නෝටි බබාලා
Posted by
ටික දවසක් මොනවාවත් ලියන්න තරම් ඉස්පාසුවක් නම් තිබුනේ නෑ. ඉතින් කිව්වත් වගේ සති තුනකින් මේ පැත්තෙ ආවෙත් නැති නිසා ඔන්න මකුළු දැල් එහෙම පොඩ්ඩක් පිහලා කාරිය තම්යි පටන් ගන්න වෙලා තියෙන්නෙ.
ඔන්න මම අද ලියන්නෙ යන්නෙ මේ නෝටිම නෝටි බබාලා නිසා අම්මල තාත්තලට, විශේෂයෙන් තාත්තලාට මුහුණ පාන්න වෙච්චි අකරතැබ්බ ටිකක් තමයි. පටන් ගන්න යන්නෙ ඉතින් මේ පොඩි බබාලා කල් යල් බලලා අහන අඤ්ඤකොරොස් පුරස්න වලින් තමයි. ඔය පොඩි එවුන් අහන ප්‍රශ්න වලින් අම්මලා තාත්තලා කොර වෙනවා කියන්නෙ ආපහු ගොඩ ඒම නම් බොරු.
මගේ මෙහේ ඉන්න යාළුවෙක් තමයි "රණේ" කියන්නෙ. ඔය හිටපු ගමන් මේ පැත්තෙත් ඇවිල්ලා කමෙන්ට් එකක් දෙකක් කොටල යන හාදයෙක් තමයි එයා. ඉතින් මේ රණේට ඉන්නවා කොල්ලෙක්, දැන්නම් කර දඬු ටික ටික උස් මහත් වෙලා. දැන් ටික කාලෙකට කලින්, මේ කොල්ලා බබා කාලේ වෙච්චි දෙයක් තමයි මේ. ඉතින් මෙහේ අවුරුද්දක් හමාරක් වැඩ කරලා නිවාඩුවට ලංකාවට ගියාමනේ මදුරුවන්ගෙන් සත්කාර එහෙමෙ ලබන්න වාසනාව උදා වෙන්නෙ. ඉතින් මේ ගොල්ලන්ටත් මදි නොකියන්නම මේ සත්කාරය ලැබුනා කියලා තමයි ආරංචිය නම් ආවෙ.
ඔන්න ඉතින් මේ පොඩි එකාටත් හරිම පුරෂ්නයක් මේ මදුරුවො ගැන තියෙන්නෙ. දැන් ඉතින් පොඩි එකා තාත්තාගෙන් අහනවා,
"තාත්තෙ මදුරුවො හැදෙන්නෙ කොහොමද ?"
"වැහැලා වතුර පිරුනහම, මදුරු අම්මා ඇවිත් වතුර වලවල් වල බිත්තර දානවනේ පුතේ... එහෙමයි මදුරුවො හැදෙන්නෙ."
"එතකොට වහින්නෙ කොහොමද තාත්තෙ ?"
"වතුරින් පිරිච්ච ලොකු කළු වලාකුළු එකතු වුනහම වැස්ස වහිනවනේ පුතේ ?"
"ඇයි තාත්තෙ මදුරු අම්ම වහිනකන්ම ඉන්නෙ, ඌට පුළුවන්නෙ ගිහින් වළාකුලේ බිත්තර දාන්න......"
දැන් ඉතින් දීපන්කො උත්තරේ.
හැමෝම දන්නවනෙ පොඩි බබාලට ඔය කොල ජාති එහෙම කවා ගන්න තියෙන අමාරුව. බබාලට විතරක් නෙමෙයි සමහර තාත්තලාටත් කොල ජාති කවා ගන්න හරිම අමාරුයි. ඉතින් මේ අතරේ ඔය ආච්චි අම්මා කෙනෙක් තමන්ගෙ මුනුපුරාට කොල මැල්ලුම් ටිකක් කවා ගන්න බුදු ගේමක් දෙනවා. මේ පොඩි එකාත් සාමාන්‍ය අයට වඩා දෙහත මහත එකෙක්.
"පුතේ කොල කෑවහම ඇඟ කෙට්ටු වෙලා ලස්සන වෙනවා..."
"ආච්චි අම්මේ, එතකොට අලි මොකද ඔච්චර මහත ?"
හොඳ වෙලාවට ඒ ආච්චි අම්මා පපුවෙ අමාරුව එහෙම නැති එක්කෙනෙක්.
ඔන්න දවසක් තවත් මගේ හිතවත් යාළුවෙක්ගෙ පොඩි දුවෙක් එයාගේ අම්මගෙන් හතර හන්දි කැඩෙන ප්‍රශ්නයක් අහලා. දැන් මේ පොඩ්ඩිත් කාලයක් තිස්සේ හොඳට ඇනලයිස් කරලා, එයාගේ නැන්දිලා, පුංචිලා ලොකු වෙඩින් අරගෙන බඳිනවා, බැඳලා ටික කාලෙකට පස්සෙ බබාලා හම්බ වෙනවා, අනේ ඉතින් මේකි හිතේ හිර කරගෙන හිටපු ප්‍රශ්නේ අහනවා එයාගේ අම්මගෙන්,
"අම්මි, ඇයි අම්මි අපේ නැන්දිලා පුන්චිලා බඳින්න කලින් බබ්බු හම්බ උනේ නැත්තෙ ? බැඳපු ගමන්ම ඇයි එයාලට බබාල හම්බ වෙන්නෙ ?"
ඉතින් ඒ අම්මට උගුරෙ කෙල හිරවෙච්චි පාරට තව පොඩ්ඩෙන් ඉස්පිරිතාලේ ගෙනියන්න වෙනවා.
මේ වගේ බෙල්ල ගහලා යන වැඩක් දැනට අවුරුද්දකට විතර කලින් මටත් උනා මගේ කොල්ලා නිසා. ඩුබායි වල මෙට්‍රො එක (නගරෙ ඇතුලේ ධාවනය වෙන නවීන දුම්රිය සේවයක් ) පටන් ගත්ත දවස්වලම වගේ අපිත් ගියා පොඩි සවාරියක් මෙකෙ ජොලියටත් එක්ක. මෙට්‍රො එකේ සමහර පෙට්ටි වල ආසන පේලි තියෙන්නෙ දෙපැත්තෙ මුහුණට මුහුණලා තියෙන විදිහට. කොහොමත් කෝච්චිය එදා සෙනගින් පිරිලා හිටපු නිසා මගේ කොල්ලා හිටියේ මගේ උකුල උඩ වාඩිවෙලා. එතකොට ඌට අවුරුදු හතරහමාරක් විතර වගේ තමයි වයස. ඉතින් අපි ඉඳගෙන හිටපු සීට් පේලියට විරුද්ධ පැත්තෙ පේලියේ අපිට මුහුණලාගෙන වාඩිවෙලා හිටියා හොඳ හයේ හතරේ ගෑණු පරාණයක්. මෙයත් අපේ කොල්ලත් එක්ක උකුළු මුකුළු කර කර ඉන්නවා දැන්. අපේ එකාටත් ටිකක් වෙලා යනකොට මේක ඇති වෙලා හිටියේ. එක පාරටම මූ මුලු කෝච්චියට ඇහෙන්න මගෙන් අහනවා,
"වයි තාත්ති, දැට් ආන්ටි ඊස් සෝ ෆැට් ඇන්ඩ් අග්ලි...." ,
යකෝ මෙහෙම එකක් අහනකොට අහපියකෝ සිංහලෙන්.... මෙච්චර වෙලා අර මුකුළු කර කර හිටපු එක්කෙනා පුපුරන්න ගත්තෙ නැතෑ එතන ඉඳන්. මමත් ඉතින් අහිංසක මූනක් දාගෙන කෝච්චියෙන් බහිනකන්ම බිම බලාගෙන ආවා.