දොළ දුක සහ අපේ දුක
Posted by
කාලෙකට ඉස්සර මම පොඩි කාලේ ටී.වී එකේ ගිය ඔය සිංහල ෆිල්ම් එකක් බලපු වෙලාවක දැක්කා, ඒකෙ හිටපු ගෑණු ළමයෙක් මහ පෙරේත කමින් අඹ ගැටයක් කාගෙන කාගෙන යනවා. ඊට පස්සෙ ඒ ගෑණු ළමයගේ අම්මා මේක දැකලා අර ගෑණු ළමයට අල්ලගෙන තඩිබානවා. ෆිල්ම් එකේ ඔය සීන් එක මගේ ඔළුව කරපට් කරලා දැම්මා, හත් ඉලව්වෙ මොකද බොලේ අර අම්මා අඹ ගැටයක් කෑවට අර ගෑණු ළමයට අර විදිහට තඩිබෑවෙ කියලා. ඒ ගෑණු ළමයා හොරෙන් අඹ වල්ල කඩාගෙන කෑව නිසා අම්මා ගැහුවා කියලා මුලින්ම හිතුනත්, ලඟ හිටපු නැන්දා කෙනෙක්ගෙන් ඔය පුරශ්නේ ඇහුවහම නම් කිව්වෙ, ආ ඒ අර ගෑණු ළමයා දවල්ට බත් කන්නෙ නැතිව අඹ ගැට කාපු නිසා තමයි එයාගේ අම්මා ගැහැව්වෙ කියලා. එදායින් පස්සෙ ඉදිච්ච නැති අඹ ගෙඩියක් ලැබුනොත් එක්කෝ හොරෙන් ඒක කාලා දානවා, නැතිනම් බත් කාලා කන්න තියා ගන්නවා.
බබාලා හම්බ වෙන්න ඉන්නකොට තමයි ගෑණු අයට එහෙම කෑම කන්න ආස හිතෙන්නෙ කියලා පහු කාලෙකදි කවුරු හරි තේරුම් කරලා දුන්නත්, ඔය ඉස්කෝලේ යන ගෑණු ළමයිනුත් ඔය අඹ ගැට, දිවුල් ගැට, වෙරළු වගේ ඇඹුල් ජාති විකුණන ගෑණු මනුස්සයා ගාව පොර කන එක දකිනකොට මගේ ඔළුව තවත් කොලොප්පම් වෙලා යනවා හත් ඉලව්වෙ මුන්ට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා.
පහු කාලෙකදි හිටපු ගමන් අම්මගේ යාළුවෙකුට, එහෙම නැතිනම් නෑදෑ වෙන ගෑණු කෙනෙකුට බබෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා උයලා, කෙහෙල් කොලවල ඔතලා දෙන බත් එක ඩිලිවර් කරන්න බයිසිකලේ නැගලා මුළු රට වටේම යන්න වෙනවා. නැතිනම් කාට හරි බඩ දරු අම්මා කෙනෙකුට වෙරළු සප්ලයි කරන්න, දිවුල් ගැට හොයාගෙන එන්න වගේ කොන්ත්‍රාත්තුත් අඩුවක් නැතිවා ලැබිලා තියෙනවා. ඔය දොළ දුක නිසා මුල් කාලේ කාපු කටු තමයි ඕවා.
මගෙයි, ගම හාමිනේගෙයි කුළුඳුල් දූ සිඟිත්ත බඩේ ඉන්න කාළේ අපේ ගම හාමිනේට දොළ දුක හැදුනේ දූරියන් කන්න. අවාරේ දූරියන් හොයන්න වෙච්ච දුක මම කාලෙකට කලින් ලිව්වා. ඔන්න ඒ කාලෙම ඊට මාස කීපයකට පස්සෙ තවත් හොඳ දුකක් වින්දා මේ දොළ දුක නිසා.
මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් නිසා මහ රෑ වෙනකං වැඩ කරලා ගෙදර ඇවිල්ලා, ගෙදර තිබුනු පානුයි පරිප්පුයි කාලා ඇඳට වැටිලා නිදා ගන්න ලැබුනේ පැය දෙකයි, මාව උඩ ගිහින් ඇහැරුනේ අපේ ගම හාමිනේ නැගිටලා ඇඳ උඩ වාඩිවෙලා හෝ ගාලා අඬනවා ඇහිලයි. අඬන්නෙ මොකද කියලා ඇහුවත් මුකුත් නොකියා බඩත් උස්සගෙන තව හයියෙන් අඬන ගම හාමිනේ දැකලා මම දඩි බිඩි ගාලා නැගිට්ටෙ වාහනයක්වත් හොයාගෙන හාමිනේව ඉස්පිරිතාලෙට එක්කගෙන යන්න වත් වෙයිද කියලයි. ඔන්න ඊට පස්සෙ වදෙන් පොරෙන් තව දෙතුන් පාරක් ඇහුවහම අමාරුව මොකක්ද කියලා ඔන්න ගම හාමිනේ කියනවා,
"මට බඩගිනියි....!"
“අයියෝ ඕකත් අඬන්න දෙයක්ද, ඉන්න මම පාන් බාගයක් මැදට පරිප්පු දාලා ගේන්නං...” කියලා යන්න හදනකොටම ගම හාමිනේ අඬන ගමන්ම කියනවා,
"මම රෑට පාං බාගයක් කෑවනේ....! ආපහු නං පාං කන්න බෑ..!"
"පාං කන්න බෑ...? එහෙනං මොනවද ඕනෙ ....?" ඔන්න ඉතින් මමත් ඇහුවා.
"කිඹුලා බනිස්....!", ගම හාමිනේ තව හයියෙන් අඬනවා....!
"හුටා, කිඹුලා බනිස්....! පාන්දර දෙකහමාරට.............?”
දැන් ඉතින් මොනවා කරන්නද ? දොළ දුක හැදුනහම ඒක දුන්නෙ නැතිනම් බොහොම භයානක දේවල් වෙනවා කියලා මම අහලා තියෙනවා. ඔන්න ඉතින් මමත් නිදි මරගාතෙ ෂෝටකුත් ගහගෙන, ටී ෂර්ට් එකකුත් දාගෙන, රබර් සෙරප්පු දෙකත් දාගත්තෙ කොහෙන් හරි කිඹුලා බනිස් හොයාගෙන එන්න.
"අනේ ඔයා දැන් කිඹුලා බනිස් හොයන්න යන්න එපා....! මම කොහොම හරි බඩගින්නෙ නිදා ගන්නම්....!" ඔන්න ගම හාමිනෙත් අඬන ගමන් කියනවා....!
"එහෙම කියලා කොහොමද...? කිඹුලා බනිස් නොකා පුළුවන්ද ? මම කොහොම හරි කිඹුලෙක් හොයාගෙන එනවා....!" මමත් පුරුෂ ධෛර්‍යය අරගෙන එළියට බැස්සා.
හද්ද පාන්දර දෙකහමාරට, හිටු කියලා පිණි බාන වෙලාවෙ මමත් ගෑටුවා කළුබෝවිල හන්දියට. පාරෙ බලු බල්ලෙක් නෑ. කළුබෝවිල හන්දියේ ඉඳලා අපේ ගෙදරට හැරෙන පාරෙම බේකරියක් තියෙනවා. පොඩ්ඩක් කිට්ටු කරලා බලන කොට ඒකෙ කට්ටිය තාම පාන් අනනවා.
ඔන්න මමත් නුගේගොඩ පැත්තට හැරිලා පයින්ම ගාටන්න ගත්තා. අනිවාර්යයෙන්ම නුගේගොඩ "නවරස" එකේ කිඹුලා බනිස් තියේවි. (නුගේගොඩ නවරස එක මේ කාලේ වෙනකොට වහලා තිබුනේ නෑ, නවරස එක 24 පැයේම ඇරලා තිබ්බ හෝටලයක් ). ඔන්න ඉතින් මමත් නවරස එකට කිට්ටු කලා කොහොමෙන් කොහම හරි. ඒත් කරුමෙක මහත, ඒකෙ කබඩ් පුරෝලා උණු උණු මාළු පාන්, සීනි බනිස්, රෝල් කටලට් තිබ්බට කිඹුලා බනිස් නෑ....! දැන් මොකද කරන්නෙ, කෝකටත් මාළු පාං එකකුයි, සීනි බනිස් එකකුයි අරගෙන ආපහු පයින්ම එන්න පිටත් උනා.
ඒ එනින් ගමන කොහුවල පොලීසිය ඉස්සරහා තිබිච්ච බේකරියටත් ගොඩ උනා... ඒත් නෝ කිඹුලා....! ඔන්න ඉතින් ආපහු කළුබෝවිලට එනකොට පාන්දර තුනහමාරත් පහුවෙලා. ඒ වෙනකොට කළුබෝවිල බේකරියෙන් මුළු පලාතටම ෂෝක් එකට පාන් සුවඳ පැතිරෙනවා. කෝකටත් ඔන්න මම ආපහු ඔළුව දාලා ඇහුවහම,
"මහත්තයෝ, පාන් බනිස් බාන්නෙ හතරහමාරට, බෑවට පස්සෙ කිඹුලා බනිස් දෙන්නම්......"
ආහ් තව පැයයිනේ කියලා හිතලා, ඔන්න ඉතින් මමත් බේකරිය ඉස්සරහා ලී බංකුවේ වාඩිවෙලා මදුරුවෝ තල තල පාන් බානකං ඉඳලා කිඹුලා බනිස් දෙකකුත් අරගෙන ගෙදර ගියා. ගෙදර ගිහින් මම කිඹුලා බනිස් හොයන අතරේ ෂෝක් එකට ගොරෝ ගොරෝ නිදාගෙන හිටපු ගම හාමිනේවත් ඇහැරෝලා කිඹුලත් කවලා ආපහු නිදි කෙරෙව්වා. ඔන්න ඔහොමයි දොළ දුක නිසා අපි දුක් වින්දේ.
සමහර අය කියනවා ඔය අම්මලාට කන්න හිතෙන කෑම වලින් බඩේ ඉන්න බබාගේ රුචි අරුචි කම් දැන ගන්න පුළුවන් කියලා. ඒත් එක්කම සමහර පරීක්ෂණ එහෙම කරපු විද්‍යාඥ්ඥයෝ එහෙම කියන්නෙ අම්මගේ ඇඟට ඒ කාලෙදි අවශ්‍ය වෙන ඛණිජ ලවණ එහෙම ඌණතා නිසාත් එහෙම දොළ දුක ඇති වෙනවාය කියලා. හැබැයි මට නම් තාම හිතා ගන්න බෑ කිඹුලා බනිස් වලින් ඇඟට ලැබෙන ඛණිජය මොකක්ද කියලා...!
තවත් අය කියනවා බඩේ ඉන්න බබා ගිය ආත්මේ කන්න කැමති සහ පුරුදු වෙලා හිටපු කෑම බීම අම්මා ලවා දොළදුකක් විදිහට ඇති කරනවා කියලා. මේ කතාව සනාථ කරන්න පුළුවන් සාක්ෂියක් මගේ ටීම් එකේ ඉන්න මලබාර් යාළුවෙකුගේ වයිෆ් කෙනෙක්ට හැදුනු දොළ දුකෙන් දැන ගන්න ලැබුනා. මේ යාළුවගේ වයිෆ්ට කන්න හිතිලා තියෙන්නෙ අමු තක්කාලි. ඕක ඉතින් මහ දෙයක්ද කියලා හිතුනත් මෙයාට මේ තක්කාලි කන්න හිතිලා තියෙන්නෙ තක්කාලි ගෙඩිය ගහේ තියෙද්දිම .
ඉතින් මේ ඩුබායි වල කොහෙන්ද තක්කාලි ගස් කියලා මගේ යාළුවාට එයාගේ නෝනව තකහනියක් ඉන්දියාවට එක්කගෙන යන්න උනා තක්කාලි කවන්න. ඔන්න ඉතින් ඉන්දියාවෙ තක්කාලි ෆාම් එකකට එක්කගෙන ගිහින්, ෆාම් එකේ අයිතිකාරයටත් ගාණක් දීලා වයිෆ්ට කිව්වලු දැන් ඇති තරං තක්කාලි කන්න කියලා. ඔන්න ඒ පාර වයිෆුත් බිම දිගේ දිගාවෙලා ගහේ තියෙද්දිම තක්කාලි ගෙඩි දෙක තුනක් කාල දැම්මලු. ඔය කතාව මාත් එක්ක උජාරුවෙන් කියපු වෙලාවෙ මම කිව්වෙ,
"එහෙනං ෂුවර් එකටම උඹේ නෝනගේ බඩේ ඉන්නෙ ගිය ආත්මේ තක්කාලි පණුවෙක්....!" කියලයි.
ඌ එදායින් පස්සෙ මාත් එක්ක සති ගාණක් කතා කලේ නෑ. පස්සෙ දවසක මගේ යාළුවා පණුවෙක් වගේ කෙට්ටු පොඩි එකෙක් වඩාගෙන ඔෆිස් ආපු වෙලාවෙ මට මේ තක්කාලි කතාව මතක් වෙලා ඉස්පොල්ලෙ යන්න ගිහින් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා.
සමහර අම්මලාට අඟුරු කන්න හිතෙනවලු. පත්තරේක දැක්ක සුද්දෙක් තමන්ගේ වයිෆ් ගල් අඟුරු කෑව කියලා එයාව ඩිවෝස් කරලා තියෙනවා.
මගේ තවත් යාළුවෙක්ගේ නෝනාට බබා හම්බවෙන්න ඉන්නකොට කන්න හිතිලා තියෙන්නෙ පස්. කොහොම හරි එයා පස් කාලා දොළ දුක සංසිඳව ගත්තා කියලා තමයි මගේ යාළුවා නම් කිව්වෙ. කාලෙකට ඉස්සර උනත් උන් දෙන්න වලියක් දාගත්ත ගමන් නෝන මූට බනිනවා කියන්නෙ,
"අපේ අම්මලා කිව්ව මට තමුසෙ එක්ක ආවොත් පස් තමයි කන්න වෙන්නෙ කියලා... ඒත් මම ඒක අහන්නෙ නැතිව තමුසෙ එක්ක ආවට හොඳ පාඩම්...." කියල.
ඔන්න ඔහොමයි මේ දොළ දුක නිසා පිරිමි විඳින දුක.