දෙමළා සහ RPG ( භාෂාව වැරදීම - 3 )

Posted by දුමී

භාෂාව වැරදිලා වෙච්ච නස්පැත්ති ගැන තව කතා දෙක තුනක්ම තියෙනවා. මුලදි මේ ඔක්කොම එක පෝස්ට් එකකට දාන්න හිතුවත් දිග වැඩිවෙච්ච නිසා එක කතාවක් එක පොස්ට් එකකට තමයි දාන්න උනේ. දැන් මම මේ ලියන්න යන කතාවත් භාෂාව වැරදිලා වෙච්ච නස්පැත්තියක් ගැන එකක්. අවාසනාවකට ඒකත් මේ අපේ දමිල මිත්‍රයෙක්ට වෙච්ච එකක්ම තමයි. හැබැයි වෙනසකට තියෙන්නෙ මේ පාර නම් වැරදුනේ ඒ මිත්‍රයට නෙමෙයි.

තව දෙයක් කියන්න ඕනේ. මම මේකේ ටයිටල් එකට "දෙමළා" කියල දැම්මෙ දෙමළ ජාතිකයන්ට කරන අපහාසයක් විදිහට නෙමෙයි. අපිට කවුරුත් "සිංහලයා" කියල කිව්වොත් අපිට ප්‍රශ්නයක්ද ? නෑනෙ ? ඒ වගෙම දෙමළ ජාතිකයෙකුට දෙමළා කියල කියන එකත් ප්‍රශ්නයක් නෑ මගේ හිතේ.

මේ සිද්ධිය උනේ අනූ හයේ අවුරුද්දෙ මැදක් හරියෙ මට මතක හැටියට. එතකොට මම ජාතික ව්‍යාපාර කලමනාකරණ ආයතනයේ, ඒ කියන්නෙ සිංහලෙන් කිව්වොත් NIBM එකේ කම්පියුටර් ඩිප්ලෝමා එක කරන අවධියේ. (NIBM එකේ සිද්ධ උන කට කහන කතා ගොඩක් තියෙනව. මම ඒව ටික ටික ලියන්නම් ඉඩ ලැබෙන විදිහට ) ඉතින් අපේ ඩිප්ලෝමා ක්ලාස් එකේ හිටිය ලංකාවෙ හතර වටෙන්ම ඉඳන් ආපු බැචාල සහ බැචීලා. ඉතින් අපිත් එක්ක උතුරු නැගෙනහිර පලාත් වලින් ආපු බැචාල සහ බැචීලත් සෑහෙන්න ප්‍රමාණයක් හිටිය. ඔය කාලෙ ඉතින් ලංකාවෙ යුද්දෙ හරි දරුණුවටම පැතිරිච්ච කාලෙනේ. ඉතින් හැමෝටම මතකනෙ හැමතැනම තිබුනු චෙක් පොයින්ට් සහ ජංගම මුර සේවා සහ මෙකී නොකී ආරක්ෂක උපක්‍රම. කොහොමත් ඉතින් සිංහල අපිට වඩා මේ චෙක් පොයින්ට් වලදි ගොඩක් අපහසු තාවයන්ට පත් වෙන්න අපේ දමිල සහෝදර සහෝදරියන්ට සිද්ද උනා කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒත් ඉතින් ඒකාලෙ තිබුන වාතාවරණයත් එක්ක ඒකට කරන්න දෙයක් තිබුනෙත් නැහැ.

මේ කතාවෙ කතා නායකයගෙ නම වේළු. ඔහු යාපනය පැත්තෙ සිට පැමිණි ඉතා අහිංසක දෙමළෙක් ( මම මුලින්ම කිව්වා හොඳේ ) එකම අප්සෙට් එක තිබුනෙ ඌ හොඳටම කළු පාටයි. කොච්චර කළුද කියනවනම් ලයිට් ගිය වෙලාවකදි එහෙම ටෝච් එකක් ගැහුවත් ඌව පේන්නේ නෑ.පේන්නෙ උගෙ දත් සෙට් එක විතරයි. අනිත් එක හදිස්සියේ වත් ඌ හිනා උනොත් අහල පහල ඉන්න එවුන් දෙතුන් දෙනෙකුටම කලන්තෙ හැදෙනවා මොකද එච්චරම ලස්සන හිනාවකුත් ඌට තිබුනා.

ඌ නැවතිලා හිටියෙ වැල්ලවත්ත පැත්තෙ උගේ ඥාතියෙකුට අයත් ගෙදරකයි. ඉතින් දවසක් ඌ ප්‍රැක්ටිකල් එකකට සහභාගී වී ගෙදර යමින් සිටිනා විට වැල්ලවත්ත හරියේදී තමයි මේ අකරතැබ්බයට මුහුන දීල තියෙන්නෙ. ඉතින් ප්‍රැක්ටිකල් ඉවරවෙලා වේළු තමන් නැවතිල ඉන්න ගෙදරට යන මුහුද පැත්තට තියෙන අතුරු පාරෙ යනකොට පොලිස් නිලධාරීන් කීප දෙනෙක් පාරේ යමින් සිටින අය නවත නවතා අයිඩෙන්ටිටි කාඩ් චෙක් කරනවා. ඉතින් ඔවුන් අපේ වේළුවත් නවතා අයිඩෙන්ටිටි කාඩ් එක ඉල්ලුවළු. වේලුත් ඉතින් තමන්ගෙ අයි.ඩී එක ඔවුන්ට දීල. මේ වාගෙ දේවල් වලට උන් ගොඩක් පුරුදු වෙලා තමයි හිටියෙ. නිතරම වගේ උන්ගෙ ගෙවල් පොලිසියෙන් ඇවිත් චෙක් කරන එක ඒ දවස්වල නිකන් උදේට මූන හෝදනව වගේ සාමන්‍ය දෙයක් බවට පත් වෙලා තමයි තිබුනෙ.

කොහොම උනත් අපේ වේලුට ටිකක් හොඳට සිංහල කතා කරන්න පුලුවන්. ඉතින් ඔවුන් අතර මෙන්න මේ විදිහට කතාවක් අති උනාලු.
පො.නි - (අයි.ඩී කාඩ් එක දිහා බලමින්) "මොකක්ද නම ?"
වේළු - "වේළු සුබ්‍රමණියම්"
පො.නි - "ගම කොහෙද ?"
වේළු - "යාල්පානම්"
පො.නි - "මෙහෙ මොකද කරන්නෙ ?"
වේළු - "මෙහෙ තමා ඉන්නවා "
පො.නි - "මොකද කරන්නෙ ?"
වේළු - "ලෙක්චර් තමා යනවා "
පො.නි - "මොන ලෙක්චර්ද ?"
වේළු - "RPG"
පො.නි - "මොකක් ???? RPG ??"
වේළු - "ඔව්, අද ප්‍රැක්ටිකල්ස් තමා තිබුනා"
පො.නි - "මොකක් බොල, ඇරපිය බෑග් එක . . . "
එසේ පවසා පොලිස් නිලධාරියා ඌ අතින් බෑගය උදුරාගෙන ඒක ඇරල චෙක් කරලා. ඒක ඇතුලෙන් පොතක් එලියට අරගෙන බලා ,
"ආහ් මේ තියෙන්නෙ බඩු . . . හ්ම් දැන් නැගපන් ජීප් එකට" යයි පවසා වේළු ආයෙත් කට ඇරීමට පෙරම ඇදල ජීප් එකට දාගෙන.
පහු වෙනිදා පුවත්පත් වල මෙන්න මෙහෙම නිව්ස් එකක් දාල තිබ්බලු.

"ඊයේ සවස වැල්ලවත්ත ප්‍රදේශයෙදි දරුණු ත්‍රස්තවාදියෙකු බෝම්බ සෑදීමේ ලිය කියවිලි සමග අත් අඬංගුවට ගැනීමට පොලීසය සමත්වේ !"

පහතින් දැක්වෙන්නේ වේළු ලඟ තිබී අත් අඬංගුවට ගන්නා ලද බෝම්බ සෑදීම සම්භන්ධයෙන් විස්තර අඩංගු පොතයි.



ප.ලි - RPG යනු ඉතා ජනප්‍රිය computer programming language එකක්. අපගේ ඩිප්ලෝමා පාටමාලාවෙ සම්පූර්ණ මොඩියුල් එකක්ම වෙන් කරල තිබුනෙ RPG programming වලට. ඒ දිනවල ලංකාවේ තිබුනු බැංකු විශාල ප්‍රමාණයකම තිබුනේ RPG වලින් ලියපු systems.

පොලිසියට මේ වැරද්ද තේරුනේ දවස් දෙකක් විතර ගියාට පස්සෙ තමයි. කොහොම හරි පොලිසිය වේලුට කරදරයක් කරල තිබුනේ නැහැ. ඔහුව කූඩුවට දාලා තිබිලත් නැහැ. හැබැයි එලියට එනකන්ම ඉඳල තියෙන්නෙ පොලිසියෙ බංකුවක් උඩට වෙලා තමයි.
එලියට එනකොට අපේ කලු වේළු හොඳටම සුදු වෙලා තමයි හිටියෙ.

32 comments :

  1. අයියෝ සාමි... යුද්ධය ඉවර වුන එක කොයි තරම් හොඳද?
    කළු වේළු දැන් මොනාද කරනවා අප්පා.....

    හොඳට ලියනව ෴ මගේ සුබ පැතුම්.....

    RPG දැන් හොඳට පුලුවන් ඈති කට්ටියටම නේද....

    ReplyDelete
  2. ඔන්න මම publish පාරකුත් දැම්ම .... අපරාදේ මේව කට්ටිය බලන්නෙ නැත්තම්...

    ReplyDelete
  3. බොහොම ස්තූතියි වත් . . . . ! කළු වේළු දැන්නම් ඉන්නෙ කැනඩාවෙ !! ඔව් ඔව් අපිට ඒ දවස්වල RPG හොඳට පුලුවං. මමනම් NIBM න් පස්සෙ ඒක මාස්ටර් කලේ නැහැ. ඒ උනාට ගොඩක් අය තාම RPG පාවිච්චි කරනවා !

    ReplyDelete
    Replies
    1. මම NIBM කරත්දී RPG II තිබුණේ. මේක කියවපුවම ඒ කාලේ මතකයන් ඇවිස්සුනා. ලියන්න ඉඩ තියෙන විදියට. අපිත් එක්කත් දමිළයන් ගොඩක් හිටියා. අපි කරපු කාලේ (89.2) වැඩියෙන් කරදර වුනේ මම වගේ දකුණෙන් ආපු අයට.

      Delete
  4. අඩේ..යෙක නියම කතාව අප්පා..අලිම ශුන්දරම් තමා...! දිග්ගෙටම ලියන්ඩ..!!

    ReplyDelete
  5. නියමයි නියමයි

    බොලේ වත් අක්කයි බනි අයියයිත් මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ එල එල

    ReplyDelete
  6. බනී මලේ , ගොඩක් සන්තොසයි කොමෙන්ට් එකක් දැම්මට. ජයවේවා කිවුවා !

    හසිත මලයටත් ගොඩක් ස්තූතියි මේ පැත්තෙ නිතර ඇවිත් යනවට. කොහොමද කවද්ද එක්සෑම් කාරිය ?

    ReplyDelete
  7. වත් අක්කගේ පබ්‍ලිෂ් පාරෙන් ආවේ.
    ප්‍රශ්නයක් කලු වේලු සුදු වේලු උනේ කොහොමද හැබෑටම

    ReplyDelete
  8. ලක්ෂණ කතාව අප්පා. අසරණ වේළු පව් නේද. දැන් ඉතින් වේළුලාට තංගමනීලාට මේ වගේ දේ වෙන එකක නෑ නේද?

    ReplyDelete
  9. නියම ලිපිය....හික්...මේකත් ඈත්තනේ ,,,,
    (අපිට කවුරුත් "සිංහලයා" කියල කිව්වොත් අපිට ප්‍රශ්නයක්ද ? නෑනෙ ? ඒ වගෙම දෙමළ ජාතිකයෙකුට දෙමළා කියල කියන එකත් ප්‍රශ්නයක් නෑ )

    ,මෙවා මේ අපේ සමහර එවුන් දෙමල සිංහල මිනිස්සු භේද කරන්න පාවිච්චි කොරාපු හෑටි....

    ReplyDelete
  10. ගයාන් මල්ලි, ඉසිඹුව, නුවන්. හැම දෙනාටම ස්තුතියි කියවල කමෙන්ට් එකක් දැම්මට. වත් ටත් ගොඩක් ස්තුතියි පබ්ලිෂ් පාරක් දැම්මට. හබෑටම කොහොමද එහෙම පබ්ලිෂ් පාරක් දාන්නෙ ? කොහාටද පබ්ලිෂ් වෙන්නෙ ? ඇත්තටම දන්නෙ නැති හින්දයි අහන්නෙ.

    ReplyDelete
  11. @දුමී

    පබ්ලිශ් කරන්නෙ, ඔය අනතර්ජාලෙ මිනිස්සු වැඩි පුර ගැව සෙන තැන් වල ඔයාගෙ සයිට් එකේ ලින්ක් එකක් දාලා :-)ඒ කියන්නෙ වත් අක්කා facebook එකෙ ඔයාගෙ Link එකක් දාලා.
    හරියට අර ගමෙ ලිදලග සංගමේ වගේ. (වත් අක්කට එක හොදට හුරියි වගේ :P)
    ඉතින් ලිද ලග දෙයක් කතා උනොත් දන්නවනෙ මුලු ගමම දන්නවා ඒ ගැන :-D අන්න ඒ වගේ තමා, ඔන්නම් මෙකට

    Twitter උනත් පාවිච්චි කරන්න ඇහැකි. මාත් ඔයාගෙ මෙ බ්ලොග් එක ගැන දැන ගත්තෙ වත් අක්කගෙ පබ්ලිසිටි පාරෙන් තමා :-D

    ReplyDelete
  12. තෑන්ක් යූ කිව්වා බනී මලේ විස්තර කියුවට ! වත් ටත් පිංසිද්ධ වේවා !

    ReplyDelete
  13. වත් අක්කාගේ ලිඳ ලඟ සංගමේ ගූගල් බස් තමයි.

    දුමීට ට්විටර් ගිණුමක් හදාගත්තනම් අපි කරන දේවලුත් දැනගන්න (හැබයි අපිව එලෙව්වොත් විතරයි)පුලුවන් වෙයි.

    ReplyDelete
  14. නියම කථා ටික...දිගටම ලියන්න...

    ReplyDelete
  15. බොහොම ස්තූතියි හසී කියවලා කමෙන්ට් කලාට.

    ReplyDelete
  16. දෙමලා කිවවට ප්‍රශ්ණයක් නෑ තමයි, ඒත් අපි එහෙම කියන්නෙ නෑ නේද?
    අපි කියන්නේ එක්කෝ දෙමල පොරක්, ටැමිල් පොරක්, තලයෙක්, දෙමල මනුස්සයෙක් වගේ දෙයක් නේද?

    ReplyDelete
  17. කතන්දර කාරයට බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට. මමත් කතන්දර කාරයගෙ කතා ගොඩක් කියෙව්වා. ඒවා ඉතින් එළ කිරිම තමා !

    අපි කොහොමත් වේළුට ඉස්සර කිව්වෙ දෙමළා කියලම තමයි. අපි ඌට කතා කලේ එහෙම. ඒක ඌට ගානක් උනේ නෑ.

    මගේ අදහස නම් අපි මේ වචනය පාවිච්චි කරන අරමුණේ තමයි ප්‍රශ්ණය තියෙන්නෙ . . .

    ReplyDelete
  18. නියමයි මචෝ. දිගටම ලියහන් :)

    ReplyDelete
  19. පොලීසිය හිතුවේ Rocket-propelled grenade කියලා
    ඒත් ඇත්තටම IBM RPG ගැන
    හොදම වැඩේ කියන්නේ මම මේක දැක්ක ගමන් ඔලුවට ආවේ
    Role-playing games

    ReplyDelete
  20. @රොලී, තෑන්ක් යූ වෙවා කමෙන්ට් කලාට !

    @ කන්ෆියුස්,

    ඔව් මේක IBM RPG තමයි. අපිට NIBM එකේ තිබුනේ IBM AS/400 සිස්ටම් එකක්. ඒක නිසා අපි කලේ RPG 400.

    ReplyDelete
  21. නියමයි.හදිස්සියෙන් දැක්කේ.මගේ යාළුවෙක් කියපු නිසා.දිගටම ලියන්න.(මම ඕක කියන්න ඕනයැ.)

    ReplyDelete
  22. මම නම් අද තමයි මේ පැත්තේ ආවේ.

    'ඉතින් ඔවුන් අපේ වේළුවත් නවතා අයිඩෙන්ටිටි කාඩ් එක ඉල්ලුවළු. වේලුත් ඉතින් තමන්ගෙ අයි.ඩී එක ඔවුන්ට දීල. මේ වාගෙ දේවල් වලට උන් ගොඩක් පුරුදු වෙලා තමයි හිටියෙ. නිතරම වගේ උන්ගෙ ගෙවල් පොලිසියෙන් ඇවිත් චෙක් කරන එක ඒ දවස්වල නිකන් උදේට මූන හෝදනව වගේ සාමන්‍ය දෙයක් බවට පත් වෙලා තමයි තිබුනෙ.'

    මේ කොටස අපිට සිම්පල් වුනාට එයාලාට හරිම කැපිටල් දෙයක් වෙන්න ඇති නේද? හිතන්න අපි කැමතිද අපිට එහෙම වෙනවාට නේද?

    කොහොමින් කොහොම හරි ............(හමුදාපති/ජනාධිපති/දෙදෙනාම/වෙන කෙනෙක්) යුද්ධේ ඉවරයක් කරපු එක ලොකු දෙයක්.

    ප.ලි.

    ඔබගේ හිතුමනාපය පරිදි හිස් තැනට සුදුසු වචනය වරහන් තුලින් තෝරා ඉරක් ඇඳගෙනම කියවන්න.

    ReplyDelete
  23. ආ මට කියන්න බැරි වුනා. මේ නිවාඩු දවස් එකපිට තියෙනකොට දාපු නිසා මේ ලිපිය ගොඩක් අයට මග හැරෙන්න ඇති. මම මගේ බස් එකේ මේකේ කොටසක් දාන්නම් කමක් නැහැනේ.

    ReplyDelete
  24. RanDil අක්කෙ tnks bus එකට දැම්මට එ නිසා මම මේක කියෙව්වා.

    මම 2006 NIBM dip කලේ අපේ batch එකෙත් හිටියා යාපනෙන් ආපු සිංහල කතා කරන්න බැරි boy කෙනෙක්. එයාට නම් මේ තරම් ලොකු දේවල් වෙලා නැ හොද වෙලාවට.

    ReplyDelete
  25. @ලෙක්ස්, බොහෝමත්ම ස්තුතියි කියවල කමෙන්ට් කලාට.

    @රන්දිල්, සතුටුයි මේ පැත්තෙ ඇවිත් ගියාට. ඔව් කිව්වත් වගේ අපිට ඒක සිම්පල් දෙයක් වගේ තිබුනට ඔවුන්ට නම් ඒක අනිවාර්යයෙන්ම දස වදයක් වෙන්න ඇති. දවස් දෙකකට තුනකට සැරයක් පොලිසියෙන් හරි හමුදාවෙන් හරි අවිත් ගෙවල්වල අස්සක් මුල්ලක් නෑර චෙක් කරන එක කොච්චර ආතතියක්ද ? පොඩි සැකයක් හරි මතු උනොත් ඔවුන්ට දවස් ගනන් පොලිසියෙ ඉන්න වෙනවා. ඒත් ඉතින් ඒකට විකල්පයකුත් තිබුනෙ නැහැ නේද ? ආරක්ෂක හමුදා එහෙම නොකලනං අපි අදත් ඉන්නෙ යුද්ධ කරකර

    රන්දිල්, මොකක්ද හැබෑට මේ "බස්" එක ? තව කාට හරි පොස්ට් එක කියවන්න ලැබෙනවනම් මම අනිවාර්යයෙන්ම සතුටුයි.

    @පූ, ස්තුතියි අවිත් බලල කමෙන්ට් කලාට. ගොඩක් සතුටුයි මට අවුරුදු 10ක් ජුනියර් නංගි මුන ගැසුනට. තාමත් NIBM එකේ RPG/400 කරනවද ?

    ReplyDelete
  26. දුමී මෙන්න මේකට තමයි බස් එක කියන්නේ http://www.google.com/buzz

    ReplyDelete
  27. එලම කතාව ඒක නම්. ඔයා ජාතියේ රාළහාමිලා තමා ලංකා පොලිසියේ හුඟක් ඉන්නේ :)

    ReplyDelete
  28. දැන් නම් RPG කරන්නේ නැ.අපෙත් ඉන්නවා දෙමල ලමයි 10 කත කිට්ටු වෙන්න .

    ReplyDelete
  29. 88/89 කාලේ තරුනයෙක්ගේ බෑග් එකක් බලන්නේ නැතිව පො.නි අහලා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. එතකොට උත්තර දීලා මැගසින් කියලා. ඔය දේම වෙලා. සමහරු ළඟ ගම්පෙරලිය තිබිලත් අල්ලන් ගිහින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ නේද බං සුදීකය මේ බ්ලොග් ලියවෙන්නේ නැත්තේ

      Delete

Related Posts with Thumbnails