භාෂාව වැරදීම

Posted by දුමී



මගේ මේ කට කහන එක නවත්ත ගන්නම බැරිතැන හිතුව දෙවනි පෝස්ට් එකත් කරන්න ඕනෙ කියල. ඔෆිස් එකේ වැඩ පොඩ්ඩක් පාඩු උනහම මොකද කට පොඩ්ඩක් කහ ගන්න තියෙනවනම්.

මම මේ කියන්න යන කතා දෙක තුන ඇත්තටම මට සහ මගේ සමහර යාලුවන්ට අත්විඳින්න ලැබිච්ච දේවල්. මේව ඔක්කොම මේ භාෂාව වැරදීමෙන් හෝ වැරදි විදිහට තේරුම් ගැනීම නිසා සිදු වෙච්ච අකරතැබ්බයන්. අනිත් එක මේව සේරම සිද්ද උනේ මම දන්න කියන බොහෝම හිතවත් දමිල සහොදරයන් කිහිප දෙනෙකුට.

එයින් එක්කෙනෙක් තමයි මගේ කලින් හිටිය බොස්. බොස්ගෙ නම ප්‍රතීප්. දැන්නම් ඉන්නෙ නෝර්වේ ඔස්ලෝ වල. මගේ ජීවිතයෙදි මට හම්බවෙච්ච සුන්දරම මනුස්සයෙක් තමයි ඔහු. බොස් උනාට මොකද ප්‍රතීප් අපිට සැලකුවෙ හොඳ යාලුවන්ට වගේ. ප්‍රතීප් අයත් වෙන්නෙ කඳුරට දමිල පරපුරට. හොඳටම කට්ට කාල තැනකට ආපු මනුස්සයෙක් වගේම ටොප් ක්ලාස් මීටරයක් තමයි එයා. ඉතින් අපේ ඔෆිස් එක තිබුනෙ කොම්පඤ්ඤ වීදිය හරියෙ තියෙන වෝක්ෂෝල් වීදියේ තැනක (තාමත් ඒ ඔෆිස් එක තියෙන්නෙ එතනම තමා, හැබැයි මම ඒකෙන් අස්වෙලා දැන් කාලයක්ම ගත වෙලා ගිහිල්ලා )

මම කියුවනෙ ප්‍රතීප්ගෙ ගම කඳුරට පැත්තෙ කියල, ඉතින් ගමන් පහසුව තකා ප්‍රතීප් ඔය කොම්පඤ්ඤ වීදිය හරියෙ තියෙන සිංහල ගෙයකින් පොඩි ඇනෙක්ස් එකක් කාරිය අරගෙන තමා හිටියෙ. මේ දවස්වලම තමා ප්‍රතීප්ට මල්සරා බැල්ම හෙලලත් තිබුනෙ. ඔයින් මෙයින් කාලයක් යනකොට ප්‍රතීප්ගෙ එන්ගේජ්මන්ට් එකටත් දින සෙට්වෙලා. ඉතින් දෙයියනේ කියල ඔෆිස් එකෙනුත් සති දෙකක විතර නිවාඩු අරගෙන මෑන් ගියා එන්ගේජ්මන්ට් එකට. කොහොමත් හරි සිම්පල් මනුස්සය හින්ද බොරු විච්චුරන වැඩ එයා ගාව නැහැ. ඒක නිසා අපිට එන්ගේජ්මන්ට් එක කියුවෙ නැහැ. වැඩියෙමත් කියුවෙ නැත්තෙ අපි හැම එහෙකටම කාඩ් ගහන හින්ද.

ඉතින් ඔන්න සති දෙකකට පස්සෙ ගිය කාරිය එහෙම ඉවර කරල ප්‍රතීප් සැපත් උනා කියමුකො බෝඩිමට. ඉතින් එයා එනකොට බොඩිමේ ගෙදර සෙනග ගොඩක් පිරිල ඉන්නවලු. ඉතින් අපේ බොසුත් මොකද මෙච්චර මේ සෙනග කියල හිත හිත තමන්ගෙ ඇනෙක්ස් එකට ගියාලු. ටික වෙලාවකට පස්සෙ ගෙදර අයිති කාර මහත්මය ප්‍රතීප් ආව බව දැකල කාමරයෙ දොරට තට්ටුවක් දැම්මහම මෙයා ගිහිල්ල දොර ඇරියලු. ඉතින් දොර ඇරල බලනකොට දොර ගාව ඉන්නවලු ගෙදර මහත්තයයි නෝනයි දෙන්නම. එක්කෙනෙක්ගෙ අතේ ලොකු කෑම පිඟානකුයි අනිත් එක්කෙනාගෙ අතේ කෙසෙල්ගෙඩි, කැවිලි පෙවිලි එහෙම දාපු තවත් පිඟානකුයි තිබුනලු. පලාතම සුවඳ ගහනව. මෙච්චර දුර බස් එකේ චාටර් වෙලා ඇවිල්ල බඩ පනුවො රියලිටි ශෝ එකක් කර කර ඉන්න වෙලාවෙ මේ පහල වෙච්ච පින ගැන අපේ බොස්ට අදහ ගන්නවත් බැහැ.

ඉතින් ප්‍රතීපුත් ඒ ගොල්ලන්ට ඇතුලට එන්න කියල ඇහුවලු "ආහ් මොකද පාටියක්ද ?" කියල. ඉතින් ගෙදර මහත්තය කිව්වලු අනේ අපේ අම්ම අන්ත්‍රා උනානෙ ගිය සතියෙ කියල. ප්‍රතීප් උඩ පැනල අත්පුඩියක් ගහල කිව්වලු "ෂා ! හරි ශෝක්නේ ! " කියල. නොනයි මහත්තයයි මූනට මූන බලාගෙන පිඟන් දෙකත් අරගෙන් දඩි බඩි ගාල ආපහු ගියාලු.

ප්‍රතීපුත් බැලුවලු මොකක්ද යකෝ මේ උනේ කියල. පොරට "අන්ත්‍රා උනා" කියන කෑල්ල තේරිලා නැහැ. පොර හිතුවෙ "අන්ත්‍රා උනා" කියන්නෙ හොඳට පාටි දාල සෙලිබ්‍රෙට් කරන ජොලි සීන් එකක් කියල. ඇත්තටම වෙලා තියෙන්නෙ ප්‍රතීප් ගෙදර එනකොටම තමයි හත් දවසෙ දානෙ හාමුදුරවන්ට දීල ඉවර වෙලා, ඊට පස්සෙ ප්‍රතීප්ගෙ පන්ගුව ගෙදර කට්ටිය ලඟටම ගෙනැල්ල දීල තියෙන්නෙ. කරුමෙක මහත කියන්නෙ දොර ලඟටම ගෙනැල්ල දීපු කෑම ටික බඩට දා ගන්නත් මේ භාෂාව හරහට හිටියනෙ.

13 comments :

  1. කට කහනවට කියන කතා මරේ මරුනෙ....දිගටම ලියමු එහෙනම්

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි හසිත මල්ලිට මගේ බ්ලොග් එකේ ෆස්ට් ෆලොවර් උනාට. භාෂාව පැටලිල වෙච්ච තව සිද්දි දෙක තුනක්ම තියෙනව. මේ පොස්ට් එක ටිකක් දිග වැඩි වුන හින්ද ඉතුරු ඒව අලුත් පොස්ට් එකකින් ඉක්මනටම දාන්නම්. පුලුවන් වෙලවාවට මේ පැත්තෙ ඇවිත් යන්න එන්න අමතක කරන්න එපා ඔන්න.

    ReplyDelete
  3. එනව එනව අනිවාර්යෙන්නම එනවා....පුලුවන් විදියට ලියන්නකො අයියෙ....ජයවේවා

    ReplyDelete
  4. හෆොයි . ..

    නියමයි බන් . .

    හිටපන් තව ලිපියක් දෙකක් ලිව්වට පස්සේ Link එක මම මගේ මූනු පොතේ දාන්නම්.

    මේ උඹ මේකට හිට් කවුන්ටර් එකක් දාලා නෑ නේද මචං . .???

    ඒකකුත් දාගනින්. . !!!

    ReplyDelete
  5. දුකා,
    තෑන්ක්ස් මචන් කමෙන්ට්ස් වලට. මම උඹට කෝල් එකක් දෙන්නම් ඉක්මනටම. හිට් කවුන්ටර් එකකුත් කොහොම හරි දාගන්නම් මචන්. බ්ලොග් එක හැදුවෙ හදිස්සියේ.

    ReplyDelete
  6. ෂා ... මම මේ පරක්කු වෙලා නෙව ඈවිත් තියෙන්නෙ මේ පැත්තෙ. මේ පැත්තෙ එන්න හිතුනෙ ඔබතුමා දුකා ගේ බ්ලොග් එකේ ලිය තිබ්බ කතාව දැකල (ආච්චි වැහුන කතාව)
    බොක්ස් ගිටාර් කිවම මට හිතුන ඔබතුමාට යසට ලියන්නත් පුලුවන් ඈති කියල...
    කට කහනවට නෙමෙයි අත කහනවට ලියල බලන්න කො... මට නම් දැන් ලිවිල්ල නතර කර ගන්න බැහැ... දවසට එක වෙන්න ලියනව....

    ReplyDelete
  7. @හසිත මල්ලි, බොහොම ස්තුතියි ආයෙ මේ පත්තෙ ආවට.

    @වත්
    ස්තුතියි වත් ! මේ පැත්තෙ ඇවිල්ල ගියාට. මම මේ බ්ලොග් එක හැදුවෙ දඩි බඩියෙ. දන්මම ඇබ්බැහි වෙලාද කොහෙද.

    ReplyDelete
  8. අඩේ මම නම් ගොඩක් පරක්කු වෙලා වගේ..එළ කිරි මචන් අයියේ..! දිගටම ලියන්න...!

    ReplyDelete
  9. බනී, උඹ පරක්කු නැහැ මලේ . . . . තාම මේ බ්ලොග් එක පටන් අරන් දවස් පහයි ! නිතරම ආව ගියොත් ඉතින් මගේ ශක්තියත් ඒකම තමා !

    ReplyDelete
  10. දිගටම ලියන්ඞ කිව්වා ජයවේවා

    ReplyDelete

Related Posts with Thumbnails