ඕං බස් කතා

Posted by දුමී


ඉස්සර අපි ඕ.ලෙවල් වලට ක්ලාස් ගියේ ජයනෙත්ති සර්ගේ ඇල්ෆා ඉන්ස්ටිටුට් එකට. ඕක තිබුනේ නාවල පාරෙනෙ. නාවල පාර ඇල්ෆා ඉන්ස්ටිටුට් කියලා වෙනම තැනකුයි, ඊට පස්සෙ මදි පාඩුවට නාවල පාරෙ වයි.එම්.බී හෝල් එකෙයි එහෙම මාරුවෙන් මාරුවට වගේ තමයි පංති තිබ්බේ. අපේ ඉස්කෝලේ තියෙන්නෙ හයිලෙවල් පාරෙ නිසා, ඉස්කෝලේ ඇරිච්ච ගමන් පයින්ම යනවා නාවල පාරෙ තියෙන ක්ලාස් එකට. ඒ කාලේ ඔය දුර මහ දුරක් විදිහට දැනුනේ නෑ. නුගේගොඩ තියෙන එකම පිරිමි ඉස්කෝලේ අපේ ඉස්කෝලේ උනාට බාලිකාවියන්ගේ ඉස්කෝල තුනක්ම නුගේගොඩ තියෙනවනේ. ඊට අමතරව කෝට්ටෙ පැත්තෙ තියෙන ඉස්කෝල වලිනුයි, දෙහිවල පැත්තෙ තියෙන ඉස්කෝලවලිනුයි එන බාලිකාවියෝ නිසා ඔය පයින් ගමන හරිම ජොලි ගමනක් තමයි ඒ කාලේ.

යාන්තම් දැළි රැවුල වැඩීගෙන එන වයසත් නිසා, ඔය එක එක ජාතියේ ටයි පටි දිහා බල බල ඉන්නෙ නැතුව ෆුල් ජොලියේ අපිත් ඉතින් පයින්ම යනවා ක්ලාස් එකට. ක්ලාස් එක ඉවර වෙනකොට ජයනෙත්ති සර්ගේ නියමය තමයි, ගෑල්ළමයිව යවලා විනාඩි 10කට පස්සෙ තමයි පිරිමි ළමයින්ව යවන්නෙ. ඒත් ඉතින් ඒක එච්චර සාර්ථක ක්‍රමයකුත් නෙමෙයි. ඒ කාලේ ගෑණු ළමයි කොච්චර නෝටිද කියනවනං නම් පිරිමි ළමයි එනකං හිමි හිමිහිට හිමි හිමිහිට හොර ගල් අහුල අහුලා තමයි ඒ ගොල්ලෝ ඇවිදින්නෙ. පිරිමි ළමයි මැරතන් දුවනවා වගේ ඇවිදලා කොහොම හරි ගෑල්ළමයින්ව පහු කරලා ඒ ගොල්ලෝ දිහා බලන්නෙවත් නැතිව යනකොට ඒ ගොල්ලන්ට ඉතින් හරිම තරහයි.

ඔන්න ඔන්න පරණ දෙවල් මතක් වෙනකොට ලියන්න ගිය මාතෘකාවත් වෙන පැත්තකට යනවා.

ඔන්න ඉතින් අපි ගැන්සිය නුගේගොඩ සුපර්මාකට් එක තියෙන පැත්තෙන් ඇවිදගෙන ඇවිල්ලා පාරෙ අනිත් පැත්තට මාරු වෙන්න ඕනනෙ නාවල පාරට යන්න. ඔහොම එන අතරේ එකෙක් අනිත් උන්ට කලින් පාරෙ අනිත් පැත්තට පැනලා, ඔය පිට කෝට්ටෙ පැත්තට හරි, බත්තරමුල්ල පැත්තට හරි යන බස් එකක්, පාර මැද්දට පැනලා, අත දාලා, නවත්තගන්නවා හරියට අර පාරෙන් එහා පැත්තෙ ඉන්න සෙට් එකම බස් එකට නගින්න දුවගෙන එනවා වගේ. ඊට පස්සෙ පාරෙන් එහා පැත්තෙ ඉන්න උන්ට කෑ ගහනවා,

"ඉක්මනට පැනලා වරෙල්ලා බං....!" කියලා.

අනේ උන් ටිකත් අර නවත්තගත්ත බස් එක ඉස්සරහින්ම දුවලා ඇවිත් පාර පනිනවා. ඔන්න ඉතින් ඩ්‍රැයිවර් කාරයා බලාගෙන ඉන්නව කට්ටියම බස් එකට නගින කන්. අරුන් ටික පාර පැනපු ගමන් අර බස් එක නවත්ත ගත්ත එකා ඔළුව දාලා,

"තැන්ක් යූ අංකල්....!" කියලා අතින් බස් එකට යන්න කියනවා.

ඊට පස්සෙ ඉතින් ඩ්‍රයිවර් කාරයා කියන දේවල් අහගෙන ඉන්න එක විනාඩියක්වත් කට්ටිය එතන ඉන්නෙ නැතුව දුවනවා.

173 නුගේගොඩ-තොටලඟ බස් එක පටන් ගන්නෙත් ඔය නාවල පාරට හැරෙන තැනම ඉඳන් තමයි ඒ දවස්වල. ඒ රූට් එකේ දිව්වේ ලදරම්ම ලදරම් රෝසා වගේ බස් ටිකක්. කොහොමත් නුගේගොඩින් පටන් ගන්න ඔය බස් එක ඔතන කොට කොට ඉන්නවා සෑහෙන්න වෙලාවක් මිනිස්සු පටව ගන්නකං. බැරි වෙලාහරි අපි යනවෙලාවට ඔය බස් එකක් ඇද්දුවොත් එහෙම එකෙක් බස් එක පස්සෙ දුවනවා
"හෝව්, හෝව්...." කිය කිය. ඔන්න ඉතින් පස්සෙන් දුවගෙන එන රුපියලේ කෑල්ල දාල යන්න බෑ බෑ වගේ (ඒ කාලේ අවම බස් ගාස්තුව රුපියලයි, ඇඬෙනවා ) කොන්දත් බස් එකට දොහ් දොහ් දොහ්  සද්දෙට තට්ටුවක් එහෙම් දාලා නවත්තනවා. ඔන්න ඊට පස්සෙ දෙබස යන්නෙ මෙන්න මෙහෙම...

“තොට ලඟද තොට ලඟද....?" අපේ එකා දුවන ගමන් හති දදා අහනවා...!

"ඔව් ඔව් මල්ලි, ඉක්මනට නගින්න....ඉක්මනට නගින්න...." කොන්දත් කෑ ගහනවා...

"හැතැප්ම කීයක් විතර තියෙනවද.......?" අපේ එකා බස් එකට එක කකුලක් තියාගෙන අහනවා....

"20ක් විතර තියෙනවා මල්ලි...." කොන්දත් අරූව ඇතුලට ඔබා ගන්න හදන ගමන් කියනවා....

"හාපෝ... තොට ලඟ උනාට මට දුරයි...!" කියාගෙන අරූ ආපහු දුවගෙන එනවා.....!

අනේ ඉතින් අර බස් එක අද්දලා යනකන්ම කොන්දා අත දික් කර කර බනිනවා අපිට ඈතට ඇහෙනවා.....!

කවුරුත් දන්නවනේ මහින්ද අබේසුන්දර මහත්තයව. මම ඉස්සර ඉඳන්ම හරිම කැමතියි උන්නැහේට. මොකද ඒ දවස්වල ඉඳලම හරිම විහිළුකාරයා. පොර දිවයිනේ ඉන්න කාලේ පටන් ගත්ත "මහින්දගේ ආගිය කතා" වලින් පොර හරිම ජනප්‍රිය උනා. ඉස්සෙල්ලාම දිවයිනේ, ඊට පස්සෙ ලක්බිමේ ඊට පස්සෙ සිළුමිණේ වගේ උන්නැහේ යන යන තැනට ඔය ආගිය කතාත් අරගෙන ගියානේ. උන්නැහේ ආගිය කතාවලට ලියපු ඔය බස් සම්භන්ධ කතාවකුත් මට මතක් වෙච්ච එකේ, මට මතක තියෙන විදිහට ඒකත් ඔන්න ඔහේ ලියලා දානව කියලා හිතුවා.

ඔන්න ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මේ කතාවට කන්ද උඩරට විස්ස විද්‍යාලයත් සම්භන්ධයි. මම ඉතින් ඔය විස්ස විද්‍යාලෙට විසි තිස් පාරක් ගිහිල්ලා තිබුනට ඒ වැඩි හරියක් වලේ නාට්ටි පෙන්නන්න සයිඩ් සපෝට් එකක් දෙන්න තමයි. ඒක නිසා සමහර විස්තර වල අඩු පාඩු කං තියෙන්න පුළුවන් හොඳේ....!

මේ කාලේ වෙනකොට කන්ද උඩරට විස්ස විද්ද්‍යාලෙට අළුත් නැවක් ආපු කාලේ. ඉතින් නැවෙන් ආපු කෂ්ටිය පිලිගන්න ජ්‍යේෂ්ඨ උත්තම උත්තමාවියෝ කුරුඳු නැටි වලින් එහෙම දත කට මැදගෙන ඉන්න කාලයක්. කැමැත්තෙන්ම රැගට සෙට් වෙන අයයි, බලෙන් රැගට අරගෙන යන අයයි, සම්පූර්ණයෙන්ම රැගෙන් අයින් වෙලා ඉන්න හාල් කෑලියි කියලා ඔය කෂ්ටියව ඉතින් බෙදෙනවනේ ඔය කාලේ වෙනකොට.

ඔන්න ඉතින් දෙයියනේ කියලා උදේ පාන්දරම කුණු ප්‍රෙෂාලව පෝලිම් ගස්සලා රැගට අරගෙන යන්න තමයි ජ්‍යේෂ්ට උත්තම උත්තමාවියෝ සැරසෙන්නෙ. ඔය අස්සෙ මේකෙන් ගැලවෙන්න බලාගෙන ඉන්න එවුන් ගස් ගල් පඳුරු වලට මුවාවෙලා ෂේප් එකේ මාරු වෙලා යනවා. එහෙම පැනලා යන එවුන් පට ගාල පාරට පැනලා ගලහා පැත්තට යන බස් වල එල්ලිලා මාරු වෙන්න තමයි කල්පනාව. ඔය සංසිද්ධිය අවුරුදු ගාණක් වෙලා පළ පුරුදු නිසා ජ්‍යේෂ්ඨ උත්තමයෝ හැතැක්මක් දෙකක් එහාට ගිහිල්ල ඔය එන හැම බස් එකකටම නැගලා දැන් යමරෙට චෙක් කරනවා ප්‍රෙෂාලා පැනලා යනවද කියලා.

ඔන්න බස් එකට නැගපු ජ්‍යේෂ්ඨ උත්තමයෝ කෑගහනවා,

"තොපි හිතුවද රැග් එකෙන් බේරෙන්ඩ... ආහ්...? බැහැපිය ඔක්කොම කුණු ප්‍රෙෂාලා බස් එකෙන්....!" අනේ ඉතින් වැඩි හරියක් ප්‍රෙෂාල සෙට් එක දඩි බිඩි ගාල බස් එකෙන් බහිනවා....

ඔය අස්සෙ බස් වලට නැගපු සමහර ප්‍රෙෂාලා අයිනේ සීට් අල්ලගෙන වාඩි වෙලා බොරුවට නිදි කිරා වැටි වැටි වගේ ඉන්නවා...

ඔන්න ඒ පාර ආපහු අර ජ්‍යේෂ්ඨයා කෑගහනවා....

"ඔය බොරුවට නිදාගෙන ඉන්න එවුනුයි, නිදි කිරා වැටි වැටි ඉන්න එවුනුත් බැහැපියව් ඔක්කොම....."

අනේ ඉතින් වැඩේ අතේ මාට්ටු නිසා නිදාගෙන වගේ ඉන්න එවුනුයි, නිදි කිරා වැටි වැටි ඉන්න එවුනුයි ඔක්කොම ටිකත් බස් එකෙන් බහිනවා....!

දැන් ඉතින් පැනලා යන්න හදපු නිසා පෝරියල් එක වැඩියි....! සෙට් එකම අල්ලලා පෝලිම් ගස්සලා දැන් කට්ටියව පාරෙ ඉඳන්ම හාවා පන්නනවා...... තව ටික දුරක් තාරාවා යවනවා... කැම්පස් එකට එනකන්ම....!

ඔන්න ඉතින් ඔය විදිහට හවස් වෙනකන්ම එක එක රැග් සීන් දීලා දැන් ප්‍රෙෂාලට පාං කියා ගන්න බැරි තරම්. ඔන්න මුන් ටිකව ආපහු පෝලිං ගස්සලා ජ්‍යේෂ්ඨ උත්තමයෝ දැන් තෙල බෙදනවා රැග් එක මග ඇරීමේ ප්‍රථිවිපාක, ආනිසංස එහෙම පහදලා දීලා....

ඔන්න ඉතින් අර බස් එකට නැගලා ප්‍රෙෂාලව බස්ස ගත්ත ජ්‍යේෂ්ඨ උත්තමයා කියනවා....

"තොපි අද වගේ හෙටත් මග ඇරලා තිබුනොත්, උඹලට ආපහු දෙන්නෙ අම්ම මුත්ත මතක් වෙන්න දැනගනියව්.....! හෙට උදේම ඇවිල්ල තොපි පෝලිං ගැහිලා හිටියෙ නැත්නම් බලාගන්න පුළුවං....!"

ඔන්න ඒ අස්සෙ පෝලිමේ හිටිය එකෙක් වෙව්ල වෙල අත උස්සනවා......

"මොනාද තොට කියන්න තියෙන්නෙ...." ජ්‍යේෂ්ඨයත් අහනවා....

“අයියේ, හෙටත් එන්න ඕනෙද ..?”

"හෙටත් එන්න ඕනෙද ...? තොපේ අම්මලා තාත්තලා දුක් විඳලා මහන්සිවෙලා තොපිට උගන්නලා, විභාග පාස් කරවලා කැම්පස් එකට එව්වෙ තොට හිතිච්ච වෙලාවට කැම්පස් එන්නද බොල.....?" ජ්‍යේෂ්ඨයත් ගෝරනාඩු කරනවා....

“අනේ අයියේ, මම විභාගේ ෆේල්නේ...! ” ඔන්න පෝලිමේ ඉඳලා අත උස්සපු එකා කියනවා...

"විභාගේ ෆේල්...? එහෙනම් කොහොමද යකෝ තෝ කැම්පස් ආවේ....?" ජ්‍යේෂ්ටයා මුගේ ලඟටම ඇවිල්ල ගෝරනාඩු කරනවා....

“ඉතින් අයියනේ මාව බස් එකෙන් බස්සගෙන හාවා පන්න පන්න කැම්පස් එකට එක්කගෙන ආවෙ...”

ඔන්න ඉතින් ජ්‍යේෂ්ඨයට ටික ටික පත්තු වෙනවා කොහේ හරි වැරද්දක් වෙලා කියලා. ඒ අස්සෙ මෙච්චර වෙලා රැග කාපු ප්‍රෙෂාලත් කිණ්ඩියට හිනා වෙනවා...

“කැම්පස් නෙවේ නං තෝ මොකටද යකෝ බස් එකෙන් බැස්සෙ...? ” හීන් දාඩිය පිහිදාන ගමන් ජ්‍යේෂ්ඨයත් අහනවා....

“අයියා කිව්වෙ නිදි කිරා වැටි වැටි ඉන්න එවුන් ඔක්කොම බැහැපියව් කියලා.......”

හුටා....දැන් පෝලිම්වල ඉන්න ප්‍රෙෂාලා බඩවල් අල්ලගෙන හිනා වෙනවා.

“තෝ කොහේ යන ගමන්ද ?”

“ක්ලාස් යන ගමන් අයියේ....”

“මොන ක්ලාස්ද බොල...?”

“කරාටේ ක්ලාස්....!”

-------------------------------------------------------------------

කරාටේ ක්ලාස් කියපු එකේ මතක් උනේ, දැනට අවුරුදු පහ හයකට කලින් විතර මම අනංමනං එකට ලියපු කතාවක්.

ඔය මාතලේ පැත්තේ යන සී.ටී.බී බස් එකකට අළුතින් කොන්දෙක් එනවා වැඩට. ඔන්න ඉතින් මිනිහා අළුත් නිසා තැලිලා පොඩි වෙලා එහෙම නැති නිසා හරිම ප්‍රවේසමෙන් තමයි ඔය බස් එකේ වැඩ. ඩිපෝවෙන් උදේම පාරට දාපු ගමන්ම වගේ හෝල්ට් එකකින් තට්ටෙ ගාපු, ෆුල් මරුමුස් පාට අතේ පච්චයක් එහෙම ගහපු සරමත් කැහැපට ගහගත්ත පොරක් නගිනවා බස් එකට.

“අයියේ ටිකට් ගන්න...” ඔන්න කොන්දා කියනවා...

"හහ්, ටිකට් ගන්න....? මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත් බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" ඔන්න බුවත් කොන්දා දිහා බලාගෙන මුළු බස් එකටම ඇහෙන්න කියනවා...

වැඩ කරන්න ආපු අළුත, සතා කවුද කියලවත් දන්නෙ නැතිව වලියට යන්නත් බැරි නිසා, කොන්දත් සද්දේ වහලා අනිත් අයගේ ටිකට් කඩන්න පටන් ගන්නවා...

ඔන්න ඔහොම දෙවනි දවසෙත් බුවා බස් එකට නගිනවා....

කොන්දත් ටිකට් ගන්න කියලා කියනවා...

“මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත් බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" අර බුවත් මුළු බස් එකටම ඇහෙන්න කියනවා. කොන්දත් සද්දේ වහලා ඉන්නවා.

ඔය විදිහට ටික කාලයක්ම ගියා. කොන්දට හැමදාම වෙන මේ නව නිංගිරාව තව දුරටත් ඉවසගෙන ඉන්න බැරිම තැන ඒ පැත්තේ මාස්ටර් කෙනෙක් ගාවට ගියා කරාටේ ඉගෙන ගන්න.

ඔන්න ටික කාලයක් යනකොට කොන්දත් හොඳට කරාටේ එහෙම ඉගෙන ගෙන ඔය එක එක ජාතියේ පටි දෙක තුනකුත් දා ගත්තා. දැන් ඔන්න කොන්දා යකාටවත් බය නෑ....

ඔන්න එදා කොන්දා උදේ බස් එකට නැග්ගේ අදනම් මේකෙ දෙකෙන් එකක් බේරගන්නවාමයි කියලා හිතාගෙන.

අර මරුමුස් ජේමිසා එදත් උදේම බස් එකට නැග්ගා...

"දැන් නැග්ග අය ටිකට් ගන්න..." කොන්දත් ජේමිසා දිහා බලාගෙන කෑගැහුවා....

"මම තමයි මාතලේ ජේමිස්, මම බස් එකේ යනකොට ටිකට් ගන්නෙ නෑ..." ජේමිසත් පුරුදු උත්තරේම දුන්නා....

"ටිකට් ගන්නෑ....? එහෙම පුළුවන්ද මිනිහෝ බස් වල යන්න. ගනින් මිනිහෝ ටිකට්...!" කියාගෙන කොන්දත් ටිකට් මැෂිමත් උළුක් කරගෙන පැන්නා ජේමිසා ඉස්සරහට...



“අනේ මචං මම සීසන්....ඒකයි ටිකට් ගන්නෙ නැත්තෙ....!” ජේමිසත් සාක්කුවෙන් සීසන් එක අරගෙන කොන්දට දුන්නා.



131 comments :

  1. Replies
    1. ඔන්න එහෙනං මම දෙක...ඈ...!

      Delete
  2. අලියයි කූඹියයි බස් එකේ යද්දී අලියා කූඹියට ටිකට් ගත්තේ නැත්තෙත් කූඹියාට සීසන් එකක් තිබුණු නිසා :D

    ReplyDelete
    Replies
    1. කූඹියයි මීයයි බස් හෝල්ට් එකේ බස් එනකං බලාගෙන ඉඳලා, බස් එකක් ආවහම කූඹිය විතරක් බස් එකට නැගලා ගියේ ඇයි කියල දන්නවද ?

      Delete
    2. කොන්දොස්තර/ ඩ්‍රයිවර් පූසෙක් නිසා :D

      Delete
    3. හරියට හරි.... බස් එකේ කොන්දා පූසෙක්....!

      Delete
    4. පිච්චුද.....
      ඒක ප්‍රයිවට් බස් එකක්....
      මීය සීසන් නිසා CTB එකක් එනකන් හිටිය.....

      Delete
  3. උදෙන්ම හිනා වෙලා ලේ පිරිසිදු කර ගත්තා..ඇත්තටම ගෑනු ලමයින්ව එහෙම පහු කරගෙන යනවද ? පව් ඒ ළමයි..

    ReplyDelete
    Replies
    1. දැන් තමයි පව් අප්පා කියලා හිතෙන්නෙ....! ඒ කාලේ හිතුනේ හොඳ වැඩේ කියලා...!

      Delete
  4. අඩේ මාර ආතල්... හදිස්සියේවත් අර හාවෝ පැනපු එකා කම්ප්ලේන් එකක්වත් දැම්මනම් තමා කෙලිය තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කාට කම්ප්ලේන් කරන්නද ? ඒ කාලේ ඔය මානව හිමිකම් සංවිධාන එහෙමත් තිබුනේ නෑනේ...!

      Delete
  5. හපෝයි විනාසයි..බඩ නෑ කියලා දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. හුටා.... විරේකයක්වත් බීලා බලන්න වෙයි....!

      Delete
  6. අප්පේ හිනාවෙලා කටත් රිදෙනව. ඇට්ටර කොල්ලන්ගේ රසකතා.....හැබැයි අනේ අර නිකන් ‍රැග් උන කොල්ල පවු.

    ReplyDelete
    Replies
    1. හා එතකොට අනිත් උන් පව් නෑ.

      Delete
    2. අනිත් ළමයිනුත් පවු. අර කොල්ල මේ අහක හිටපු එක්කෙනෙක්නෙ.

      Delete
    3. එහෙම උන්නැත්තං අපි පව්නේ....! මේ වගේ ආතල් එකක් ගන්නෙ කොහොමද එහෙනං....?

      Delete
  7. හික් හික්... හැමදාම හිනාවෙලා යනවා මුකුත් කියන්නෑනේ.. එහෙම හොද නැති නිසා අදනන් මොනවා හරි කුරුටු ගාලා යන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... හැමදාම හිනාවෙලා මුකුත් ලියන්නෙ නැතිව යනවා කියන්නෙ හරියට බස් එකේ ටිකට් ගන්නෙ නැතිව හොරෙන් යනවා වගේ වැඩක්...!

      Delete
    2. //ඒකනේ.... හැමදාම හිනාවෙලා මුකුත් ලියන්නෙ නැතිව යනවා කියන්නෙ හරියට බස් එකේ ටිකට් ගන්නෙ නැතිව හොරෙන් යනවා වගේ වැඩක්...!//

      ඔන්න එහෙනම් අද ටිකට් එකක් ගත්තා.. හැමදාම නිකන් යන්න හොඳ නැනේ

      Delete
  8. හිනා වෙලා පණ ගියා...... ඈ එතකොට මේක කෙටුවේ කවුද????????
    හිනාවෙලා පණ යන්න ගිහින් යන්තම් බේරුනා.

    ReplyDelete
    Replies
    1. අනේ වෙද මහත්තයෝ, බුදු බව අත්වෙයි...! හිනා ඉස්පොල්ලේ ගිහිල්ලා නම් මැරෙන්නෙ එපා ඕං... අසරණ ලෙඩ්ඩු ටිකට අපිද බේත් කරන්නෙ එතකොට....?

      Delete
  9. ඇල්ෆා .. වයි එම් බී ඒ ගිය කාලේ මතක් උනා බන් . . පව් ජයනෙත්ති සර් . . .

    මතකයි නේද සමහර දවස්වලට සර් නුගේගොඩ හංදියට ඇවිත් බලනවා සර්ගේ කෙල්ලෝ කොල්ලෝ නුගේගොඩට වෙලා කයිය ගහ ගහ ඉනන්වද කියලත් . . .

    ඔව්ව හොය හොය ඉන්න ගිය නිසා තමයි සර්ට බඳින්න පරක්කු උනෙත් . . හික්ස් . . .
    කතාටික නම් මැක්සා ඈ . . අර හාවෝ පැන්න එකා කරාටේ පන්තිය අතුගාන්න ගිය එකෙක්ද බන්z . . . හෙ හෙ හේ . . .

    ReplyDelete
    Replies
    1. අපි නං ඇල්ෆා ගියෙනෑ.. හැබැයි අපිත වඩා වැඩිමල් උන් කියනවා ඇල්ෆා එකේ ඉස්ස්‍රහ පෝලිමේ ඉඳ ගතහම වැස්ස වෙලාවෙ දොරකඩ හිටියා වගේලු....

      ඇත්තද අය්යේ ඒ කතාව

      Delete
    2. මොන බොරුද . ..

      මම නම් හිටියේ ඉස්සරහ ම තුන්වෙනි පේලියේමයි මොකෝ සර් පිටි පස්සේ චාටර් වැඩ කරන උන් දිහා හොයන නිසා ඉස්සරහ උන් කරන ලියුම් එක්ස්චේන්ජ් වගේ ඒවා පේන්නේ නැති නිසා . . :D

      Delete
    3. @දුකා, ඔව් ඔව්... ජයනෙත්ති සර්ට ඒ කාලේ තිබුනා රතු පාට කාර් එකක්. ළමයි ටික යවලා පොර කාර් එකෙන් නුගේගොඩ හන්දියට යනවා බස් හෝල්ට්වල මල් කඩන්නෙ කවුද කියලා බලන්න....!

      @මී ගොඩයා,
      ඒ කතාව ඇත්ත තමයි. ගොඩක් අය ඉස්සරහ ඉඳගන්නෙ නැඇ මොකද සර් හැම තිස්සෙම "ස්...ස්...ස්..." කියලා සද්ද කරනවා ඉබේටම. ඒ වෙලාවට ඉස්සරහ ඉන්න එවුන්ව නෑ වෙනවා...! දුකා නම් වෝටර් ප්‍රූෆ් නිසා අවුලක් නෑ....!

      Delete
  10. ඔය වගේම රෑ අන්තිම බස් එකක් නවත්තලා ඩ්‍රයිවර්ගෙන් වෙලාව අහපු වෙලාවක, ඒ මනුස්සයට හිනාව නවත්ත ගන්න බැරි වුනා

    - අයියේ මේ කලවාන බස් එක නේද ?
    - ඔවු
    - මේ වෙලාව කීයද අයියේ
    - නමේට දහයයි, ඉක්මන් කරන්න !! ඉක්මන් කරන්න
    - නෑ අයියේ මේ වෙලාව අහගන්න නතර කලේ,බොහොම ස්තුතියි, පරිස්සමින් ගිහින් එන්න

    ReplyDelete
    Replies
    1. හප්පා.... එහෙනම් හාස්‍යය රසයට කැමති ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕනෙ...! (කට කහන කතා බලන පොරක්ද දන්නෙ නෑ.... හික්ස් ) නැතිනම් කුණුහරුප තමයි අහගන්න වෙන්නෙ...!

      Delete
  11. හිනාවෙලා පන යනව

    ආයේ නුගේගොඩ පන්ති ගියපු කාලෙට හිතින් ගියා

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ අප්පා.. පික්සුම පික්සු කාලේ තමයි ඒ....! ආයේ එන්නෙ නෑහ්...!

      Delete
  12. ඔය පන්ති ගිය ඒ කාලේ නුගේගොඩ සුපර්මාක්ට් එක ඉස්සරහ තියෙන ( පරණ කැස්බැව පාර පැත්තේ) උදේසිරියට එහේම ගොඩ උනේ නැතේයි තිබහට රට බීම පොඩියක් බොන්ට අර තොට ලඟට යන්ඩ තියෙන බස් අදත් ලදරං එව්වාම තමා

    ReplyDelete
    Replies
    1. පික්සු කතා කරනවා.... ඔය කාලේ ෆුල්ම ෆුල් අමද්‍යපයි....! කොටින්ම මම තමයි ඒ කාලේ අමද්‍යප සංගමේ සභාපති.....!

      Delete
  13. "හාපෝ... තොට ලඟ උනාට මට දුරයි...!" කියාගෙන අරූ ආපහු දුවගෙන එනවා.....! :)

    මතලෙ ජෙමිස් ගෙන් ඔය ප්‍රශ්නෙ පලවෙනි දවසෙම ඇහුවා නම් අහවරයි නෙ පවු අහින්සකයා සිසන් මගියෙක් නෙ කතා ටික නම් නියමයි කලතුරකි හරි කමෙන්ට් ඒකක් දැම්මා.

    ReplyDelete
    Replies
    1. පළවෙනි දවසේ ඇහුවා නම්, ඒ ගැන කට කහන කතාවක් ලියන්නෙ කොහොමද ?

      පහුවෙලා හරි කමෙන්ටුවක් දැම්මට තැන්කූ ඈ...!

      Delete
    2. තවත් කට කහන කතවක් ලගදිම දාමු. ජය වෙවා

      Delete
  14. හම්මෝ හිනාවෙලා පණ යනෝ.......

    ReplyDelete
    Replies
    1. මේ මේ.... වෙන තැනකට ගිහිල්ලා පණ යන්න...! මේ අපිව අමාරුවේ දානෙ නැතිව...! හික් හික් හික්... පණ ගියාට තැන්කූ ඈ....!

      Delete
  15. //පිරිමි ළමයි මැරතන් දුවනවා වගේ ඇවිදලා කොහොම හරි ගෑල්ළමයින්ව පහු කරලා ඒ ගොල්ලෝ දිහා බලන්නෙවත් නැතිව යනකොට ඒ ගොල්ලන්ට ඉතින් හරිම තරහයි //

    මේ කොයි රටේද බං අයියෙ, ලංකාවෙ නං වෙන්න බෑ. උඹලත් ඒ ක්ලාස් එකට ගිය හන්ද මේක කොහොමත්ම වෙන්න බෑ.....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම තමා කවදාවත් අපි කෙල්ලො පස්සෙ යන්නෙ නෑ උන් අපෙ පස්සෙන් ආවොත් මිසක

      Delete
    2. අපිනම් එහෙමයි නවම් ළමයෝ...! හොඳ හැදිච්ච සීලාචාර කොල්ලෝ...! ඉස්සර ගෑණු ළමයි මරා ගත්තා අපිව දාගන්න...!

      Delete
  16. ඩී බී ජයනෙත්ති සර් නෙද ? මමනම් ඒ සර් ගාව O/L ඉවර උනාට පස්සෙ A/L පටන් ගන්නකම් කරන ක්ලාස් එකට තමා ගියෙ.

    …මටත් බස් වල නින්ද යනවා හපොයි කැම්පස් කිට්ටුවෙන් නම් ආයෙම යන්නෙ නෑ හික් හික්

    ReplyDelete
    Replies
    1. මේක මේ ලොකු ජෝනාගෙයි දුමියගෙයි කුමන්ත්‍රනයක් වත්ද? දෙන්නම බස් කතා දාන්නෙ?

      henryblogwalker the Dude

      Delete
    2. ජයනෙත්ති සර් කියන්නෙ දෙයියෙක්... ගණන් පොවනවා ආයිමත් නෑ....! ෆේල් වෙන්න ඕන කමින්ම ලියුවත් ඩී එකක් එනවා (ඒ කාලේ තිබුනෙ ඩී, සී, එස් අන්ඩ් එෆ් හොඳේ....)

      Delete
    3. @Dude , ඔව් ඔව්... මායි මූයි එකතු වලා බස් බිස්නස් එකක් පටන් ගන්නයි යන්නෙ....!

      Delete
  17. ජීවිතේ මතක් කර කර හිනා වෙන ගොඩක් දේවල් ඔය වයසෙදි වෙච්ච දේවල් තමයි!

    ReplyDelete
    Replies
    1. හිනා වෙන දේවල් විතරක් නෙමෙයි, රට්ටු හිනා වෙන දේවලුත් සෑහෙන්න උනා....!

      Delete
  18. ඉස්සර ක්ලාස් ඉවර වෙලා බස් එකේ යන්නෙත් එකම සෙට් එකක්නෙ. කවුරු හරි ඉස්සරහ හෝල්ට් එකෙන් බහින්න කිට්ටු වෙලා ඩ්‍රයිවර්ට ඇහෙන්න "බහිනවා.." කිව්වොත් එහෙම අපේ එකෙක් හයියෙන් කෑ ගහනවා "බහිනවා නම් උස්සගනින් ඩෝ" කියලා.

    ReplyDelete
    Replies
    1. සික්.. බොලා එහෙම බස් ඇතුලෙ බෙරිහන්දෙන්න තියාගත්තම අර සඟිස්කුරුතියටයි සබ්බයත්වයටයි මක්කයි වෙන්නෙ ?

      Delete
    2. ඒක තමයි.....! හරිම නැහැදිච්ච නෝටිම නෝටි කෙල්ලෝ....!

      Delete
    3. අපේ ගැන්සියෙ කෙල්ලොන්ට වඩා හිටියෙ කොල්ලො. උන් තමා කෑගහන්නෙ.

      Delete
  19. අපි ඉස්සර කරපු වැඩක් තමයි නුගේගොඩ බොඅ ගහ ලඟින් 163 නැගල නාවලට හරි රාජගිරියට හරි ටිකට් ඉල්ලනවා.. කොන්දා බස් එක ඒ පැත්තෙන් යන්නෙ නෑ කිව්වම සුපර් මාර්කට් එක හරියෙන් බැහැල යනවා.. හැමදාම ඒ දුර නිකන් බස් එකෙ ගියෙ..

    ReplyDelete
    Replies
    1. අපි ඒ දවස්වල ඔය වගේ මිනිස්සු අන්දන වැඩ කලේ නෑ...! කළුබෝවිලෙන් නැගලා සල්ලි දෙන්නැතිවම නුගේගොඩ එනවා...! සල්ලි ඇහුවොත් "ඇයි දුන්නෙ.... මගේ ඉතුරු සල්ලි කෝ...." කියලා තව කීයක් හරි ඉල්ලත් ගන්නවා...!

      Delete
  20. අපිත් කෝච්චි සීසන් එකෙන් වක්වැල්ලෙ CTB බස්වල ඉස්කෝලෙ ගියපු කාලෙ මතක්වුණා. කොල්ලා සනීප වෙච්ච කාලෙක බ්ලෝග් එකක් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔය මොකක්ද....! අපේ එකෙක් ලංකාවෙ කෝච්චි ටිකට් එකක් අරගෙන නෝවේ රටේ කෝච්චියක ගිහිල්ලා තිබුනා...!

      Delete
  21. අම්මටසිරි ඒ කියන්නේ ජයනෙත්ති සර්ට ඒ කලෙත් ඔය නට් සීන් ඒක තිබුනද අපි හිතුවේ වයසට යන කොට ආපු සීන් එකක් කියලා ...

    පවු නේද කොන්දා ....

    ReplyDelete
    Replies
    1. පික්සු කතා කරනවා...සර්ට නට්නම් අපි දැනටමත් ඩෝනට්....!

      Delete
  22. මරු සීන් ටිකක්නෙ.

    ReplyDelete
  23. උඹ බස් කතා ලියනවා වැඩී දුමියා..මොකද අපි ඔටු කතා මාලාවක් පටාන් ගන්නද..?:D

    ReplyDelete
    Replies
    1. ලියහං ලියහං....! හඩු පූසෙක් අල්ලගෙන ඔටු කතා ලියන්න....! එනවා මෙතන....!

      Delete
  24. දවල් කෑමට පෙර මරු... කැම්පස් ගිය කරාටි මල්ලි එහෙම කිව්වම මොනා වුනාද දන්නේ නෑ නේද...

    ReplyDelete
    Replies
    1. අර ජ්‍යෂ්ඨ උත්තමයාගේ අන්තිම රැග ඒක....! ඊට පස්සෙ කොහොම්ද ප්‍රෙෂාලට මූණ දෙන්නෙ...! උගේ අනාගතේම ඉවරයි....!

      Delete
  25. නියමයි මචං....ලේ ටිකක් පිරිසිදුකරගත්තා..!දැන් කාලෙවගේ නෙවේ ,ඒ කාලෙ කොල්ලො ආතල් ගත්තෙ ඔය වගේ වැඩවලින්තමයි....දැන්..සුපර් සික්ස් වලින්නෙ...

    මට මතක් වෙන්නෙ..ඒකාලෙ සී.ටී.බී වල හොරෙන් ඇවිල්ල කාපු පරිප්පු තමයි..!

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා.. බස් වල හොරෙන් ඇවිල්ලා ඉතුරු කරගත්ත සල්ලි වලින් තමයි ඒ දවස්වල නවරස එකෙන් පානුයි පරිප්පුයි කන්නෙ...!

      Delete
  26. හිකිස්... පට්ට....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජ තුමත් අනාධිමත් කාලයක් ජනතාවගේ ආයුෂත් වලඳමින් යෙහෙන් වැජබේවා....!

      Delete
  27. නියම කතා ටික අයියේ එලමකිරි.... රැග් දීපු සීන් එක පට්ට... අපරාදේ කොන්දා කරාටේ ඉගෙනගන්න වියදම් කරපුවා.... හිනාවෙවි කියවන්න මරු කතා සෙට් එක

    ReplyDelete
    Replies
    1. කරාටේ ඉගෙන ගත්තට පාඩු වෙනවයෑ...! අර කලින් දාපු කතාවෙ වගේ කවුරු හරි දත් සෙට් එක ගලවන්න අවොත් පාවිච්චි කරන්න පුළුවන්නේ...!

      Delete
  28. පට්ට පට පට...... !!!!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ තැන්කූ

      Delete
  29. මරු..දුමී අයියාගේ කතා තමා කතා.. ..මට දුක අර නිකම් නිදියන් උන්නු කරාටේ කොල්ලාට වෙච්චි දේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නෙ කරාටේ ක්ලාස් යනකොට බස් වල නිදා ගන්න එපා කියලා....!

      Delete
  30. දුමියා පට්ට්... ටිකයි හොදයි....

    ReplyDelete
    Replies
    1. තැන්කූ හෑ... ටිකක් හරි හොඳයිනේ....!

      Delete
  31. කතා දෙකක් නෑ පට්ට පට පටස්......මට මතක් උනේ අපිත් ඔය වගේ වැඩ බස් වලට කරලා තියනවා....කොන්දයි ඩ්‍රයිවරුයි කියන ඒවා ලග පාත ඉන්න උන් තමයි පස්සේ කියන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔය වගේ වැඩ නොකරපු එකෙක්ව තමයි හොයා ගන්න බැරි....!

      Delete
  32. හුස්ම ගන්න බැරියෝ.......... මෙච්චර කතා තියාගෙනනෙ මේ දුමී අයියා මාසෙට පෝයට කතා දාන්නෙ

    ReplyDelete
    Replies
    1. කතා නම් තව එකසිය ගාණක් තියෙනවා ලිස්ට් එකේ...! කොටා ගන්න කෙනෙක්ව තමයි තාම හයර් කරගන්න බැරි උනේ.....!

      Delete
  33. පට්ට මැක්සා කතා සෙට් එක අයියේ. බඩ කොරවෙනවා. කරාටේ කොල්ල පව් අප්පා. එතකොට ජේමිස් බුවා ඇක්ට් කරලා තියෙන්නේ චන්ඩියාගේ පාර්ට් එකද නැත්තම් කොන්දොස්තරය ඇක්ට් කරලා තියෙන්නේ ගොනාගේ පාර්ට් එකද එවලේ ?

    ReplyDelete
    Replies
    1. මොකා මොන පාට් එක ඇක්ට් කලත් එහෙම් නොවුන නම් මේ කතාව මෙහෙම ලියන්නෙ කොහොමද ? හැමදේම සුභවාදීව හිතන්න ඕනෙ...!

      Delete
  34. //ගෑල්ළමයිව යවලා විනාඩි 10කට පස්සෙ තමයි පිරිමි ළමයින්ව යවන්නෙ.//
    අපි යන කාලෙත් මෙහෙම සර් කෙනෙක් හිටියා.

    //තොට ලඟ උනාට මට දුරයි...!//

    ඇයි බං දුමියෝ මෙහෙම අසාධාරන කම් කරන්නේ. අපි ඉස්කෝලෙ ගියේ 235 තොටලග - කැළණීය. අපිත් කරන්නේ ඔය දේ. මම දාන්න හිටියෙත් මේ ස්ටෝරියක් තමා. තෝව කොටියම කාපිය.

    කතා තුනම සිරා. මම අදහස වෙනස් කලා. තොට ලග කතාව දාන්නෙ නැහැ ඕං..


    ජය වේවා ..!

    ReplyDelete
    Replies
    1. ඔය තොට ලඟ සීන් එක ගොඩක් එවුන් කරන දෙයක් මම දන්න විදිහට...! කමක් නෑ මලේ ලියලා දාහන්...! අපි අපිමනේ කියවන්නෙ...!

      Delete
  35. නියම කතා සෙට් එක
    කවදා හරි බස් කාරයෙක් ගෙන ගුටි කාලා නැද්දෝ......... :D

    ReplyDelete
    Replies
    1. නෑ...ඒ කාලේ අපිට හරි හයියෙන් දුවන්න පුළුවං....!

      Delete
  36. Replies
    1. අනේ මල්ලි මේ, වෙන කොහේ හරි ගිහිල්ලා පණ ඇරගනින් හොඳේ... හික් හික් හික්...!

      Delete
  37. එකම හුස්මටම කියවන්න ඕන උනත් නවත්වන්න උනා හිනා වෙලා බඩ කොර උන නිසා..
    පට්ට කතා ටික....:D

    ReplyDelete
    Replies
    1. එක හුස්මට කියවගෙන යන්න ගිහිල්ලා මැරෙන්නද හදන්නෙ.....! අපිටනේ අන්තිමට නඩු වැටෙන්නෙ....!

      Delete
  38. පට්ට කතා ටික. බස් කතා කියවද්දිනම් අපේත් ස්කූල් බස් මතක් උනා. පිටිපස්සෙ හැමදාම බජවු දානව. සෙමි ලක්සරි බස් එකේ බිම ලෑල්ලට නියමෙට පුට් එක වැදුන !!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඒ සෙමි ලක්සරි බස් දැන් නැත්තෙ....! ඔක්කෝගේම තට්ටුව කැඩිලා..! පොරවල් බෑන්ඩ් ප්‍රැක්ටිස් කරලා....!

      Delete
  39. බස් වල කතානම් මරු. ඒව මතක් වෙද්දි පුදුම සතුටක් එන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... එහෙනං එහෙනං....!

      Delete
  40. උදේ ෆෝන් එකෙන් කියෙව්වට කමෙන්ට් එකක් කොටන්න බැරි උනා නේ.. අයෙම කියෙව්වා.. අප්පේ පේරාදෙණියේ කතාව අහලා මට බස් එකේදී හිනා ගියා. දැන් කියවද්දී මෙතන ඉන්න උන් අයෙම කන්න වගේ බලනවා. උන් දන්නවයේ මේකේ ආතල් එක.

    ReplyDelete
    Replies
    1. ඒකට තියෙන්නෙ අර ඉස්සර කඩ පිලවල් වල ඉන්න ගොයියෝ වගේ හැමෝටම ඇහෙන්න කතාව කියවගෙන කියවගෙන යන එක තමයි....

      Delete
  41. කතා තුනක්ම නියම කතා බඩ පැලෙන්න හිනා වුනා. ඉස්සර අපිත් කරලා තියෙනවා නුවර පාරේ දළුගම හරියේදී දුර යන බස් නවත්වල අයියේ අයියේ කඩවත ගන්නවද? දන්නා කුණුහරුප ඔක්කොම කියනවා උදේ දෙකට විතර.

    ReplyDelete
    Replies
    1. කඩවත ගන්නවද නෙමෙයි... මිනිස්සු ගන්නවද කියලයි අහන්න තිබුනේ....!

      Delete
  42. පේරාදෙණියේ කතාව නම් මල් හතයි .....

    ReplyDelete
    Replies
    1. මහින්ද මාමට පින් දෙන්න...!

      Delete
  43. // කවුරුත් දන්නවනේ මහින්ද අබේසුන්දර මහත්තයව. මම ඉස්සර ඉඳන්ම හරිම කැමතියි උන්නැහේට //

    ඒ කියන්නෙ උඹ තාම කැමතිද පොරට... :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... හැමෝම වගේ මමත් කැමතියි උන්නැහේට....!

      Delete
  44. ඔය තොටලඟ යන කාලේ ඔහේ ට සාත්තරේකට කිව්වා නේද මතුරට කියලා!

    ReplyDelete
    Replies
    1. කසූ කිව්ව දේ තේරුන් නෑ...!

      Delete
    2. වැඩි දෙයක් නෑ තේරෙන්න.
      තොටලඟ කියන්නේ ගමක නමක්. ඒ එක්කම වෙන තේරුමකුත් තියෙනවා.
      මතුරට කියන්නේත් ගමක නමක්. හැබැයි මතු දිනයක රට යනවාය කියන අර්ථයත් එනවා. දැන් ඒ මතු දිනය උදා වෙලා දුමී රට නේ!

      Delete
  45. පට්ට. අරූ බස්එකෙන් බැස්ස කතාව ඇත්තම එකක්ද දුමි අයියේ.

    ReplyDelete
    Replies
    1. කවුද දැන් බස් එකෙන් බැස්සෙ ආහ්...?

      Delete
  46. කතා ගොඩයි! ලේ පිරිසිදු කරගත්තා! :D

    ReplyDelete
    Replies
    1. ඒක කොච්චර දෙයක්ද ? දොස්තර නෝනලත් මේ පැත්තට ඇවිත් ලේ සුද්ද කරගෙන යනකොට......!

      Delete
  47. හික්ස්.. මම මේ ළඟදිත් බස් එකේ හොරෙන් ගියා.. හොරෙන් කීවාට හොරෙන්ම නෙමේ.. ටිකට් ගන්න ආවේ නෑ බලෙන් මොටද දෙන්නේ කියලා මම සල්ලි නොදී හිටියා.... ;)

    ReplyDelete
    Replies
    1. හෆොයි, ඉතින් දෙයියනේ ලංකාවෙ බස් කර්මාන්තේ කඩා වැටෙන එක අහන්න දෙයක්ද....?

      Delete
  48. වෙලාවට මම ඔය ජයනෙත්ති ලඟට ගියෙ නැත්තේ.... මම රොටරි එකට තමයි ගියේ එකෙනම් කෙල්ලො කොල්ලො ඔන එකෙක්ට නිදහසේ කතාකරන්න පුලුවන්, එකම වෙලාවට තමයි ක්ලාස් ඉවර වෙන්නේ....මලයාගෙ පාසැල _ _ _ ජෝන් විද්‍යාලයනෙද...... මම අර කෝට්ටේ _ _ _ _ _ _ _ _ _ විද්‍යාලයේ.....හි හ්....නියම ලිපිය....ඔබට ජය....

    ReplyDelete
    Replies
    1. අපරාදේ , මේ පැත්තෙ ඉඳලත් ජයනෙත්ති සර් ගාවට ක්ලාස් නොගිය එකනම් අපරාධයක්.....! ඔව් ඔව් , මම ඒ ඉස්කෝලේ තමයි..... අර ඔයගොල්ලෝ එක්ක ලොකු මැච් එක ගහන්නෙ...!

      Delete
  49. මම මේ කමෙන්ට් එක දාන වෙලාවේ ඉන්නේ අර කියපු ජයනෙත්ති සර්ගේ ඇල්ෆා ක්ලාස් එක පේන මානේ. ඒ නිසා මේ කතා ටික කියවගෙන යනකොට ඉබේටම වගේ ක්ලාස් එක දිහාත් බැලුවා. හික්ස් :)

    අර මහින්ද අබේසුන්දරගේ කතාවත් පට්ට !!!

    ReplyDelete
    Replies
    1. හප්පා... කාලෙකින් සර්ව දැක්කෙ නෑ.... උඹ ඔහොම කියනකොට මලේ මට මැවිලා පේනවා ඇල්ෆා එක....!

      Delete
  50. හයියෝ රැග් එක...හිහිහිහි.....
    කරාටේ කතාවත් නියමයි.....
    ඇඩෙනවා...

    ReplyDelete
    Replies
    1. හෆොයි, අනිත් කට්ටිය හිනා වෙනවා... ඔයා මොකෝ අඬන්නෙ....?

      Delete
  51. "නුගේගොඩ තියෙන එකම පිරිමි ඉස්කෝලේ අපේ ඉස්කෝලේ උනාට බාලිකාවියන්ගේ ඉස්කෝල තුනක්ම නුගේගොඩ තියෙනවනේ."... ගම හාමිනෙත් ඉන් එකක නොවැ...... හිතා ගන්න පුලුවන් ප්‍රේම පුරානේ....... හික් හික් හික්.........

    අදනෙ මේ පැත්තට ගොඩ උනේ..... පට්ට කතා ටික.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලහංකෝ, ගම හාමිනේ මගේ පස්සෙන් ඇවිත් යාළු උනානේ....! මම නම් හිතාගෙන හිටියේ නුගේගොඩ ඉස්කෝලෙක බාලිකාවක් එක්ක යාළුවෙන්නෙ නෑමයි කියලමයි....!

      කංචු මල්ලි, අපි හෙට අනිද්දා එනවා.... ආවම සෙට් වෙමු....!

      Delete
  52. ආමි. කියවීමි. සිනහ වීමි.
    බොහෝ කමෙන්ටු ඇති හෙයින් කිසිත් නොලීමි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා කමෙන්ටුවට... ලැබෙනා සෑම කමෙන්ටුවක්ම ඉතා අගනේය....!

      Delete
  53. මතකයාටද බස් කතා කීපයක්ම මතක් වියැ. දුමීයන්ට සුපුරුදු ලෙසමැ මධුර මනෝහර කර්ණ රසායන අඩංගු කෙරෙමින් ලියැවී ඇත්තේයැ.

    ReplyDelete
  54. දුමී අය්ය බස් වලට ඔච්චරම පෙරේම කොරන්නෙ වයිද මන්දා ;)

    කතා ටික නම් එළ ඈ

    ReplyDelete
  55. දුමියෝ බස් එක ගිහින්.. තව අළුත් කතාවක් අරන් එන්න ඉක්මණට.... දැන් ලමයා කම්මැලි වෙලා වගේ කතා දෙකක් අතරේ පරතරය හොදටම වැඩියි

    ReplyDelete
  56. කුණු ප්‍රෙෂාලා විඳින දුක් කන්ද ගැන කළ හෙළිදරවුවට තුති පුද කරන ගමන්ම ,ලිවිල්ල අගයා පහක් දැමීමටද කැමැත්තෙමි

    ReplyDelete
  57. 19 වෙනිදායින් පස්සේ කිසිම සද්දයක් නෑ... අපි මේ මග බලන් ඉන්නවා... කෝ බොල කටකහන ඒවා... අපේ හිත කහනවා බොලාගෙන් කතාවක් නැතිව

    ReplyDelete
  58. අම්මේ අද නම් ඇතිවෙන්න හිනා උනා.පට්ට කතා ටික පරක්කු වෙලා හරි කියවන්න ලැබුනා ඇති

    ReplyDelete
  59. ඊලඟ පෝස්ටුවේ දී.. කොමෙන්ටුවක් දාන්න ඕන අයට එන්න බස් එකකුත් ලෑස්ති කොළා නං.. බුදු අම්මේ ආපු දුර..

    ReplyDelete
  60. පට්ට කතාව දුමී

    ReplyDelete
  61. හිනා ගිහින් මලා! හයියෝ...!
    කොයි කතාවද වැඩියෙන් ලස්සන කියල හිතාගන්න බෑ.

    අහ්! අපිත් කලාස් ගියේ ඇල්ෆා එකේලු. හැබැයි අවම බස් ගාස්තුව රුපියලට වඩා ගොඩාක් වැඩියිලු ඒ කාලෙ. :D

    ReplyDelete

Related Posts with Thumbnails