මාරියා කියන්නෙ බඩුවක්ද ?

Posted by දුමී

මෙහේ ඉන්නකොට පාළුව, කාංසිය, ඒකාකාරිත්වය, ආතතිය ඔය මෙකී නොකී දේවල් වලින් බේරෙන්න කියලා අපි යාළුවො ටිකක් එක්ක එකතු වෙලා වෙවේකී වෙලාවට සින්දුවක් කියලා පොඩි ජොලියක් දානවා. එහෙම සුළුවෙන් ජොලියට පටන් ගත්ත අපේ සංගීත වැඩවලට පහු කාලෙ වෙනකොට සෑහෙන්න වැඩ වැඩි උනා. දැන් වෙනකොට ගෙදර නිදහසේ ඉන්න පුළුවන් සති අන්තයක් හොයාගන්න බැරි වෙන තරමට වැඩ වැඩි වෙලා.

අපි හැමදාම උත්සාහ කලේ මෙහේ ඉන්න අපේ ලාංකිකයන්ට සංගීතය සපයලා විනෝදාස්වාදය සපයන අතරම ඒ හරහා එක එක චැරිටි වැඩ වලට යම් කිසි සම්මාදමක් ලබාගන්න තමයි. ඒ විදිහට අපි මෙහේ තියන හෙළබිම කියන සංවිධානයක් එක්ක එකතු වෙලා 2010 මැයි මාසෙ සංගීත ප්‍රසංගයක් පවත්වලා මුදල් හොයාගෙන අපේ රට බේරගන්න පෙරමුණට ගිහින් අද වෙනවිට අභාධිත තත්වයට පත්වෙලා, අසරණ වෙලා ඉන්න රණ විරුවන්ගේ සුභ සාධනය උදෙසා ව්‍යාපෘතියක් සම්පූර්ණ කලා. හෙළබිම සංවිධානයෙන් මේ දවස්වල තවත් ප්‍රංගයක් සංවිධානය කරගෙන යනවා. අවසාන සටනින් අත් පා අහිමි වූ අපේ වීරෝධාර රණ විරුවන්ට කෘතිම අත් පා ලබාදීම තමයි ඒ ප්‍රසංගයේ අරමුණ. ලංකාවෙ පවත්වපු "රණවිරු රියල් ස්ටාර්" රියලිටි වැඩසටහනේ ජයග්‍රහණය ලැබූ රණවිරුවන් තමයි මේ ප්‍රසංගයේ ගීත ගායනා කරන්න නියමිත වෙලා තියෙන්නෙ. අපිත් මේ දවස්වල ආත බූත කඩාගෙන පුහුණුවීම් කරන්නෙ ඒ ප්‍රසංගයට සංගීතය සපයන්න අපේ වාදක කණ්ඩායමට ඇරයුමක් ලැබිලා තියෙන නිසයි.

මොනව උනත් අපේ පුහුණුවීම් හරිම විනෝද ජනක ලෙස ගෙවිලා යනවා. විශේෂයෙන්ම ඒ අපේ කණ්ඩායමේ ඉන්න බේස් ගිටාර් වාදක "කින්චා" නිසා. කිංචා අපේ තාත්තටත් වඩා වුරුදු දෙකක් විතර වැඩිමල් උනාට අපිට කට පුරෝලා "මචං" කියලා කියන්නෙ කිසිම ලෝබ කමක් නැතිව. ඉතිං මේ අපේ කිංචා ගැන කියනවනං, පොර ඇවිල්ලා ලංකාවෙ කණ්ඩායම් සංගීතය පටන් ගත්ත කාලෙ ඉඳන්ම කණ්ඩායම් සංගීතයේ යෙදී ඉන්න වෙටරන් කෙනෙක්. කොටින්ම කියනවනම් ඔය ලංකාවෙ මුල් කාලේ ප්‍රසංග වල සංගීතය සපයපු "සුපර්ස් ස්ටාර්ස්" සංගීත කණ්ඩායමත් එක්කත් අපේ කිංචා වාදනය කරලා තියෙනවා. කොච්චර වෙටරන් කෙනෙක්ද කියනවනම් කියනවනම් සුපර්ස් ස්ටාර්ස් සංගීත කණ්ඩායමේ අය තරුණ කාලෙත් අපේ කිංචා නාකියි.

ඊලඟ දේ තමයි අපේ කිංචාට සිංහල භාෂාවෙ සමහර බරපතල වචන නුහුරු නුපුරුදු වීම. පොර සිංහල කතා කරන්නෙ බිලිං ගෙඩියක් කාලා සුද්දෙක් විසිල් ගහනවා වගේ. මොකද කිංචා ඇවිල්ලා උපතින්ම බර්ගර් ජාතිකයෙක්. ඉතින් ඔය සමහර සිංහල වචන කින්චට තේරුම් ගන්නෙ පොරටම ආවේනික විදිහට. ඒ වගේම මිනිහගේ ලොජික් දැනුමත් සෑහෙන්න අන්තිමයි.

ඔන්න දවසක් කිංචා අපෙන් අහනවා,

"මචං, චන්ද්‍රසේන හෙට්ටිආරච්චියි නිහාල් නෙල්සනුයි තරහයිද ?"

"ඈ...? ඒ මොකෝ කිංචෝ එහෙම අහන්නෙ.....?"

“නෑ බං මම ලංකාවෙ නිවාඩුවට ගිහිලා ඉන්න වෙලාවක සංගීතයක් බලන්න ගියා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඇවිල්ලා කිව්වෙ අර ‘නාවල අන්නාසි’ කියන සින්දුව. ඒකෙ තියෙනවනේ අර ‘නුවර පොල් හොදී, කොළඹ මස් කරී’ කියලා. පොර එහම කියලා බැහැලා ගියා විතරයි, නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැගලා කියනවා ‘එපා එපා මස් කන්නට’ කියලා....! දෙන්නා තරහා නැතිනම් ඌ එහෙම කියනවද දෙනෝ දාහක් ඉස්සරහා ?”

කින්චා එයින් නවතින්නෙ නෑ. උගේ ගීත විචාර තවත් ඉදිරිපත් කරනවා...!

"ඔන්න බලපන්, අපේ රටේ ගායකයන්ටත් ප්‍රතිපත්තියක් නෑ....! බලපන් දැන් එඩ්වර්ඩ් ජයකොඩි....! පොර ස්ටේජ් එකට නැගලා කෙල්ලෙක්ට එන්න කියනවා මෙන්න මෙහෙම........."

“මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි ඔබ එනවා නම්...... දේදුණු පාලම උඩ හැන්දෑවේ...... මම ඉන්නම්”

ඔන්න ඊට පස්සෙ පොරම කියනවා,

“ඔබ තෙමෙයි කියා බයයි වැසි වැටේ සුළං තදයි......” කියලා.

ඉතින් බං කොහොමද කෙල්ලෙක් හිත හදාගෙන මූව බලන්න පාලම උඩට එන්නෙ ?

ඔන්න තවත් දවසක් නිවාඩුවට ලංකාවට ගිහිල්ලා ආපු කිංචා දවසක් ඇවිත් ලංකාවෙ ගායකයන්ට පළු යන්න බනිනවා මෙන්න මෙහෙම,

“ෂිහ් මචං, ලංකාවෙ සදාචාරය බල්ලට ගිහිල්ලා තියෙන්නෙ. දැන් මුන් මලකට ඉන්න දෙන්නෙත් නෑනේ. මල් එක්කත් වල් කං කරන්න කතා කරනවා.....”

"ඇයි කිංචෝ, මොකද උනේ....?"

“ඇයි බං උඹලා ඇහුවෙ නැද්ද අර අළුතෙන් සින්දුවක් ඇවිත් තියෙන්නෙ...”

“සුදු අරලියා මල... පිපුනේ ඇයි තනිව.... ලිංගික ඇසුරකට... මට දැන් අවසරද.... “ කියලා

“මොකක් කිව්වා ? මොන ඇසුරක් ? කිංචෝ, ඒ සින්දුවේ තියෙන්නෙ ලෙංගතු ඇසුරකට කියලා...” අපි බඩවල් අල්ලගෙන හිනාවෙනවා..

"ලෙංගතු ? මොකක්ද බං ලෙංගතු කියන්නෙ.....!" කිංචා අහනවා...

කිංචා ලංසියෙක් නිසා ඌට ලෙංගතු කියන වචන්ගේ ඇහෙන්නෙ "ලිංගික" කියලායි. අනික ලෙංගතු කියලා වචනයක් උගේ ශබ්ධ කෝෂේ නෑ....!

කිංචා ආපහු වැරදියට තේරුම් ගත්ත සින්දුවක් තමයි අර පරණ කැලිප්සෝ සංගීත කණ්ඩායමක් වෙන "මීමැස්සො" සංගීත කණ්ඩායම ගායනා කරන "මුළු ගතම වෙහෙසුනා - දහඩියෙන් නැහැවුනා" කියන සින්දුව.

ඔන්න කිංචා දවසක් කියනවා,

“මොන රෙද්දකටද බන් වේසියෝ කම්මලේ දුක් විඳින්නෙ........?”

“කිංචෝ, මොනවද බං කියවන්නෙ ?” අපිත් තක්කු මුක්කු වෙලා අහන්වා...

ඇයි බං අර සින්දුවේ තියෙන්නෙ,

"වේසීලා..... දුක් විඳලා....කම්මලේ යකඩ තලා..........! උන් මොකටද බං දුක් විඳ විඳ කම්මලේ යකඩ තලන්නෙ ?”

අනේ ඉතින් අපේ බඩවල් හොයා ගන්න නෑ..... කොර වෙලා කුඩු වෙලා යනවා....!

"කිංචෝ, වේසීලා නෙමෙයි යකෝ, ඒකෙ කියන්න වෙහෙසීලා කියලා...." අපිත් යන්තන් ඌට තේරුම් කරලා දෙනවා....

ඔන්න මේ අළුත්ම ජවනිකාව උනේ මේ ඊයේ පෙරේදා. ලඟ එන ප්‍රසංගයට එක ගායකයෙක් ගායනා කරන "මාරියාවේ" කියන ගුණදාස කපුගේ මහත්මයාගේ අපූරු ගීතය පුරුදු පුහුණු වෙනකොට.

"මචං.... මාරියා කියන්නෙ බඩුවක්ද ?" ඔන්න කිංචා අහනවා....

මේකා ආපහු වලිගේ පාගගෙන කියලා දන්න අපිත් අහනවා..

"ඇහි බං එහෙම කියන්නෙ....?"

"ඇයි බං, ඕක තේරෙන්නෙ නැද්ද ? මාරියා කියන හොර ගෑණි ආපු දවසෙ ඉඳන් ගෙදර කචල් කියලනේ බං මේ සින්දුවේ තියෙන්නේ...!"

මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ ඔහෙ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැ‍‍‍‍ඳෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිණි - හද තුළ මෙළවී ඇවිළෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ


කිංචගේ බූට් දෙකට බැහැලා, ඌ හිතන විදහට ලොජික් එක හිතලා ඇහුවහම තමයි මූ මේ ඇත්තනේ කියන්නෙ කියලා හිතෙන්නෙ.....!

69 comments :

  1. හැමදෙනාම දන්න මෙවැනි සින්දු කොමික් කෑලි සේරම එකතැනකට එකතු කරපු පට්ටම පෝස්ට් එකක් බවට මේ පෝස්ට් එක පත්වේවා...

    මෙන්න මගෙන් සම්මාදම... අහුලගත්තේ අපි නොදන්න ලයිව් එකෙන් වගේ මතක...

    ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා ගයන "මලේ හැන්දෑවේ වහින වෙලාවේ..."කියන ගීතයේ මලේ කියන වචනේ තේරුම මොකද්ද කියලා කෙනෙක් අහනවා...

    "මලේ කියන්නේ මල්ලිට නේද...?"
    "නෑ නෑ..."
    "එහෙනම් මලකටද..?"
    "නෑ බන් නෑ..."
    "එහෙනම්..?"
    "මලේ කියන්නේ මැරුණේ කියන එකයි... මැරිලා තියෙන්නේ හැන්දෑවක වහිද්දී... මම හිතන්නේ අකුණක් ගහලා... ඒකයි කියන්නේ මලේ හැන්දෑවේ වහින වෙලාවේ කියලා..."

    ReplyDelete
  2. කිංචා කියන්නේ, අර එදා පැදුරට ආව කෙනා නේද..?

    ReplyDelete
  3. Great post dhumee aiyya........

    ReplyDelete
  4. දුමියත් එක්ක ඉන්න මිනිස්සුන්ට ඉතින් දෙයියංගෙම පිහිටයි . ඇයි ඉතින් සිද්ද වෙන දේවල් දුමියා ලංකාවේ සෑහෙන දෙනෙකුට බෙදා හරිනවා නෙව ලෝබ නැතුව

    එල එල ..හොඳ සින්දු කෑලි ටික . දැන් ඉතින් මම ඔවුවා මතක තියාගෙන මම දන්න කෙනෙක් කල කී දේවල් වගේ මගේ මිතුරු සමාජයටම බෙදා හරිනවා ..

    ලිංගික ඇසුරකට තමා එලම කෑල්ල

    ReplyDelete
  5. හප්පට සිරි කිව්වලු...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. //මලේ මටත් හිතයි කරන්න ආදරේ.....//
    මූ ඒ සින්දුවට GAY සින්දුවක් නොකිවවොත් තමයි පුදුමෙ...

    ReplyDelete
  8. ඔය කිංචට ලෙංගතු අය එහෙම නැද්ද දුමී අයිය??

    ඔය ගායකයො මේ කතා දන්නවනං කිංචට සෑගෙන්න සලකයි නේ! :D

    ReplyDelete
  9. මලේ....... මටත් හිතයි කරන්න ආදරේ......

    ඔය සිංදුව පොඩි කාලෙ අහනකොට මට හෙණ අප්සෙට්! මට හිතාගන්න බෑ සිංදුව කියන්නෙ මල්ලිටද? නැත්තම් මලකටද කියලා :-P

    ReplyDelete
  10. එකත් එකටම කිංචාට සිංහල කියවන්නත් බෑ. ඒක තමයි දුමී අයියා බය නැතුව ඉන්නෙ :D

    ReplyDelete
  11. ඉස්සර සිංදුවක් හෝ ගීතිකාවක් තිබුන සාන්ත ලුසියා කියල ඒක කට්ටියට ඇහෙන්නෙ කන් කලු සීය කියලලු. අපේ පුතා පොඩිකාලෙ සියඹලා වෙළෙන්ද සියඹලා කියල කෑගහල විකුනනකොට ගෙයි ඉඳං පුතා කැගහනව සීය මලා සීය මලා කියල.හරියට ඔහොම ඒව තිබුන දැං මතක් වෙන්නෙ නැහැ.

    ReplyDelete
  12. බිලිං ගෙඩියක් කාලා සුද්දෙක් විසිල් ගහනවා වගේ. අර ඔක්කොමත් හරි මේකත් හරි. ඇඟත් එක්ක හිරිවැටිලා යනවා.

    ReplyDelete
  13. මෙන්න තවත් විචාරයක් - සඳේ ඔබ ඇයිද මේ යාමේ- සින්දුව කෙල්ලෙක් ගැන බලාපොරොත්තු තියා ගෙන හිටපු කොල්ලෙක් හැඩි දැඩි පිරිමියෙක්ගෙන් අතවරයට පත් වෙලා ලීව එකක් කියන්නෙ හැබෑද ? සඳ කියන්නෙ ගෑණු නම් ඉර කියන්නෙ ?

    ReplyDelete
  14. සමහර සින්දු වල තේරුම් හොයන්න ගියහම නම් ...

    පුංචි ළමයි තමයි සින්දු වලට හොඳ හොඳ තේරුම් දෙන්නේ..

    පාවි වළා ඈත කඳු බලා ( මේකේ ඉන්නේ වළහෙක් )...

    ReplyDelete
  15. දුමී මේ දවස් වල ලංකාවෙ යන මොබිටෙල් එම් ටියුන් ඇඩ් ටිකත් මේකටම ගැලපෙනවා.
    http://www.facebook.com/video/video.php?v=10150359403576139
    අර ලිංගික කථාව නම් මරු

    ReplyDelete
  16. ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
    මට හිතෙන්නේ අදරෙයි කියා...

    රූකාන්ත මහත්තයගේ ගීතයට පුංචි කාලේ අසනි හරි ආසයිලු...

    "චාච්චි ඇස් වලින් දොඩං බොන්නේ ඇයි..කට නෑද එයාගේ"අහනවළු...කොහොමද ටිකිරි මොලේ..

    ReplyDelete
  17. සොමියට වරෙන් පුතා අඟුරු ගාල නෑ දොරේ....

    ReplyDelete
  18. "කිංචා" මයා නම් විහිලුවටයි බාසාවේ අවුලටයි කියනවා ඇත්තේ
    ඒත් බං දුමී සමහරු සිරාවට කියනවානේ බං

    බීටල් : ඇහුවමයි මචෝ - ආය ඉතින් ඒ සින්දුව අහලා ඉවරයි :-)

    ReplyDelete
  19. ලෙස්බියන් සිංදු ගැන දැනගන්න මෙතනට යන්න.

    @සොඳුරු සිත:
    ඔය කියන්නෙ ජැක් කාරයෙක් නුවර බස් එකේ ය්නව කියල නෙමේද ???

    ReplyDelete
  20. @ ඕනයා
    හැබෑම තමයි.

    ReplyDelete
  21. පොරගේ සිංහල සාහිත්‍ය ආශ්‍රිත දැණුමනම් අන්තිම ඉහලයි වගේ.... අයියලටත් ෆන් ලෝකයක් වෙන්න ඇති පොර ඉන්න කොට...!

    ReplyDelete
  22. යකෝ තෝ නම් මාර පොරක් .. එක පාරක් බ්‍රයන් අයියා . . එක පාරක් අහිංසක මම් . . මෙදා පොටේ කිංචා . . . හෆොයි තෝ ලඟ පාතක ඉන්නවනම් කටට ඉබ්බෙක් දාගෙන ඉන්න එක සැපයි වහේ . .

    ReplyDelete
  23. දුමියා ඇසුරු කරන යහළුවන්ට අබ සරණයි...

    ReplyDelete
  24. මාරියාවේ කියන්නේ ගෑනු ලමයෙක්ගේ නමක් නේන්නම්. හී හී .

    ෂෝයි කට්ටියනේ ඔහේ ඉන්නේ.

    ReplyDelete
  25. ඒ පාර මේකත් මඩ බ්ලොග් එකක් වෙලා

    ReplyDelete
  26. // සුදු අරලියා මල... පිපුනේ ඇයි තනිව.... ලිංගික ඇසුරකට... මට දැන් අවසරද....//

    පට්ටම පට්ට ඕයි, ලොවෙත් නෑ.. හික්ස් :D

    ReplyDelete
  27. 'කොටියෙකි මාමේ' අහල තියෙනවද?

    මම ලඟදි කතන්දර සයිට් එකේ පෝස්ට් එකක දකිනකන් හිතා හිටියෙ
    ප්‍රේම කුරුල්ල කූඩු හැදුවෙ 'රත්නපුරේ' කියල.

    ReplyDelete
  28. හප්පේ මූ මාර පොරක් නේ ....

    ReplyDelete
  29. දිවට යෝග ව්‍යායාම දුන්නනම් හරි කිංචගේ

    ReplyDelete
  30. "ලිංගික ඇසුරකට" - සුපිරි!

    ReplyDelete
  31. අඩේ ඇත්තම තමයි කියල තියන ඒවනම්

    ReplyDelete
  32. "ලංකාවෙන් මලක් පිපී සැලෙන්නෙ"

    "ප්‍රේම කුරුල්ලා පියාඹා ආවා රත්නපුරේහී කුඩු තනාලා"

    "බිම්බරක් සෙනඟ ගැවසුණ චන්ද්‍රසෝමයා ඉපදුන"


    ඇයි අර වවුල පැටියට කියන එක.

    "රෑනේ ඉගිලෙන්න ඕනේ
    දෑස පෙනෙනා ඉමේ
    විහඟුන් වාගේ පියාඹා
    පාවි මේ ගං තෙරේ"

    මොකද වවුලන්ට පේන්නෙ රෑනෙ!

    ReplyDelete
  33. බීට්ල් + ඉන්දික මරු ගීත විචාර දෙක... ඔක්කොම හොඳා... ලේ පිරිසිදු කරගත්තා...

    දුමී අයියා ඔටු හන්දියේ ඉන්නේ කියලා දන්නවා වුනාට අදයි දන්නේ සංගීතෙට බරයි කියලා... මේ ඒ කිව්වම මතක් වුනේ... අපේ බෑන්ඩ් එකේ මුල් කාලේ හිටියා අපේ ප්‍රැක්ට්‍රිස් වලට විතරක් ගායනා කරන ගායකයෙක්... සනා කියලා... ඌ සින්දු කියන්නේ එවේලේ පද රචනය කරගෙන... මියුසික් නවත්තලා බඩ අල්ලන් හිනාවෙන දවස්... ඕන පදං... මේං එයින් දෙකක් !!!

    “කිරි දුන්නේ දරුවන්ටයි සිදුරෙන් ඈගේ...“ (සිරුරෙන් ඈගේ)

    “ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට - වේලිලා තියෙන දවසට ඔබ ඇවිත් යනවද ?“ (මේ ලියා තියෙන දවසට ඔබ ඇවිත් යනවද?)

    ReplyDelete
  34. හක් හක්... පට්ට පෝස්ට් එක දුමී අයියේ.... කමෙන්ට්ස් ටික ත් සුපිරි...

    ReplyDelete
  35. දුමී අයියගේ යාළුවා ආයෙම ලංකාවට ඇවිත් ඉවරයි වගේ.. මොනවා උනත් කිංචානම නියම මනුස්සයෙක්නේ..

    ReplyDelete
  36. කට කහනවට කියන කථා බලන්න ආවේ නම් අදමයි... ඇත්ත තමයි හිතලා බලනකොට ඔක්කොම ඇත්ත තමයි අය්යා.......

    ReplyDelete
  37. පුදුම මනුස්සයෙක් නේ !!!
    මේ වගේ මිනිස්සු එක්ක එකට වැඩ කරන එකේ මහත් වෙන එක අහන්නත් දෙයක් ද ?

    අර සුදු අරලියා මල ගන කියපු සිංදුව නම් මරු !!!

    ReplyDelete
  38. අපේ අප්පච්චි දවසක් වැඩ ඇරිලා ගෙදර ආපු ගමන් අපේ අම්මට කියනවා "ඒයි බලනවකෝ ඕයි අද කාලේ සිංදු ගන්න හසරක් නෑ !!! මහ වල් සිංදු !!!"

    "මොකද්ද ඒයි අහපු සිංදුව ?" අපේ අම්මා ඇහුවා.

    "අර තියෙන්නේ සිංදුවක් ඉමිටේශන් මාල පොටේ පාත ගෑනු නාන වෙලේ කියලා !!!"

    අපේ අප්පච්චි එහෙම කිව්වා විතරයි මට හිනා වෙලාම පන නෑ.

    හරිම සිංදුව තමයි...

    "ඉමිටේශන් මාල පොටේ පාට ගෑවුනාම ගෙලේ
    සඳක් වගේ පායා එන සිනහව මනරම්..."

    ReplyDelete
  39. හික් හික් මොනවා උනත් කිංචා ගේ ශබ්ද කොෂේ උවමනා කරන වචන ටික නම් ඔක්කොම තියනවා වගේ...නිතර කනට අහන්න ලැබෙන වචන වෙන්න ඇති මගේ හිතේ...

    ReplyDelete
  40. කිංචා...... හික් හික්

    ReplyDelete
  41. හපොයි දෙයියනේ දුමී අයියෙ හුස්ම ගන්ඩ බැරියෝ.......

    ReplyDelete
  42. හික්ස්.මූ අහන්නෙම හෙන තාර්කික ප්‍රශ්න නේ.

    ඉස්සර අපි නොදන්න ලයිව් එකෙත් ඔය වගේ පට්ට සින්දු වගයක් ගියා

    ReplyDelete
  43. දැන් නම් ඔය සින්දු අහල හමාරයි .

    ReplyDelete
  44. අෆ්ෆෝ... ඩුබායි වල ඉතින් දැන් කිංච වසල හමාරයි..

    ReplyDelete
  45. අනේ කිංචෝ... මිත්‍ර ප්‍රතිරූපක සේවනයෙ විපාක..

    ..................

    මේක මම අහපු එකක්... චන්ද්‍රිකා නෝනග කාලෙ..

    ආච්චි..: " ඔන්න බලපං පුතේ මුං මැතිනි එක්ක තරහට කොරන වැඩ... පාරෙ තාර ටික රෑට රෑට කන්නෙ.."

    මුණුබුරා..: "කවුද ආච්චියෙ තාර කන්නෙ.."

    ආච්චි..: : " ඇයි බං ඔය රේඩිවෙකේ කියන්නෙ.. . ඈ.. තාරකාවී.. මේ රාත්‍රියේ... කියල.. "

    ReplyDelete
  46. හැමෝටෝම මොහොමත් ස්තූතියි පල කල අදහස් වලට. තනි තනියෙන් උත්තර බැන්දෙ නැති උනාට තරහා වෙන්න එපා....!

    කමෙන්ට් වලින් තව නොදන්න ගොඩක් සින්දු කෑලි දැනගන්න ලැබුනා.....!

    දුමීලගේ ගෙදර පවත්වපු පැදුරු පාටියට ආව අය දන්නවා කවුද කිංචා කියන්නෙ කියලා....! එදත් බේස් ගිටාර් එක ප්ලේ කලේ කින්චා තමයි....!

    ReplyDelete
  47. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  48. කිංචට හැන්ගෙන්න වලක් කපා ගන්න කියන්න ඕන . .
    ඕයි මඩ ගහනව කියලා ඔහොම ගහන්න හොඳද ඕයි . . . හික් හික් හික්

    ReplyDelete
  49. කිංචා ලෙංගතුකම දන්නෙ නැතිවුනාට ලිංගික වචනෙ නම් හොඳට අඳුරනවා වගේ

    ReplyDelete
  50. "ලංකාවෙන් මලක් පිපී සැලෙන්නෙ"

    "ප්‍රේම කුරුල්ලා පියාඹා ආවා රත්නපුරේහී කුඩු තනාලා"


    ඈ....... මේ දෙක වැරදි නං හරි ‍ඒවා මොනවද අප්පා... මාත් හිතන් ඉන්නේ දැන් වෙනකං මේවා හරි කියලානේ.

    ********************************

    අපේ නංගි කියපු දෙකක් මතක් වෙනවා

    1. මිදුලේ වැලි මාලිගාවේ - චක් ගුඩු ගුඩු විය ලබන්න

    2. රන් සමනල ජෝඩු බබාගේ

    ReplyDelete
  51. හෙලබිමේ රන්දීප හෙන හොරා උඹ පරිස්සමෙන් ඌත් එක්ක වැඩ කරපන්, මම හොඳටම දන්න දෙයක් කිව්වෙ.. පස්සෙ උඹේ ඇඟෙත් කුනු ගෑවෙයි

    ReplyDelete
  52. athal katahawa dumnee ayya! oya kinchata wayasa keeyada dan?? :D

    ReplyDelete
  53. ohoma sinduwak ape ekek kiyanawa mehema -

    ara sinduwak thiyenne suwada roosa mal kakuli kiyala

    muu ape eka kellek dakiddi ooka kiyanawa

    motta mooda mee haraki - oya suwadata sitha baduni kiyala! :D :D

    ReplyDelete
  54. ඔන්න මමත් ආවා. කියවපු පළවෙනිම පොස්ටුව දැකලා මට හිනා ගිය‍ා හැක හැක හැක :)))) මාර කතා තමයි හිකිස්‌.

    ReplyDelete
  55. පට්ට....!!! හිනාවෙලාම බඩගිනි හැදුනා. දැන් යන්ට ඕනෙ බත් ටිකක් කන්ට (පිට උගුරෙ යයිද මන්දා ) :)

    ReplyDelete
  56. ඕනයාට පිංසිදුවන්නට මෙතනට ගොඩවැදුනා මටනම් හිනා ගියෙනෑ. තාමත් හිනා තියෙනවා ඕන්. චරිත ගැන අවබෝදයනම් අඩුයි මට හිතෙන්නෙ මෙ බ්ලොග් සමජෙට මම අලුත් හන්දා වෙන්ටෑ .. කමක් නෑ පස්සෙ හරි යයි . එහෙම හිත හදා ගන්නවා ඕන් ..

    ReplyDelete
  57. මචන් උබ මෙහෙම කල කියල දැනගත්තොත් කිංච බඩ කපාගෙන උගේ පස්චාත් බාගය පොලේ ගහගෙන මැරෙයි බන්

    ඉඩක් ලැබුන වෙලාවක අලුතින් පටන් ගත්ත මගේ මකර ගුහාව පැත්තෙත් ඇවිල්ල, අඩුපාඩු ඇතොත් පෙන්නලා දීල යන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා

    ReplyDelete
  58. හක හක හක... මගේ බඩටත් මොනව වුනා ද දන්නනෑ..... :D

    ReplyDelete
  59. ලොවෙත් නෑ පට්ට පෝස්ට් එක කමෙන්ට්ස් ටිකත් දෙවනි නෑ තාම හිනා ඕයි ‍කාලෙකට පස්සේ හොදට හිනා වුනා

    ReplyDelete
  60. අපිත් ඉතින් කතාවක් දෙකක් ගැන කියන්න යන්නේ. ඇවිල්ල බලල යන්න අමතක කරන්න එපා.

    බඩා මාමාගේ ළමා කතන්දර

    ReplyDelete
  61. අයියෝ... හිනා වෙලාම පණ ගියා පෝස්ට් එකටයි, කමෙන්ට්ස් ටිකටයි.... :)))
    අර කිව්ව වගේ ඔය සින්දු ටික නම් රස විඳලා ඉවරයි ආයෙ....

    ReplyDelete
  62. කියන්න වචන නෑ හුස්ම හිරවෙනවා තව ඩිංගෙන් හිනාව තද කරන් ඉන්න ගිහිල්ලා අයේ නම් දවල් වෙලාවක තමයි මේක කියවන්නේ අම්මෝ......

    නියමෙට ලියනවා තව ලියන්න මේවා කියවද්දි හිතේ කරදර සේරම අමතකයි

    ReplyDelete
  63. පෝස්ට් එක කියවලා යන්තම් පන නොගිහින් බේරුනා. කොමෙන්ට් ටික කියෙව්වම බේරුන පනත් ගියා වගේ...... වැරදිලා වත් මම මෙතන හුස්ම හිරවෙලා මලා නම් කව්ද හැබෑට වගකීම බාරගන්නෙ.?

    ReplyDelete
  64. බීටල් කිව්ව කතාව තව විදිහකට මෙහෙමත් මම අහලා තියෙනවා.
    එක මනුස්සයෙක්ගේ අහද්දී දුක හිතෙනම ගීතයලු "මලේ හැන්දෑවේ වහින වෙලාවේ" මොකද මෑන්ගේ මල්ලි හරි කවුරු හරි සමීප නෑයෙක් මැරිලා තියෙන්නේ හැන්දෑවක වහිද්දී :))

    ReplyDelete
  65. පට්ට පෝස්ට් එක දුමී. මාත් ඔහොම එකක ලිව්වා ගිය අවුරුද්දෙ "උගෙ වර්ෂන් එක, මගෙ ව්ර්ෂන් එක සහ හරි වර්ෂන් එක" කියලා, 'මට හිතෙන හැටි' බ්ලොග් එකට.

    henryblogwalker the Dude

    ReplyDelete
  66. තව සිංදු ටිකක්- සදාදර නයෝ ඔබේ මංගල දිනේ(නයා ගෙ මඟුල් දවස)/ ඈ තාර කාවී(කෙල්ලෙක් තාර කනව)/ සඳ මිදුලට එනවා(හඳ පෘතුවියට කඩාවැටි ලෝක විනාශය)/ පියබා යනවා මා ආකාශයේ අවසානයි ප්‍රේමාදරේ (කොල්ලා කෙල්ලව දාලා ප්ලෙන් එකෙන් රට යනවා)/ ලස්සන නම් නෑ පෙනෙන්නේ-ඉස්සර සුවඳයි දැනෙන්නේ - එදා සොඳුරු ප්‍රිය දසුන්-මෙදා සිහිනයකි කසුන් -මතක් වුනත් අමිල සැපතකී (අළුත් වැසිකිලිය පරන වුනාම මතක් වීම)

    ReplyDelete

Related Posts with Thumbnails