බ්‍රයන් ද අල් මේදා ?

Posted by දුමී

හරියටම දැනට අවුරුදු දෙකකට විතර කලින් අර 'අපි නොදන්න Live' එකේ පොඩි මල්ලිවයි, චූටි මල්ලිවයි මෙහෙට ගෙන්නුවා අපි අවුරුදු පතා කරන පැදුරු සාජ්ජේ ප්‍රධාන අමුත්තෝ විදිහට. ඔය ඉතින් යමින් ගමන දඹුල්ලට ආපු එකේ තල ගොයෙකුත් මරාගෙනම යමහන් කියලා හිතලද කොහෙද උන් දෙන්නා මෙහෙ ඉඳල "අපි නොදන්න Live" ප්‍රෝග්‍රෑම් එකකුත් රෙකෝඩ් කරගෙන තමයි ඕං ආපහු ලංකාවට ගියේ. ඔය පල්ලෙහා දාල තියෙන වීඩියෝ එක ඒ රෙකෝඩ් කරපු එපිසෝඩ් එකේ කෑල්ලක්. මේක කලින් බලලා තිබුනත් ආපහු බලන්න, මොකද ඕකෙ ඉන්න ප්‍රධාන නළුවා තමයි අද කට කහන කතාවෙත් ප්‍රධාන නළුවා.





ඔන්න ඉතින් ඔය කතාවෙ අල් මේදා විදිහට රඟ පාන්නෙ "අපේ කට්ටිය" ගැන්සියේ ඉන්න අපේ "ගොවිගම ලංසියා" නොහොත් වන් ඇන්ඩ් ඔන්ලි බ්‍රයන් අයියා . අපේ ගෙවල් වල එනකොට ඉතින් ඔය රට ඉඳි කූඩයක්, අල් මාරි බිස්කට් පෙට්ටියක් වගේ දේවල් ගේන එක අපේ අල් මේදා නොහොත් බ්‍රයන් අයියාගේ නොවරදින සිරිතක්. අනික පේනවනේ, අපේ බ්‍රයන් අයියා ඉතින් හරිම හීන්දෑරි කෙට්ටු ළමයනේ. ශරීර සුවතාවය ගැන තමයි හැම තිස්සේම හිතන්නෙ. ඉතින් හැමදාම හවසට ජොගින් පාරක් දාන එක නම් නවත්තන්නෙම නෑ. පහුගිය දොහේ නම් හිටියේ සාජා වල නගර සභාවෙන් කොන්ත්‍රාත්තුවක් එහෙමත් අරගෙන තමයි. ඒ තමා සාජා කෝනීෂ් එකට අළුතෙන් දාපු මැටි පාර තලන්න. ඒක සාර්ථකව ඉවර කරපු හින්ද දැන් ඩුබායි නගර සභාවෙන් ඩුබායි පැත්තේ අළුත් කොන්ත්‍රාත්තුවක් අරගෙන කියල තමයි ඕං ආරංචිය.

මම කිව්වනේ අපේ බ්‍රයන් අයියා හරි හෙල්ත් කොන්ෂස් කියලා. ඉතින් පොර ෆුල් ට්‍රයි ඔය පපුව හරියේ අර බැට්‍රි කෑලි තුන හතරක් හදා ගන්න. ඉතින් පොර ජිම් එකකට එහෙම බැඳිලා ෆුල් එක්සයිස් පාරක් දාන්න සෙට් උනාලු. ඉතින් ඕකෙ ජිම් ඉන්ස්ට්‍රක්ටර් කාරයත් පොරට හොඳ ෂැඩූල් එකකුත් හදලා දුන්නලු. කාලෙකට පස්සෙත් බ්‍රයන් අයියා කිසි වෙනසක් නැහැ, හිටියා වගේමලු. ජිම් එකේ තියෙන මැෂිනුත් හැමදාම රෙපෙයාර් කරන්න වෙනවලු. ඔන්න ඉතින් ජිම් ඉන්ස්ට්‍රක්ටර් ඇහුවලු අපේ බ්‍රයන් අයියාගෙන්,

"මිස්ටර් බ්‍රයන්, ඔයාගේ ඊටින් හැබිට්ස් එහෙම කොහොමද ? " කියලා.

ඉතින් බ්‍රයන් අයියා කියනවලු,

"මම හොඳට බ්‍රෙක්ෆස්ට් ගන්නවා, දවල්ට ඉතින් ඔය බුරියානි එකක් හරි, ඉන්දියන් තාලි එකක් වගේ කනවා, ඊට පස්සෙ ඩිනර් එකත් වරද්දන්නෙ නැහැ . . . තව ගොඩක් වෙලාවට වැඩ ඇරිලා ගෙදර යන ගමන් පොඩි ස්නැක් එකකුත් ගන්නවා . . ." කියලා.

"මොන වගේ ස්නැක් එකක්ද ගෙදර යන ගමන් ගන්නෙ .. ?" ජිම් ඉන්ස්ට්‍රක්ටරුත් දැන් අහනවලු.

"ආහ් ස්නැක් එකද ? හැමදාම වගේ ඉතින් ඔය මැක් ඩොනල්ඩ්ස් එකෙන් බිග් මැක් දෙකක් විතර තමයි කන්නෙ, ඩිනර් වලට කලින්. . . ."



ඊට පස්සෙ අපිට ආරංචිය නම් ආවේ අපේ බ්‍රයන් අයියාව ජිම් එකෙන් අස් කරලා දාලා කියලයි.



ඔන්න ඉතින් ඔය සිද්ධියෙන් පස්සෙ පපුවට බැට්‍රි කෑලි ටිකක් දාගන්න තිබුනු චාන්ස් එකත් නැතිවෙච්ච නිසා බ්‍රයන් අයියා හොඳට හිතට අරගෙන ෆුල් ඩයටින් ප්‍රෝග්‍රෑම් එකකට සෙට් උනා. හැම සිකුරාදම (මෙහෙ ඉතින් නිවාඩු දවසනේ) අපේ බ්‍රයන් අයියා සහ මිතුරු කැළ ක්‍රිකට් ගහනවා. ඔන්න එදාත් බ්‍රයන් අයියත් මැච් එකට ආවලු කෙසෙල් ගෙඩි දෙකකුත් අරගෙන.

හැමෝටම පෙන්න පෙන්න පොර කියනවා,

"මල්ලි, අයි හැඩ් ඔන්ලි සීරියල්ස් ෆො මයි බ්‍රෙක්ෆස්ට් ටුඩේ . . ඇන්ඩ් දීස් ටූ බනානාස් ආර් ෆො මයි ලන්ච්...."
(malli, I had only cereals for my breakfast today. . . And these two bananas are for my lunch . )

සාමාන්‍යයෙන් සිකුරාදට ක්‍රිකට් ගහලා රෑට කට්ටිය කාගෙ හරි ගෙදරක ඉතින් සෙට් වෙනවා මොකද ගොඩක් අයට සෙනසුරාදත් නිවාඩු නිසා. ඉතින් එදත් කට්ටිය මැච් එකෙන් පස්සෙ එහෙම සෙට් වෙලා. බ්‍රයන් අයියත් එදා සෙට් වෙන්න ඇවිල්ලා. ඔන්න ඉතින් කට්ටිය බයිට් එකකුත් හදලා තියලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා, එක කට්ටියක් වොෂ් එකක් දාගෙන එන්නම් කියලා ගිහිල්ලා, තව කට්ටියක් අඩුම කුඩුම ගේන්න කියලා ග්‍රොසරියකට ගිහිල්ලා. ඔන්න ඊට පස්සෙ කට්ටිය සෙට් වෙන්න යන කොට එකෙක් මල පන්නගෙන කෑගනවා...

"කවුද බං මේ බයිට් එකට හදපු ඌරු මස් කිලෝ දෙක කෑවෙ ?"



ඔය කැෂුවල් සෙට් වීම් වලදි එහෙම බ්‍රයන් අයියා ගොඩක් වෙලාවට අඳින්නෙ කළු කොට කලිසමක් සහ කළුම කලු ටී ෂර්ට් එකක් තමයි මොකද එතකොට හරිම සෙක්සි පාටයි කියලා. ඉතින් දවසක් ඔයවගේ කට්ටිය සෙට් වෙලා ඉවර වෙලා පාන්දර ජාමේ ගෙවල් කරා ගමන් කරන විට සෙට් වෙච්ච එක්කෙනෙක්ගේ කාර් එක පාරට දානවත් එක්කම පාරෙ ගිය තව කාර් එකක් එක්ක හැප්පිලා. ඉතින් ඒ හැප්පිච්ච කාර් එකේ ඉඳල තියෙන්නෙ ඔය ඊජිප්ට්, ලෙබනීස් වගේ ජාතියක පොරක්. කොහොමත් මෙහෙට ඇවිල්ලා ඉන්න ඔය වගේ වෙන අරාබි රටවල් වල උන් මහම මහා චාරයක් නැති නසරාණි උන්නේ. ඔන්න දැන් මූත් ෆුල් සද්දේ දානවලු හැප්පිච්ච එකට. දන්නවානේ, මෙහෙ බීලා ගිහිල්ලා ඔය වගේ කේස් එකක් දාගත්තහම ඉතින් සොරිම තමයි. තට්ටෙ ගාල මාස හයක් කූරු ගන්නලවම තමයි ඩිපෝට් කරන්නෙ. ඒත් එක්කම ඔතනට ඇවිල්ලා තියෙන්නෙ බ්‍රයන් අයියා. පොර එක පාරටම බ්‍රාස් ගාල බ්‍රේක් පාරක් ගහලා වාහනය නවත්තල එලියට බැස්සලු. එලියට බැස්සට මොකද පොරටත් එක කකුලක් උස්සලා අනිත් කකුල තියාගන්න බැරි විදිහට වැදිලා. එහෙම එනකොට අත්දෙකත් දෙපැත්තට විහිදුවගෙන, "මල්ලී, වට් ඊස් ද ප්‍රොබ්ලම්.....?" කියලා මහ හයීන් කෑගහගෙන ඇවිල්ලා තියෙන්නෙ. මෙන්න යකෝ මෙච්චර වෙලා අර සද්දේ දාගෙන හිටපු එකා ගාල කඩාගත්ත හරකෙක් වගේ දඩ බඩ ගාලා උගේ කාර් එකට නැගල ලෑල්ලටම පාගලා ඇරලා ගියාලු. ඔන්න ඉතින් බ්‍රයන් අයියා අර කාර් එක හප්ප ගත්ත යාළුවගෙන් ඇහුවාලු,

"මොකද මල්ලි අර අරූට උනේ ?"

එතකොට කාර් එක හප්ප ගත්ත එකා කිව්වලු,

"බ්‍රයන් අයියා, මම හිතන්නෙ උන්ගෙ රටෙත් අපේ රටේ වගේ මහසෝනා, රීරි යකා වගේ යක්කු ඇති . . . "



එක දවසක් අපේ බ්‍රයන් අයියට ලොකු අකරතැබ්බයක් වෙලා. වෙනදා වගේ වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා බාත් රූම් එකට ගිහිල්ල තියෙන්නෙ පොඩි වොෂ් එකක් එහෙම දාගන්න කියලා. ඉතින් ඔහොම වොෂ් දදා ඉන්නකොට කරුමෙට ඇඟේ ගගා හිටපු සබන් කෑල්ල ලිස්සලා බිමට වැටිලා. ඉතින් ඔන්න පොර ඕක අහුලන්න කියලා බිමට නැවෙනකොටම කකුලක් ලිස්සල ගිහිල්ල දඩාං ගාල පොලොවට පත බෑවිලා. වැටිල තියෙන්නෙ උඩු බැලි අතට කොමඩ් එකයි සින්ක් එකයි අතරට. වැටෙන්න යනකොට කලබලේට ෂවර් කර්ටන් එකේ එල්ලිච්ච හින්දා එකත් කැඩිල ඒක වැදිල බිත්තියේ ගහලා තිබිච්ච රාක්කයි, එක එක ජාතියේ බඩුයි දැන් දඩං බඩං ගගා බිමට වැටෙනවා. බ්‍රයන් අයිය වැටිල ටික වෙලාවක් යනකනුත් අර බඩු හරියට මේ දැන් කවුරු හරි වැට්ටුවා වගේ එක එක සද්ද දාගෙන බිමට වැටෙනවා. ඔන්න ටික වෙලාවක් ගියාට පස්සෙ ඔක්කොම සද්ද ටික ඉවර උනහම බ්‍රයන් අයියා අත පය හොලෝලා, ඔළුව එහෙම අතගාල බැලුවලු මොනව හරි ඩැමේච්ද කියලා. ඒත් ඔක්කොම කෑලි ටික තිතට වැඩ හින්ද ඔන්න අමාරුවෙන් නැගිට ගත්තලු. දැන් පොරට මාර හැපීලු මොකද එච්චර තදේට වැටිලත් අතක් පයක් නොකැඩි බේරිච්ච එකට. ඒ උනාට වැටිච්ච එකේ රඟේ දැනිලා තියෙන්නෙ පහුවෙනිදා තමයි.

ඔන්න ඉතින් බ්‍රයන් අයියත් වෙනද වගේ සුපුරුදු විදිහට පහුවෙනිදා හවස ගෙදර ඇවිල්ල ජොගින් පාරක් දාන්න කියලා පාරට බැස්සලු. ඉතින් ජොගින් එක ඉවර වෙලා පොර ආපහු අපාර්ට්මන්ට් බිල්ඩින්ග් එකේ ලොබියට එනකොට බ්‍රයන් අයියාට හම්බ උනාලු බ්‍රයන් අයියාගේ අපාර්ට්මෙන්ට් එකට හරියටම යට අපාර්ට්මන්ට් එකේ ඉන්න නෝනව. එයාගෙ නම මිසිස් ඇන්ඩර්සන්. එයාගෙ මහත්තය තමයි බ්‍රයන් අයියාගේ ජොගින් පාර්ට්නර්. ඔන්න ඉතින් බ්‍රයන් අයියා ඇහුවලු,

"හෙලෝ, ගූඩ් ඊව්නින් මිසිස් ඇන්ඩර්සන්, කෝ මේ මිස්ටර් ඇන්ඩර්සන්. ඇයි අද ජොගින් ආවෙ නැත්තෙ ?"

"අනේ බලන්නකෝ මිස්ටර් බ්‍රයන්, ඊයේ එයා බාත් රූම් එකේ ඉන්නකොට බාත් රූම් එකේ සීලිම ඔළුවට කඩාගෙන වැටිලා ඉස්පිරිතාලෙනෙ . . ."

බ්‍රයන් අයියා ඉක්මනට එතනින් මාරු වෙලා ගියාලු.






ප.ලි, අර "අපි නොදන්න ලයිව්" එකේ අපේ ගම හාමිනෙත් රඟ පෑවා. මේ තියෙන්නෙ ඒ කෑල්ල. ඔය පොඩි මල්ලිත් එක්ක "අපි ඔටුවෝ" එකේ ඉන්නෙ එයා තමයි. (අර අන්තිමට චූටි මල්ලියි පොඩි මල්ලියි එක්ක නටන්නෙ වෙන එක්කෙනෙක් හොඳේ ! )

42 comments :

  1. මට මෙතුවක් බ්‍රයන් අයියව දැක්කාම හිනා ගියේ . . .

    අල්මාරි කොම්පැනියයි . . .

    අර බඩගින්නේ අපේ ගෙදර පැදුරු පාර්ටියට ඇවිත් නදීෂා "අනේ කන්න කන්න" කියලා ෆෝර්ස් කරද්දී රජීව් "නෑ නෑ අපිට බඩ ගිනි නෑ" කියලා සින්දු කිය කිය හිටපු එකට . . .

    පහුවදා යන ගමන් බ්‍රයන් අයියා කිව්ව කියපු "යකෝ මම මේ බඩගින්නේ මැරෙන්න යනවා. අර නංගී කන්න කන්න කියද්දී මූ ඒක පෝස්ට්පෝන් කරනවා . . අතට අහුවෙන්න පිහියක් තිබ්බනම් අනින එක අනිනවා මූට" කියලා රජීව්ට තග දාපු එකයි මතක් වෙලා.

    මින් පස්සේ ඔය මොකටවත් නෙමෙයි බ්‍රයන් අයියගේ ජොගින් පාර්ට්නර්ට වෙච්චි දේ මතක් වෙලා තමයි මට ඕන් හිනා යන්නේ.

    මචෝ මේ, මේක (මේ පෝස්ට් එක)බ්‍රයන් අයියා කියෙව්ව දාට අර බිග් මක් එකක මැද්දට උඹව දාලා එදා ඌරු මස් කිලෝ දෙකයි අද ඌරෙක්ම කියලා තමයි උබට වැඩේ දෙන්නේ හරිය . . .

    හික් හික් හික් . ..

    ReplyDelete
  2. හික් හික්!! ලොවෙත් නෑ දුමියෝ.අර ඒ.ලාරාගෙ කතාවට පස්සෙ කියවපු හොදම එක.උපරිමයි

    ReplyDelete
  3. මේක දැක්කනම් බ්‍රයන්ගෙන් හම්බෙයි දුමීට හොඳවැයින්.

    ReplyDelete
  4. අප්පද බොල මටත් මතක බ්‍රයන් අයියව දැකපු එකම දවසෙත් ඇඳන් හිටියේ කළු ඇඳුමක්ම තමයි...හපොයි සෙක්සි කියන්නේ ඒ වගෙ පේනකොටද... හරිම හුරතල් පාටයිනේ...
    ඒක නෙවෙයි දුමි අයියට ආය කහන්ට කටක් ඉතුරුවෙන එකක් නැතිවෙයිවද්ද බ්‍රයන් අයියා මේ පෝස්ට් එක දැක්කොත්...

    ReplyDelete
  5. බ්‍රයන් අයිය ආතල් පොරක්නෙ දුමී අයියෙ.ෂිහ්....අපිට ඔය වාගෙ සෙට් එකක් මැද්දෙ ෆන් එකක් ගන්න නෑනෙ.

    ReplyDelete
  6. අයියෝ දුමියත් ඉවරයි වගේ. ඇයි අරූගෙන් එකක් නෙවෙයි බාගයක් කෑවත් ඇතිනෙ. එළ කථා ටික මචං.

    ReplyDelete
  7. මරේ මරු දුමී අයියා..එළම කිරි.

    අල්මේදාට තියෙන්නේ පාර රෙපෝ එකක් නේ බලං ගියාම.

    ReplyDelete
  8. හේ හේ අල් මේදා.... මරු......

    ReplyDelete
  9. හෆොයි දෙයියනේ.....

    අයියත් ඉදල ඉදල ලියල දානව ආයෙ සතියකටම ඇති වෙන්න...
    අයිය නළුව වුනේ නැද්ද මොහොතකට හරි... අනික අර එදා ඌරු මස් ටික කෑවේ බ්‍රයන් අයියම ද කියල කොහොම ද කියන්නේ....දුමී අයියත් එතන හිටිය කියලයි ආරංචිය...

    අනික.. ඔය අයිය ඉන්න රටේ ගොඩක් දේවල් පටන් ගන්නේ "අල්" කියල ද? එතකොට අල් මාරි අපේ රටට ඇවිත් තියෙන්නේ අයිය ඉන්න රටේ ඉදල ද?

    ඔයා නම් ලියනව නියමයි අයියේ ....

    ReplyDelete
  10. යකෝ මෙහෙම හිනස්සලා අපිව මරන්නද හදන්නේ ආ....???
    කවුද මේවට වග කියන්නේ ආ???

    අර දුමී අයියගේ පියංඹිකාව අර පොඩි මල්ලිට දැම්ම රෙස්පට් දැක්කහම දුමී අයියා ගැන පපුව හෝස් ගාලා ගියා.....මේ ඇත්තමයි බං අයියේ කියන්නේ....

    ReplyDelete
  11. දුමියා,
    මේ වගේ දෙයක් නං මම කවදාවත් දැකලා නෑ! මෙච්චර කල් දුමියාට හාමිනේ ඕඩස් දෙන හැටි හිතාගත්තට මොකද දැකලා තිබුනු එකක්යැ!
    බ්‍රයන් මහත්තයා බාත්රූම් එකේ ඈදගෙන වැටිල්ල පරාදයි උන්දැ අඩි හප්පන හැප්පිල්ලට මං හිතන්නේ.

    උඔලා දෙන්නා උඩ තට්ටුවකද ඉන්නේ? දෙය්යන්ගෙම පිහිටයි යට උන්ට. උඔට උන්දැ අඩන්තේට්ටං කරන වෙලාවට ෆෑ.....න්, ඒ....සී මැසින්, බල්....බ් කාරිය ඔලුවට වැටිලා යට ගෙවල් වල කට්ටියට වෙච්ච අකරතැබ්බ ගැනත් පෝස්ට් එකක් දාහං! අපි අපි විතරනේ ඕවා දැන ගන්නේ.

    ReplyDelete
  12. නියමයි දුමී අයියේ හිතේ තිබ්බ අවුල් තැවුල් කොහෙං ගියාද කියලා නෑ.නියම යාළුවෝ සෙට් එකක් නෙව දුමි අයියට ඉඳලා තියෙන්නේ !

    ..යකෝ ඌරුමස් කිලෝ දෙකක් කාපු ඔයාගේ යාලුවට සම්මානයක් දෙන්න වටිනවා

    දුමීගේ ගෙදර ආවොත් හිනාවෙලා පන යනවා ..

    ජයවේවා !!

    ReplyDelete
  13. ඔන්න ටික කාලෙකට පස්සෙ ආව බ්ලොග් අවකාශය පැත්තෙ...... සොරි වෙන්න ඕන. හේතු කාරණා පසුවට......

    හැමදාමත් වගේ නියම පෝස්ට් එකක් දාල තියෙන්නෙ...... ඔය "අපි නොදන්න ලයිව්" වල "ගමහාමිනේ අක්ක" රඟපාන වීඩියෝ එක කලින් බලල තිබුනට අදයි අඳුන ගත්තෙ.
    මං මේ නිකමට අහන්නෙ. "අපි ඔටුවෝ" ටෙලි ඩ්‍රාම එකේ ඔය චරිතයට ගමහාමිනේ අක්කම ගත්තෙ ටෙලි ඩ්‍රාම එකේ නමට ගැලපෙන නිසාද? එහෙම බැලුවහම ඉතින් අයියව නොගන්න හේතුවක් අපිට තේරෙන්නෙ නැතෝ....................

    ReplyDelete
  14. අල් මාරි... නියම කියමන

    ReplyDelete
  15. බ්‍රයන් අයියේ මෙන්නෝ......

    ReplyDelete
  16. බ්‍රයන් නම් රස සාගරයක්ම තමා...
    අමුතුම sense of humor එකක් තියෙන්නේ...
    එදා දුකාලාගේ ගෙදර පැදුරේදී කස්ටිය peak එකේම ඉන්නකොට මෑන්ස් මට තට්ටුවක් දලා අහනවා "මචං අපි මේ ඉන්නේ කොහෙද" කියලා...
    මට බඩ කොර වෙලා අන්තිමට නැවතුනේ...!!

    ReplyDelete
  17. හප්පා හිනා කාලා මැරෙනවා
    අල්මේදා මේක කියවපුවම දුමී ට වෙන දේ..........?

    ReplyDelete
  18. බය වෙන්ඩ දෙයක් නැහැ දුමි අයියා, කටේ කහන ගතිය ලඟදී ම බ්‍රයන් අයියා හොඳවැයින් කළු ගලකම උලලා ඇරලා දෙයි...

    කොහොම වුනත් මට හිතෙන්නේ එයා මේ පෝස්ට් එක දැක්කහම ගොඩාක් සතුටුවෙයි කියලායි...

    ReplyDelete
  19. අනේ බං දුමියෝ...මම මෙක දැක්කේ ඊයේ...

    අනේ ඉතිං මම අපේ රාජකාරි ඉස්තානේ මගේ ගෝලයෝ දෙන්නෙකුත් ළගපාත ඉද්දී තමයි බැළුවෙ..
    උං දෙන්නා මං තනියම හිනාවෙනවා ඇහිලා දුවගෙන ආවා..ඇයි සෑර් මොකදෑ..කියලා..උං හිතන්න ඇති මට පිස්සු හැදීගෙන එනවැයි කියලවත්..

    ඒ ගමන මං කිව්වා මේ මගේ යාළුවෙක් ලියපු ලියුමක් කියවලා කියලා උංටත් කියවන්න දුන්නා..ඒ විතරක්නං මදැයි අන්තිමට අර සීන් කෝනුත් පෙන්නුවා..
    අපි ඔටුවෝ එකේ අර අඩි හැප්පිල්ල දැකලා අන්තිමට එක බුවෙක් මට තියනවා..

    "බොරුවට උනත් සෑර් ඔහොම අඩි හප්පන්න පුළුවන්ද ඔයා කාර..
    අනේ පව් සර්, සර්ගේ යාළුවා...සෑහෙන දුකක් විඳිනවා ඇති නේද?" කියලා..

    මෙ මෙවා කිව්වා කියලා එහෙම මොකුත් හිතන්න එපා..මගෙත් ඩිංගිත්තක් විතර කට කැහැව්වා ආයිබෝං...

    ReplyDelete
  20. අඩේ සෑහෙන්න බඩගින්නේ හිටියේ කටකහන කතාවක් නැතුව. කියවන්න ගන්නකොටම වැස්සක් පටන්ගන්න වගේ. ගෙදරයන්නත් ඕන. ඒත් කියවන්නැතුවත් බෑ. එච්චරකට බඩගිනියි. දැන්නං බඩපිරුනා. සුපිරි කාතාව බං. දැං ඉතිං මං තෙමි තෙමී යන්න එපැයි ගෙදර.

    @මිසිස් ඇන්ඩර්සන්-- සොරි ෆො ද මිස්ටේක්

    @බ්‍රයන් අයියා-- අනේ අපේ දුමියට එහෙම මුකුත් කරනවා නෙමෙයි :) මාසෙකට සැරයක්වත් කට කහා ගන්න ඉන්නේ ඔච්චරයි. :)

    ReplyDelete
  21. උඹට ගොක්කොල, පාළං කොඩි එහෙම හීනෙන් පේනවද?

    ReplyDelete
  22. දුකා ,
    මචං, එදා බ්‍රයන් අයියාව උඹල ගෙදර එක්කගෙන ආවෙ අදිස්සියෙන්නෙ, වැඩ ඇරිල ආපු ගමන්ම ඉස්සුවා. අර වෙනදට කන ස්නැක් එක කන්නවත් වෙලා තිබුනේ නැහැ පොරට. ඉතින් පොරගේ බඩ ඇතුලේ ඉන්න හිඟන්නාට එදා මල පැනලා හිටියේ. අර නදීශා හදල තිබුනු බැදපු තිලාපියෝ ටික නිකන් කැලණි පාලම යටින් ගංවතුරට ගහගෙන ගිය පොල් මුඩ්ඩක් වගේ වාෂ්පවෙලා ගියානෙ. අපි සින්දු කියල බලනකොට කටු විතරයි ඉතුරු වෙලා තිබුනෙ.

    නදීශ කන්න කන්න කියල කියත්දිත් රජීව් නෑ නෑ පස්සෙ කමු කිව්වෙ අපි තුන් දෙනා එන ගමන් වඩේ කාලා තේ බීල ආපු නිසා බඩ ගින්නක් තිබුනේ නැහැ.

    කොහොමත් මතකනෙ, අපි එදා රෑට කනකොට පාන්දර පහත් පහු වෙලා.

    බැරිම තැන තුනට විතර බ්‍රයන් අයියා නදීශාගෙන් බත් ඉල්ලගෙන කාල තිබුනා. මග දිගට අපිට බැන බැන තමා ගියේ.

    "බලපන්, පාටියකට ගිහින් මට ඉල්ලගෙන කන්න උනානේ" කියලා.

    ReplyDelete
  23. @blog gadol,
    බ්‍රයන් අයියාගේ තව කතා ලොට් එකක්ම තියෙනවා. ඒවා ඔක්කොම දැම්මා නම් ඉතින් මට මෙගා බ්ලොග් පෝස්ට් එකක් තමයි දාන්න වෙන්නෙ.

    @පිණිබිඳු... ,
    හොඳ වෙලාවට පොරට සිංහල කියවන්න මතක නැහැ. අවුරුදු ගානක්ම මෙහෙනෙ ඉන්නෙ.... හික් හික්..

    @පුතා ,
    මලයෝ, ලියන්න කලින් ඇග්‍රිමන්ට් ගහල ෆුල් රෝයල්ටි දීලා තමයි ලිව්වෙ. ඒක නිසා ඇග්‍රිමන්ට් එකේ හැටියට මාස හයක් යනකන් මට වඩා යාර දහයක් ඈතින් ඉන්න ඕනෙ.

    ReplyDelete
  24. @dinesh,
    ආතල්දත් කියලා අහනවා. ෆුල්ම ආතල්. සෙට් වෙන්න ගියහම බයිට් එක වාෂ්ප වෙන්නෙ හරියට සුනාමියකට අහු උනා වගේ තමයි.

    @Ishara,
    අනේ නෑ බ්‍රයන් අයියා හරිම අහින්සකයි. හයියෙන් කතා කලත් අඬනවා...!

    @sameerausa,
    වැඩක් නෑ කියලා, අල් මේදගේ රෙපෝ එක ගැන කතා කලොත්, මෙහෙ තියෙන පත්තරයි ටී.වී ස්ටේෂනුයි මාසයකට සැරයක් පොරගෙ ඉන්ටෙර්විව් එකක් දානව පත්තර වල හරි ටී.වී එකේ හරි.

    ReplyDelete
  25. @සෝරෝ ,
    :D :D, ස්තූතියි !

    @හසී ,
    ස්තූතියි !

    ReplyDelete
  26. @wath,
    පහු ගිය දොහේ අම්බානෙකට ටිකක් වැඩියෙන් වැඩ තිබුනා නගෝ. දැන් කියලත් වෙනසක් නැහැ.

    ඔව් ඔව්, එදා මම එතන හිටියනන් ඌරු මස් කිලෝ දෙක කන්නෙ මම. එහෙනන් බ්‍රයන් අයියා එදා සාගතේ මැරිලා....

    අපි ඉතින් කොහොමත් ජීවන රඟ මඩලේ නළුවොනේ නගෝ, අමුතුවෙන් රෝල් එකක් ඕනෙ නැහැනේ.

    ReplyDelete
  27. @෴ හසියා ෴ ,

    මගේ අම්මෝ, වතුර ටිකක් බීල හිටහන් මලේ. අමේ නෑ බං මගේ ප්‍රියම්බිකාව හරි හොඳයි.....!

    @බුද්ධි ,

    පිස්සිද බං, නාට්ටියේ එහෙම හිටියට මගේ හාමිනේ හරිම අහින්සකයි.....


    (ප.ලි,මගේ පිටි පස්සෙන් පොල්ලක් තියාගෙන ඉන්නවා එහෙම ලියන්න කියලා )

    ReplyDelete
  28. @හිස් අහස ,
    මගේ සෙට් එක ගැනනම් ඉතින් කියලා වැඩක් නැහැ. උන් ටික නැත්නම් මම බ්ලොග් ලියලත් ඉවරයි.

    @කංචු ,
    මොකෑ කරදරයක් එහෙම උනේ නෑනෙ ?

    උඹත් දන්නව ඇතිනෙ කංචු මලයෝ, මෙහෙ අවුරුදු කීපයක් ඉන්නකොට නිකන්ම ඔටුවො වෙනවා කියලා. ඔන්න මොල්ලිය විතරයි එන්නෙ නැත්තෙ මොකද නිතරම වතුර බොන නිසා....!

    ReplyDelete
  29. @ගල්මල්-Coral,
    ස්තූතියි ඩීන් කමෙන් එකට. වරද්ද ගන්න එපා... ඒක බිස්කට් ෆක්ටරි එකක්...

    @අභීත ,
    කෑගහන්න එපා...බං.. බ්‍රයන් අයියා සද්දවලට බයයි...

    @තිස්ස දොඩන්ගොඩ ,
    බ්‍රයන් අයියා උඹ ගැනත් කිව්වෙ එහෙමයි. "මම අහන අහන දේට අරූ බඩ අල්ලගෙන හිනා වෙනවා කියලා...." හික් හික් හික්...

    ReplyDelete
  30. @නිශ් ,
    අල් මේදා ඉගෙන ගෙන තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන් නිසා යන්තං බස් එකක බෝඩ් එකක් කියවන්න විතරයි සිංහල දන්නෙ. එකනෙ මමත් වීරය වගේ මෙක සිංහලෙන් ලිව්වෙ....!

    @RanDil,
    රන්දිල් නගෝ, හොඳ වෙලාවට මෙහෙ කළුගල් නැහැ. වැලි තමයි තියෙන්නෙ. හදිස්සියේ වත් පොර සිංහල එගෙන ගෙන මේක කියෙව්වොත් මට වැලි තමා කන්න වෙන්නෙ....!

    @මාරයාගේ,
    ඈහ්, උඹේ ගෝලයෝ තාම දන්නෙ නැද්ද උඹට පිස්සු කියලා.

    නෑ බං, එහෙම කකුල හැප්පුවට අපේ ගම හාමිනේ හරිම හොඳයි, හරිම අහින්සකයි.

    (තාමත් පොල්ල තියාගෙන මගෙ පස්සෙන් ඉන්නවා )

    ReplyDelete
  31. @වන්නි ,
    ඈ බං වන්නියෝ, මම අදනෙ දන්නෙ උඹ බඩ ගින්නට කන්නෙ කට කහන කතා කියලා. හා හා ඔන්න එහෙනන් ෆා නගාවත් කුකරි ක්ලාස් එකකට යවපන් කට කහන කතා උයන්න ඉගෙන ගන්න කියලා. නැතිනම් උඹට බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ මට මාසයක් හමාරක් පෝස්ට් එකක් දාන බැරි උනෝතින් .....හික් හික්

    @ඉන්දික,
    මෙහෙ කොහෙද බං ගොක් කොල... මට නම් පේන්නෙ රට ඉඳි ගස්... රතු පාටට රට ඉඳිත් එක්ක...

    ReplyDelete
  32. කාලෙකින් ලැප්ටොප් රාජායා එක්ක හිනා වුණා.. ඇත්තටම මට හිනාව නවත්තගන්න බෑ, මහ හයියෙන් හිනා වෙනවා මේ තාම..
    සුපිරි පෝස්ට් එකක්..!!
    :D :D

    ReplyDelete
  33. @Ansh,
    පව් අසරණ බ්‍රයන් අයියා. ඔයගොල්ලෝ ඒ මනුස්සයට හිනා වෙනවා.

    ReplyDelete
  34. පව් අප්පා බ්‍රයන් අයියා. මොනවා වුණත් ඔයාලගේ පිටරට ලයිෆ් එකේ ෆන් එකටත් එක්ක මේ වගේ පොරවල් ඉන්න එකත් හොඳයි. සතුටෙන් හැමෝමත් එක්කම ඉන්න පුලුවන් නේ :))

    ReplyDelete
  35. බ්රයන් අයිය මාර පොරක්නේ ... අයිය කිව්වට අන්කල්ද මන්ද ... හෙහෙ
    කොහොම උනත් දුමී අයිය ගැන නම් දුක හිතෙනව .... මාරය කියපුදේම තමා මටත් හිතෙන්නෙ... හිහි

    "බොරුවට උනත් සෑර් ඔහොම අඩි හප්පන්න පුළුවන්ද ඔයා කාර..
    අනේ පව් සර්, සර්ගේ යාළුවා...සෑහෙන දුකක් විඳිනවා ඇති නේද?" :P :D ; )

    ReplyDelete
  36. ඕං..මමත් ආවා...මමත් කතාවක් කියන්නද ..කටකහනවට...???..මේ හිනාව නවත්වගන්න බැරියෝ...

    ReplyDelete
  37. අයියෝ යන යන තැන නාගන්න එක ලංකාවේ අයගේ සිරිතක්ද අයියේ? මේ හැබෑට ඔයාලගේ රටේ ගෝල් ෆේස් එකක් නැද්ද ජොගිං කරන්න?

    ReplyDelete
  38. මල්ලි වට් ඉස් ද ප්‍රොබ්ලම්... හික් හික් මේක නම් පට්ට දුමියො....

    ගම හාමිනේ අඩිය හප්පපු විදියට මට දුමියා ගැන දුකත් හිතුනා හික් හික්.. ඈ බන් දුමියො උබට අරාබියෙ යහතින් ඉන්ට ඉඩ දෙයිද ඔය බ්‍රයන් අයියා මේක දැක්කට පස්සෙ ?? හික් හික්

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. ටොපයි දුමියෝ හොදේ.. ලොවෙත් නෑ.....

    ReplyDelete

Related Posts with Thumbnails