දුමීගේ පිවිසුම

Posted by දුමී



මෙන්න දුමීගේ පළවෙනි බ්ලොග් පෝස්ට් එක.

සෑහෙන කාලයක පටන්ම බ්ලොග් එකක් පටන් ගන්න හිටියට මොකද ඒක මොන හේතුවක් හින්ද හරි පස්සට ගියා. ආයෙමත් මේක කරන්න ඕනෙම කියල හිතුනෙ හොඳ සිංහල බ්ලොග් ටිකක් කියවන්න ලබුනට පස්සෙ. සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදයෙ ඉන්න නිර්මාණ කරුවන්ගෙ හොඳ බ්ලොග් පෝස්ට් ටිකක් බැලුවහම දැන්මම පටන් ගන්න ඕනෙ කියල හිතුන.

ඉතින් ඉස්සලාම ආපු ප්‍රශ්නය තමයි මොකක්ද බොලේ මේකට දාන නම කියල, මොකද ඔක්කොම හොඳ හොඳ නම් මෙලහකටත් අරගෙන ඉවර වෙලා නිසා. අන්තිමට හිතුවා දුමීගේ කට කහන කතා කියල දාන්න. මොකද මම මේ බ්ලොග් එකේ කියන්න යන සමහර කතා හුඟ කාලයක් තිස්සෙ කියන්න කෙනෙක් නැතුව මගේ කට කහ කහා හිටියෙ. අපේ ගෙදර උන්දැ හිටියට මොකද ඉතින් මම කියන කතා අහගෙන ඉන්න එකක් යැ.හැබැයි බැරිවෙලාවත් ඉතින් මම එයා කියන කතා අහගෙන හිටියෙ නැතිනම් තමා විජ්ජුම්බරේ බලා ගන්න පුලුවං වෙන්නෙ. අඩුම තරමෙ වේල් දෙක තුනක්වත් කඩෙන් කන්න වෙන එක නම් ඉතින් ෂුවර්ම තමා.

ඉස්සිස්සෙල්ලාම කියල ඉමුකො මම දුමී උනේ කොහොමද කියල. මගේ ඇත්ත නම නං දුමී නෙමෙයි ඔන්න. දුමී කියල කෑල්ලක්වත් මගෙ නමේ පැත්ත පලාතකවත් නැහැ. ඉතින් ඔන්න මම ඉපදුනු දවස්වල නම දාන්න මුල අකුර දීල තියෙන්නෙ 'දු' යන්නලු. ඉතින් අපේ ජෙනරේෂන් එකේ ඉපදුන පලවෙනි කොල්ල හිංදද කොහෙද නැන්දල, මාමල, බාප්පල, පුංචිල, ආත්තම්මල ඔය ඔක්කොම සෙට් වෙලා තියෙනවා නමක් සිලෙක්ට් කරන්න. එක්කෙනෙක් කියල දුමිඳු කියල දාන්න කියල. තව එක්කෙනෙක් කියල දුලිප් කියල දාන්න කියල. තව එක්කෙනෙක් තව එකක් කියල. කොහොමෙන් කොහොම හරි අපේ අම්ම මට දාල තියෙන්නෙ "දු" යන්නෙන් පටන් ගන්න වෙන නමක්. ඉතින් මේකට හිත රිදුන අපේ නැන්ද කෙනෙක් එයා යොජනා කරපු "දුමිඳු" කියපු නම තවත් කොට කරල මට දුමී කියල පෙට් නේම් එකක් දාපි.

එදා ඉඳන් මම ඔෆිෂලි ගෙදරට දුමී උනා. හැබැයි අම්ම නම් මට කියුවෙ ලොකු පුතා කියල. "ලොකු" කෑල්ල ඉස්සරහට ආවෙ මල්ලි ඉපදුනාට පස්සෙ තමයි ඉතින්. අම්ම දුමී කියල මට කතා කලේ මාත් එක්ක මල පැන්නොත් විතරයි. එතකොට ඉතින් මට කතා කරන්නෙ "දුමී මෙහෙට වරෙන්" වගේ ආදර වදන් ටිකක් එකතු කරල තමයි.

ඕං ඉතින් නම ආපු විදිහත් කියුවනෙ, ඉතින් මොනවද හත්වලාමෙ මම මේකෙ ලියන්න යන්නෙ ? අනේ ඉතින් මම ඔය සංකීර්ණ දේශපාලන භාෂාවල්නම් දන්නෙ නැහැ. ඒවා ලියන්න අදහස් කරන්නෙත් නැහැ. ඔය මට අහන්න දකින්න ලැබිච්ච සිද්දි ටිකක් තමයි මම මේකෙ මේ දිග අරින්න හදන්නෙ. ඒවයින් ගොඩක් දේවල් හොඳ විනෝද ජනකයි. මම හිතන්නෙ හොඳට හිනා වෙන්න පුලුවන් වෙයි. එහෙම නොවුනොත් ඉතින් පාරෙ යන එක්කෙනෙක්ට කියල හරි කුචි කවා ගන්න තමයි තියෙන්නෙ.

ඉතින් මේ පැත්තට ඇවිල්ල මගෙ පෝස්ට් එකක් දෙකක් කියවල ගුණ දොස් ලියල යන්න අමතක කරන්න එපා හොඳේ ?

ඕන්න ඉතින් මම මගේ හා හා පුරා කියල ලියපු පළවෙනි පෝස්ට් එකට තිත තියනව.

මේව ඉතින් මම කට කහනවට ලියන ඒවනේ !!

17 comments :

  1. දිගු ගමනක් යන්න සුබ පතනවා

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලොත් කමෙන්ට් කරන්න ලේසියි

    ReplyDelete
  2. ස්තුතියි හසිත මල්ලිට. ඔන්න මම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා.

    ReplyDelete
  3. නියමයි නියමයි...දැන් එහෙනම් අයියෙ දිගටම ලියමු

    ReplyDelete
  4. ලියන ස්ටයිල් එක නම් පට්ට . .

    අනාගතයේදී උඹේ ලිපි කියෝලා බිම පෙරලි පෙරලි හිනාවෙන්න ඇහැක් වෙයි කියලා නිකම්ම හිතෙනවා මේ ප්‍රවේෂ ලිපිය කියෙව්වාම ම . . හික් හික් . .

    අහ් උඹ මගෙ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එක තාම්යි මෙතනට එන පාර කිව්වේ . . මේ ටිකේ වැඩ අම්බානකට බන් ඒක නිසා SBU පැත්තට යන්න බැරි උනා.

    හරි ඔන්න ජය වේවා කිව්ව එහෙනම් . . !!!

    මමත් ඩුබායි ඉඳන් දැන් අවුරුද්දකට විතර කලින් අබුදාබි ආපු එකෙක්. වෙලාවක කෝල් එකක් දීපන් 050-4514671

    ReplyDelete
  5. දුකා,

    තෑන්ක්ස් මචන් කමෙන්ට්ස් වලට. මම ලඟදීම අබුඩාබි වලට එනවා ලොකු සත්කාරියකට. උඹ දන්නවද දන්නෙ නැහැ හෙල බිම සංවිධානය සහ එම්බසි එක එකතු වෙලා කරන "දිරිය ගී සරණිය" . ලබන ජූනි 4 වෙනිදා තියෙන්නෙ අබුඩාබි වල. වෙලාවක් තිබුනොත් බලන්න වරෙන්.

    ReplyDelete
  6. ම් ම් හෙළ බිම එකෙන් කරන දිරිය ගී සරණිය නම් දැන් මෙහේ හිටපු අවුරුදු 4ම බැලුවා කලින් අවුරුදු වල. මේ පාර එක ගැන නම් හරි හමන් විස්තරයක් අවේ නෑ බන්.

    ReplyDelete
  7. mata "දිරිය ගී සරණිය" vistara ewapan machan . . sathula@yahoo.com ekata . . pls

    ReplyDelete
  8. නම ගෙස් කරන එකත් හොඳ ගේම් එකක් වගේ.. ම් ම්.. දුෂ්මන්ත වත් ද ?

    ReplyDelete
  9. nama wagema honda porak thami. Ela Ela...ohoma yan......

    ReplyDelete
  10. ඹයා මාරයිනෙ? Blog ඵකට සුබ පතූමි.

    ReplyDelete
  11. දිගු ගමනකට කෙටි සුභ පැතුමක් අයියා :)

    ReplyDelete
  12. නියම බ්ලොග්1ක් aiye. එලකිරි.

    ReplyDelete
  13. දුමි අය්යෙ !!
    පෙරෙදා හවස එලකිරි එකෙ කරක් ගහද්දි මල්ලි කෙනෙක් දාල තිබ්බා ඔයගේ බ්ලොග් එකෙන් උස්සපු කතවක්.. හැබැයි වැඩේ එක නෙමේ අන්තිමෙදි මම නැවතුනේ අය්යෙ උඹේ බ්ලොග් එකත් හොයගෙනම තමා.. හම්මේ මෙ දැන් තමා කියවල ඉවරයක් කරල දැම්මේ... අඩේ අය්යෙ බඩ රිදෙනව බොල හිනා වෙලා.. ලොවෙත් නෑ.... හහහා....
    එක දෙයක් කියන්න ඔනේ..ලස්සනට බ්ලොග් එකට කතා ටික ලියල තියෙනව....

    මේ කත ඇතුලෙ ජිවත් වෙන දුමීම නම් හැබැ ලොකෙදි ඉන්නෙ.. අයියෙ මගේ අම්මපල්ල උඹ්ව අඳුරගන්න කැමති මොකෝ දන්නවද... ලොකේ ජීවත් වෙන සොඳුරු චරිත වලින් එකක් උඹ කියල මම විශ්වාස කරන හින්දා එහෙමත් නැත්ත්ම් උඹෙ බ්ලොග් එහෙම විශ්වාසයක් මගේ හිතේ ඇති කරපු හින්දා ද මන්දා ඉතින්....

    ඒ මොනා උනත් සහො ඔබට සදා ජය.....

    ReplyDelete
  14. හැමදාම යන බස් එකේ අනිවාර්ය හෝල්ට් එකක් වගේ අය්යා මට නම් මෙතන..දිගටම කරගෙන යං..
    සුබ පතනවා!!!

    ReplyDelete
  15. එළකිරි පොස්ට් එකක් සහෝදරයා... ජයවේවා !!!

    ReplyDelete
  16. එක හුස්මට කියෙව්ව අග ඉදන් මුලට මුළු බ්ලොග් එකම.එක හුස්මට කිව්වට දවස් දෙක තුනක් ගියා ඉතිං.ඕං දැන් තමා ඉවර කළේ කියවිල්ල.එච්චරට රහයි!හිනාවෙලා ම බඩත් රිදෙනව ගොඩක් ඒවල දි.

    බ්ලොගේ පළවෙනි පෝස්ට් එක දාල තියෙන්නෙ අවුරුදු හතකට කලින්.මේ කොමෙන්ටුව දකීද නැද්ද කියලත් සැකයි ඒ හන්ද.2015න් පස්සෙ 2016 ට ගොඩ වැදෙන්ට කලියෙන් කට කැහිල්ල නතර වෙලා වගේ.දැන් 2018 ලබන්න යන හින්ද අලුත් අවුරුද්දෙ ආයෙ කට කහන කතාවක් කියවන්න තිබ්බොත් පංකාදු යි ඉතිං!

    ජය!

    ReplyDelete

Related Posts with Thumbnails