කඩ්ඩ සහ කක්කල් කැස්ස
Posted by
ලංකාවෙ ආණ්ඩුවේ ඉස්කෝල වලට ගිය අපි වගේ අය අතරින් අවුරුදු 9ක් 10ක්ම ඉස්කෝලෙ සබ්ජෙක්ට් එකක් විදිහට කඩ්ඩ ඉගෙන ගත්තත් අන්තිමට ඉස්කෝලෙන් අස්වෙනකොටත් යන්තන් වත් පේලි දෙකක්වත් කඩ්ඩෙන් කතා කරන්න පුළුවන් අය ඉන්නෙ හරිම අතලොස්සක් තමයි.යන්තන් කඩ්ඩෙන් වැඩ කරන්න බය ඇරෙන්නෙ ඔය ඉස්කෝලෙන් පස්සෙ උසස් අධ්‍යාපනයක් වගේ කරන්න ලැබුනොතින් තමයි. මොකද ගොඩක් වෙලාවට උසස් අධ්‍යාපන ආයතන වල දේශන පැවැත්වෙන්නෙ කඩ්ඩෙන් නිසා. ඒත් ඉතින් බහුතරයකට යන්තන් සන්තන් විදිහට කඩුවට පොඩි බ්‍රාසෝ පාරක් ගාගන්න ගොඩක් වෙලාවට පුළුවන් වෙන්න රස්සාවකට කාරිය එහෙම ගියහම තමයි. ඕකට එක හේතුවක් මම හිතන්නෙ කොහෙන්ද මන්දන්නෙ නෑ පොඩි කාලෙදීම මේ කඩ්ඩට අසාමාන්‍යය බයක් හැමෝගේම හිතේ ඇති වෙනවා. කොච්චර බයද කියනවනන් කවුරු හරි ලඟට ඇවිල්ල කඩ්ඩෙන් කතා කලොත් චූ යන සයිස් එකට. ඒවගේම කඩ්ඩෙන් වචනයක් දෙකක් කතාකරන්නත් පුදුම බයක් තමයි තියෙන්නෙ. ඒක අනිත් අය හිනාවෙයි කියන බයටමද නැතිනන් වෙන මොකක් හරි අටමගලයක් නිසාද කියල නම් මට කියන්න බෑ.
මට අවුරුදු පහක හයක කාලෙකකදි ඉඳන් අපේ තාත්තා හිටියේ පිට රට. ඉතින් ඔය හැම තිස්සේම වගේ අපේ ගෙදරට තාත්තා එවපු බඩු තෑගි අරගෙන විවිධාකාරයේ අංකල්ලා, ඇන්ටිලා එහෙම එන එක සාමාන්‍යය දෙයක් වෙලා තමයි තිබුනේ. ඔන්න දවසක් අපි මිදුලේ සෙල්ලං කර කර ඉන්න දවසක අපේ ගේ දිහාවට එනවා සුද්දෙක්. අතේ පාර්සලේකුත් තියෙනවා. ඒ වෙලාවෙ අම්මත් ගෙදර හිටියේ නෑ. මල්ලිවත් අරගෙන අම්මත් මොනවා හරි වැඩකට එළියට ගිය ගමන් තාම ඇවිත් නෑ. ගෙදර ඉන්නෙ මමයි, අක්කයි, නංගියි විතරයි. ගේ පැත්තට එන සුද්දව දැක්ක විතරයි තුන් දෙනාම රිංග ගත්තා ගේ ඇතුලට. වැහුවා දොර. ඇයි හත් ඉලව්වෙ දැන් මූත් එක්ක කොහොමද කතා කරන්නෙ ? වෙනදට චන්ඩි පාට් දාන දුමීගේ අක්කත් ෆුල් සරෙන්ඩර්. ඔන්න සුද්ද දොර ගාවටම ඇවිල්ල බෙල් එක ගහනවා.
ඒ අස්සෙ දුමීගේ අක්කා කියනවා,
"ලොකු මල්ලි, ගිහින් දොර අරිනවා......!"
මට පුළුවනෑ ඔය නොදන්න භාෂාවල් වලට බෙල්ල තියන්න ගොහින් වරිගේ නහ ගන්න....
"ඇයි මට කියන්නෙ, තමුසෙ ගිහින් දොර අරිනවකෝ.......!"
දැන් දෙන්නත් එක්ක ෆුල් වලිය කවුද දොර අරින්නෙ කියලා. මෙන්න බොලේ ඒ අස්සෙ යන්තන් මොන්ටිසෝරි යන නංගි ගිහින් දොර ඇරලා. සුද්දා ඉස්තෝප්පුවටම ඇවිල්ලා ඉන්නවා දැක්කම තමයි අක්කටයි, දුමීටයි කටේ කෙළ හිඳිලා හීන් දාඩිය දාන්න ගත්තෙ.
අනේ ඉතින් දුමිත් පුරුෂ දහිරිය අරගෙන ඉස්සරහට ගොහින් මෙහෙම කිව්වා...
"අංකල් අම්මි නෝ හෝම්....!"
මෙන්න බොලේ සුද්දා කියනවා,
"ආහ් පුතා, කමක් නෑ. මෙන්න මේ පාර්සල් එක තාත්ති එව්වා මගේ අතේ. මේක අම්මිට එහෙනම් දෙන්න. අම්මිට කියන්නකෝ විජේපාල අංකල් ඇවිත් ගියා කියලා...."
සුද්දා දෙනවා ෆුල් සුද්ද සිංහලෙන්. දුමියි අක්කයි අඤ්ඤකොරොස් වෙලා කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. කොහොමද යකෝ සුද්දෙක් මෙච්චර හොඳට සිංහලෙන් කතා කරන්නෙ. අනික පොරගේ නම විජේපාලලු. විජේපාල කියලා සුද්දොත් ඉන්නවද.
ඔන්න ටික වෙලාවකට පස්සෙ අම්මා ආවහම අම්මට කිව්ව විස්තරේ.
"අම්මේ, අන්න තාත්තා විජේපාල කියලා සුද්දෙක්ගේ අතේ පාර්සලයක් එවලා......!"
"ආහ්, විජේපාල අංකල් ආවද මේහේ. එයාට පොඩි කාලේ ඉඳන්ම අර සුදු කබර ලෙඩේ හැදිලා නිසානේ ඔච්චර සුදු......"
දැනුයි තේරුනේ කොහොමද විජේපාල කියන සුද්දා සිංහල කතා කලේ කියලා.
කොහොමෙන් කොහොම හරි ඉස්කෝලෙ ගිහිල්ලා ඉවර උනාට පස්සෙ ඔය ඉන්ටර්වීව් එහෙකට දෙකකට මූන දෙන්න ගියාම තමයි කඩ්ඩෙ අගය දැනෙන්නෙ. ඉතින් රටේ නැති සර්ලා ගාවට කට්ටිය පැල් බැඳගෙන යනවා අවුරුදු 9ක් 10ක් ඉගෙනගෙනත් හරියට ඉගෙන ගන්න බැරි උන කඩ්ඩ මාස කීපයකින් හදා ගන්න කියලා. ඉතින් එහෙම කඩු කෝස් දෙක තුනක්ම ෆලෝ කරපු එකෙක් දවසක් කියනවා,
“මචන් මට තාම බැරි මේ කඩ්ඩෙන් කතා කරන්නයි කියන ඒවා තේරුම් ගන්නයි ලියන්නයි, කියවන්නයි විතරයිනේ. නැත්තං එච්චර අවුලක් නෑ...” කියලා.
මම ඉස්කෝලෙ ඒ ලෙවල් කරන කාලේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉන්නකොට අපේ ප්‍රෙෆෙක්ට් බෝඩ් එක බාරව හිටිය සර්ට වෙනින් ඉස්කෝලෙකට මාරුවීමක් ලැබිලා යන්න උනා. ඔන්න ඉතින් ඊට පස්සෙ ප්‍රිෆෙක්ට් බෝඩ් එක බාර ගත්තෙ අපේ ඉස්කෝලෙ හිටිය වයිස් ප්‍රින්සිපල්. ඉතින් එහෙම බාර ගෙන තියපු පලවෙනිම ප්‍රෙෆෙක්ට්ස් මීටින්ග් එකේදී සර් කියනවා
,
"ඔය ළමයි බය වෙන්න එපා, මට පුළුවං හොඳට ප්‍රිෆෙක්ට් බෝඩ් එක ටකල් කරන්න....!"
ඒ අස්සෙ අපේ ගාව හිටිය එකෙක් අපි ටිකට විතරක් ඇහෙන්න කියනවා,
"මචෝ, මූ ටකල් දාන්න යන්නෙ, අපිට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.... මූ ටකල් කරහම....!"
කොහොමෙන් කොහොම හරි සර්ට විනාඩි කීපයක් කතාව නවත්තගෙන ඉන්න උනා අපි ටික බඩවල් අල්ලගෙන හිනා වෙන්න ගත්ත නිසා.
ඔය මොන මොන චන්ඩි පාට් දැම්මත් ලංකාවේ කඩ්ඩට අම්බානෙකට බය තව කට්ටියක් ඉන්නවනේ. ඒ තමයි පොලිස් කාරයෝ. මෝටර් සයිකල් වල හෙල්මට් නැතිව ගිහිල්ලා, තව ලයිසන් නැතිව කාර් එලවලා, සුදු ඉරි කපලා, අරවද මේවද වැරදිවලට නැවැත්තුවහම පොඩ්ඩක් කඩ්ඩ දාලා කතා කරපු ගමන් පොලිස් කාරයා "හරි මහත්තයා යන්න..." කියලා දඩ කොලේ නොලියා යන්න අරිනවා කියලා කතාවක් තියෙනවනේ..
ඔන්න කාලෙකට පස්සෙ ලංකාවෙදි මාත් එක්ක එකට "NIBM" හිටපු යාළුවෙක්ව හම්බ උනා නිවාඩුවට ගිහිල්ල ඉන්දැත්දි. ඕං ඉතින් කාලෙකට පස්සෙ හම්බ උන යාළුවා නිසා පොඩි එහෙකට සෙට් උනා මගේ තවත් යාළුවෝ සෙට් එකකුත් එක්ක.. ඉතින් ඔය එක එක මාතෘකා යටතේ වාද විවාද, බයිලා ගැහිලි කතන්දර අතර ඔය පොලිස් කාරයෝ ඉංග්‍රීසි වලට බය ඇයි කියන එක ගැනත් කතා උනා. ඔන්න ඒ පාර මේ වෙනකොට ටිකක් විතර වැදිලා හිටිය මගේ යාළුවා කියනවා,
"ඕක බොරු කතාවක් බං.... දවසක් මම වැරදි තැනක පාක් කෙරුවා කියලා දඩ කොලයක් දීපු පොලිස් කාරයෙක්ට කඩ්ඩෙන් කොටන්න ගිහින් ඌ මට දුන්නනෙ ආයේමත් කඩෙන් අනිත් පැත්තට. කොටලා කොටලා දඩ කොලෙත් දීලා තමයි ඌ ගියේ. ඌගේ ඉංග්‍රීසි ඇක්සන්ට් එක කොච්චර හොඳද කියනවනන් මට ඌ කියපු එක වචනයක් වත් තේරුනේ නෑ......එච්චරට සිරා..."
"කොහෙද බං ලංකාවෙ එහෙම සිරාවටම ඉංග්‍රීසි කතා කරන ට්‍රැෆික් පොලිස් කාරයෝ ඉන්න පොලීසිය.....?" අපේ තව එකෙක් ඇහුවා...
“ලංකාවෙ ? පිස්සුද බං... මට මේක උනේ ලන්ඩන් වලදි....!”
මේ පිට රටවලට ඇවිල්ල ඉන්න අපිට ඇතිවෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ලෙඩක් දුකක් හැදුනහම දොස්තර ගාවට ගිහින් ලෙඩේ විස්තර කරන එක. මොකද මේ ගොඩක් ලෙඩ වලටයි, රෝග ලක්ෂණ වලටයි ඉංග්‍රීසියෙන් කියන නම් දන්නෙ නෑනෙ. ඕකට ඉතින් අපේ සෙට් එකට තියෙන විසඳුම තමයි අල් ඒන් වල ඉන්න වන්නි අයියා. වන්නි අයියා ඇවිත් අල් ඒන් වල තියෙන මෙඩිකල් කොලේජ් එකේ ඉන්න ඇනටොමිස්ට්. ඉතින් පොර ඔය මෙඩිසින් ගැන ලෙඩ රෝග ගැන හොඳට දන්න කියන හාදයා හින්දා කවුරු කවුරුත් මේ ලෙඩ රෝග ගැන විස්තර අහගන්නෙ වන්නි අයියගෙන්.
කවුරුත් දන්නවනේ මෙහෙට වීක් එන්ඩ් එක තියෙන්නෙ සිකුරාදා සහ සෙනසුරාදා කියලා. ඉතින් ගොඩක් වෙලාවට බ්‍රහස්පතින්දා රෑ කියන්නෙ කට්ටිය සෙට් වෙන දවස. ඔන්න එක බ්‍රහස්පතින්දාවක පාන්දර ජාමේ වෙනකන් යාළුවොත් එක්ක සෙට් වෙච්ච වන්නි අයියා තුනට විතර ගියාලු නිදා ගන්න. නිදා ගන්න ගියා විතරයි පාන්දර තුනහමාරට විතර, පොරගෙ ෆෝන් එක දැන් රිං වෙනවා.
"හලෝ, වන්නි අයියේ වන්නි අයියේ...."
"ඔව් ඔව් කතා කරනවා..."
"අනේ වන්නි අයියේ, කක්කල් කැස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද...?"
“මොකක්...?”
"කක්කල් කැස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද...?"
“යකෝ, පාන්දර තුනහමාරයි වෙලාව, කක්කල් කැස්ස... හැමිනියන් කෝ....”
“ආහ් හරි හරි... තැන්ක් යූ වන්නි අයියේ....!”
කෝල් කරපු එකාගේ වයිෆ්ට රෑ තිස්සේ නවතින්නෙ නැතිව කැස්සක් ඇවිල්ලා. එයාට පොඩි කාලෙදී කක්කල් කැස්ස හැදිලා තියෙනවා. ඉතින් එයාව ඉස්පිරිතාලෙට එක්කන් යන්න කලින් තමයි ඔය වන්නි අයියට කෝල් කරලා තියෙන්නෙ. කෝල් එකෙන් පස්සෙ ඔන්න ඉතින් පොරත් වයිෆ්ව ඉස්පිරිතාලෙට එක්කගෙන ගිහින් ඩොක්ටර්ට ලෙඩේ විස්තර කරන ගමන් මෙහෙම කියලා.
“Doctor, she had Haminiyan cough when she was small.......!”
( දොස්තර මහත්තයෝ මෙයාට පොඩි කාලෙදි හැමිනියන් කොෆ් (කැස්ස ) හැදිලා තියෙනවා )
(ප.ලි : කක්කල් කැස්සට කඩ්ඩෙන් කියන්නෙ වූපින් කොෆ් (Wooping cough) කියලා. )

෴෴෴෴෴෴෴෴

෴෴෴෴෴෴෴෴෴

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴