මෙන්න පඩ කතා

Posted by දුමී

ඔන්න ඉතින් පහුගිය දොහේ තිබුනු අධික වැඩ රාජ කාරි නිසා කට කහන කතා බ්ලොග් එක පාළුවට යන්න ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවක තමයි මේක ඔන්න ඔහේ කොටලා දාන්න ඕනෙ කියලා හිතුනේ.
අපේ කතන්දර සූරියෝ පටන් ගත්තනේ පඩ කතාවක් කියලා. ඊට පස්සෙ ඔන්න අපේ අරුණිත් දැම්ම පඩ ගැන හරිම රසවත් ශාස්ත්‍රීය විවරණයක් මෙන්න මෙතන. ඔන්න ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට්ස් එහෙම දාලා මේ පඩ වැඩේ ගොඩක් වර්ණනා එහෙම කලා. ගොඩක් අය නම් කිව්වෙ පඩයක් ඇරපු නැති එක්කෙනෙක් පුළුවන්නම් අත උස්සන්න, පඩ යවන්න පුළුවන්නම් පඩ ගැන කතා කලාම ලිව්වාම මොකක් වෙනවද කියලා. ඔන්න ඉතින් දුමිත් බැළුවා කුඹුර හාල තියෙන වෙලාවෙ වී ටික වපුර ගන්න ඕනෙ කියලා ලිස්ට් එකේ තිබුනු පඩ කතාවක් දෙකක් ඔන්න දිග අරින්නයි යන්නෙ. හැබැයි ඉතින් හිතපු තරම්ම පඩ සීරීස් එක නැගලා ගියේ නැද්ද කොහේද. කසූ ගෙනුයි අරුණිටයි පස්සෙ පඩ කතාවක් දැක්කෙම නෑ.

ඔන්න පලවෙනි කතාවෙ කතා නායකයගේ නම සුජීව. එයත් ඉන්නෙ මේ ඩුබායි හන්දියේම තමයි. වෘතීය වශයෙන්නම් එමිරේට්ස් ගුවන් සමාගමේ ගුවන් යානා ඉන්ජිනේරු වරයෙක්. හැබැයි සුජීව කියපු විදිහට නම් මේ වැඩේ වෙලා දැනට ටික කාලයක් වෙනවා. ඔන්න ඉතින් සුජීවලා ඉස්කෝලෙන් අවුට් වෙලා වේලි වේලි ඉන්න සමයේදි ඔය දන්න හඳුනන නංගිලා, මල්ලිලා එතකොට නෑනලා මස්සිනාල සහ කසින්ලා වගයකුත් එක්ක නුවර එළියේ පැත්තෙ ට්‍රිප් එකක් ගිහිල්ලා. ගිහිල්ල තියෙන්නෙ කෝච්චියේ. දන්නවානේ ඉතින් කෝච්චියෙ නුවර එළියෙ යන්න ඕනෙ නම් නානුඔයින් බැහැලා එතනින් බස් එකේ යන්න ඕනෙ කියලා. මේ කියන කාලේ දැන් වගේ ඔය දඩ සයිස් ටාටා බස් එහෙම තිබුනේ නැහැ. සී.ටී.බී ටකරන් බස් වලට අමතරව ලොකු බස් වලට කියලා තිබිලා තියෙන්නෙ අර මිට්සුබිෂි රෝසා වගේ ප්‍රයිවට් බස්. ඊටත් වඩා නානුඔය ඉඳලා නුවර එළියට තිබිලා තියෙන්නෙ අර පාන් බාගයක් වගේ තියෙන වෑන්. ඔය අපි වගේ හැත්තෑව දශකයේ ඉපදිලා, අසූව දශකයේ ඉඳල අනූව දශකයට වෙනකන් ඉස්කෝලේ ගිය පරණ අයට මතක ඇති ඒ කාලෙ කට කපලා ඕවට මිනිස්සු පටවන හැටි.. කොටින්ම කිව්වොතින් ඔය පාන් බාගේ ප්‍රයිවට් වෑන් නිසා තමයි අර සිද්ධාලේප මුදලාලිත් ඔච්චර දියුණු උනේ. ඇයි ඉතින් ඕවයේ බෙලි නවාගෙන යනකොට ගහන බ්‍රේක් පාරවල් වලට බෙල්ල උළුක් උනහම මිනිස්සු ගෑවෙම සිද්ධාලේප.

ඔන්න ඉතින් සුජීව ඇතුළු නඩයත් නමෝ විත්තියෙන් පිටකොටුවෙන් නානුඔය කෝච්චියට නැගලා සින්දුවක් එහෙම කියාගෙන ආතල් එකේ යනවා. ඔය ඉතින් කෝච්චියේ යන අතර දන්නවනේ හැම ස්ටේශන් එකෙන්ම එන අන්නාසි කාරයොද, අඹ කාරයොද, ඊට පස්සෙ වඩේ කාරයෝද අරවද මේවද වැහි වැහැලනේ. අනේ ඉතින් සුජීවගේ සෙට් එකත් බඩජහරි කමට ඔය හැම කාරයගෙන්ම මොනවා මොනවා හරි බඩවල් වලට දාගෙන. කොහොම හරි නානු ඔයෙන් බහිනකොට ටිකක් හවස් වෙලා ඒ මදිවට කට කපලා වහිනවා. ඒ අස්සෙ හීතලයි. කොහොම හරි කට්ටියම ස්ටේෂන් එක ගාවින්ම නුවර එළිය බලා යන බාගේ වෑන් එහෙකට රිංගලා. දෙතුන් දෙනෙක්ට සීට් හම්බ උනාට වැඩි හරියක් දෙනා හිටගෙන. ඒත් එක්කම ඔය තව එළවලු මලු පටවගත්ත අයයි, දවසෙ වැඩ ඉවර වෙලා ගෙවල් දොරවල් වලට යන අයගෙනුයි වෑන් එක කට ලඟටම පිරිලා. ඔන්න කොහොමෙන් කොහොම හරි වෑන් එකත් යන්න පටන් ගත්තා. එලියේ මොර හූරන වැස්ස. සීට් වල වාඩි වෙලා ඉන්න ඈයො වීදුරු එහෙම වහගෙන මොකද ඇතුලට හිරිකඩ එන නිසා. මතකනේ ඔය වෑන් වල සීට් තියෙන්නෙ එක පැත්තකට වෙන්නනේ, අනිත් පැත්තේ තියෙන කොරිඩෝර් එකේ තමයි හිටගෙන යන කට්ටිය බෙලි කඩාගෙන යන්නෙ. ඉතින් ඒ පැත්තෙ තියෙන එක වීදුරුවක් යන්තමට ඇරිලා තමයි තිබිලා තියෙන්නෙ. සුජීවගේ නඩේ ඈයෝත් ඉඳලා තියෙන්නෙ ඔය ජනේලෙ ගාව. ඔන්න සුජීව බලනකොට නඩේ එකෙක් මේ ඇරිලා තියෙන ජනේලෙට පස්ස පැත්ත තියාගෙන තටමනවලු. බලනකොට මෙයා සනීපෙට පඩ අරිනවලු. කෙලින්ම එලියට යන නිසා අවුලක් නෑ. අනික අර කෝච්චියේදි කාපු ජාති නිසා යන ඒව සද්ද දාල යන ඒව නම් නෙමෙයි. ෆුල් සයිලන්ට් ඒවා. ඔන්න ඉතින් සුජීවයත් මෙච්චර වෙලා තද කරගෙන ඉඳලා තියෙන්නෙ. ඌ මොකද කලේ අර වීදුරුව ගාව ඉන්න එකාව පොඩ්ඩක් තල්ලු කරලා ඒ විදිහටම පස්ස එලියට දාලා දුන්නලු වැඩේ. ඔන්න දැන් ට්‍රික් එක අල්ල ගත්ත නිසා නඩේ හැම එකාම පස්ස පැත්ත එලියට දාගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවලු. ඔන්න ඔහොම ඔහොම මුන් ටික දඟල දඟල ඉන්න කොට වෑන් එකේ කොන්දා කෑ ගැහැව්වලු.

"ඔය මොකද ඔතන දඟලන්නෙ වීදුරුවකුත් ඇරගෙන.... මේ ඇතුලෙ මිනිස්සු තෙමෙනවා. ඔන්න ඕක වහලා දානවා..." කියලා ඇවිල්ලා වීදුරුව වහලා දැම්මලු.

ඔන්න මෙච්චර වෙලා තද කරගෙන හිටියට මොකද අර ඇරපු ජනේලෙ ට්‍රික් එක දැකලා කට්ටිය සනීප ගන්න හෝප්ස් තියාගෙනනෙ හිටියේ. දැන් ඉතින් ආයෙමත් තද කරනවා බොරු. මෙන්න බොලේ එකා දෙන්නා දැන් පඩ යවනව්ලු හිටු කියලා. ෆුල් සයිලන්ට් නමුත් මාරාන්තික ඒවා. දැන් වෑන් එකේ හිටපු අනිත් එවුන් නහයවල් වහගෙන කටින් තමයි හුස්ම ගන්නෙ. කටින් හුස්ම ගන්නවා කියන්නෙ, ගඳ නැති උනාට පඩේ කෙලින්ම යන්නෙ කටට, හරි ෂෝයි. සීට් අයින්වල ඉන්න සමහර එවුන් වීදුරු ඇරගෙන ඔළුව එලියට දාගෙන නොමැරී ඉන්නවලු. ඒ අස්සේ සුජීවගේ සෙට් එක පණ යනකන් හිනා වෙනවලු. මුන් ටික ඒත් නවත්තන්නෙ නෑ. හිනා වෙවී තව තව වෑන් එක පුරවනලු. ඔන්න ටික වෙලාවකට පස්සෙ ඩ්‍රයිවර් කාරයා "බ්‍රාස්...." ගාල බ්‍රේක් පාරක් ගහලා පස්ස හැරිලා කෑගහනවලු.

"ඔය පඩ යවන එවුන් නැවැත්තුවෙ නැත්තන්, අල්ලනවා මම වෑන් එක පල්ලමකට උඹල ඔක්කොමල්ලවම මරාගෙන මමත් මැරෙන්න...." කියලා.

එහෙම්මම වෑන් එක නවත්තපු ඩ්‍රයිවර් අර මහ වැස්සෙම දොර ඇරගෙන එලියට පැනලා තෙමි තෙමි ලයිට් කණුවක් අල්ලගෙන වමනේ දැම්මලු.


ඔන්න දැන් කියන්න යන කතා දෙකකම ඉන්නෙ එකම චරිත ටිකක් තමයි, හැබැයි මේ කතා දෙකෙන් දෙවනි එක තමයි පඩ කතාව. පලවෙනි කතාව පඩ කතාවක් නෙමෙයි, හැබැයි ඉතින් ඒක නොකියා බෑ දෙවනි කතාව කියන්න.

ඔන්න ඔය පිට කොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක්කෙනෙකුට විතරක් එක පාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටික වෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩ කරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලා තියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දන හිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ. ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටි පස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.

ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.

"වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා....” කියල අරින්නෙම නැතුව දිගටම දෙනවලු ..

ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,

"අනේ නංගි, මම නම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන් පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාට දැම්මනේ ...........!"


ඔන්න ඉතින් ඒකෙන් මේකෙන් කට්ටිය බස් එකට නැග ගත්තලු. ටික වෙලාවක් යනකොට අංකල් කාරයට සීට් එකක් හම්බ වෙලා ඉඳ ගත්තලු. හීනියට අනුමත වෙලා හිටපු නිසා දැන් දැන් අංකල්ගේ කරටිය පොඩ්ඩ පොඩ්ඩ පාත් වෙනවලු. ඔහොම ඔළුව නවාගෙන ඉන්නකොට අන්කල්ට පේනවලු අර කලින් හිටිය නගාගේ කකුල් දෙක. මෙන්න බොලේ කොහෙන්ද ආපු මැස්සෙක් මෙයාගේ කකුල් දෙකේ වහනවලු. ඔන්න ඉතින් මේකිත් එහාට ඇඹරෙනවලු, මෙහාට ඇඹරෙන්වලු. ඔන්න ටික වෙලාවකින් අර මැස්ස කකුල දිගේ සාය ඇතුලටම රිංගුවලු. ඔන්න ඉතින් දැන් කෙල්ලගේ ඇඹරිල්ල එකසිය ගානකින් වැඩි උනාලු. මේ ජර මර අස්සෙ එක පාරටම "පෲක්..." කියලා සද්දයක් ආවලු.

මේ සීන් එක ඔක්කොම අකුරක් නෑර බලන් හිටිය අංකල් කාරයා පට ගාල ඔළුව ඔස්සල කිව්වලු,

"අන්න හරි නංගි, අන්න හරි.... පොඩි කරලා බැරි නම් වෙඩි තියලා මරන්න ඕනෙ......!" කියලා.

68 comments :

  1. "අනේ නංගි, මම නම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන් පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාට දැම්මනේ ...........!"


    ​හෙහ් හෙහ් හේ...... මේක තමා ෆට්ටම ෆට්ට සීන් එක.... හයියෝ.... හිනා වෙලා බඩ සිදෙනවා..... :D

    ReplyDelete
  2. පට්ටම කතා පෙල දුමී අයියේ.. තාම හිනා මට

    ReplyDelete
  3. ලෝලේ ලොල් මැක්සා කතා දෙක :D

    ReplyDelete
  4. යකෝ අයියේ... ඔෆීසියේ ඉන්නේ බොලං... මෙව්වා මේ වෙලාවට කියවන්න බෑ අප්පා... :D :D :D

    ReplyDelete
  5. මේව ඇත්තටම සිරා සීන් ද දුමී...නැත්තං කට කහනවට හදපු කතා ද ? කොහොම නමුත් ස්තූති.උදේම ලේ පිරිසිදු කලාට

    ReplyDelete
  6. ඒක හුරු වෙලා තමා හවහට හවහට දුමියා මදුරුවන්ටත් වෙඩි තියනවා කියලා ආරංචි වෙන්නේ

    ReplyDelete
  7. කටේ කැහිල්ල තියන මිනිස්සුත් දැක්කා මෙහෙම මිනිහෙක් දැක්කේ නෑ.. හිනා වෙලා කට රිදෙනවා ..

    මීට ඉස්සර එක දවසක් මම දුමියගේ බ්ලොග් එක බලලා හිනාවෙන්ඩ ගිහිං බොසා ගෙන් අම්බානට අහගත්තා . අදත් මම ෂබ්දනගා හිනා උනොත් බොසා මගෙත් එක්ක තියන ඇරියස් එකට මාව මරන්න පාතාලෙට ගේමක් දෙනවා සුවර්

    දුමී අයියේ ඇත්තටම මම අද දවසම මස්තේ දවසක් කියලා හිත හිතා හිටියේ . ඒත් මේක බලල තනියම හිනා උනාට පස්සේ මට පුදුම ෆිට් එකක් දැනෙනවා.

    අනේ බං උඹව දකින්න පින නෑනේ ...

    අනේ දුමි අයියේ ඔය කහන කට ඉන්සූරන්ස් කරගන්න තද ජාති හපන්න එපා . ගෑනු අය ඉස්සරහා කට කැඩිච්ච කතා කියන්න එපා . ඔය කටට මොනවා හරි උනොත් එදාට අපිට මොනවයි මොනවා වෙයිද ? අපි නිකම් ඩයිජිං බීවා වගේ ඉඳීවි . හිනාවෙන්න අමතක වේවි ...

    ReplyDelete
  8. හැමෝටම යන්නේ එකම සද්දෙන් වෙන්න බෑ නේද?.මෝටාර් එකෙයි කාලතුවක්කුවකයි සද්දෙ වෙනස් නෙ."පෲක්,පුහ්,චුස්"

    ReplyDelete
  9. ඇති යාන්තං ඔය කට කහන්න අල්ලල තියෙන්නෙ. අර නගාගෙ තුවක්කුවෙ සද්දෙ හැටියට ඒක ඩිංගක් විතර තෙත නිකං ගස්ලබු එකක් වෙන්න ඕන. මොනව උනත් මැස්සට මලාට කමක් නෑ කියල හිතෙන්න ඇති.

    ReplyDelete
  10. එල කතාව දුමී අය්යේ..හිනා වෙලා මැරෙනවා....

    ReplyDelete
  11. කාලෙකට පස්සේ හිනා උනා,,,මේ නම් ගම් එහා මෙහා කෙරුවට මේවා දුමීගෙම අත්දැකීම්ද කොහෙද?

    ReplyDelete
  12. පඩ කියන දේ විහිලුවට ගත්තට මම අහලා තියෙනවා පඩයක් නිසා වුණ මිනී මැරුමක් ගැන...

    මාමා දවල් බත් කකා ඉද්දී බෑනා එතනින් යන ගමන් පඩයක් ඇරලා, ඒක නිකන් තමන්ගේ අතට ගුලි කරගන්නවා වගේ අඟවලා මිට මොළවපු අත බත් පිඟානට අතෑරලා... හරියට නිකන් පඩේ පස්ස ගාවින් කලෙක්ට් කරලා බත් පිඟානට දැම්මා වගේ... මාමාට මල පැනපු පාර කෑම එක පොලේ ගහලා බෑනට පිහියෙන් ඇනලා...

    අන්තිමට දරුපවුලක් අනාතයි...

    ReplyDelete
  13. කතා 3ම සුපිරි.
    ඩ්‍රයිවර්ට වමනෙ යන්න තරම්ම යවනවා කියන්නෙත් ලේසි වැඩක් නෙමේනෙ

    ReplyDelete
  14. දුමී අයියා කියන කතා තමා කතා. තාම හිනා බං... නියමයි ආ...

    ReplyDelete
  15. නියමයි දුමී අයියා පඩ කතා සෙට් එක හිනා කාලා මැරෙනවා ඒකට.

    ReplyDelete
  16. ඇත්තටම මගේ පඩ කතාවයි, අරුණිගේ පඩ විශ්ලේෂණයයි ගියායින් පස්සේ වැඩිය පඩ කතා ගියේ නෑ තමා.

    මගේ පොස්ට් එක ටොප් ටෙන් කතනදරයක් වුනා. මගේ කතන්දරේට හොඳ කමෙන්ට් කීපයකුත් ලැබුණා නේ. ඒවත් හොඳ පඩ කතා තමයි.

    නැවතත් අපිට හරි ට්‍රැක් එකට දැමීම ගැන දුමී ට මගේ ස්තුතිය!

    ReplyDelete
  17. අර නුවර එළියේ ඩ්‍රයිවර් ගොයිය පුදුමයි පාතාලෙට පැන්නේ නැතුව......හික්

    හීනියට අනුමත උනහම මාර සොමි නේද මෙයාලා........

    දුමියෝ සීතලත් අහවරයි ඕO.......

    ReplyDelete
  18. මන් මේ හැමදාම බලනවා කලුබෝලවිල දුමී අලුතින් පෝස්ට් එකක් දාල නැද්ද කියල. බල බල හිටියට පාඩු නැහැ, ඔය දීල තියෙන්නෙ ඇෂ්ටි හැලෙන්න. නියමය් දුමී. නියමය්.

    ReplyDelete
  19. හොහ් හොහ්... මෑතකදි තමයි මම ඔයාගේ බ්ලොග් රාජයා කියවන්න ගත්තේ.... මේ කතාවට නම් පණ යනකල් හිනා යනවා..... නියමයි කථා ටික ඔයාගේ..... දිගටම ලියන්න.... අපි අසාවෙන් කියවනවා....

    ReplyDelete
  20. දුමී අයියගේ පට්ටම කතා ටික. කියවලා තාමත් හිනා.

    ReplyDelete
  21. හිකිස්....
    අම්මේ.. බඩ රිදෙනව හිනා වෙලා...

    ReplyDelete
  22. හම්මේ...කාලෙකට පස්සේ හොදට හිනාවුනා..කියවල ඉවර වෙලා පැත්තකට වෙලා හිනාවෙලා තමයි කොමෙන්ට් එක දාන්නේ.මේ පෝස්ට් එක කියවන කොට මට මතක් වුනේ ඉස්සර අපිට උගන්නපු සර් කෙනෙකුට නිතර නිතර පඩ යනවා.උගන්නන කොටත් එහෙමයි.මුල් දවස්වල ළමයි බඩවල් අල්ලගෙන හිනාවුනත් පස්සෙ ඒක ගානක් නැතිව ගියා.

    ReplyDelete
  23. මේ මහ රැ මම මේක කියොලා හිනාව කා ගත්තේ තාත්තා ඇහරිලා හොදට අහගන්න වෙන හන්දා...
    අර අක්කාගේ සිප් එක තමා මරුම..ෆට්ට..

    ReplyDelete
  24. අපොයි අපේ හොස්ටල් එකෙත් ඉන්නව කුණුම කුණු පඩ යවන උන් කීපදෙනෙක්. පැත්ත පලාතෙ ඉන්න බෑ.

    ReplyDelete
  25. මරන්නද දුමී අයියේ හදන්නේ..හිනා වෙලා බද මොකක්දෝ වෙලා.. මැරෙයිද මන්ද

    ReplyDelete
  26. හික් හික්!! ඔය එක කතාවකට හරි දුමියා සම්බන්ධයි

    ReplyDelete
  27. ඇත්ත කියපං දුමි අය්යේ, උඹත් සම්බන්ධයි නේද ඔය හැම එකටම වගේ? :D :D

    ReplyDelete
  28. ඔන්න මචං මාත් එකක් ඇරිය.

    http://upashantha.blogspot.com/2011/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඕං බලහං දුමියගෙ පඩ කතාවක් ගිය දුර අරුණිගෙ අහ ගිහිල්ල කකාවත් බහ දැකල එන ගමන් මේ !

      ඒ එද්දි මේකගෙ පොස්ට් එක මකල :(

      Delete
  29. තව පොඩ්ඩෙන් හිනා වෙලා හුස්ම හිර වෙනවා

    මෙන්න තව එකක්
    http://goldzone-tc.blogspot.com/2011/03/blog-post.html

    ReplyDelete
  30. ඇස් වලින් කදුලු පනිනකල් හිනා වුනා. අපේ ඉස්කෝලේ ගාව ඉදලා බෝඩිමට යන්න තියෙන්නෙත් පොඩි වෑන්. ඒවගේ යනවට අපිට කීයක් හරි දෙන්න ඕනි බහිනකොට. මම නම් කවදාවත් පස්සටම ගිහින් වාඩි වෙන්නේ නෑ මොකද පස්සේම සීට් එකේ මසාලා තෝසෙ, පරිප්පු වඩේ උළුදු වඩේ, ඉට්ලි, සාම්බාරු ඔක්කෝගෙම මික්ස් එකක් එන්නේ. එකම එක දවසක් ඇවිල්ලා මම බැස්ස ගමන් බෝඩිම ගාව ඇලට වමනේ කලා. එකම පලාත නිසා මට හිතා ගත්තහැකි.....!!!

    ReplyDelete
  31. හපොයි අදයි කියෙව්වෙ......!

    ReplyDelete
  32. හපොයි හපොයි

    ReplyDelete
  33. ගොඩක් ස්තූතියි සටහනක් තබා ගිය හැමෝටම. තනි තනිව රිප්ලයි කරන්න බැරි වෙච්ච එකට තරහ වෙන්න එපා. අද තමයි දවස් ගානකට පස්සෙ බ්ලොග් එක පැත්ටෙ එන්න පුළුවන් උනේ.

    ReplyDelete
  34. මරෙ මරු...
    උබෙ කට නෙමෙයි අත නෙද කසන්නෙ...
    නැ නැ... දෙකම වෙන්න ඇති...

    ReplyDelete
  35. අනෙ උබෙ වැඩි වැඩියෙන් කසපන්...
    අපිට එල කතා කියවන්න පුලුවන්...

    ReplyDelete
  36. අෆ්ෆා හිර වෙලා ගියා ඔක්කොම හිනාවෙලා.
    මැක්සා මචන්.
    @පිස්සි, හලි ශොයි ඕක කස්ටිය දන්න ස්ටොරියක් අනේ මන්ද .
    එහෙනන් කස්ටිය අපි ගියා ජය වේවා!

    ReplyDelete
  37. ඇස වලින් කඳුළු පනින කම්ම හිනා උනා... පට්ට......

    ReplyDelete
  38. සිරාම කතා දෙක මචං......... මම උඹගේ ඔය පෝස්ට් එක කලිං දැක්කා ඒත් කියවන්න වෙලාවක් තිබ්බෙ නැහැ. පස්සෙ හෙව්වට හම්බ උනේ නැහැ. මගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකකින් තමා මට ආයිත් සෙට් වුනේ. හෙනම ෆන් මම වයිෆ්ටත් පෙන්නුවා බං........ආයිත් නම් මේ බ්ලොග් එක අත අරින්නෙ නැහැ....

    ReplyDelete
  39. වෙනදා වගේ නෙමෙයි මේක කියවද්දී නම් මැද තැන් තැන් වල දී නතරවෙලා විවේක ගන්නත් සිද්ධ වුනා ඇස්වල හිනාවට පිරෙන කඳුළු පිහිදාන්න එහෙම... හිනා හිනා කොච්චර ද කියනවා නම් දවස පුරාටම ඇතිවෙන්න. ස්තූතියි දුමී හිත පිරෙන්න හිනාව ගෙනාවට!!!!!

    ReplyDelete
  40. හිනා මැවෙන අපූරු කතා පොඩි දෙක තුන!

    ReplyDelete
  41. වෙලාවක තොට නඩුවක් වැටෙනවා බොල තෝ ලියන ඒවා කියවලා අහිංසක මිනිස්සු හිනා ඉස්පොල්ලේ ගිහින් මැරුවයි කියලා . . ඕන් නොකිව්වයි කියන්න එපා හරිය

    ReplyDelete
  42. අපූරු පඩ කතා ටික, මේ වගේ තව පඩ කතා ලියන්න ධෛර්ය ශක්තිය ලැබේවා.....

    ReplyDelete
  43. ඔන්න මගෙනුත් කොමෙන්ටුවක් පඩ වැඩ දිරවන්නෙ නැති උනාට, හැමෝගෙම පඩ කතා ටික බැලුව...හැබැයි මේ තමයි නියම පඩ කතා..කදුඵ එනකම් හිනා උනා ඔ0...

    ReplyDelete
  44. හිකිස් හිකිස් මගේ අප්පේ මෙහෙමත් පඩ කතාවක් අද නොවැ මේක දැක්කේ..අපිත් ඔය වෑන් වල තමයි මොන්ටිසෝරි ගියේ අම්මලත් එක්ක. ස්කූල් වෑන් නෙමේ ඒකාලේ අපේ පාරෙත් බස් වෙනුවට තිබ්බේ ඕවා තමයි.. ආ තව එකක් අපේ අයිය පොඩිත්තත් ඉන්නේ ඔය__බායි වල අර ගෝලීය ගම්මානේ කියලා කියන එකේ අඳුරනවද දන්නේ නෑ..

    ReplyDelete
  45. යකඩෝ ! මෙන්න මට හිනා වෙලාම පණ යන්න එනෝ
    :)))))))))))))))))
    කාලෙකට පස්සෙ මෙහෙම හිනා වෙන්න චැන්ස් එකක් දුන්නට ටැංකිව්!

    ReplyDelete
  46. පවුලේ අලුත් සාමාජිකාවටත් සුබ පැතුම්! :)

    ReplyDelete
  47. එල එල පට්ට කථා ටික....

    ReplyDelete
  48. දුමී අයියේ ඔයා කොහේදෝ ... අලුත් කතාවක් දෙන්ඩෝ ...

    ReplyDelete
  49. අම්මම්මෝ මේ කතාවල තියෙන ගඳ වගේම ෆන් එක :))

    ReplyDelete
  50. පොඩි කරලා බැරි නම් වෙඩි තියලා මරන්න ඕනෙ......!"

    maxaaaaaaaaa

    ReplyDelete
  51. නියම කථා ටික අයියෙ! හිනාවෙලා බඩත්රිදෙනව.දිගටම ලියන්ඩ........

    ReplyDelete
  52. නංගිගෙ වෙඩිල්ල තමා සුපිරි :ඩී

    ReplyDelete
  53. හපොයි බඩ අල්ලන් හිනා උනා..මාරන්තික....... අනේ මංදා මේවා උනේ දුමීටමද දන්නේ නෑ..

    ReplyDelete
  54. හේක් හෙක් එළ කතා ටික

    ReplyDelete
  55. අම්මෝ..මෙච්චර කල් බ්ලොග් බැලුවට අද තමය් කමෙන්ටුවක් දැම්මේ.ඒකත් මේකේ බාගයක් බලල ඔෆිස් එකේ හිනාව නවත්තගන්න බේරී හින්ද ඉතුරුර් ටික බලන්නේ නෙතුව කොමෙන්ට් දැම්ම.ඇස්වලට කඳුලුත් අවා.පට්ට කතාව.තැන්ක්ස්.

    ReplyDelete
  56. හිනාවෙලා මැරෙනවා ලියලා තියෙන විදියට.

    ReplyDelete
  57. key board එක බදාගෙන හිනා වෙන්න පුළුවන්
    කියල වැඩක් නෑ එල..........

    ReplyDelete
  58. මගේ ඉල අැට රිදෙනවා. හිනා වෙලාම

    ReplyDelete
  59. මෙක ඔෆිස් එකේ උන්ට කියලා මට මාර සැටිස්...

    මෙක මට (මට නෙමේ..!!) වුන පඩ කතා

    රැට රැට පච හලන්න ඔන නිසා ඒත් මේට්‍රන්ට අහු වුනොත් ගුටි නාසාත් මම හොයාගත්තා සරළ තාක්ෂණයක්. එක තමා මදුරු දැලට ගන්න ප්ලාස්ටික වලල්ල දිගැදලා එත කොනක් කටේ තියාලා අනිත් කොන එහා ඇදේ ඉන්න එකා කනේ තියාගන්න එක.
    ඒ මහා අප්‍රසන්න රාත්‍රිය උදා වුනා.
    මම නෙට් බටේ එක් කොනක් එහා පැත්තේ එකාට දුන්නා..
    වැඩේ සාර්තකයි.
    අනිත් එකා මැරෙන්න හදනවා
    " මටත් දියන් මටත් දියන් " කියලා
    මම දැන් බටේ අල්ලන් අහන් ඉන්නවා මු කියනකම්.

    අරු දගලනවා විතරයි ඇහෙන්නේ නැ.!

    ඔහොම තප්පර 3 ගියේ නැ බටේ රත් වීගෙන ආවා....
    මිලි තප් 5 ගියේ නැ මට සීන් එක තේරෙන්න...

    අරු පඩයක් ඇරලනේ මම කන තියන් ඉන්දෙද්දි...!
    හොද වෙලාවට කතා ‍කලේ නැත්තේ..

    ReplyDelete
  60. Matahth Tiyanawa Pada Kathawak kiyanna Hebei Mata Blog Liyana widiha terenne ne.Mata eka gena denumak ne.a kiyanne mehema site ekak hada ganna widiha gena. Meka mata sidda wechcha deyak ekath une DUBAI waladima tamai.

    Mama weda kale Dubai Festival City eke The Universal American School eke. Mama dubai walata awa aluthama Mage UNDAKA PUCHCHE
    gal hedila Operation karanna una. eka kale SULEKA kiyana Hospital eke.KATHAWA- Operation eka karala mamaden room ekata dala innawa.kanna bonna mokuthma denne ne,mata patta badagini lady doctor kenek ewilla ahanawa. oyata chu giyada kiyala.a wenakota mata chu barak pena maneka ne me genu manussaya mata mara wadayak dunne (Indiyan doctor kenek mara kella)chu kale nethnam Bata dala adinna wei kiwwa, bayatamada manda dawal 2 withara weddi poddak chu giya.eth mata kanna nam denne ne. elaga sere me doca ewilla ahanawa oyata PADAYAK giyada kiyala.mona padada,mama ambanaka bada ginne inne. mam kiwwa mata badagini kanna one kiala. Doca kiyanawa Oyata kanna denna widihak ne PADAYAK yanakal kiyala.mata Pade yanakota wasa 6 withara una.mama tak gala laga hitiya nurse kenekta katha karala kiwwa mata PADAYAK giya kanna denna kiyala. eda thamai mata PADE watinakama therune.mama boru kiyanna giye ne mokada mata theruna eyala PADE gena mechchara unandu mokada kiyala.

    ReplyDelete
  61. හරිම ලොල් සහගතයි ... මේක දැන් හතර පස් පාරක් කියෙව්වත් තාමත් හිනා යනවා බඩ පැලෙන්න ..... කියල වැඩක් නැහැ මචං .... එල එල.....

    ReplyDelete
  62. me page eka update une naththath thama kattiya meka balanawa..ane aparade meka noiya inna epa..

    ReplyDelete

Related Posts with Thumbnails