දුමී බබා කාලේ - දුමීගේ යාළුවෝ
Posted by
දුමී හෝඩියේ ඉඳන් දහතුන වසර වෙනකන්ම ඉස්කෝලේ ගියේ නුගේගොඩ තියෙන එකම එක පිරිමි ඉස්කෝලෙට. හැමෝටම වගේ දුමීටත් හරිම හරි රසවත් පාසල් කාලයක් තිබුනා. ඒ දවස්වල දුමීගේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ සහ පොඩි ඉස්කෝලේ කියලා කොටස් දෙකක් තිබුනා. පොඩි ඉස්කෝලේ කිව්වෙ හෝඩියේ ඉඳන් 4 පන්තිය දක්වා පන්ති පවත්වපු ප්‍රාථමික අංශයට. ඔය කොටස තිබුනේ නුගේගොඩ මෙට්‍රෝ ෆිල්ම් හෝල් එකට මායිම් වෙලා හරියටම ඒකට දකුණු පැත්තට වෙන්න. හයිලෙවල් පාරේ ඉඳන් හැරිලා යන්න තියෙන අතුරු පාරක තමයි පොඩි ඉස්කෝලේ තිබුනේ. හයිලෙවල් පාරෙ ඉඳන් බැළුවම වංගුවත් එක්ක කෙලින්ම පේන්නේ දුමීගේ පොඩි ඉස්කොලේ.
දුමී ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගිය දවස දුමීට අද වගේ මතකයි. ඒ 1980 අවුරුද්ද. දුමීව අතින් අල්ලගත්ත දුමීගේ අම්මා අනිත් අතින් දුමීගේ පොත් බෑග් එකයි, වතුර බෝතලෙයි අරගෙන අමුතු සුවඳක් තියෙන, ලා නිල්පාටින් පාට කරපු කොට ඩෙස්ක් සහ පුටු තියෙන පංති කාමරේකට එක්කගෙන ගියා. ඒ කාමරේදි දුමීව පිලිගන්න හිටියේ දුඹුරුපාට මල් මල් තියෙන සාරියකින් සැරසිලා හිටිය දුමීගේ අම්මාට වඩා ගොඩක් වයස පාට පොඩ්ඩක් විතර මහත මුණසිංහ ටීචර්. දුමීගේ අම්මත් එක්ක ටික වෙලාවක් කතා කර කර හිටපු මුණසිංහ ටීචර් දුමීගේ අත අම්මගේ අතින් අරගෙන නොම්මර 25 ගහපු පොඩි පුටුවක දුමීව ඉන්දෙව්වා. ඒත් එක්කම දුමී දැක්කේ දුමීව පන්තියේ තනි කරලා දාලා එලියට යන අම්මව. එහෙම එලියට ගිය අම්මා තව ටික වෙලාවක් පන්තියේ දැල් කවුලුවලට එහා පැත්තෙ ඉඳන් පන්තිය ඇතුල බලාගෙන හිටියා. දුමීගේ අම්මා විතරක් නෙමෙයි, දුමී වගේම මේ නුහුරු නුපුරුදු පන්තියේ තනි වෙලා ඉන්න අනිත් බබාලගේ අම්මලත් ඒ විදිහටම තමන්ගේ බබාලව දාලා යන්න බෑ වගේ ඒ පන්තියේ දැලේ එල්ලිලා හිටියා.
තුශ්නිම්භූත වෙලා වට පිට බලපු දුමී දැක්කේ දුමී වගේම භිරන්ත වෙලා අඬන්න ඔන්න මෙන්න වගේ ඉන්න තවත් බබාල ගොඩක්. සමහරක් බබාලා දැනටමත් අඬන්න පටං අරගෙන. ඒ දිහා බලාගෙන ඉන්න දුමීටත් අඬන්න ලොකු උවමනාවක් ආවත් තාමත් දැලේ එල්ලිලා අම්මා ඉන්නව දැකපු නිසා ඒ ඇඬීම තාවකාලිකව නවත්ත ගත්තා. ඔන්න ඉතින් මුණසිංහ ටීචත් ඒ අඬන බබාල ලඟට ගිහින් ආදරෙන් ඔළුව අතගාලා පුටුවේ ඉන්දවනවා.ඒත් හරියන්නෙ නෑ. ටික වෙලාවකින් ආපහු ඒ බබාලා මර හඬ දීලා අඬාගෙන දැල ගාවට දුවල යන්න හදනවා. දුමීටත් දැන්නම් ඇඬුම තවත් තද කරගෙන ඉන්න බෑ බෑ වගේ. ඒත් එක්කම තමයි මෙච්චර වෙලාවක් ටිකීන් ටික ඇහැට පිරිච්චි කඳුලු බෝලයක් කම්මුල දිගේ බේරෙන්න පටන් ගත්තේ. ඒත් එක්කම තොල් දෙකත් ටික ටික වෙව්ලලා වෙව්ලල ඉබේම කණපිටට හැරෙන්න ගත්තා. ඊට පස්සෙ අර අඬන බබාලගේ ගොඩට වැටෙන්න දුමීට වැඩි කාලයක් ගත උනේ නෑ.
ඒ විදිහට දුමීට වැඩි වෙලා අඬන්න හම්බ උනේ නෑ. එක පාරටම දුමීගේ පිට හරහා වැදුනේ හොඳට අත මිට මොලවපු පාරක්. ඇඬිල්ලත් උගුරේ හිරවෙච්ච දුමී හැරිලා බැළුවේ දුමීට පතබෑව එකා මොකාද කියලා. එහෙම බලනකොට තමයි දැක්කෙ සුදු උස බබෙක් තවපාරක් ගහන්න අත මිට මොලවගෙන දුමී දිහා රවාගෙන බලාගෙන ඉන්න හැටි. ඒ බබාගේ පුටුවේ ගහලා තියෙන නොම්මරේ 24. සුදු උනාට මහම මහ මරුමුස් පෙනුමක් තමයි ඒ බබාට තිබුනේ. දකුණු අත තාමත් මිට මොලවගත්ත ඒ බබා වම් අතේ දබර ඇඟිල්ල ඒ බබාගේම කටට තියලා සද්ද කරන්න එපාලු. මේකා තව පාරක් දෙන්න ඉඩ කඩ වැඩි නිසා ඇස් දෙක තාම අඬත්දි දුමී කට අඬන එක නැවැත්තුවා. එතකොට තමයි මුණසිංහ ටීචර් දුමීගේ මේස පේලියට එහා පැත්තේ මේස පේලියේ ඉන්න අඬන බබාලව නලවන්න ආවෙ. දුමී පැනපු ගමන් මුණසිංහ ටීචට අත දික් කරලා කිව්වා, අර බබා මට ගැහුවා කියලා.
"දමින්ද බබා.....! ඇයි මේ දුමී බබාට ගැහුවේ....?" මුණසිංහ ටීචත් අහනවා. ඒ බබාගේ නම දමින්දලු......!
"මේ බබා අඬනකොට මට මේ චිත්‍රේ පාට කරන්න බෑ......!" ඒ පාර දමින්ද බබා කියනවා.
දමින්ද බබා හරි ලස්සනට පෙට්ටියක් වගේ සී.ටී බී බස් එකක් ඇඳලා රතු පාටින් ඒක පාට කරනවා.....
දමින්ද බබා මේ දුමී බබත් එක්ක යාළුවෙන්න. ආපහු ගහගන්න බෑ හොඳේ....! මුණසිංහ ටීචත් එහෙම කියාගෙන අඬන වෙන බබාලව නලවන්න ගියා.
දමින්දයා දුමියත් එක්ක යාළු උනේ අන්න එහෙමයි.....!
දුමීට ඉස්කෝලේ එකේ පන්තියේ ඉන්න බැරි උනා මොකද දුමීට පවුලේ අයත් එක්ක දුමීගේ තාත්තා ඒ කාලේ වැඩ කරපු සවුදි අරාබියට පදිංචියට යන්න වෙච්ච නිසා. ආපහු දුමී ඉස්කෝලෙට ආවේ දෙකේ පන්තියත් පටන් අරගෙන මාස කීපයක් ගියාට පස්සෙ. එතකොට දමින්ද දුමීගේ පන්තියේ නෙමෙයි. හැබැයි දමින්දයා ගැන හැමෝම දැනගෙන හිටියා විතරක් නෙමෙයි උගෙන් ගුටි කාපු නැති එකෙක්ව හොයාගන්න පුළුවං උනේ නෑ. දමින්දයව ඉස්කෝලේ කොල්ලෝ අතරේ හොඳට ප්‍රසිද්ධ වෙලා තිබුනේ ටික දවසකට කලිනුයි. පැද පැද හිටපු ඔන්චිල්ලාව බලෙන් අරගන්න ආපු තුනේ පන්තියේ නසරාණි කොල්ලෙක්ට ඔංචිල්ලාවේ යකඩ කණුවක පැද්දිලා ෆ්ලයින් කික් එකකින් ගහලා බිම දැම්මට පස්සෙ දමින්දයාට ටිකක් ලොකු පන්තිවල කොල්ලොත් බයෙන් තමයි හිටියේ.
දුමී ආපහු ඉස්කෝලේ දෙකේ පන්තියට ආවට පස්සෙ ආරංචි උනේ දමින්ද ඉන්ටර්වල් එකේදි පන්තියෙන් එලියට බහින්නෙත් පොළු දෙකක් අතින් අරගෙන කියලයි. ඒක දුමිත් දැක්කේ දමින්දයා කොහු පොළු දෙකක් අරගෙන පිට්ටනිය මැදින් දුවනවා දැකපු නිසයි. (ටික කාලෙකට පස්සෙ තමයි දැනගත්තෙ, දමින්දයා පොළු දෙකක් අරගෙන ඇවිල්ල තිබුනේ ස්පෝට් මීට් එකේ ලී කෙළි නැටුමකට ඌව තෝරගෙන තිබුනු නිසා කියලා)
දුමියට ආපහු දමින්දයව සෙට් උනේ තුනේ පන්තියට ආවහම තමයි. වැඩියමත් ඌ දුමිත් එක්ක සෙට් උනේ දුමී වතුර බෝතලේ පුරවගෙන එන "ටෑන්ග් " බීම ටික බොන්නයි. ටෑන්ග් දීලා හරි දමින්දයව යාළුවෙක් විදිහට තියාගන්න දුමීගෙත් අකමැත්තක් ඒ කාලේ තිබුනේ නෑ.
"දුමී, අළුත් ෂෝ එකක් ඇවිල්ලා... ඉන්ටවල් එකේදි වරෙන් යන්න ඒක අහන්න.....!" දමින්දයා එදා උදේම ආපු ගමන් කිව්වෙ ඒ නිව්ස් එක.
ඒ කාලේ දුමීලගේ සිරිතක් වෙලා තිබුනේ අළුතෙන් එන ෆිල්ම් අහන එක. නුගේගොඩ මෙට්‍රෝ හෝල් එකයි දෙකේ පන්ති පේලියයි අතරේ තිබුනා අඩි තුනක හතරක විතර පොඩි කොරිඩෝර් කෑල්ලක්. ඒකෙ ගොඩක් වෙලාවට පුරවලා තිබුනේ කැඩිච්ච ඩෙස්ක් බංකු වගේ දේවල්. ඔතනට ගිහින් මෙට්‍රෝ එකේ යන ෆිල්ම් එක අහගෙන ඉන්න එක ඒ කාලේ කරපු ජොලිම දේ. ඒක කරන්න ඕන හොරෙන් තමයි. අහු උනොත් එහෙම ලොකු ටීචගෙන් වේවැල් පාරක් කාලා ලොකු ටීචර්ගේ කාමරේ පැයක් විතර දණ ගහගෙන ඉන්න වෙනවා. ඒ විදිහට ඒ කාලේ මෙට්‍රෝ එකට ආපු හැම ෆිල්ම් එකක් වගේම අහන්න දුමිත් ගියා දමින්දයත් එක්ක.
ඔය කාලෙම තමයි වසන්ත හෙවත් ජංගියාත් මාතර පැත්තෙ ඉස්කෝලෙක ඉඳන් දුමීලගේ පන්තියට කඩාගෙන පාත් උනේ. තුනේ පන්තියක ටීච කෙනෙක් වෙච්ච ජංගියාගේ අම්මාට දුමීලගේ ඉස්කෝලෙට මාරු වීමක් ලැබිලා තිබුනු නිසා තමයි ජංගියත් දුමීලගේ ඉස්කෝලෙට ආවේ.
ජංගියා පන්තියට ආපු අළුත ඌ ඇදලා පැදලා කියන මෙලෝ වචනයක් දුමීලට තේරුනේ නෑ. "ඔහේ", "ඔහේලා", "ගියැයි", "එයැයි", "කෑවැයි ?" "බීවැයි ?", "හක්කොලං කරනවා", "මක්කෙයි" වගේ අමුතු වචන දුමීලා ඒ වෙනකොට අහලා තිනුනේ නෑ. ඒ නිසා තමයි දවසක් දමින්දයා ඌව ඇදලා අරගෙන දෙකක් ඇනලා කිව්වේ "අඩෝ සිංහලෙන් කතා කරපන්......." කියලා. එහෙම කියලා එදා ඉඳන් ඌට සිංහල උගන්වන වැඩෙත් බාරගත්තෙ දමින්දයම තමයි. ගොඩක් වෙලාවට ෆිල්ම් අහන ගමන් ඌට සිංහල ඉගැන්නුවා විතරක් නෙමෙයි උගෙන් සුද්ද සිංහලත් දුමීල හොඳට ඉගෙන ගත්තා.
හැමදාම ඉන්ටර්වල් එකෙන් පස්සෙ තියෙන පීරියඩ් දෙකම ඉංග්‍රීසි. ජානකී මිස් තමයි දුමීලට ඉංග්‍රීසි ඉගැන්නුවේ. හැමදාම ඉන්ටර්වල් එකේදි ෆිල්ම් අහන්න යන නිසත්, ඉන්ටර්වල් එකේදි ටොයිලට් එකට ලොකු පෝලිමක් තියෙන නිසත් දුමිලා ගොඩක් වෙලාවට චූ කරන්න යන්නෙ ඉන්ටර්වල් එක ඉවර වෙලා ඉංග්‍රීසි පාඩම පටන් අරගෙන ටික වෙලාවකට පස්සෙ. හැබැයි එහෙම ටොයිලට් එකට යන්න ඕනෙ නම් ජානකී මිස්ගෙන් ඒක ඉංග්‍රීසියෙන් අහන්න ඕනෙ. නැත්නම් යන්න දෙන්නෙ නෑ. එහෙම අහන්න ඕන වචන ටික ජානකී මිස් මුළු පන්තියටම කියලා දීලයි තිනුනේ. "මේ අයි ගෝ ටු ද ටොයිලට් ප්ලීස්....?" කියලා ඇහුවෙ නැත්නම් මිස්ගෙන් බැනුම් කෝටියක් විතරක් නෙමෙයි ටොයිලට් එකට යන්න දෙන්නෙත් නෑ.
අළුතෙන් පන්තියට ආපු වසන්තයට ඔය වචන සෙට් ටික කියන එක ලෝකේ තියෙන අමාරුම වැඩේ උනා. ඉතින් ඌ තීරණය කරලා තිබුනේ ජානකී ටීචගෙන් ඕක අහනවට වඩා චූ බර තද කරගෙන ඉන්න එක සැපයි කියලයි. එහෙම දවසක තමයි ඉංග්‍රීසි දෙවන පීරියඩ් එකේ අන්තිම හරියෙදි වසන්තයට ජංගියේ චූ ගියේ. එදා ඉඳන් ටික කාලයක් යනකන් "චූ ජංගියා" වෙච්ච වසන්ත පස්සෙ කාලෙක “ජංගියා” කියලා බෞතිස්ම ලැබුවා.
මොනතරම් චන්ඩියෙක් උනත් දමින්දයාට ක්‍රිකට් නම් මෙලෝ ඇල්ෆබට් එකක්වත් බෑ. අනිත් උන් ක්‍රිකට් ගහත්දිත් මූ පැත්තකට වෙලා හිටියේ ඌ හරියකට බැට් කරන්නත් බෝල් කරන්නත් දන්නෙ නැති නිසා. ඔහොම ඉන්නකොට තමයි වෙන පන්තියකට චැලෙන්ජ් කරලා සෙට් වෙලා ගහපු මැච් එකක අම්පයර් වැඩේ කරන්න කියලා දමින්දයව තෝර ගත්තෙ.
කොහොමෙන් කොහම හරි ඒ මැච් එක දුමීලගේ පන්තියේ එවුන් දින්නෙ අනිත් පන්තියේ මුළු ටීම් එකටම දමින්දයා විසින් බෝලෙ කකුලේ වැදිච්ච ගමන් අවුට් එක දීපු එකටත් වඩා, සීමා ඉර පන්නලා බෝලයක් දාපු අනිත් පන්තියේ හිටපු හොඳම බෝලර්ව "නෝ බෝල්" කරනවා වෙනුව "අවුට්" කරලා ඌට ආපහු බෝල් කරන්න ඉඩ දීපු නැති නිසා. අන්න එහෙමයි දමින්දයා ලෝක ඉතිහාසේ ප්‍රථම වරට "නෝ බෝලයක්" දාපු බෝලර් කෙනෙක්ව අවුට් කලේ. ඒකට විරුද්ධ වෙච්ච අල්ලපු පන්තියේ දෙතුන් දෙනෙකුගේ හොක්ක සමතලා කරපු දමින්ද දුමීලගේ පන්තිය මැච් එකෙන් දිනපු බවට අල්ලපු පන්තියේ හූ හඬ අස්සේ ප්‍රකාශයට පත් කරලා දැම්මා.

දුමියා කලකට පස්සෙ බැහැලා තියෙන්නෙ.. :D
ReplyDeleteතව කොටසක් නෑද්ද?
ReplyDeleteකාලෙකට පස්සෙ දුමී අය්ය ගේමට බැහැල...
ReplyDeleteමේ ඇත්තටම චූ ගියේ වසන්තටද.. දුමීටද?
මේ ලිපිය පුරාම තියෙන්නේ හොර බොරු වංඥා..ධූෂණය බීෂනය.. සික් මදෑ මාත් මේ ළමයින්ගේ කතාවක් බලන්න ආවා...
ReplyDeleteමූ ඒ දවස්වල ඉඳන්ම අනිත් උන්ට බොන්න දෙන්න පුරුදු කරගෙන...
ආ බං අයියේ කෝ මේකේ අර කෑල්ල..අර දමින්දගෙන් පොල් ෂොට් එක කෑව ගමන් දුමී බබාට ජංගියේ කක්කි ගිය කතාව.. උඹ අර වසන්තයගේ සීන් එක කියලා උඹේ සීන් එක වැහුවා නේද..?
දැන් ඔයි යාලූවා මක්කයි කොරන්නේ??? :D
ReplyDeleteදමින්ද වගේ අම්පයරයෙක් නැති හන්දා තමයි අපේ ක්‍රිකට් ටීම් එකත් ගොඩක් මැච් වලිං පරදින්නේ! :D
ReplyDeleteඒබං අය්යේ,මමත්5හේ ශිෂ්‍යත්වේ පාස්වෙලා ඕකෙලොකුඑකටගියේ.ගෙදරින් යැව්වෙත් බයෙන්.ඒ කාලේ නම ඒතරම් හොඳයි.හැබැයි ගියාටපස්සේ තේරුණා කියන තරම් යකාකළුනෑ කියල.(මඩවලය එහෙම මතකද?)
ReplyDeleteදුමී බිස්නස් කොරන්නෙත් ඔය හාදයා හවුල් කොරගනද දන්නෑ..
ReplyDeleteදුමීව දැක්ක කල් ඈ.. :-)
ReplyDeleteපට්ට පට්ටටටටටටට... ඕං අම්පයර්ලා.. හක හක හක
මතු සම්භන්ධයි වගේ......... අර ' අහපු " චිත්තරපටි පොඩිහිටියන්ට පමණ්ක් වෙන්ඩැ...............
ReplyDeleteමරු...
ReplyDeleteඅයියෝ... පෝස්ට් දාන්න ඔච්චර කල් ගන්නෙපා දුමී අයියේ...
දමියා හා දුමියා . ස්තුතියි මට පරණ සිද්ධි ගොඩක් මතක් කරලා දුන්නා දුමී අයියා.
ReplyDeleteහැමදාම කියවලා යනවා.. නෝ කමෙන්ට්ස්.. පට්ටයි සුපිරියි කියලා හැමදාම කියන්න ඕනියැ...
ReplyDeleteඅයෙ වෙන මක්කක් කියන්නද වෙනදා වගේම ලේ සුට්ටක් පිරිසිදු කරං ගියා ඇ..:-D
පොඩි කාලේ කරපු දේවල් තමා ඉතින් ජිවිත කාලෙටම මතක් කර කර හිනා වෙන්න අන්තිමේට ඉතිරිවෙන්නේ . ඒත් මම මේ කල්පනා කලේ දුමියට ඔය තරම් ඉස්සර කාලෙත් මතකද කියලා . මටත් මගේ මොන්ටිසෝරි කාලේ පවා තාම මතකයි .
ReplyDeleteදමියගේ අම්පයර් කෙරුවාව වගේ කෙරුවාවක් නම් මම ජීවිතේට අහලා නෑ .
මර්ස්..කට්ටිය ඒ කාලෙ ඉඳන්ම ආස්සරය කොරලා තියෙන්නෙ...පොඩි කාලෙ සිදුවීම් ගොඩක් මතක් උනා කතාව කියවලා..කාලෙකට පස්සෙ උනත් නියම කතාව..
ReplyDeleteඅර එකදා නියං හැමදා වැහි වලාවේ කියන්නේ දුමී ලොක්ක කථාවක් ලියන එකට වෙන්ටෑ...ඒ හින්ද ඔන්ට මාත් ඉඳලා ඉඳලා චවනයක් දෙකක් ලියල යනවා ඈ.....
ReplyDeleteමම නම් එක වසරෙදි අඩලනෑ මොට්ටිසෝරි අවුරුදු දෙකක්ම ගිය හින්ද?
ReplyDelete"මේ අයි ගෝ ටු ද ටොයිලට් ප්ලීස්....?" ඔය වචන ටික කියන්න බැරුව මමත් කොයි තරම් දවසක් තද කරන් ඉදල තියනවද... හප්පේ............
"මොනතරම් චන්ඩියෙක් උනත් දමින්දයාට ක්‍රිකට් නම් මෙලෝ ඇල්ෆබට් එකක්වත් බෑ. අනිත් උන් ක්‍රිකට් ගහත්දිත් මූ පැත්තකට වෙලා හිටියේ ඌ හරියකට බැට් කරන්නත් බෝල් කරන්නත් දන්නෙ නැති නිසා."
ReplyDeleteඑතකොට කෝමද..? බං....අම්පයර් කරේ..
සික්.. දකුණෙ එකෙක් ගුටි කාලනෙ...ලැජ්ජාවෙ බෑ......
ඇහෙන් කදුලු පනිනකම් හිනා යනවා කටකහන කතා බලලා..මටත් මුලින්ම ඉස්කෝලෙ ගිය දවස මතක් වුනා..ඒත් මම ඇඬුවෙ නම් නෑ....
ReplyDeletegood post....bro
ReplyDeleteපට්ට
ReplyDeleteහැබැයි දකුණේ එකෙක් ගුටි කපු එකට නම් මගෙත් කැමැත්තක් නෑ ...:D
බිම පෙරලෙමින් සිනාසෙමි
ReplyDeleteනෙද්දකින්... මුන්ගේ පොඩි කාලේ ඉඳලම තිබිලා තියෙන්නේ පඩත්තලකම....
ReplyDeleteසෙන් ජෝනස් එකේ ඉන්න එවුං ඔහොමම තමයි . . . . ආන්න ඒකට ශාස්ත්‍රාලෙ කොල්ලො
ReplyDeleteසාන්ත එවුංට ගරහන්ට එපා ඕනයා
Delete@ ඕනය, ඇත්ත. ඇත්ත. උං ෆිල්ම්වල MP3 අහ අහ ඉන්නෙ නෑ එළියෙ ඉඳන්. කෙළින්ම ඉස්කෝලෙන් පැනල ගිහින් ෆිල්ම් එක බලනව.
Deleteඔය දෙගොල්ලොම මංජුගේ ගෙදර ගියා(ලු) ...
Deleteබලාගෙන ගියාම වයසින් විතරයි පොඩි, අනිත් ඔක්කොම වැඩ මහා වංශෙන් කරලා තියෙන්නේ, දුමී සැහෙන කාලෙකට පස්සේ කුඹුරට බැහැල වගේ...
ReplyDeleteහාමිනේ කොම්පීතරේ ඉස්සරහ ඉදගෙන හිකි හිකි ගානව ඇහුනට ඇවිත් බලුවෙ. හිතුවත් වගේ දුමීගෙ පෝස්ටුවක්.
ReplyDeleteමේ කියන විදිහට දුමීය ෂේප් න්‍යාය ඒ කාලෙත් භාවිතා කරල තියෙනව.... ඒ විතරක් නෙමෙයි "ලොකු උනහම ලියන්නම්කො උඹල චාටර් උන ඒව බ්ලොක් ස්පොට් එකක" කියන්නැහැ උන සීන් මතකෙත් තියාගෙන ඉදල...... කරුමෙකට උන් කීපදෙනෙකුට එකම වෙලාවක දුමීව අහු උනොත්....... අෆෝයි දුමීගෙම කලින් පෝස්ට් එක මතක් වෙනව....... අෆෝයි........
@ අභීත කිවුවත් වගේ.....
සිරා මචං..
ReplyDeleteඇත්තට ඇයි උබල ෆිල්ම් නොබල ඒව අහගෙන හිටියේ.. :)
මතක් කරනකොට සුන්දරයි නේද ?
ජයෙන් ජය !
ගොඩ කාලෙකට පස්සේ නේද සහෝදරයා?. මටත් මතක් වුනා මම අඩපු විදිහ 1 වසරෙදි.
ReplyDeleteහුඟ කාලෙකින් ... දුමී අයිය මුලින්ම ඉස්කෝලෙ ගියේ 80 දි ද? අපි එතකොට ඉපදෙන්න හිතලවත් නෑ. :)
ReplyDeleteමටත් අපි 1 වසරේ හිටපු කාලෙ මතක් වුණා. සඳරු කිව්ව වගේ මොන්ටිසෝරි කාලෙත් තවම මතකයි. මමත් ඒ කාලෙ නම් ටිකක් දමින්ද වගේ. මොන්ටිසෝරි තුනකට යන්න වුණා. ළමයිට ගහල, කොනිත්තල.
දුමී අයියා කාලෙකින් පෝස්ට් එකක් කොටලා තියෙන්නේ. අම්මෝ මෙච්චරකල් මොකද වෙලා තිබුනේ? මෙච්චර දවසක් කියවලා විතරක් ගියාට අද තමා පළමු කොමෙන්ටුව...
ReplyDeleteමම 1 වසරේදී අනිත් හැමෝම ආණ්ඩුවත් මම ඇදුවේ නෑ ලජ්ජාවට.එත මට අරන් දුන්න බාන්ස් ගෙඩිය ඉස්කෝලේ ඉවර වෙනකන්ම කැල්ල කැල්ල කෑවා.
ReplyDeleteමේකේ ඉතුරු කොටස කවදද එන්නේ.
මල්ගුඩියේ සාමියි මනියයි වගේ...
ReplyDeleteමාත් අම්මා මාව ඉස්කෝලේ දාලා යනකොට අඬලා තියනවා. ගෙදරදි නම් ලොක්කි වගේ කියලා යන්නේ මම අනික් ලමයි වගේ නෙමෙයි කියලා. ඒක මතක් උනා දුමී බබා අනික් අය අඬනකොට අඬපු හැටි කියෙව්වාම. :)
ReplyDeleteකාලෙකට පස්සෙ..
ReplyDeleteමමත් ඉස්කෝලෙට ගියාම මට හම්බ උනෙත් අංක 24. ඒ කියන්නෙ රෙජිස්ටරේ මගෙ නම තිබ්බෙ 24 වෙනියට. හික් හික්. හැබැයි මම නං අන්තිම අහිංසකය. කවුරුත් ගහන්නෙත් නෑ. ගුටි කන්නෙත් නෑ.
අර වසන්තයගෙ හරියෙදි මට මතක් උනේ.. "මේ දෑස මක්කටද" එක !
ගොඩාක් කලකින් දුමී අය්යගේ පෝස්ට් එකක් බැලුවෙ . අපිව ආයෙමත් පොඩි කාලෙට අරගෙන ගියා වගේ .
ReplyDeleteමටත් මතක් උනා පලමුවෙන්ම පාසල් ගිය දවස . ඒත් මේ මම බබානම් ඇඬුවෙ නෑ . අනිත් බබලා අඬන දිහා දුකෙන් බලන් හිට්යා . ඒ වෙන මොනවත් නිසා නෙමේ මම බබාගේ අම්මාගේ පන්තියටමයි මාව වැටුනේ . ඒ නිසා චන්ඩියා වගේ හිටියා .
මොකක්ද දුමී මේ වැඩේ තේරුම? පිලිවෙලකට ලියන්ඩකො අප්පා. අපි පව්නෙ. බලං ඉඳල බෙල්ලත් කැඩිල
ReplyDeleteගොඩ කාලෙකින් දුමී අයියගේ කට කහන කතාවකට හොඳට හිනා වුණා.....
ReplyDeleteමමත් මුලින් මොන්ටිසෝරි ගිය දවසෙ අම්ම යනව කිව්වට ගානක් වත් නැතුව අඬන්නෙ නැතුව හිටිය. පස්සෙ අනික් එවුන් අඬනව දැකල තමා සාමූහික ගායනයට සෙට් උනේ :D
ReplyDeleteෆිල්ම් එකක් තියෙනවා එවන්නද mp3 එක?
ReplyDeletehenryblogwalker the Dude
අපිටත් ඉතින් ඔය "චූ කාර්ඩ්" එක අරන් ගණිතය/ඉංග්‍රීසි වගේ පීරියඩ් එකක එලියට යනවා කියන්නේ මාරම ආතල් වැඩක් තමා
ReplyDeleteඅපොයි මෙහෙමත් බබ්බු.ඒ කාලෙ ඉදලම හොරෙන් ෆිල්ම් අහලානෙ...:)))
ReplyDeleteපුකේ තෙල් වේලිලාද කොහෙද කාලෙකට පස්සෙ ඇවිත් තියෙන්නෙ. ;-)
ReplyDeleteහේ හේ නියමයි
ReplyDeleteෆිල්ම් එකක් කියෙව්වා
ReplyDeleteවෙනදා වගේම අදත් පට්ටයි!
ReplyDeleteඋපරිමයි දුමී අයියේ දමින්ද නියම පොරක්නේ දැනුත් අයියා mp3 එක විතරද දන්නෑ අහන්නේ කොහොම චිත්ත ශක්තියක් ඇද්ද දුමි අයියට
ReplyDeleteඅර කිවත් වගේ පොඩි කාලේ ඉඳන්ම බිලා වගේ... නෑ නෑ මම මේ කිවේ වතුර, බීම වගේ දේවල්.... හික් හික් ;)
ReplyDelete"ෆිල්ම අහනවා" කියලා ඇහුවෙත් අදයි..හි හි..
ReplyDeleteමට සාධාරණ සැකයක් එනවා මේ දමින්ද කියන්නේ දුමින්ද සිල්වා වත්ද කියලා :ප
නෑ නෑ, දුමින්ද සිල්වා කියන්නේ මේ බ්ලොග් එක ලියන එකා. :)
Deleteමේක ඉස්සරයි දැනුයි කියල වෙනසක් නෑ. බලං ගියාම මූ බබා කාලෙවත් බබාලගෙ වැඩ නොකරපු නසරාණියෙක් නෙව. ඇති අතයක් පයක් නොකැඩී මෙහෙමවත් ඉන්නව.
ReplyDeleteඒක නෙමෙයි ඔය මෙට්‍රෝ එකේ ඇඩල්ට්ස් ඔන්ලි එව්වත් පෙන්නුවද ?
අන්න පැහදිලි ප්‍රශ්නයක්!! හිකි හිකි...දුමියත් දමින්දයගෙ පවර් අරන් ඉන්න ඇත්තෙ ඒ කාලෙ.. හිකි හිකි
ReplyDeleteමාවත් ඉස්කෝලෙට බාර දෙන දවසෙ මට අඬන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒත් මගෙ වටේ හිටපු ළමයි අඬපු නිසා මගෙ ඔලුවට ආවෙ ඉස්කෝලෙට බාර දෙනකොට ඇඬිය යුතුයි කියන එක. ඊටපස්සෙ මාව නලව ගන්න පන්තිභාර ටීචර්ටවත් බැරි උනා.
ReplyDeleteදුමී අයියා බබා දිගටම කළේ ෆිල්ම්ස් ඇහුව එකද? බලන්න ගියෙ නැද්ද?
ReplyDeleteඅර යාළුවා වගේ කතා කරන ළමෙක් හම්බුණා මටත් පොඩි කාළෙ මලගෙදරකදි. මම හිතුවෙ ඒ ළමයා කුණුහරුප කියනවා කියලා.
මගෙත් යාළුවෙක් හිටියා ඒ දවස්වල ඌ ඵෝන් එකක් ගත්තා නිදහසේ වැල බලන්ඩ කියලා.මුගේ කරුමෙට දිස්ප්ලේ එක ගියානෙ.ඉතිං මූත් වැල අහන්න පටං ගත්තා.අපි මොකක් හරි වැලක් ගැන කතා කරද්දි මූ කියනවා ආ මම ඒක අහලා තියෙනවා කියලා.
ReplyDeleteනෝ බෝල්
ReplyDeleteමටත් මතක් උනේ මල් ගුඩියේ දවසක් කතාව...:)
ReplyDeleteඉස්කෝලෙට ගිය මුල්ම දවස ගැන මට තාමත් මතකයි......ඒව කාටවත් ලේසියෙන් අමතක කරන්න දේවල්ය කියල මමනම් හිතන්නෙ නෑ....හැබැයි ඉතින් ඒ කාලෙ කතා ගැන කියන්න ගියොත් එහෙම වෙන වැඩක් කරගන්න වෙන එකක් නැ.......ලස්සන පෝස්ට් එකක් අයියේ....
ReplyDeleteදුමී අයියගේ බ්ලොග් එකේ දෙවෙනි සංවත්සරයට මතකයාගෙන් සුභපැතුම්...
ReplyDeleteදුමී අයියගෙ පොස්ටුවෙන් මම ආයෙමත් පාසල් කාලෙටම ගියා. ආයෙමත් ඉස්කෝලෙ යන්න ඇත්නම්...
ReplyDeleteදමින්දයා යහතින් ඉන්නවාද ?
ReplyDeleteමෙහෙමත් ෆන්
ReplyDeleteතව ලියමු අයියා... සුපිරි...
ReplyDelete