ඉන්දියන් සයිස්
Posted byගොඩක් වෙලාවට මෙහෙ වැඩ කරන ලංකාවෙ එවුන්ට ඉන්දියන් කාරයන්ව දිරවන්නෙම නෑනෙ. ඒවගේම තමයි ඉන්දියන් කාරයන්ටත් ලංකාවෙ අපිව ගොඩක් වෙලාවට දිරවන්නෙ නැහැ. ඉතින් ඔය සීතල යුද්දේ හැමදාම වගේ මෙහෙ තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට උන් අපිට මඩ ගහන ඒවයි අපි උන්ට මඩ ගහන එකෙයි කෙලවරක් නැහැ. කොහොමෙන් කොහොම හරි මේ රාම රාවණා සීතල යුද්දේ කෙරීගෙන යන අතරෙදි රාවණා පාර්ශවය, ඒ කියන්නෙ මෙන්න මේ අපිට මරුම මරු සමූහ ඝාතක අවියක් හම්බ උනා මීට අවුරුදු කීපයකට කලින්. ඒ අවිය අපිට දුන්නේ බී.බී.සී නිවුස් අඩවියෙන්. මෙන්න මේ තියෙන්නෙ එන්න ඒ මාරක සමූහ ඝාතක අවිය තමා. ඉතින් අපිට මේ අවිය ලැබිච්ච දවසෙ ඉඳන් යුද්දෙන් රාවණා දිනුම්. කොටින්ම කියනවනම් හනුමත් වලිගෙ පස්ස පැත්තෙ ගහගෙන හැංගිලා ඉන්නවා එළියට බහින්න ලැජ්ජාවෙ.
ඒ නිව්ස් එකේ සාරංශය ගත්තොතින්, අද භාවිතයේ තියෙන කොන්ඩම් ගොඩක් ඉන්දියන් කාරයන්ට ලොකු වැඩියි. ඉතින් හරිම ජංජාලයයි. ආයුධයට වඩා ලොකු ආවරණ පාවිච්චි කරනකොට ආවරණය පළුදු වෙලා හරිම හරි ජංජාලයක් තමයි වෙනවා කියන්නෙ.
ඉතින් ඔය උඩ දාල තියෙන නිව්ස් එක කියෙව්වනම් දකියි එක්තරා සඟරාවක කතෘ තුමෙක් තමන්ගේ සහෝදර රට වැසියන්ගේ හිත සනසවන්න කියල තියෙනවා,
“ප්‍රමාණය නෙමෙයි, කරන කාරය්යයයි වැදගත්. අපේ රටේ ජනගහනය දිහා බැළුවහම අපි හොඳට සාර්ථක වෙලා බව පේනවානෙ . . . "
හරි හරි, පේනවා පේනවා . . හොඳට පේනවා මුන්ගේ ජනගහනය වැඩි වෙන්න හේතුව. තමන්ගේ තරමට වඩා ලොකු ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරන්න ගිහිල්ලා ඉරාගත්ත හින්ද තමයි .
මේ හේතුව නිසා කොහොමෙන් කොහොම හරි දැන් ඔන්න අළුතෙන් සයිස් එකක් හඳුන්වල දීල තියෙනවා. දැන් තියෙන සයිස් මෙන්න මෙහෙමයි.
"ලොකු - (Big)", "මධ්‍යම - (Medium)" , "පොඩි - (Small)" සහ "ඉන්දියන් - (Indian)"
මෙන්න මේ අස්සෙ අපේ එකෙක් තව කතාවක් හදල මේ අසරණ අසල්වැසියන්ට. ඒකත් මේ වගේ ආරක්ෂිත ක්‍රම ගැනම කතාවක් තමයි, කතාව යන්නෙ මෙන්න මෙහෙම.
ඔන්න අළුත බැඳපු අපේ අල්ලපු රටේ සහෝදරයෙක් යනවා මෙහෙ තියෙන ෆාමසි එකකට. ජීවිතේ පලවෙනි පාරට තමයි ඉතින් මේ ඇත්තො මේ ආරක්ෂිත උපක්‍රමයක් පාවිච්චි කරන්න යන්නෙ. ඔන්න මෑනුත් ගිහිල්ල ෆාමසී එකේ ඉන්න පොරගෙන් බොහොම ලැජ්ජාවෙන් ඉල්ලනවා ආරක්ෂිත ආවරණයක් දෙන්න කියලා. ෆාමසී එකේ එකත් ඉතින් තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකකින් එකක් දෙනවා. අපේ අසල්වැසියත් ඉතින් මේක අරගෙන යනවා. පහුවෙනිදත් බොලේ මෑන් ආපහු ෆාමසි එකේ. මූනත් එච්චර හොඳ නැහැ. ඉතින් ෆාමසි එකේ එකා අහනවා මොකද උනේ කියලා. ඔන්න අපේ අසල්වසි සහෝදරයත් හිමිහිට කියනවා, "ඊයෙ ගත්ත එක ලොකු වැඩියි . . ඊට වඩා පුන්චි එකක් දෙන්න" කියලා. ඔන්න ෆාමසි එකේ පොරත් ඊයෙ දුන්නට වඩා පොඩි ආරක්ෂිත ආවරණයක් දීල යවනවා. ඔන්න බොලේ ඊට පහුවෙනිදත් අපේ අල්ලපු රටේ පොර ඇවිත් කියනවා ඒකත් ලොකු වැඩියි ඊට වඩා පොඩි එකක් ඕනෙ කියලා. ෆාමසි එකේ එකත් ඔන්න හොයල බලලා මිනිහට එකක් තෝරල දෙනවා. හත් ඉලව්වයි, ඔන්න බොලේ ඊට පහු වෙනිදත් අපේ වීරය ෆාමසි එකේ, මූනත් ඤොරොක් කරගෙන. ඉතින් පොර අහන්න කියන්නත් කලින්ම ෆාමසී එකේ පොර බෙහෙත් රාක්කෙ අවුස්සලා ටිකක් දිග පෙටිටියක් අරගෙන පොරගේ අතේ තියන ගමන් කියනවා “මල්ලි මෙන්න මේක පාවිච්චි කරන්න. ඔන්න ඕක ඇරිල යයි” කියලා.
පෙට්ටියේ ගහලා තියෙනවලු මෙහෙම. Clearasil
මාත් එක්කම දැන් මගේ ටීම් එකේ වැඩ කරන මලබාර් යාළුවෙක් කියපු කතාවක් මේක. එයාගේ යාළුවෙක් හිටියලු ඉන්දියාව පොඩි පහේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙන . සෞඛ්‍ය ප්‍රශ්න මොකක්ද කියනවා නම් මෑන් ඔය ‘නම්බර් වන්’ වැඩේ කරාට පස්සෙ ටික වෙලාවක් යනකන් පොඩ්ඩ පොඩ්ඩ ටැප් එක ලීක් වෙන ලෙඩක් තිබිලා තියෙනවා. ඉතින් මේක කාටවත් කිය කිය ඉන්නත් බෑනෙ. ඉතින් පොර දොස්තර කෙනෙක් ලඟට ගියහම දොස්තර කියලා තියෙන්නෙ මේකට ප්‍රථිකර්මයක් විදිහට කොන්ඩම් එකක් දාගෙන ඉන්න කියලා. ඉතින් යාළුවත් දැන් මේ ප්රථිකර්මේ අත්හදා බැළුවහම ඉතින් වැඩේ හරිම සාර්ථකයි. ඉතින් පොරත් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා හිතාගෙන දැන් මේ ප්රථිකර්මය හොරෙන්ම කරගෙන ඉන්නවලු.ඔන්න දවසක් පොර ගෙදර ඇවිල්ල තියෙන්නෙ කරටි කැඩෙන්න බීලා. (ඔව් ඔව් එහෙත් ඔය සැර ජාති යහමෙට තියෙනවා ) කොච්චර බීලද කියනවනන් පොර ගෙදර ආපු හැටියෙම ඇඳගෙන ඉන්න ඇඳුනුත් එක්කම ඇඳේ හාන්සිලු. ඉතින් ඔන්න යාළුවගේ ප්‍රිය භාර්යාව ඇවිල්ල ඔන්න මෙයාගේ ඇඳුම් මාරු කරනවලු. ගෑණි කලිසම මාරු කරන්න යනකොට, හුටා මෙන්න යකෝ මූ ඉන්නවලු කොන්ඩම් එකක් දාගෙන. එතනින් පස්සෙ මූට සිහිය එනකොට එනකොට මූගේ ඔළුවට උඩින් ෆෑන් එකක් කැරකෙනවා. බලනකොට මූ ඉන්නෙ ඉස්පිරිතාලේ.
මම මේ දැන් කියන්න යන කතාව නම් තිබුනේ දැනට ටික කාලෙකට කලින් පත්තරේක. හරියටම මතක නැහැ මේක ඇත්ත කතාවක්ද නැද්ද කියලා. ඔන්න ටික කාලෙකට ඉස්සර ලංකාවෙ තිබුනනේ මේ පවුල් සංවිධාන වැඩ සටහනක්. ඉතින් මේකට අනුව ඔය ඈත පලාත්වල ගොවිතැනින් බතින් ජීවත්වෙන හද්දා පිටිසර මිනිස්සුන්ව දැනුවත් කිරීමකදි ගමේ ඉන්න ගොවියො, ගෙවිලියො ඔක්කෝටම ඉස්පිරිතාලෙ වැඩමුළුවක් පවත්වලා තියෙනවා මේ පවුල් සංවිධාන ක්‍රම සම්භන්ධව. මොකද මේ පැත්තෙ මිනිස්සුන්ට මේ ක්‍රම දන්නෙ නැති නිසා අවුරුද්දකට එක ගානේ ළමයි හම්බ වෙනවලු. ඉතින් ඉස් ඉස්සෙල්ලාම මේගොල්ලන්ට මේ ආරක්ෂිත කොපු ගැන හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඉතින් ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාවත් මේක පාවිච්චි කරන්නෙ කොහොමද කියලා පෙන්නල දීල තියෙන්නෙ කොසු මිටක් උපයෝගී කරගෙන මේ ආරක්ෂිත කොපුව එකට දාල. නැතුව ඉතින් මේක වෙන පෙන්නල දෙන්න විදිහක් නෑනෙ. ඔන්න ඉතින් කට්ටිය හරිම උන්නන්දුවකින් මේක ඉගෙන ගත්තට පස්සෙ වැඩමුළුව අවසන් කරලා තියෙන්නෙ ආපු හැමෝටම නොමිලේ මේවා බෙදලත් දීල ඉවර වෙලා තමයි. ඔන්න වැඩමුළුව ඉවර වෙලා මාස කීපයකට පස්සෙ මේකට සහභාගි වෙච්ච දැනටත් ළමයි පහක් හයක් ඉන්න අම්ම කෙනෙක් ආපහු එනවලු ක්ලිනික් එකට ලොකු බඩ ගෙඩියකුත් උස්සගෙන.ඔන්න පවුල් සෞඛ්‍ය සේවිකාවත් දැන් අහනවලු,
"මොකද අම්මේ මේ ආපහු ? අර අපි දීපු ඒව පාවිච්චි කලේ නැත්තෙ මොකද ?"
"අනේ නෝනේ, ඒවා පාවිච්චි කරා තමයි . . .ඒත් පේනවනෙ ඒවයින් වැඩක් උනේ නැහැනේ "
"එහෙම කොහොමද වෙන්නෙ ? හරියට පාවිච්චි කරානම් මෙහෙම වෙන්න විදිහක් නෑනේ . . .?"
"අනේ මගේ මිනිහා පල්ලා නෝනේ, ඕනෙනම් මේ මිනිහගෙනුත් අහල බලන්න. අර නෝනෙ කියල දීපු විදිහට ගෙදර කොහු මිටට අර රබර් එක දාල තමයි කලේ . . . ."
ඉන්දියාවෙ කෙසේ වෙතත් ඔන්න ඔහොමයිලු ලංකාවෙ ජන ගහනය වැඩි වෙන්නෙ . . . . !