නෝටි බබාලා

Posted by දුමී

ටික දවසක් මොනවාවත් ලියන්න තරම් ඉස්පාසුවක් නම් තිබුනේ නෑ. ඉතින් කිව්වත් වගේ සති තුනකින් මේ පැත්තෙ ආවෙත් නැති නිසා ඔන්න මකුළු දැල් එහෙම පොඩ්ඩක් පිහලා කාරිය තම්යි පටන් ගන්න වෙලා තියෙන්නෙ.

ඔන්න මම අද ලියන්නෙ යන්නෙ මේ නෝටිම නෝටි බබාලා නිසා අම්මල තාත්තලට, විශේෂයෙන් තාත්තලාට මුහුණ පාන්න වෙච්චි අකරතැබ්බ ටිකක් තමයි. පටන් ගන්න යන්නෙ ඉතින් මේ පොඩි බබාලා කල් යල් බලලා අහන අඤ්ඤකොරොස් පුරස්න වලින් තමයි. ඔය පොඩි එවුන් අහන ප්‍රශ්න වලින් අම්මලා තාත්තලා කොර වෙනවා කියන්නෙ ආපහු ගොඩ ඒම නම් බොරු.

මගේ මෙහේ ඉන්න යාළුවෙක් තමයි "රණේ" කියන්නෙ. ඔය හිටපු ගමන් මේ පැත්තෙත් ඇවිල්ලා කමෙන්ට් එකක් දෙකක් කොටල යන හාදයෙක් තමයි එයා. ඉතින් මේ රණේට ඉන්නවා කොල්ලෙක්, දැන්නම් කර දඬු ටික ටික උස් මහත් වෙලා. දැන් ටික කාලෙකට කලින්, මේ කොල්ලා බබා කාලේ වෙච්චි දෙයක් තමයි මේ. ඉතින් මෙහේ අවුරුද්දක් හමාරක් වැඩ කරලා නිවාඩුවට ලංකාවට ගියාමනේ මදුරුවන්ගෙන් සත්කාර එහෙමෙ ලබන්න වාසනාව උදා වෙන්නෙ. ඉතින් මේ ගොල්ලන්ටත් මදි නොකියන්නම මේ සත්කාරය ලැබුනා කියලා තමයි ආරංචිය නම් ආවෙ.

ඔන්න ඉතින් මේ පොඩි එකාටත් හරිම පුරෂ්නයක් මේ මදුරුවො ගැන තියෙන්නෙ. දැන් ඉතින් පොඩි එකා තාත්තාගෙන් අහනවා,

"තාත්තෙ මදුරුවො හැදෙන්නෙ කොහොමද ?"

"වැහැලා වතුර පිරුනහම, මදුරු අම්මා ඇවිත් වතුර වලවල් වල බිත්තර දානවනේ පුතේ... එහෙමයි මදුරුවො හැදෙන්නෙ."

"එතකොට වහින්නෙ කොහොමද තාත්තෙ ?"

"වතුරින් පිරිච්ච ලොකු කළු වලාකුළු එකතු වුනහම වැස්ස වහිනවනේ පුතේ ?"

"ඇයි තාත්තෙ මදුරු අම්ම වහිනකන්ම ඉන්නෙ, ඌට පුළුවන්නෙ ගිහින් වළාකුලේ බිත්තර දාන්න......"

දැන් ඉතින් දීපන්කො උත්තරේ.

හැමෝම දන්නවනෙ පොඩි බබාලට ඔය කොල ජාති එහෙම කවා ගන්න තියෙන අමාරුව. බබාලට විතරක් නෙමෙයි සමහර තාත්තලාටත් කොල ජාති කවා ගන්න හරිම අමාරුයි. ඉතින් මේ අතරේ ඔය ආච්චි අම්මා කෙනෙක් තමන්ගෙ මුනුපුරාට කොල‍ මැල්ලුම් ටිකක් කවා ගන්න බුදු ගේමක් දෙනවා. මේ පොඩි එකාත් සාමාන්‍ය අයට වඩා දෙහත මහත එකෙක්.

"පුතේ කොල කෑවහම ඇඟ කෙට්ටු වෙලා ලස්සන වෙනවා..."

"ආච්චි අම්මේ, එතකොට අලි මොකද ඔච්චර මහත ?"

හොඳ වෙලාවට ඒ ආච්චි අම්මා පපුවෙ අමාරුව එහෙම නැති එක්කෙනෙක්.

ඔන්න දවසක් තවත් මගේ හිතවත් යාළුවෙක්ගෙ පොඩි දුවෙක් එයාගේ අම්මගෙන් හතර හන්දි කැඩෙන ප්‍රශ්නයක් අහලා. දැන් මේ පොඩ්ඩිත් කාලයක් තිස්සේ හොඳට ඇනලයිස් කරලා, එයාගේ නැන්දිලා, පුංචිලා ලොකු වෙඩින් අරගෙන බඳිනවා, බැඳලා ටික කාලෙකට පස්සෙ බබාලා හම්බ වෙනවා, අනේ ඉතින් මේකි හිතේ හිර කරගෙන හිටපු ප්‍රශ්නේ අහනවා එයාගේ අම්මගෙන්,

"අම්මි, ඇයි අම්මි අපේ නැන්දිලා පුන්චිලා බඳින්න කලින් බබ්බු හම්බ උනේ නැත්තෙ ? බැඳපු ගමන්ම ඇයි එයාලට බබාල හම්බ වෙන්නෙ ?"

ඉතින් ඒ අම්මට උගුරෙ කෙල හිරවෙච්චි පාරට තව පොඩ්ඩෙන් ඉස්පිරිතාලේ ගෙනියන්න වෙනවා.

මේ වගේ බෙල්ල ගහලා යන වැඩක් දැනට අවුරුද්දකට විතර කලින් මටත් උනා මගේ කොල්ලා නිසා. ඩුබායි වල මෙට්‍රො එක (නගරෙ ඇතුලේ ධාවනය වෙන නවීන දුම්රිය සේවයක් ) පටන් ගත්ත දවස්වලම වගේ අපිත් ගියා පොඩි සවාරියක් මෙකෙ ජොලියටත් එක්ක. මෙට්‍රො එකේ සමහර පෙට්ටි වල ආසන පේලි තියෙන්නෙ දෙපැත්තෙ මුහුණට මුහුණලා තියෙන විදිහට. කොහොමත් කෝච්චිය එදා සෙනගින් පිරිලා හිටපු නිසා මගේ කොල්ලා හිටියේ මගේ උකුල උඩ වාඩිවෙලා. එතකොට ඌට අවුරුදු හතරහමාරක් විතර වගේ තමයි වයස. ඉතින් අපි ඉඳගෙන හිටපු සීට් පේලියට විරුද්ධ පැත්තෙ පේලියේ අපිට මුහුණලාගෙන වාඩිවෙලා හිටියා හොඳ හයේ හතරේ ගෑණු පරාණයක්. මෙයත් අපේ කොල්ලත් එක්ක උකුළු මුකුළු කර කර ඉන්නවා දැන්. අපේ එකාටත් ටිකක් වෙලා යනකොට මේක ඇති වෙලා හිටියේ. එක පාරටම මූ මුලු කෝච්චියට ඇහෙන්න මගෙන් අහනවා,

"වයි තාත්ති, දැට් ආන්ටි ඊස් සෝ ෆැට් ඇන්ඩ් අග්ලි...." ,

යකෝ මෙහෙම එකක් අහනකොට අහපියකෝ සිංහලෙන්.... මෙච්චර වෙලා අර මුකුළු කර කර හිටපු එක්කෙනා පුපුරන්න ගත්තෙ නැතෑ එතන ඉඳන්. මමත් ඉතින් අහිංසක මූනක් දාගෙන කෝච්චියෙන් බහිනකන්ම බිම බලාගෙන ආවා.

43 comments :

  1. හි හි හී.. ඔය පොඩි එවුන්නම්.. :D

    ReplyDelete
  2. http://janugekatha.blogspot.com/2010/11/blog-post_13.html
    මෙන්න අයියෙ මගේ කතාව....
    කැමති නම් කියවල බලන්ඩකෝ

    ReplyDelete
  3. දැන් කාලේ ඉන්න පොඩි උන්ගේ කතා ගැන කියල වැඩක් නැ දුමී අයියා ...... මාර කතා කියන්නේ ......

    ReplyDelete
  4. ඉතිං බං ඌ එහෙම නොකිව්වනං උඹෙ පුතායෑ..?

    ( උගේ කට පුංචි එකා සන්ධයේ ඉඳලම කහනවද කොහෙද..?)

    ReplyDelete
  5. හික්ස්! එලකිරි කතාව මාරයෝ :)))

    ReplyDelete
  6. මේකනන් මරු අයියා..හිනා වෙලා පණ යනවා

    ReplyDelete
  7. දුමී අයියට කියන්න මටත් තිබ්බ ප්‍රශ්නයක් ඕක.. අර බැන්දාමම බබ්බු හම්බ වෙන්නෙ මොකද කියන එක... පොඩි උනාට මම ඉවසන් උන්නා ඕක කාගෙන් වත් අහන්නැතිව ;-)

    ReplyDelete
  8. කියලා වැඩක් නැහැ පොඩි උන්දැලා හින්දා මූණදෙන්න වෙන දේවල් ගැන නම්.

    අපි විශාල ප්‍රොජෙක්ට් එකක (පරණ තැන)වැඩ , ලොක්කා මාස කීපයකට වරක් ගෙට්ටුගෙදර් එකක් සෙට් කරනවා එයාගේ ගෙදර. ඒ අතර තුර මොනවා හරි ගේම් ටිකක් සෙට්කරලා ලොක්කා 10, 20 විදිනවා. කලක් යන විට කට්ටිය දැන ගත්තා ලොක්කා පාටි වියදම් කොම්පැණියෙන් රීම්බර්ස් කරන බව. ඔන්න තවත් ගෙට්ටුගෙදර් එකක්, පොඩි කසු කුසුවක් ගිහිල්ලා ලොක්කා කියනවා හැබැයි මේ පාර ගේම් නැහැ කියලා.

    කට්ටියම සෙට් වුනා. ලොක්කාගේ පොඩ්ඩා පුරුදු පරිදි සෙල්ලම සූදානම් කරන් ආවා. එකිනෙකා මූණ බලන අතර ලොක්කා පුතාට සැර කලා පොඩ්ඩා ගත් කටටම කීවෙ නැතැයි "ඩැඩී කිව්වනේ කට්ටියම ආවට පස්සේ හිමීට ගේන්න කියලා..."

    ReplyDelete
  9. මගේ හොඳම යාළුවෙක්ගේ පුතෙක් ඉන්නවා දුමී ට වගේ කට කහන ලෙඩේ තියෙනවා... ඒ දවස්වල යාළුවාගේ වයිෆ් ට දෙවෙනි දරුවා ලැබෙන්න හිටියේ...

    කොහොම හරි මල්ලි බබෙක් බඩේ ඉන්නවා ලඟදිම එළියට එනවා කියලා තමයි පොඩි එකා අපිටත් කියන්නේ... දවසක් ඉස්කෝලේ ගිහින් එද්දී පොඩි එකාගේ සීයා මූව බයිට් එකට ගන්න ට්‍රයි කලා...

    සීයා : ඔයා ඉස්කෝලේ ගිය වෙලාවේ මාර වැඩක් වුණානේ... මල්ලි ආවානේ එළියට...

    පුතා : එළියට ආවා...? කොහොමද ආවේ...?

    සීයා : ඔව්...අම්මගේ කටින් ආවේ...

    පුතා : ඉතින් දැන් කෝ...?

    සීයා : ඔයාගේ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කර කර ඉඳලා දැන් ටිකකට කලින් ආයේ බඩ ඇතුළට ගියා...

    [මූට තේරෙන්න ඇති බොරු තමයි කියලා...]

    පුතා : ආ කටින් ආවනම් එහෙනම් පස්ස පැත්තෙන්ද ආයේ ඇතුළට ගියේ..?

    ReplyDelete
  10. @උදිත උමේශ්,
    වැඩක් නෑ කියලා...

    @හංසකිංකිනී,
    ස්තූතියි ලින්ක් එකට. නියම කතාවක් ඒක. ඕන්න අද ඉඳන් මමත් පස්සෙන් පන්නනවෝ...

    ReplyDelete
  11. @Janaka,
    දැන් කාලේ විතරක් නෙමෙයි මලේ, ඒ කාලෙත් එහෙමයි. පොඩි එකෙක් කට ඇරියොත් ඉතින් අම්මලා තාත්තලාගේ දත කට පූට්ටු වෙනවා...

    @මාරයා,
    ඒක තමයි බං. දැන් මට බුදු ෂුවර් ඌ මගේ එකෙක් කියලා.....

    @blog gadol ,
    ඈ බං ගඩොල් මලේ, උඹ මොකැයි මගේ කතාවට මාරයට සුභ පතන්නෙ ? හික් හික්..

    ReplyDelete
  12. @niki,
    ස්තූතියි නගෝ.

    @Bugs Bunny,
    අනේ බනියෝ, එතකොට උඹ බබා ? එහෙම කිව්වත් මලේ මට තාම මේක හිතා ගන්න බැහැනේ මොකද මේ ගෑනුන්ට බැන්දහම විතරක් ළමයි හම්බවෙන්නෙ කියලා .... ! උඹ හොයාගත්තොත් මටත් කියපන් හාවෝ.

    ReplyDelete
  13. @ගල්මල්-Coral,
    ස්තූතියි ඩීන් කතාවට. ලොක්කගේ පටිය හැලෙන්න ඇති නිකන් පබ්ලික් එකේ නිර්වස්තර උනා වගේ.... හික් හික් හික්...

    @Beetle ,
    හිහ් හිහ් හිහ්... ස්තූතියි බීට්ල් අතුරු කතාවට. බලාගෙන ගියාම හොඳ හොඳ කතා සෙට් එකක් ටික ටික එළියට එනවනේ බොලේ. මේටික එකතු කරලා පොතක් ගහන්න පුළුවන් වෙයි අපිට.

    ReplyDelete
  14. හෆොයි මට මැවිල පේනවා තරුක අර ලවුඩ්ස්පීකර් සවුන්ඩ් එකෙන් ඔහොම අහපු හැටි හා දුමියා අර මොනවද කාපු මොකාද වගේ බිම බලාගෙන ගිය හැටි.

    ReplyDelete
  15. @දුකා,

    ඔව් බං, මට සංසාරෙත් එක්ක එපා උනා. මම හිතන්නෙ ඒ ගෑනි මාත් එක මුකුළු කරන්න බැරි හින්දද කොහෙද තරුකත් එක්ක මුකුළු කර කර ආවෙ. හිතාගෙන ඉන්න ඇති තරුක යාළු කරගෙන ඒ මාර්ගෙන් මාව යාළු කරගන්න. ඒව කොහෙද අපේ කොල්ලත් එක්ක... හික් හික් හික්..

    ReplyDelete
  16. එළ කොල්ලෙක්නේ දුමී පැටියා.....
    මගේ කොලුවත් කියන හරුප වල ඉවරයක් නම් නැහැ ඕO.....

    ReplyDelete
  17. දුමී අයියට වඩා වැඩකාරයෙක් වෙයි වගේ අයියාගේ පුතා කවදා හරි :DDD

    ReplyDelete
  18. ඒකත් වෙන්න පුලුවන් තමයි . . .

    අර ගෑනු කෙනා ඇතින්නක් වගේ කළු මහත බඩ්ඩක් කිව්වනේ

    ඒ ගෑනු කෙනා හොය හොය ඉන්න ඇති එයාට ගැලපෙන ඇතෙක්.

    උඹව දැක්ක ගමන් හිතෙන්න ඇති . .

    "හුරේ . . හොයාපු දේ හම්බ වුනා කාලේ හොඳා . . . හා හා කාලේ හොඳා" කියලා

    පස්සේ උඹේ කොල්ලගේ මාර්ගෙන් වැඩේ ගොඩ දා ගන්න ට්‍රයි කරන්න ඇති.

    කොහෙද කොල්ලා වැඩේ කාලනේ.

    ReplyDelete
  19. තාත්තටම හරියන පුතෙක් නෙව ඉන්නෙ. තාත්ත කියන කතාවල හැටියට පුතණ්ඩිය ඒක විතරක් අහල නැවතුන එක ඇති. ඕව ආරෙට යනවලු නේ.....

    ReplyDelete
  20. තමන්ගේ බිරිඳට දෙවෙනි දරු ප්‍රසූතිය ආසන්නව තිබින.වැඩැමහල් දරුවා ව මේ සඳහා කලින්ම දැනුවත් කර තිබීම හොද යැයි සිතු පියා ...

    “ පුතා , මේ දවස් වල රෑට රැට අපේ ගේ වටේ පුංචි මල්ලි බබෙක් කැරකෙනවා. කොයි වෙලේ හරි ගේ ඇතුලට ඒවි“

    “ තාත්ති ඔය කතාව මට කීවට කමක් නැහැ. අම්මට එහෙම කියන්න එපා. අම්මට බබෙක් හම්බෙන්න ඉන්නෙ. හිත බය කරන්න හොද නැහැ“

    මම නම් හිතන්නේ දැන් කාලේ දරුවන් අපි වගේ නෙමෙයි හරිම බුද්ධිමත්....

    ReplyDelete
  21. උඹගෙ පොඩි එකත් උඹෙ ආරෙටම ගිහිල්ලා. උඔත් පුලුවන් තරං මිනිස්සුන්ට මඩ ගහනවා ඈරෙන්න වෙන මොනවද කරන්නෙ කියහං කෝ...... බුද්ධි-සයිබර් යාය

    ReplyDelete
  22. මටත් කියන්න තියෙන්නේ තාත්තගේම පුතානේ පුදුම වෙන්න දෙයක් නෑ .. හැබැයි දුමී අයියේ ..පොඩි කාලේ ඔහොම නම් ..ලොකු උනාම ..? දැං ඉන්න දුමී අයියා වගේ දෙගුනයක් හපනෙක් වෙයි ...

    හැබැයි මට මාරම අවුල් පොඩි එක්කෙනා කියපු කතාවට ...

    "වයි තාත්ති, දැට් ආන්ටි ඊස් සෝ ෆැට් ඇන්ඩ් අග්ලි...." ඔය පොඩි වයසේ ඉංග්‍රීසි කතාකරන දුමී අයියගේ පුතා ගැන ඇහුවම මං ගැන මට වසල නෝන්ඩියක් ඇති උනා ..මට කඩ්ඩ බැරුවා ...

    ReplyDelete
  23. @Heeniyata,
    ඒකනම් ඇත්ත. පොඩි එවුන් කියවන්න ගත්තහම ආයෙත් නවත්තන්නැතුවම කියවනවා උන්ට කියන්න තියෙන ඔක්කොම එව ටික කියලා.

    @පූසා ,
    නැත්තන් ඌ නොට් උගේ පුතා...

    @දුකා,
    අපේ කොල්ලනෙ බන් කිව්වෙ කැතයි කියලා. ඒ අපේ කොල්ලගේ ඈන්ගල් එකෙන්නෙ. අනික ඌත් කිව්වෙ නෑනෙ කළුයි කියලා...

    ReplyDelete
  24. @nawammawatha,
    අනේද කියන්නෙ. අර කවුද කිව්වළු "ආරේ දොර නෑරේ" කියලා. ඒ කියන්න "මචන්, ආරේ (ආරියරත්න ), මේ දොර ඇරෙන්නෙ නෑනෙ මචන්..." කියලා

    @සොඳුරු සිත,
    ඔව් ඔව් මමත් ඔය කතාව අහලා තියෙනවා. අර තව පොඩි එකෙක් රචනයක් ලිව්වලු නේ "අපේ පරම්පාරවෙ කිසිම එක්කෙනෙක් ස්වාභාවිකව ඉපදිලා නෑ" කියලා...

    ReplyDelete
  25. @Buddhi,
    මොනා කරන්නද බං.... මඩ නැත්නම් අපි බත් කාලත් ඉවරයිනෙ. ගොයං හැදෙන්නෙත් මඩේනෙ....

    එක නෙමෙයි බං, මොකෑ සද්දයක් නැත්තෙ කෙහෙල් කොටුව දිහෑ....?

    @සඳරු,
    මරු කියවන්න එපා බොල මලේ. අපිත් යන්තන් ජාම ගෙට ගහන් ඉන්නෙ මෙහේ. අපේ පොඩි එවුන් වගේ අපි මොන්ටිසෝරියේදි පටන් ඉගෙන ගත්තෙ කඩ්ඩෙන් නෙමෙයිනෙ බන්.... ඉංග්‍රීසි හෝඩියේ අකුරු ටිකතත් පිලි වෙලින් කියාගන්නෙ ගේමක් දීල බන්z...!

    ReplyDelete
  26. තාත්ත කල දේ පුතා නොකලොත් ඌ ඉතිං වැඩක් නෑනේ :D

    ReplyDelete
  27. @..ChAnDiKa.. ,
    ඔව් ඔව්, මම අර කලින් කිව්ව වගේ එතකොට ඌ "නොට් උගේ පුතා.."

    ReplyDelete
  28. අනේ ඉතින් ඔයාට කියන්න තිබුනානේ ' but to me, she looks so beautiful putaa ... ' කියලා.

    ReplyDelete
  29. @Podi Kumarihami,
    තොල කට වේලිලා ගොත ගැහෙන වෙලාවට ඔය බැරෑරුම් ඉංග්‍රීසි වචන පේලි පටලන්නෙ කොහොමෙයි ?

    ReplyDelete
  30. පුතා කලදේ තාත්තා නොකොලොත් එයා ඉතින්???

    ReplyDelete
  31. මගේ යාලුවෙක් එයාගේ චූටි දුවත් එක්කෙ ගමනක් යනකොට පාරේ සිංහ කොඩිදාල සරසල තියනව දැක්කලු.ඉතින් පුංචි අය හරි ආසයිනේ විස්තර දැනගන්න මගේ යාලුවා සැරසිලි ගැන කියන අතරේ සිංහ කොඩිය ගැනත් විස්තර කරන්න ගත්තලු.මේක තමා දූ අපේ ජාතික කොඩිය, එකේ පාටවල් ගැන එහෙම දුව ඒ පාර පාරේ ඉන්න අනිත් අයටත් ඇහෙන්නම කිව්වලු ඇයි අම්මේ ඒ සිංහයා කඩුවෙන් පිටි කොටන්නේ කියලා?

    ReplyDelete
  32. අපේ අල්ලපු ගෙදර ඉන්නවා අවුරුදු 25ක කොල්ලෙක් .. ඒකා පොඩි කාලේ(අවුරුදු 6,7 වෙන්න ඇති) එක දවසක් මම උන්ගේ ගෙදර යනකොට උගේ තාත්තා පොරට අකුරු රවුමට ලියන්න කියා දෙනවා . මේකා ඩයන්න හතරැස් කරලා ලියලා, පියා ඉතින් බනිනවා. එක පාරටම මේකා ඇහැව්වා , "තාත්තේ ඩයන්න රවුමට ලිව්වොත් ටයන්න වෙනවා නේද" කියලා

    ReplyDelete
  33. @Podi Kumarihami,
    ඔව් ඔව්, මම අර කලින් කිව්වත් වගේ "නොට් උගේ පුතා..."

    @neetha,
    හැබෑ නේන්නන් බොලේ, සිංහයා පිටි කොටනවා වගේ නේද ඉන්නෙ ? ඔන්න බලන්න පොඩි එවුන්ට පේන සියුම් දේවල්...!

    @Web Master_guir,
    හප්පා, මටත් මතක් වෙනවා අපිත් පුදුම කට්ටක්නෙ කෑවෙ මේ සිංහල අකුරු රවුමට ලස්සනට ලියන්න. දැන්නම් කොහොමටවත් අකුරු ලියවෙන්නෙ නැහැ..... මේ සින්ග්ලිශ් කන්වර්ටරේ නැත්නම් සිංහල අකුරු ලියලා ඉවරයි.

    ඒකෙන් මේකෙන් පොඩි එවුන්ගෙ කියුම් කෙරුම් හෙන ලිස්ට් එකක් තියෙනවා දැන්.... දැන් ඉතින් මටත් දෙයියනේ කියලා පොතක් ගහගන්න පුලුවන්.

    ReplyDelete
  34. තවත් කතාවක් මතක් වුනා.. මේක චාර්ල්ස් දයානන්ද කියලා චිත්‍ර කළා උපදේශක මහත්මයෙ ටීවී වැඩසටහනකදී කියපු එකක් ..

    කොහේ හරි ඉස්කෝලෙක (නම මතක නැත), පොඩි උන්ට මහින්දාගමනය චිත්‍රයට නගන්න කිව්වලු . එක පොද්දෙක් මිහිඳු මහා රහතන් වහන්සේ ඇතුළු පිරිස මිහින්තලා පර්වතය මත වැඩ ඉන්නවා ඇඳලා , පැත්තකින් හෙලිකොප්ටර් එකකුත් ඇඳලා තියෙනවාලු . පොඩ්ඩාගෙන් ඇහැව්වම කිව්වලු "මිහිඳු හාමුදුරුවෝ එහෙම ආවේ අහසින් " ... පට්ට ලොජික් ...

    ReplyDelete
  35. තාත්තා වගේමද කොහෙද පුතාත්.. හික් හික්
    :D

    ReplyDelete
  36. හිකිස්... මට නිකම් මැවිල පේනවා තරුක අරෙහෙම කිව්වම දුමි අයියා නිල් වෙලා ගිය විදිහ... හපොයි... කොහොම වුනත් පොඩි එවුන් එක්ක කතා කරන්ට යද්දිනම් සෑහෙන්ට පරිස්සම් වෙන්ට ඕන තමා...

    ReplyDelete
  37. @xwteqwA7uvhIDfU_mqkttoDR5tN6KmU-,
    හරිනේ, අර පොඩි එකෙක් රචනයක් ලිව්වැයි කියන්නෙ, "මම බුද්ධිමත් ජීවියෙක් ලෙසට මෙලොව එළිය දුටුවත්, ලංකාවේ අධ්‍යාපනය විසින් මා මෝඩයෙකු බවට පත් කර ඇත..." කියලා.

    දැන් අපේ තරුකට අවුරුදු පහ මාරක් විතර. මේ ලඟදි එයා චිත්‍රයක් ඇන්දා, එයා අම්මගේ බඩේ ඉන්න කාලේ. අම්මගෙ බඩ ලොකුවට ඇඳල එයාව එක ඇතුලෙ ඇඳලා, අම්මගේ කටේ ඉඳන් එයාගේ බඩට යනකන් බටයක් ඇඳලා. ඒ මොකක්ද කියලා ඇහුවහම, "නැත්නම් මම බඩේ ඉන්නකොට කන්නෙ කොහොමද ?" කියලා ඇහුවා.

    ReplyDelete
  38. @Ansh,
    මම බයේ හිටියේ බැරිවෙලාවත් එහෙම නොවුනනම් මොකද කරන්නෙ කියලා ..... හික් හික් හික්..

    @පුතා ,
    උඹලා නම මව මව බලයි. මටනම් ඒ වෙලාවෙ මැවිලා නෙමෙයි, හැබැහැටම පෙනුනේ තරු...

    ReplyDelete
  39. හික් හික් දුමිය නිකන් අර මොනාද ගිල්ල වගේ ඉන්න ඇති බිම බලන් හික් හික්...

    ඈ බන් පොඩ්ඩට දැන් තිය බ්ලොග් කෙරුවාව හුරුකරානම් අපිට හිනා වෙලා ඉවරයක් නැති වෙනව හික් හික්..

    දැන් ඉන්න පොඩ්ඩො නම් අපොයි බන්..

    ReplyDelete
  40. පුතාගෙ කථාවෙන් තාත්ත ගැන හිතා ගතෑකි... :)

    ReplyDelete
  41. දැන් කාලේ ළමයි හරි බුද්ධිමත්. මූදු වෙරළේ දැල් අදින් කට්ටියක් අදින්න කිව්වාම කොල්ලෙක් දැලක් ඇන්දලා ඒක පොල් ගහක බැඳලා තියෙනවාලු මිනිස්සු කවුරුත් නැහැලු. සර් ඇහුවාම කිව්වාලු සර් එයාලා තේ බොන්න ගිහින් කියලා :))

    ReplyDelete
  42. අප්පච්චිට වගේම පුතාටත් තියෙන්නෙ කහන කටක්නෙ.............

    ReplyDelete

Related Posts with Thumbnails