දුමී බබා කාලේ කතා දෙකක්ම කියුවනේ. මේ කියන්න යන කතාව නම් බබා කාලේ වෙච්ච එකක් නෙමෙයි, ඊට ගොඩක් පස්සෙ වෙච්ච එකක්. ඒත් ඉතින් බබා කාලේ කියලා කැටගරයිස් කරලා දැම්මා ඔන්න ඔහේ. ඔන්න ටික ටික ලොකු වෙනකොට ඉතින් දුමීට තමයි ගෙදර සිකියුරිටි කාරයාගේ වැඩේ කරන්න උනේ. අක්කට තනි රකින්න එයාගෙ වලිගේ වගේ අරහෙයි මෙහෙයි, නංගියි මල්ලියි ක්ලාස් අරගෙන ගිහිල්ලා ආපහු එක්කං එන වැඩයි, ඊට පස්සෙ නාට්ටාමි වැඩ ටික, අර අම්මත් එක්ක ෂොපින් ගිහිල්ලා කිලෝ ගනන් ෂොපින්ග් බෑග් එල්ලගෙන බස් එකේ සෙනග අස්සෙ හිර වෙවී කරන ඩිලිවරි බෝයිගෙ වැඩ, ඉවරයක් නෑ. ඉතින් මේ කාලේ වෙනකොට අක්කා තමයි ගෙදර වැඩර්. එයාට උඩින් තිබුනේ ගෙදර සීලිමේ හයි කරලා තිබ්බ බල්බ් ටික විතරයි. තව ඕනෙමනම් ඔය මේරුවෙක්ව දෙන්නෙක්ව අල්ලන්න බලාගෙන යන හූනෙක් දෙන්නෙක් ඕන්නං උඩින් ඉන්නැති.
මේ මොන නව නිංගිරාවක්ද කියලා දුමී කිහිප පාරක්ම ට්‍රයි කලා එයත් එක්ක යුද්ද ප්‍රකාශ කරලා ගේ ආක්‍රමණය කරන්න. ඒ හැම පාරකම පෙර පිනකින්ද කොහෙදෝ දුමී ඉස්පිරිතාලේ නොගිහින් යන්තම් පණ බේර ගත්තා. ඒ හැම වලියක්ම ඉවර වෙනකොට දුමීගේ අත්, මූණ, කකුල් වල කොටියෙක් හීරුවා වගේ නියපොතු පරවලුයි, දත් පාරවලුයි, ඊට පස්සෙ දවස් ගානක් තෙල් බෙහෙත් බඳින්න තරම් උළුක් වෙච්ච ඇඟිලියි තමයි ඉතුරු වෙන්නෙ. දුමී එහෙම ගුටි කන්නෙ ඉතින් දුමීගෙ කේන්දරේ නිසා. කවුද මං දන්නෙ නෑ ආචාරියෙක් පොඩි කාලේ දුමීගෙ කේන්දරේ බලලා කිව්වලු දුමීගෙන් පාරක් කාල එකෙක් මැරෙනවා කියලා. අනේ ඉතින් එදායින් පස්සෙ දුමීගෙ අම්මා දුමීට ගෙදර වහලේ සීලිමේ බල්බ් එකක් හයි කරන්නවත් අතක් උස්සන්න දෙන්නෙ නෑ. ඒ නිසා අනේ ඉතින් කොච්චර යුද්ද ප්‍රකාශ කලත් අක්කා ඇවිල්ලා හපලා, හූරලා, විකලා, ඇදලා උළුක් කරලා යනකං දුමී බලාගෙන ඉන්නවා.
දුමීගේ අක්කා සහ නංගී දෙන්නාම ගියේ ඔය නුගේගොඩ පැත්තෙ තියෙන කෝලි කුට්ටු ලෙල්ලක් බෙල්ලෙ එල්ල ගත්තා වගේ ගෑණු ළමයි ඉන්න ඉස්කෝලෙට. ඔන්න කොච්චර කොක්කෙන් හිටියත් ඉස්කෝලේ මොකක් හරි එක්සිබිෂන් එකක් වගේ එකක් තියෙනවනම් ඔන්න අක්ක එනවා ඇස්ට්‍රා ටිකිරි පැකට් එකක් අරගෙන බටර් ගාලා දුමීට කියලා මොකක් හරි හදවගන්න. ඒ කාලෙ ඉලෙක්ට්‍රොනික් උණ හැදිලා තිබුනු නිසා ඔය එක එක සර්කිට් කෑලි හදන එක තමයි දුමීගෙ විනෝදාංශය වෙලා තිබුනේ. ඔන්න එක දවසක් ඉතින් එහෙම තිබිච්ච එක්සිබිෂන් එකකට දුමී අක්කට හදලා දුන්නා පොඩි පාට පාට බල්බ් (එල්.ඊ.ඩී) වලින් හදපු ගේම් එකක්. එකෙන් වෙන්නෙ බොත්තමක් එබුවහම පාට පාට බල්බ් 10ක් නිවි නිවි පත්තු වෙලා, එක පාරටම එක බල්බ් එකක් විතරක් පත්තු වෙලා තියෙත්දි අනික් බල්බ් ඔක්කොම නිවිලා යනවා. මේ ඉතුරු වෙන බල්බ් එක එක වෙලාවලදි වෙනස් වෙනවා. ඉතින් ඔය ඉතුරුවෙන බල්බ් එක ප්‍රඩික්ට් කරන එක තමයි ඔය ගේම. හපොයි ඉතින් දුමී සහෝදර ප්‍රේමෙ නිසා අතින් කයිට් කරගෙන පොකට් මනිත් වියපැහැදම් කොරලා හදලා දුන්නා කියමුකො. දුමීගේ අක්කා ඇතුළු කෙල්ලො සෙට් එක (එයාට හිටියා එයා වගේම මාර දූතිකාවෝ ටිකක් ) එක්සිබිෂන් එකේදි මේ ගේම් එක ගහන්න එක්කෙනෙක්ගෙන් රුපියල් 5ක් අය කරලා. ඒ කාලේ ඒ කියන්නෙ 90-91 කාලේ රුපියල් 5ක් කියන්නෙ හෙන ගානක්. අන්තිමට දුමීගේ අක්කා සහ යාළුවෝ සෙට් එක කාඩ් එකක් ගහගෙන එක්සිබිෂන් එක බලන්න එන අයගෙන් "ජැක් පොට්" කියලා. අනේ ඉතින් ඊට පස්සෙ ක්ලාස් යනකොටත් කොල්ලො කුරුට්ටෝ මේ ගොල්ලන්ට කෑගහනවලු, "ජැක් පෝට්, ජැක් පෝට්" කියලා. ඉතින් ටික දවසකට පස්සෙ අක්කණ්ඩි ඇවිල්ලා දුමීට රවලා, ගොරවලා විරිත්තලා ගියා එයාට ජැක් පොට් එකක් හදලා දුන්නා කියලා. හරියට නිකං එයාට කියලා මම රුපියල් 5 ගානේ හම්බ කරගත්තා වගේ.
දුමීගේ අක්කා උසස් පෙළට කලේ අර ඇඟ පුරාම මොලේ තියෙන උදවිය කරන බයේ සයන්ස්. කොහොමත් ඒ බයේ සයන්ස් කිරිල්ලෙන් උනේ අන්තිමට අහිංසක ගෙම්බෝ කීපදෙනෙකුට ජීවිතය පූජා කරන්න වෙච්ච එක විතරයි. ඉතින් එයා උසස් පෙල පන්තියේ මුල් අවුරුද්දේ ඉන්නකොට දුමී සාමාන්‍යය පෙල කරලා ජොලියේ ගෙදරට වෙලා ඉන්න කාලේ. ඔන්න ඉතින් ඒ අවුරුද්දේ දුමීගේ අක්කණ්ඩි සහ මාර දූත යාළුවො සෙට් එක ප්‍රදර්ශනයකට තියන්න සෙට් වෙලා ඉන්නෙ කඩොලානක්. කෙල්ලො සෙට් එකේ මොලේ කොහොමද කියලා කියනවනන්, විනිවිද පේන (වීදුරු වගේ ) ප්ලාස්ටික් ෂීට් අරගෙන "බෝල්ට්" ඇණ දාල පෙට්ටියක් හදලා. වතුර පුරවන්න ප්ලෑන් කරලා තියෙන්නෙ ඇතුලට පොලිතීන් ෂීට් දාලා. අනේ මුන්ට හිතුනේ ණෑනේ වීදුරු මාළු ටැංකියක් හොයා ගන්න. ඇයි ඇඟ පුරාම මොලේනෙ. ඔන්න ඊට පස්සෙ මේකට මඩ තට්ටුවක් දාලා, එක එක ගස් හිටවලා, වතුර පුරවලා, කොහෙන්දෝ ගප්පි ටිකක් හොයාගෙන (කඩොලානේ ජෛව විවිදත්වය පෙන්නන්න ) දාලා කොහොම හරි වැඩේ අටවගෙන. ඔන්න යන්තං පලවෙනි දවසේ ෂේප් කර ගත්තා කියමුකෝ. පහුවෙනිදා උදේ ඇවිත් බලනකොට පොලිතීන් එක හිල් වෙලා වතුර ඔක්කොම ලීක්, ගප්පි ටික පස් කඳු වලට යට වෙලා මැරිලා එකම ඛේදවාචකයයි. අක්කා ඇතුළු මාර දූතියෝ ටික ඉන්නවා නිකං නයා පැනලා ගිය නයි නටවන්නෝ ටික වගේ මූණු ටික මල ගෙවල් කරගෙන. ඔන්න ඉතින් කෙල්ලො සෙට් එකේ කඩොලානත් එහෙම්ම්මම චකබ්ලාස්.
ඔන්න එක දවසක් දුමියි අක්කයි ඉන්නවා කළුබෝවිල බස් හෝල්ට් එකේ නුගේගොඩ පැත්තට යන්න. ඒ කාලේ ඉතින් අම්මා පොකට් මනී දෙන්නෙ වෙන වෙනම නිසා තමන්ගෙ වියදම් තමං බලා ගන්න ඕනෙ. ඒ කියන්න දුමී ටිකට් ගන්නෙ දුමීට විතරයි. අක්කා ටිකට් ගන්නෙ අක්කට විතරයි. හරිම ස්වාධීනයි. ඔන්න ඉතින් අර මාරයා වැඩ කරන ජාතියේ ලංගමයක් ආවා. ඕකෙ හිටපු කොන්දා නැතිනම් බස් පළුවා මහ නාහෙට නාහන මැන්ටලයක්. මම දැකලා තියෙනවා පොර දවසක් වලියක් දාන්න ආපු එකෙක්ට ටිකට් මැෂිමෙන් ගහනවා මූණ ඤාලු වෙන්න. ඒ දවස්වල කළුබෝවිල ඉඳන් නුගේගොඩට 1.50යි. ඔන්න ඉස්සෙලාම නැග්ගෙ අක්කා. කොන්දා බෙරිහන් දෙනවා මාරු සල්ලි අරගෙන එන්න කියලා. ඔන්න අක්කා දුන්නා සල්ලි කොන්දට. පොර ඒක අතට අරගෙන හොල්මන් වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඔන්න ඊට පස්සෙ සාක්කුවෙන් කණ්නාඩි කුට්ටමත් අරගෙන දාලා ආපහු බැළුවා. දුමිත් ඉතින් බැළුවා මොකක්ද යකෝ මෙච්චර මූ මේ බලන්නෙ කියලා. යකෝ බැලින්නම් අපේ අක්කණ්ඩි රුපියල් දහයක් දීලා, නිකං නෙමෙයි, ඒක ගිණි කූරක් සයිස් එකට පුංචිම පුංචියට රෝල් කරලා. ඔන්න අක්කත් මේක මුගේ අතට දීල බස් එක ඉස්සරහට ගියා. අර මාරු සල්ලි අරං එන්න කියලා කෑගහපු කොන්දා දැන් දාගෙන රුපියල් දහය දිග අරිනවා. ඔන්න දැන් මූට මල පැනලා, මූ දැන් ටික ටික කියවනවා නවත්තන්නෙ නැතිව. තාම මූ අර රුපියල් දහය දිග අරිනවා. දැන් අර කියවිල්ල හෙන බැනුමක් වෙලා, මුළු බස් එකම දැන් බලනවා. ඔන්න ඉතින් දුමීටත් පුළුවන් යෑ මූ අක්කට බනිනකොට කට පියාගෙන ඉන්න. ඒත් වලියට යන්නත් බැහැ මොකද දුමී දන්නව සතා කවුද කියලා. ටිකට් මැෂිමේ ඉලක්කං ටික මූණෙ එම්බෝස් කර ගන්න පුළුවං මූත් එක්ක දැන් වලියට ගියොත්. ඉතින් දුමී ස්ථානෝචිත ප්‍රඥ්ඤාව පාවිච්චි කරලා කොන්දගේ කණට කරලා මෙහෙම කිව්වා.
"ෂ්.... අංකල් කැගහන්න එපා....දන්නවද ඒ කවුද කියලා......"
දුමී දිහා ඇස් ලොකු කරලා බලලා ඔන්න කොන්දත් ඔළුව වනනවා දන්නෙ නෑ කියලා.
"ෂ්.... අංකල් ….. ඒ තමයි කළුබෝවිල දුමීගේ අක්කා......!"
දුමී බොහොම බැරෑරුම් විදිහට රහසින් වගේ කියලා දැම්මා.
ඒ කියපු විදිහට කොන්ද නම් හිතුවෙ කළුබෝවිල දුමී කියන්න හරියට අර මරු සිරා වගේ මැර ඩයල් එකක් කියලා එහෙම්මම සද්දේ වහ ගත්තා.
ඔන්න ඊට පස්සෙ බබා මූනක් දාගෙන ඔළුව පාත් කරගෙන අක්කා ලඟටම ගිහිල්ලා ටිකට් එකයි ඉතුරු සල්ලියි දුන්නා.
කොන්දා දන්නවනම් කළුබෝවිල දුමී තමයි මේ උගේ ඉස්සරහා ඉන්නෙ කියලා, පොර ඒ වෙලාවෙම දුමීව රෝල් කරලා ටිකට් මැෂිමෙ ඇතුලට දානවා ටිකට් රෝල වෙනුවට.
ඒ සීන් එක එහෙම ෂේප් කරා කියමුකෝ, හොඳම හරිය තියෙන්නෙ ඊට පස්සෙ. දුමීගේ අක්ක එදායින් පස්සෙ බලන් ඉඳලා බලන් ඉඳලා අර බස් එකේම තමයි යන්නෙ. මොකද කොන්දා එදායින් පස්සෙ කවදාවත් අක්කාගෙන් සල්ලි ගත්තෙ නෑ.