඩ ඇල්ෆා එකේ ජයනෙත්ති සර්ගේ ගණන් ක්ලාස් එකයි, තව සයන්ස් ක්ලාස් එකයි, අරකයි මේකයි, අම්මලාගේ වදේට ඕලෙවල් ගොඩ දාගන්න යන ක්ලාස් බර තොගේකුයි කවර් කරන්න වෙනවනේ. ඉතින් ඔය දවස්වල ඉස්කෝලෙ කොල්ලො ගොඩක් වෙලාවට උදේට කන්නයි, දවල්ට කන්නයි කෑම පාර්සල් දෙකක් ගේනවා. ඉතින් ගොඩක් වෙලාවට උදේ කෑම එක විදිහට ගේන්නෙ පාන් තමයි. කොහොමත් යන්තන් හරි බඩට දාගන්න හම්බවෙන්නෙ උදේ කෑම එක විතරයි. මොකද ඉන්ටර්වල් එකට කලින් උදේ පීරියඩ් වලදි අතරතුරදි හිමිහිට බෑග් එකට අත දාලා පාන් කෑල්ල කෑල්ල හොරෙන් කාලා ඕක ඉවර කරන නිසා පංතියේ ඉන්න නසරාණීන්ට ඕකට ගේමක් දෙන්න වෙන්නෙ නෑ. ඒකට දවල්ට ගේන බත් එක, දිග ඇරිය ගමන් එක බත් කටක් හරි කෑවොත් බත් එක ගෙනාපු එකා දිනුම්. අපේ පන්තිවල හිටපු සමහර එවුන් කරන්නෙ බත් එක දිග ඇරිය ගමන් ඕකට තූ තූ තූ කියල කෙල ගහන එක. එතකොට එකෙක්වත් ඕකට කිට්ටු වෙන්නෙ නැහැනේ. ඉතින් ඕකත් දිගටම කරන්න හම්බ උනේ නෑ, මොකද කවුරුහරි ඊට පස්සෙ තමන්ගෙ බත් එකට තූ තූ කියලා කෙල ගැහුවොත් තවත් එවුන් දෙතුන් දෙනෙකුත් ඇවිල්ලා ඒ බත් එකටම තු තූ කියලා කෙල ගහලා යනවා. අනේ ඉතින් ගෙනාපු එකාටත් නෑ, අනිත් එවුන්ටත් නෑ. පස්සෙ ඉතින් ඒ සිරිත එහෙම්මම නැති උනා.
තවත් සමහරු කරන දෙයක් තමයි බිත්තරයක් හරි කුකුල් මස් කෑල්ලක් හරි දැක්ක ගමන් ඉක්මනට අරගෙන ඒක එහෙම්පිටින්ම කටේ දාගැනීම. දවසක් අපේ එකෙක් තව පොඩ්ඩෙන් ඉස්පිරිතාලේ ගෙනයන්න වෙනවා, මොකද ඌ එළු මස් කෑල්ලක් කියලා තඩි ගොරක කෑල්ලක් කටේ දාගත්ත ගමන් හැපිලා ඇඹුල දැනිලා කලබල වෙච්ච පාරට ඒක උගුරේ හිර වෙලා මාර ජංජාලයක් වීම නිසා. පස්සෙ කට්ටිය ඌත් එක්ක තියෙන පරණ තරහ යන්නත් එක්ක බිම දාගෙන පිටට දඩම් බඩං කියලා ගහපු නිසා ඌ යන්තන් බෙරුනා.
මෙච්චර ලොකු
දැනට අවුරුදු 8කට 9කට කලින් ඩුබායි දේශයට පය තබපු අළුත වගේ, දවසක් මලබාරි කඩේකට රිංගුවේ පාතරාසය ලබාගැනීමට කියලා තමයි. අතට දීපු මෙනු කාඩ් එක මුල ඉඳලා අගට කියවගෙන යනකොට ඔන්න කන්න ආස කෑමක් තියෙනවා. මොනවද ඉතින් "ඉදියප්පම්". මලායලම් භාෂාවයි, දෙමළ භාෂාවයි ගොඩක් එක සමාන නිසා, ලංකාවෙත් ඉඳිආප්ප වලට සමහරු ඉඳිආප්පම් කියලා කියන නිසා ඔන්න මම ඕඩර් කරා "ටුවෙන්ටි ඉඳිඅප්පම් ඇන්ඩ් චිකන් කරී" කියලා..... ඔන්න බොලේ වේටර් බුවා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉඳලා අහනවා "කිත්නා ආද්මී ? (කී දෙනෙකුටද ?)" මම ඉතින් අතින් පෙන්නුවා එක්කෙනෙකුට කියලා. ඔන්න ඒ පාර පොර මොනවද මංදන්නෙ නෑ හින්දියෙන් කියවගෙන කියවගෙන යනවා. සිංහල සබ් ටයිටල් නැති නිසා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. පස්සෙ මම කිව්ව "හිංදි මාළුම් නෙහී බායි....." කියලා. ඔන්න ඒ පාර පොර ආපහු මගේ ඔළුවෙ ඉඳන් පාදාන්තය දක්වා බලාගෙන ඉඳලා ගියා. මෙන්න බොලේ ටික වෙලාවකට පස්සෙ පොර එනවා සුදු පාටට සුදු පාටේ අඩියක් විතර උස ඉඳි ආප්ප කන්දකුත් උස්සගේන. ඇවිල්ලා තිබ්බා මේසෙ උඩින්. ඊට පස්සෙ නක්කලේට මගේ මූණ දිහා බලාගෙන ඉඳලා පොඩි චිකන් දීසියකුත් ලඟින් තියලා ඈතට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඒ උනාට මට උගේ මූන පේන්නෙ නැහැ මොකද ඉඳි ආප්ප ගොඩට වැහිලා. බලාගෙන යනකොට මුංගෙ ඉඳි අප්පයක් අපේ බත් කන පිඟානක් සයිස්. වලියකට එහෙම අරගෙන යන්න පුළුවන් කිසි ගේමක් නැතිව, මොකද ඒ ඉඳි ආප්පයකින් ගහලා දෙන්නෙක්ව බිම දාන්න පුළුවං. අනේ මමත් ඉතින් දාහක් ඇස් මගේ දිහා බලාගෙන ඉන්න අස්සේ ඉඳි ආප්ප ගොඩේ ඔළුව හංගගෙන එයින් ඉඳි ආප්ප දෙකක් කාලා හෙමින් සීරුවෙ මුකුත් උනේ නෑ වගේ ආවා.
ඉඳි ආප්ප විතරක් නෙමෙයි, මලබාර් කඩවල ආප්පත් තියෙනවා. ඒවාට කියන්නෙ "ආප්පම්" කියලා. රසනම් ඉතින් ටිකක් ඒ වගේ තමයි හැබැයි අපේ ලංකාවෙ අප්පයකට ගහන්න නම් බෑ. ලංකාවෙ ආප්පනේ ආප්ප. මලබාරි ආප්පම් එක නිකන් ලංකාවෙ ප්ලේන් තෝසයක් වගේ ෆුල් ෆ්ලැට්. ඔන්න එක කාලයක් මගේ ටීම් එකේ හිටියා කේරල කෙල්ලෙක් ලීනා කියලා. කෙල්ලෙක් කිව්වට බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ටීම් එකේ අපි ඔක්කොම අනිත් අය ලංකාවෙ අය. ඉතින් දවසක් මෙයා අපිට රෑ කෑමකට ගෙදරට එන්න කියලා කිව්ව නිසා අපිත් ඉතින් පවුල් පංසල් එක්කහු කරගෙන ලීනාගෙ ගෙදරට ගියා කියමුකො. ඔය සතුටු සාමීච වලින් පස්සෙ ඔන්න රෑ කෑම වෙලාව ආවා. කට්ටියම සෙට් උනා කෑම මේසෙට. ඔන්න ටික වෙලාවකට පස්සෙ එනවා මෙන්න කෑම මේසෙට "මලබාරි ආප්පම්". චිකන් කරි සහ ෆ්‍රයිඩ් බීෆ් එක්ක. ඔන්න ඉතින් අපිත් දැන් ටුවෙන්ටි ටුවෙන්ටි මැච් එකක් වගේ දිගටම බැට් කරනවා. ආප්පම් ඉවර වෙන්න ඉවර වෙන්නත් මේසෙට එනවා. කොහොම හරි එක්කෙන් අප්පම් 5කට 6කට විතර වැඩ දුන්නා. දැන් මට පේනවා ලීනාගේ මූණ එච්චර හරි නෑ.ටිකකට පස්සෙ ලීනා ඉඳන් කියනා, "Guys, this is not the main meal....." සිංහලෙන් කිව්වොත්, "යකුනේ මේක ප්‍රධාන කෑම එක නෙමෙයි.." කියලා. විළි ලැජ්ජාවෙ බෑ....බලාගෙන යනකොට මුන් ආප්ප කන්නෙ බුරියානි හරි තාලි හරි කන්න කලින් බඩේ රැළි ඇරගන්න ඇපටයිසර් එකක් විදිහට. අපි හිටු කියලා රැළි කෙලින් වෙන්න ආප්ප කන කෑමට තව පොඩ්ඩෙන් ලීනට කලන්තෙ දානවා. එහෙම ආප්පම් කෑවට පස්සෙ ආපහු මොන මේන් මීල්ද. කොහොමෙන් කොහොම හරි අර කිව්ව මේන් මීල් එක පාර්සල් කරගෙන ගෙදර ගෙනැල්ල පහුවෙනිදා උදේට කෑවා.
ආප්ප ඉඳි ආප්ප වගේම බොම්බිලි කියන්නෙ මම කැමතිම කෑමක් තමයි. බොම්බිලි තෙල් දැම්මහම තියෙන රසට ගහන්න ආපහු වෙන කෑමක් නෑ. හැබැයි ඒ වගේම තමයි බොම්බිලි වල ගඳට ගහන්නත් වෙන ගඳක් නෑ. බොම්බිලි වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ "බොම්බේ ඩක් ( Bombay Duck)" කියලා. ඒ නම හැදිලා තියෙන්නෙත් ඔය ඉංග්‍රීසි පාලනය කාලේ ඉන්දියාවෙ බොම්බේ නගරෙ ඉඳලා එන කෝච්චි ඩෙක් එකෙන් ( Bombay DAK, Bombay Deck) එන ගඳයි, බොම්බිලි වලින් එන ගඳයි එකම නිසා. "බොම්බිලි" කියන වචනය අපේ භාෂාවට ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙ මරාති භාෂාවෙන් ඕකට කියන්නෙ "බොම්බ්ලි" Bombli කියලා කියන නිසා. එක කාලෙකදි මට කවුද මන්දා කියලා තිබුනා මේ බොම්බිලි කියන්නෙ මුහුදේ ඉන්න පණුවො ජාතියක් කියලා. ඒ තිබිච්ච ගඳ නිසා මාත් හිතුවා ඇත්ත තමයි කියලා කාලයක් කටේ තියන්නෙ නැතිව හිටියා. පස්සෙ තමයි දැන ගත්තෙ මේ බොම්බිලි කියන්නෙ මුහුදේ ඉන්න "උරග මාළුවෙක්" (Lizardfish) කියලා.