භාෂාව වැරදීම - 2

Posted by දුමී



භාෂාව වැරදීම සම්භන්ධ කතා දෙක තුනම එකම පොස්ට් එකකට දාන්න හිතාගෙන හිටියට ලියනකොට ටිකක් දිග වැඩි උනා. ඉතින් හිතුවා දෙවෙනි පොස්ට් එකක් ලියන්න ඉතුරු කතා සඳහා.

ඉතින් මම මේ කියන්න යන කතාවටත් වස්තු බීජ උනේ මගේ බොහොම හිතවත් දමිල සහොදරයෙකුට වෙච්ච අකරතැබ්බ්යක්.
දැන් මම මේ කතා ලියාගෙන ලියාගෙන යනකොට අපේ ඔය සමාජ වාදය එහෙම තදින් හදාරලා තියෙන අනිත් සහොදොරයො එහෙම කේන්ති ගන්නව නෙමෙයි මම මේ දමිල සහොදරයන්ට මඩ ගහල ඒ ගොල්ලන්ගෙ මානව අයිතිවසිකම් උල්ලංගනය කරල, ඔවුන්ගේ මව් භාෂාව කතාකරන්න තියෙන අයිතිය උල්ලංගනය කරනව වගේ මෙකී නොකී දේවල් කරනව කියල. ඔන්න මම කලින්ම කිව්ව හොඳේ මගේ අදහස මේ රසවත් සිද්ධි ටික හැමෝම එක්ක ෂෙයාර් කරල ටිකක් විනෝද වෙන්න විතරයි. ඔය අතර තුර සංවාදයකට තුඩු දෙන කතාත් නොතියෙන එකක් නැහැ සමහර විට.

මේ සිද්දියට සම්භන්ධ මගේ මිත්‍රයාගේ නම මෙල්වින්. අපි ඌට කතා කලේ 'මෙලා' කියල. මෙලා ඇවිල්ල වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පිස්සු පූසෙක්. ඒ වගේම වැඩ කරන්න ගියහමත් ඌට වැඩිය දක්ෂයෙක්ව හොයාගන්න අමාරු උනා. අපි ඔක්කොම මුන ගැසුනෙ මම වැඩ කරපු කලින් ඔෆිස් එකේදි. ඔයගොල්ලන්ට මතක ඇති මම ඒ ඔෆිස් එකේ විස්තර මගේ කලින් පෝස්ට් එකෙන් කියුවා. යථා කාලයෙදි මම කම්පණි එකේ නම කියන්නම්. ඒ කම්පැණියෙන්ම තමා අපි සේරවම ඩුබායි වල තියෙන තව ප්‍රධාන පෙලේ කම්පැනියක සොෆ්ට්වෙයාර් ප්‍රාජෙක්ට්ස් වලට එව්වෙ.

ඉතින් ගොඩක් වෙලාවට මේ දමිල සහොදරයන්ට සිංහල කතා කරන්න බැහැ, මොකද ඔවුන් තමන්ගෙ මූලික අධ්‍යාපනය ලබල තියෙන්න යාපනය අර්ධද්වීපයේ එහෙම නැතිනම් මඩකලපුව වගේ නැගෙනහිර පලාත්වල. ඔවුන් තමන්ගෙ උසස් අධ්‍යාපන කටයුතු වලට තමයි ගොඩක් වෙලාවට කොළඹ ඇවිල්ල තියෙන්නෙ. සමහරු ඉස්සෙල්ලම සිංහලයෙක්ව දැකල තියෙන්නෙත් කොළොඹ ආවට පස්සෙ.

ඉතින් අපි ඩුබායි ආවට පස්සෙ ලංකාවෙ ඉන්නවට වඩා හැමෝම ගොඩක් ලඟින්ම ආශ්‍රය කරනව. මොකද ගොඩක් වෙලාවට අපි හැමෝම නැවතිල හිටියෙ එකම බිල්ඩිමක. මුල් කාලයේනම් හොටෙල් අපාර්ට්මෙන්ට්ස් වල. මෙහෙ සති අන්තය තියෙන්නෙ සිකුරදා සහ සෙනසුරදා. සතිය පටන් ගන්නෙ ඉරිදයින්. ඉතින් ගොඩක් වෙලාවට බ්‍රහස්පතින්ද කියන්නෙ අපේ පාටි දාන දවස තමයි. ඒක ඉතින් වරදින්නෙ ඉතා කලාතුරකින්. සාමාන්‍යයෙන් රෑ 9 ට විතර පටන් ගන්න පාටිය ඉවර වෙන්නෙ පාන්දර 6 ත් පහු වෙලා තමයි.

ඉතින් ඔහොම ටික කාලයක් යනකොට සිංහල පොඩ්ඩක්වත් කතා කරන්න බැරිව හිටපු මෙලා ටික ටික කොට කොට සිංහල කතා කරන්න ට්‍රයි එකක් දුන්නා. වැඩියෙමත් ඌට සිංහල ඉගෙන ගන්න ඕනෙ උනේ අපි ඌට සිංහලෙන් බනිනවද කියල දැන ගන්න :) . පිස්සුද මන්ද ඌට අපි එහෙම චාටර් වැඩ කරන්නෙ නැහැනෙ. ඉඳල හිටල ඔය කොහෙවත් යන කාඩ් එකක් හරි මඩ පාරක් හරි දමල ගැහුවට .

කොහොම හරි මේ වැඩෙන් අපේ කොල්ලො නම් හොඳ ආතල් එකක් ගත්තා. මෙලා මොකක් හරි දෙයක් සිංහලෙන් කියන්නෙ කොහොමද කියල ඇහුවම අපේ එවුන් මොකක් හරි කුනුහරුපයක් ඌට උගන්නනවා.

මට මතකයි එක පාරක් මෙලාට ඕනෙ උනා 'චියර්ස්' කියන එක සිංහලෙන් කියන්නෙ කොහොමද කියල දැනගන්න. ඌටත් හිතෙන දේවල්. අඩුගානෙ අපිවත් දන්නෙ නැහෙනෙ 'චියර්ස්' සිංහලෙන් කියන්නෙ කොහොමද කියල. ඉතින් මේක මේ කොනක් හොය හොයා ඉන්න අපේ නැහැදිච්ච කොල්ලන්ට හොඳ ලීඩ් එකක්. උන් මෙලාට කියල දුන්නෙ 'චියර්ස්ස්ස්ස්ස්' කියල සිංහලෙන් කියන්නෙ 'පුක අ අ අ' ( ක යන්න ටිකක් ඇදල කරල කියල ) කියල. මෙලත් මේක සිරාවටම අරගෙන ඊලඟට සෙට් වෙච්ච දවසෙ කියුවෙ නැතෑ මහ හයියෙන් වීදුරුවත් පුරෝගෙන 'පුක අ අ අ අ අ අ' කියල. කට්ටිය හිනා උන විදිහට බීපුව නහයෙන් හිටන් ආවා. තව පොඩ්ඩෙන් එකෙක්ව දෙන්නෙක්ව ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙනව හිනාව නවත්ත ගන්න බැරිවෙලා.

ඔය සිද්ධියෙන් පස්සෙ මෙලා දැන ගත්ත අපේ එවුන් ඌව කඩේ යවනව කියල. ඊට පස්සෙ ඌ ඉස්සෙල්ලම ඉගෙනගත්තෙ සිංහල කුණුහරුප ටික. අපි ඉතින් ඕව කියුවෙ, පාවිච්චි කලේ නැති උනාට ඉතින් කවුරුහරි උනන්දුවෙන් ඉගෙන ගන්නවනම් පැනල උගන්වනවනෙ.

මට කියන්න ඕන වෙච්ච මෙලාට භාෂාව වැරදිච්ච සිද්ධිය උනේ තවත් ටික කාලයකට පස්සෙ. ඉතින් ඩුබායි ඇවිල්ල අවුරුද්දක් ඉවර උනාට පස්සෙ තමයි අපිට මාසෙක ඇනුවල් ලීව් එකක් හම්බවෙන්නෙ. ඉතින් මෙලත් අවුරුද්දක් ඉවර කරල දෙයියනේ කියල ලංකාවට ගියා නිවාඩුවට. මේ සිද්දිය වෙලා තියෙන්නෙ එතකොට තමයි.

මෙලත් කොහොම හරි ඔය බම්බ හරියෙන් 154 බස් එකකට නැගල තියෙනවා. කොහොම හරි ටික වෙලාවකින් සීට් එකකුත් හම්බවෙලා හරි බරි ගැහිල ඉඳ ගත්තළු. ඔහොම ටික දුරක් යනකොට බඩ දරු අම්ම කෙනෙක් බස් එක ඉස්සරහ පැත්තෙන් බස් එකට නැගල තියෙනව එයාගෙ මහත්තය කියල හිතන්න පුලුවන් එක්කෙනෙක් එක්ක. මේ වෙලාවෙ බස් එකේ සීට් ඔක්කොම පිරිල තමයි තිබිල තියෙන්නෙ. අද කාලෙ ඉතින් දන්නවනෙ එහෙමත් එක්කෙනෙක් තමයි නැගිටල සීට් එකක් හරි දෙන්නෙ. සීට් එක දෙන්න වෙනව කියල දැන ගත්තම සමහර අය නිදි කිරා වැටෙනවා.

මෙලා ඉඳගෙන ඉඳල තියෙන්නෙ බස් එක මැදක් හරියට වෙන්න. මෙලා බැළුවලු කවුරුවක්වත් සීට් එකක් දෙන පාටකුත් නැහැ කියල පට ගාල සීට් එකෙන් නගිට්ටලු. දන්න සිංහල පාවිච්චි කරන්නත් හොඳ අවස්තාව කියල හිතල මහ හයියෙන් අර ගෑනු මනුස්සයට කෑගැහුවලු "වරෙන් බුදියගනින්" කියල. මුලු බස් එකම ෆුල් හොල්මන් වෙලා බලාගෙන ඉන්නවලු මේ මොකක්ද කියල. ඒ අස්සෙ මෙලත් බැළුවලු අර ගෑනු මනුස්සයත් තුශ්නිම්භූත වෙලා වගේ බලාගෙන ඉන්නවලු. ඌ ආයෙත් අතින් අඬගහල කිව්වලු "වරෙන් බුදියගනින්" කියල. කොහොමින් කොහොම හරි මෙලා එදා ගුටි නොකා බේරිලා ගිහිල්ල තියෙන්නෙ අනූනවයෙන්. පලවෙනියටම මූට "ඉඳගනින්" කියන එකයි "බුදියගනින්" කියන එකයි පැටලිලා. දෙවෙනියට ඌ දන්න සිංහල ඇවිල්ල අපේ කොල්ලො කතා කරන බන් බොලන් භාෂාව. අපි යාලුවොත් එක්ක කතා කරනකොට "ඉඳගනින්" කියල කියනව මිසක් "ඉඳගන්න" කියල කියන්නෙ නැහැනෙ. යාලුවෙක් තව යාලුවෙක්ට අඬගහනකොට "වරෙන්" කියනව මිසක් "එන්න" කියල කියන්නෙ නෑනෙ. ඉතින් ඔය වැරදීම් ඔක්කොම ටික එක සැරේ අපේ මෙලාට උනා !

ඉතින් මේ කතා කට කහ කහ තියාගෙන ඉන්න කියලද මට කියන්නෙ ?

13 comments :

  1. මරේ මරු කතාව අයියෙ...හිනා කාලා මැරෙනවා... මෙලා අයියටත් මාර වැඩනෙ වෙලා තියෙන්නෙ :D

    ReplyDelete
  2. තෑන්ක් යූ හසිත මලේ !

    ReplyDelete
  3. මරු කතාව...හික්ස්...
    ඒක මෙතන නොදා මගෙ බ්ලොග් එකේම දාන්නම්කො. මොකද ටිකක් දිග එකක් :D

    ReplyDelete
  4. අයියෝ . . උඹල නම් මාර යාලුවෝ තමයි හප්පා . ..

    ReplyDelete
  5. හික් හික්.. මරු යාලුවො ‍තමයි.

    ReplyDelete
  6. @දිල්, @ දුකා, @ ගයාන්,

    තෑන්ක් යූ වේවා කමෙන්ට් කලාට. හි..හි... අපි වගේ යාලුවො ලබන්න මුං පිං කරලා තියෙන්න ඕනේ . . ! :)

    ReplyDelete
  7. හපොයි මෙලා ගුටි නොකා ආව මදැයි..

    නියම කතා ටික මචන්... අද දැක්කේ බ්ලොග් එක ඔක්කොම වගේ කියෙව්ව.

    ReplyDelete
  8. yako mama denagena hitoye nehene Dumeeta java wage lassanata Sinhalath liyanda puluwani kilaya...ela ela....ohoma yan. Thawa honda katha tikaka mathak karala dendada :)

    ReplyDelete
  9. patta kathawak ne.. ape SLIIT eketh tamil un innawa Jaffna indan aapu. Unta tikak sinhala ugannala ganna oona

    ReplyDelete
  10. නියමා.................................යි :)

    ReplyDelete
  11. Maxza story. Nice mango friend.

    ReplyDelete
  12. අයියෝ..!!!! පව් වැඩේ. අපෙත් ඉන්නවා ගෑනු ලමයෙක්. අපි නම් ඉතින් ඔය වගෙ දේවල් කියන්නෙ නැ. එත් අපි එයා කතා කරන හැම වෙලවකම බඩ අල්ලන් හිනා වෙනවා. ඒ ලමයා, " මෙයා" කියන එකට කියන්නෙ.. "මේක" කියලා. " මේක මම අඩුරන් නෑ තමා අප්පා..! " කියනව... අපි ඉතින් බලනව මොකද්ද මේ මේක කියලා....

    ReplyDelete
  13. ඔයින් ගියා මැදෑ ........
    අර ගෑණු මනුස්සයගේ මහත්තයා පුදුමයි පෝරියල් එකක් නොදුන්නා ...

    ReplyDelete

Related Posts with Thumbnails