දුමී බබා කාලේ - පුකේ තෙල් ගාගත්ත හැටි
Posted by
කලින් පෝස්ට් එකට උදව් උනේ අපේ කතන්දර සූරීන් විසින් පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්නපු එකයි. ඒ අගනා හෙලිදරව්ව නිසා පුකෙන් ගන්න පුළුවන් ප්‍රථිකාරයක් ගැන සමාජය දැනුවත් උනා. මේ වෙනකොට කී දෙනෙක් මේ ප්‍රථිකාරෙන් සාර්ථක ප්‍රථිපල අත්කරගෙන ඇතිද කියලා හිතෙනකොටත් පුක සලිත වෙලා යන තරමට සන්තෝසයි. ඔන්න සමහරක් අය කියන්න පටන් ගත්තා පුක කියන්නෙ කුණු හරුපයක් නොවුනට ඒක "ග්‍රාම්‍යය" වචනයක් කියලා. එතකොට ගමේ අය පාවිච්චි කරන වචන නගරේ අය පාවිච්චි කරන වචන වලට වඩා හොඳ නැති වචනද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ඒත් ඔන්න ඔහේ ඕන පුකක් කියලා මම කට පියාගෙන ඉන්නවා.
දැනට අවුරුදු බර ගාණකට කලින් දුමී බබා කාලේ පෝතකයෙක් වෙලා හිටියා. අර පෝතක බාලදක්ෂ කියලා කියන්නෙ. ඉංගිරීසියෙන් කියනවනම් කව් බෝයි කෙනෙක්. මට මතක හැටියට මේ කියන්න මම පහේ පන්තියේදි විතර. ඔය කාලේ හැම අවුරුද්දකම වාගේ කොළඹ විහාරමහාදේවි පාක් එකේ බාල දක්ෂ ජම්බෝරියක් (කඳවුරට කියන කව් බෝයි වචනයක් ) තිබුනා. අනේ ඉතින් පෝතකයෝ කියන්නේ අන්තිම ජූනියර්ස්ලා. ලොකු අයියලාගේ රැස්පොට් බලාගෙන, ඒ ගොල්ලො ගැට දාන හැටි, කොඩි අදින හැටි, ලණු පාලම් ගහන හැටි වගේ ඒවා කට ඇරගෙන බලාගෙන ඉන්න තමයි මේ පෝතකයන්ට තිබුනේ. ඊට අමතරව කන්න උයන වෙලාවට ලූණු සුද්ද කරන වැඩ, පොල් ගාන වැඩ, මුකුණුවැන්න මිටි වලින් තනකොල ගස් ඉවත් කරන වැඩ වගේ මහා බැරෑරුම් වැඩ ගොඩකුත් කරන්න සිදු උනා මතක හැටියට.
කොහොමත් විහාර මහාදේවි එකේ ජම්බෝරිය තිබුනේ යහමින් ලොකු ලොකු ගස් තිබුනු ඒරියා එකේ. කොයි වෙලේද නසරාණි වැඩක් කරන්නෙ කියලා බලාගෙන ඉන්න නිසා පෝතකයන්ට ලොකු කව් බෝයි අයියලා තද බල නීති රීති දාල තමයි තිබුනේ. පොඩ්ඩක් එහා මෙහා වෙලා කේස් එකක් උනොත්, අපේ කෑම්ප් එකේ ලකුණු එහෙම කැපුනොත් අපිව ස්කාෆ් එකෙන් අල්ලලා ලණු පාලමේ එල්ලනවා කියලා තමයි ලොකුම ලොකුම ලොකු කව් බෝයි අයියා අපිව බය කරලා තිබුනේ. ඒත් ඉතින් උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් කාල සටහනකට අනුව නිදාගන්න යන වෙලාව වෙනකන් අපිටත් වද දිදී මුන් මේ කරන පිස්සු විකාර වැඩ අපිට නම් ඇති වෙලා තමයි තිබුනේ. කම්බි වැටකින් එහා පැත්තෙ පේන සී.සෝ, ලිස්සන බෝට්ටු, ඔංචිලා තියෙන ඒරියා එකට කොයි වෙලාවෙ පනින්න චාන්ස් එකක් එයිද කියලා තමයි කට්ටිය බලාගෙන හිටියේ. ඒත් ඉතින් අනිත් ඉස්කෝලවල කව් බොයිලටත් පේන්න ලණු පාලමේ ස්කාෆ් එකෙන් එල්ලිලා ඉන්න පෝතකයෝ වෙච්චි අපි කවුරුවත් කැමති උනේ නැති නිසා ඒ කම්බි වැටෙන් පැනල සෙල්ලම් ඒරියා එකට යන එක අමාරුවෙන් හරි තාවකාලිකව යටපත් කරගෙන තමයි තිබුනේ.
දවස් තුනක් තිස්සේ තිබුනු ජම්බෝරියේ අන්තිම දවස වෙනකොට මේ යටපත් කරගෙන තිබුනු ඇම්ම අර වතුර යට ඔබාගෙන හිටපු රබර් බෝල වගේ උඩ පාවෙන්න පටන් ගත්තා. කොහොමත් එදා හවස් වෙනකොට විසිර යන්න තිබුනු නිසා පෝතකයෝ සෙට් එක කතා උනේ දවල් කෑම වෙලාවෙන් පස්සෙ දවල් දොලහ මාරේ ඉඳන් දෙකහ මාර වෙනකන් නිදාගන්න කියලා දෙන පැය දෙකේදි හොරෙන් පාක් එකේ සී සෝ, ඔන්චිල්ලා තියෙන ප්ලේ ඒරියා එකට පනිමු කියලා. ඔන්න ඉතින් එදා දවල් කෑමෙන් පස්සෙ හැමෝම තම තමන්ගේ කූඩාරං වලට ගිහිල්ලා නිදා ගත්තට පස්සෙ තමයි අපි පෝතකයෝ සෙට් එක හිටපු කූඩරම් වලින් එකා දෙන්නා එලියට පැන්නේ. චන්ඩි වගේ 15ක් විතර මුලදි ප්ලෑන් කලත් මේ වෙනකොට වැඩේට සෙට් උනේ ඒකෙන් හරියටම බාගයයි. ලණු පාලමේ එල්ලෙන්න බයේ වඩේට සෙට් උනේ නැති අනිත් එවුන් ටික කූඩාරම් වල බොරුවට නිදි වගේ තදින් ඇස් පියාගෙන ඉන්නවා මට මේ දැනුත් මැවිලා පේනවා.
කොහොමින් කොහොම හරි ඔන්න ඉතින් කට්ටිය හොර පූසෝ ටික වගේ ගස් වලට කවර් වෙවී ජම්බෝරිය තිබුනු මායිමයි සෙල්ලං ඒරියා එකේ මායිමයි වෙන්වෙන කටු කම්බි වැට ගාවට පැන්නා. ඊට පස්සෙ වැටවල් පැනල පුරුදු එකෙක් කකුල තියලා එක කම්බියක් පාත් කරන ගමන් අනිත් කම්බිය උස්සලා ඉඩ හදලා දීපු ගමන් එක එකා ඒ හිඩසෙන් අනිත් පැත්තට පැන්නා.
ඔන්න බොලේ පැන්න ගමන්ම තියෙන්නෙ තඩිම තඩි සුදු පාටට සුදු පාටේ කොන්ක්‍රීට් වලින් හදලා තියෙන දෙතුන් පාරක් කැරකිලා පල්ලෙහාට යන යන ලිස්සන බෝට්ටුවක් (සලයිඩ්) එකක්. කට්ටියම දුවල ගියේ ඒකට. ඉස්සෙල්ලාම ඕකට නගින්න හම්බ උනේ දමින්දට. ඌ කොහොමත් ඒ දවස්වල ඉඳල දණ්ඩා නිසා හයියෙන් දුවන්න පුළුවන්. දෙවනියාට මම තමයි දමින්දගේ පස්සෙන් ලිස්සන බෝට්ටුවේ ඉණි මග දිගේ නැග්ගේ. ඔන්න ඉතින් එකා පස්සෙ එකා වගේ ඕකට නැගලා පැන්නා නේද ලිස්සන ස්ලයිඩ් එකට. ලිස්සන්න පටන් ගත්තා විතරයි බුදු අම්මෝ !!! පුකට ඇමරිකාවෙන් පරමාණු බෝම්බේ දැම්මා වගේ තරු වීසි වෙන්න පටන් ගත්තා. මල මාරලයයි. ඒ ගිණි දවල් රස්නෙට කොන්ක්‍රීට් ලිස්සන බෝට්ටුව පෝරණුවක් වගේ ගිණියම් වෙන්න රත් වෙලා. ලිස්සනකොට නවතින්න කියලයෑ ?, ඒ අස්සේ අරක වටේ වට දෙකක් කැරකිලා පල්ලෙහාට යනකන් ඉන්නත් එපායෑ. මෙන්න පල්ලෙහාට එනකොට දමින්දයා ඉන්නවා ලිස්සන බෝට්ටුව පාමුල දිගා වෙලා පුක බදාගෙන. මාව ගිහිල්ලා වැටුනේ ඌවත් ආපහු පෙරලගෙන. පුක පුපුරු ගහනවා නැගිට ගන්නත් බෑ. ඇස් දෙකේ කඳුළු ගෙඩි එළියට පනින්න ඔන්න මෙන්න. දමින්දයාගේ මුළු මූණම රතු වෙලා. කොරේ පිටට මරේ වගේ අනිත් එවුන් ටිකත් එක එකා ඇවිත් එක පොදියට එකා පිට එකා වැටෙන්න ගත්ත හරියට කාටූන් එකක් වගේ. හැමෝම ඉන්නවා පුකවල් බදාගෙන. ඒකාලේ පහේ පන්තියේ බබාල නිසා එකෙක් දෙන්නෙක් හූ තිය තිය අඬනවා. අනිත් හැමෝගෙම ඇස් වල කඳුලු බෝල. කටවල් ඇද වෙලා. කලිසම තියෙද්දිම හැමෝගෙම පුකවල් පිච්චිලා දිය පට්ට එන්නම.
අනේ ඉතින් මේක දැනගත්තොත් සීනියර් කව් බෝයි අයියාලා ස්කාෆ් එකෙන් නෙමෙයි අහවල් එකෙන් තමයි කට්ටියව ලණු පාලමේ එල්ලන්නේ. ඔන්න එකා දෙන්න බොහොම අමාරුවෙන් කොර ගගහා ආපහු වැට පැනලා කූඩාරමට පැන ගත්තා. ඔය අස්සෙ දමිත් කියන එකා සැරෙන් සැරේ අඬනවා. මල මරාලයයි මූ නිසා කට්ටියම මාට්ටු වෙනවා. ඔය අස්සෙ තමයි කලින් සෙට් වෙලා පස්සෙ මග ඇරලා හිටපු එකෙක් කිව්වෙ ඉක්මනට ගිහින් පොල් තෙල් බෝතලේ අරගෙන ඇවිත් හැමෝගෙම පුකේ ගාන්න කියලා. ඔන්න තව එකෙක් දිව්වා පොල් තෙල් ගේන්න කියලා. ඌ ගිහින් උස්සගෙන ආවෙ නිවිච්ච තෙල් තිබුනු තාච්චියක්. එදා අන්තිම දවස නිසා ඔක්කොම තෙල් දවල්ට උයන්න අරගෙන. තෙල් ගාල හරි කමක් නෑ මේ පුපුරු ගහන පුකේ දැවිල්ල නැති කර ගන්න තමයි හැමෝටම ඕන උනේ.
ඒත් ඉතින් තනියම තෙල් ගාගන්න කියල යෑ. ඒත් පෝතක බබාලා උනත් කවුද කැමති තව පෝතක බබෙක්ගේ පුකේ තෙල් ගාලා අත ගාන්න ? ඒත් කොහොම හරි එකෙක් වොලන්ටියරි ඉදිරි පත් උනා අසරණ, පුකවල් පිච්චුණු අපේ පුකවල් වල තෙල් ගාන්න. අනේ දැන් පුකවල් පිච්චුණු අපි පෝතක බබාල ටික ජුණ්ඩයියාව විතරක් වැහෙන්න පිටි පස්සෙන් විතරක් කලිසමත් පාත් කරගෙන පෝලිමේ ඉන්නවා. බලන්න ලස්සනයි. සුදු පුකවල් වල රෝස පාට දිය පට්ට, කළු පුකවල් වල සුදු පාට දිය පට්ට. තාමත් කට්ටියගේ කටවල් ඇදවෙලා. ඇස් රතු වෙලා. ඔන්න අරුත් එක එකාගේ තට්ටම් වල තෙල් ගලා අතුල්ලන්න පටන් ගත්තා. ඒ ඇතිල්ලිල්ලට අර දිය පට්ටත් කැඩෙනවා.
මේ වෙනකොට තුන් හතර දෙනෙක්ගේ විතර තෙල් ගාල ඉවරයි. මෙන්න බොලේ අර තෙල් ගාගත්තු එවුන් ටික වෙලාවකින් හූ තිය තිය කූඩාරමේ බිම පෙරලෙනවා. යකෝ බැලින්නම් අරූ උස්සගෙන ඇවිත් තියෙන්නෙ දවල් කෑමට මිරිස් බැදලා තාච්චියේ ඉතුරු වෙච්ච තෙල් ටික. අනේ ඉතින් අරුන්ට පුක පලලා ලුණු දැම්මා වගේ මිරිස් වල දැවිල්ලට කූඩාරම් දෙවනත් කරනවා.
ඔන්න ඒ අස්සෙ තමයි අති භයංකර සිද්ධිය සිදු උනේ. මෙච්චර දවසක් ජම්බෝරියට එන්න නැතිව හිටපු කව් බෝයි බාර ගුණවර්ධන සර් කාරයා අන්තිම දවසේ ජම්බෝරියට ඇවිල්ලා. මුන්ගේ ලතෝනි සද්දෙට සීනියර් කව් බෝයි අයියාලත් එක්ක කඩාගෙන පාත් උනේ ගුණවර්ධන සර්. පොර කූඩාරම්ට ඇවිත් දැක්ක දෙයින් පොරට තව පොඩ්ඩෙන් හාර්ට් ඇටෑක් හැදිලා එතනම මැරෙනවා.
පොර දැකපු විදිහට,
කට්ටියක් පුකවල් එලියෙ දාගෙන පෝලිමේ ඉන්නවා. එකෙක් තාච්චියක් තියාගෙන පොලිමේ ඉන්න එවුන්ගේ පුකේ තෙල් ගානවා. තුන් හතර දෙනෙක් පුකවල් බදාගෙන බිම පෙරලි පරලි ලතෝනි දෙනවා.
ප.ලි:
මොකක්ද උනේ, මොකක්ද වෙන්නෙ කියලා හරියටම දන්නෙ නැති සර් කාරයට සිහි එළෝගන්න ටික වෙලාවක් ගියා.
පුක කියන්නෙ කුණු හරුපයක් නොවුනට, සර්ගේ කටින් නම් ඒ වෙලාවේ පිට උනේ මේ ඉන්නෙ පෝතක බබාලා කියලවත් හිතන්නෙ නැති කුණු හරුප වැලක්.

අපි ඒකාලේ පෝතක බබාල උනාට, වයස අවුරුදු 18ට වැඩි නම් සහ ටැබූ කතාවක් කියවන්න කැමති නම් විතරක්, සර් කාරයා ඒ වෙලාවෙ කියපු දේ බලන්න පල්ලෙහා බට්න් එක ක්ලික් කරන්න.
මට අවුරුදු 18ට වැඩියි. කියවන්න දෙන්න.
"කාලකණ්නි හැත්ත. යකෝ, තොපි මේ කරන වැඩ ආරංචි උනොත් තොපේ තාත්තලා මට අරින්නේ පුකේ පොල් තෙල් ගාන්නේ නැතිව...."
හපොයි දෙයියනේ.. 5 වසරේ බබාලා කරපු දෙයක්
ReplyDelete" කට්ටියක් පුකවල් එලියෙ දාගෙන පෝලිමේ ඉන්නවා. එකෙක් තාච්චියක් තියාගෙන පොලිමේ ඉන්න එවුන්ගේ පුකේ තෙල් ගානවා. තුන් හතර දෙනෙක් පුකවල් බදාගෙන බිම පෙරලි පරලි ලතෝනි දෙනවා. "
සර්ට නෙමේ සිද්දිය දන්නේ නැති කට උනත් පපුවේ අමාරුව හැදෙනවා සුවර් ඕක දැක්කනම්
මටත් හාට් ඇටෑක් හැදෙන්න වගේ දැන් මතක් වෙනකොටත්.....!
Deleteමට 18 වැඩි වුනත් මං ඔය අසභ්‍ය දේවල් බලන්න කැමති නැති හන්දා අර රතුපාට එක එබුවේ නෑ ඕං! :D
ReplyDeleteහරිම සභ්‍යය පූසෙක්....!
Deleteකොමඩි පිල්ම් එකක් බැළුව වගේ.. පොඩි වුන් ටික ඉදපු විදිය මැවිල පේනවා
ReplyDeleteමටත් මැවිලා පේනවා අප්පා ආපහු සෙට් එක හිටපු හැටි පෝලිමට වෙලා....
Deleteවෙච්ච සිද්ධියට පුක නැතිවෙන්ටැති.
ReplyDeleteතව පොඩ්ඩෙන් නැති වෙනවා, හොඳ වෙලාවට මිරිස් තෙල් තිබුනේ...!
Deleteඅපරාදේ දුමි අයියගෙ පුකේ අර මිරිස් බැදපු තෙල් ගෑවේ නැද්ද ?
ReplyDeleteසර් හිත්ලා ඇත්තෙ වෙන වැඩක් ගැන නේද ?
මට ගාගන්න බැරි උනානේ.... සර් කාරයා එනකොට මම එක පුලියේ දාගෙන පෝලිමේ....!
Deleteඉස්සරින් ලිස්සපු පුකවල්වලට පින්සිද්ද වෙන්න පස්සේ පස්සේ ලිස්සපු පුකවල් එච්චර පිච්චෙන්න නැතුව ඇති.. කොහොමත් ගාගත්තේ තෙල් මිසක් වෙන දෙයක් නෙවෙයිනේ.. (ඔන්න ඒක ඔබාට කියන්න ඉතිරි කළා)
ReplyDeleteඑහෙමත් වෙන්නැති... ඒත් ඉතින් ඔය පොඩි පුකවල් ඕකෙ ලිස්සුවා කියලා එහෙමටම රස්නේ නැති වෙන්නෙ නෑ....! ඒක ඉතින් ලිස්සලම බලන්න ඕනෙ ආතල් එක....!
Deleteහික් හික්... හරියට ඇමරිකන් පයි බැලුවා වගේ!
ReplyDeleteඊයා, අන්න ඒකනං කුණුහරුපයක් වගේ මට ඇහුනේ....!
Deleteදුමීට බොහොම පින් උදෙන්ම ලේ පිරිසිදු කලාට
ReplyDeleteඅපි ඉතින් මෙහෙමවත් පිනක් දහමක් සිද්ධ කරගත්තොත් තමයි...!
Deleteඋපරිමයි. බි පෙ සි
ReplyDeleteහික් හික් හික්...!
Deleteහොඳ වැඩේ හොර වැඩ වලට පුක උඩ දාගෙන යනවට . . හික් හික් හික්
ReplyDeleteපුරුද්දටත් වඩා ජන්මේ ලොකුයිනේ බං.....!
Deleteහිනා වෙලා පුක නෑ.
ReplyDeleteනැතිම කරගන්න එපා.....!
Deleteඉතින් ඊට පස්සේ අර පාලමේ එල්ලුවද කට්ටියව
ReplyDeleteඑල්ලන්න කලින් පාලම ගැලෙව්වා මොකද එදා අන්තිම දවස නිසා....!
Deleteහි...හි..හි.. පට්ට පට පට..
ReplyDeleteමැවිලා පේනවා සිද්ධිය..
මැවිලා පෙනේවි රූපේ.....! මේ වගේ දේවල් මවාගන්න හරි ලේසියි....!
Deleteඅයියෝ දුමී අයිය... උඹ නම් නියම කතා තමයි ලියන්නෙ... ඇත්තට කෝ මේ ඕනෙ අයියයි ඔබා මාමයි :)
ReplyDeleteකාලගුණේ, දේශගුණේ එහෙම බලපානවා මේවගේ කතා මතක් වෙන්න නම්....!
Deleteකව් බෝයි නෙවෙයි බොල... කබ්ස්කවුට්. ලොකු අයියලා බොයිස්කවුට්... විහාරමහාදේවි එකේ තිබ්බේ සාක් ජැම්බරිය ඒ කාලේ.. අපි 2 වසරෙද කොහෙද? ඕකට තමයි මම ඉස්සෙල්ලාම කොළඹ ආවේ....
ReplyDeleteහොඳ වෙලාවට බං අභියෝ උඹ මට කියලා දුන්නේ....!
Deleteබලපිය මේක.....
මයිනෙක් සහ ගෙම්බෙක්
පුකවල් එපෝ!
ReplyDeletehenryblogwalker the Dude
වටිනා දේවල් නැති කරගන්න එපෝ...!
Deleteයකෝ මෙව්වගේ කතා මෙච්චර කාලයක් ලියන්න පරක්කු උනේ මක්කද..?
ReplyDeleteමාරයෝ කොයිකටත් කාලය, දේශය, දීපය වගේම තව දේවලුත් බලන්න වෙනවා.......!
Deleteදුමී අයියගෙත් පුකේ මිරිස් තෙල් ගෑවද ?? නියම සිද්දිය අප්පා...
ReplyDeleteඅනේ නෑ බං, ඒ ආතල් එක ගන්න බැරි උනා මොකද මම පුක එළියේ දාගෙන පෝලිමේ හිටියේ සර් එනකොට.....!
Deleteපුක නෑ ඕයි.. මම අර රතු පාට එක එබුවේ නෑ...
ReplyDeleteඅනේ පවු, හොඳ බබා......!
Deleteහිකිස් හිනා වෙලා පන ගියා.පොඩි උන් ටික කරපු දේවල් මැවිලා පෙනුනා.
ReplyDeleteපණ යන වැඩක් තමයි.... තව පොඩ්ඩෙන් සර් කාරයගෙත් පණ යනවා හාට් ඇටෑක් හැදිලා....!
Deleteපට්ට කතාව.
ReplyDeleteඅතිමට කළු පුකවල් වල සුදු පාට දිය පට්ට ඇවිත් තමා නතර වෙලා තියෙන්නෙ
දියපට්ටවලින් හරි කමක් නැහැ පුක සුදු කරගන්න හිතාගෙන උඹ ගිහින් ඒක පදිනවා එහෙම නෙමෙයි ගිනි දවාලක :-D
Deleteතමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලු රුචකයෝ.....!
Deleteවතාවක් ඉස්කෝලෙදි මගේ අධි ආරක්‍ෂිත කලාපයට ප්‍රහාරයක් එල්ල වුනාට පස්සේ එකෙක් සිද්ධාලේප ගාලා දුන්නා. හපෝයි අභ්‍යාවකාශගත වෙලා නතර වුනේ...
ReplyDeleteඈ බන් හරියටම බාගයයි කිව්වෙ හතහමාරද ගියේ..........
ReplyDeleteහිනාවෙලා පනයනව අප්පා.....
ඔන්න මම නම් අර කොටුවට පහලින් තිබ්බ තෙල් නැතිව කතාව කියෙව්වෙ නෑ........:D
අනේ පෝතක බබාලා පව් අෆ්ෆා....
ReplyDeleteඅනේ පව් පොඩි කොල්ලො ටික ඈත්තටම .
ReplyDeleteහික් හික්. මාව රස්සාවෙන් අස් කරනවා තව පොඩ්ඩෙන් මේක බලලා හිනාවෙලා........
ReplyDeleteපට්ට
කතාව මරු වගේම මේවා ලියන පිළිවෙල නිසයි අපේ ඉල ඇදෙන්නේ .ඔබතුමා බොහොම දක්ෂයෙක් ...
ReplyDeleteපුක නෑ :-D
ReplyDeleteපට්ට පට පට ආ...... සුපිරි!
ReplyDeleteසර් කාරයට වෙච්ච දේ හිතා ගන්න ට්‍රයි කරන කොට මට හිනා වෙලා හුස්ම හිරවෙන්න යනව !!:D :D :D
ReplyDeleteඅයියෝ..... මට සීන් එක මැවිලා පෙනුන.. විහාරමහා දෙවි පාක් එකේ පොඩි එවුන් සෙට් එකක් පුකවල් බදාන ලතෝනි තියාන දුවනවා.
ReplyDeleteඔන්න කියවන විට සිනායන කතාවක්. හැබැයි ගෙදර ඈයො මාව අංගොඩ ගෙනියනව මේක කියවකියවා හිනාවෙන හැටි දැක්කොත් නං
ReplyDeleteදුමී අයිය මගෙ රස්සාව නැති කරල තමයි පස්ස බලන්නෙ ඕං!!! මැවි මැවී පේන විදියට කතන්දරේ ගියල නිසා හිනාව වාවගන්ඩ හරිම අමාරු වුණා!!!
ReplyDeleteමදැයි අර 18+ කතාව කියවන්ඩ දත කට මැදගෙන එබුව.....!!!
අපොයි පෝතක පුකවල් වලට වෙච්ච දේ :-D
ReplyDeleteබුද්ධී මෙන්ඩෝ.....
ReplyDeleteහැක් හැක්......! චීයා අනේ පෑනෙං අඳින්ඩත් මොකද්ද වගේ....
Deleteඇඳහං ඇඳහං.. ලාස්සනට තියෙයි.. :D
Deleteඅනිවාර්යෙන්ම ඇඳපන් ඈ...
Deleteඅනික පාටකරද්දී ටපල ගන්නෙපා මතකනේ... "සුදු පුකවල් වල රෝස පාට දිය පට්ට, කළු පුකවල් වල සුදු පාට දිය පට්ට"
හම්මෝ පුක!!!! පෝස්ට් එක බලල හිනාවෙන්න ගිහින් පුක බිම ඇනගත්තෙමි.
ReplyDeleteතෙල් ගාපු එකාට හිතෙන්ඩ ඇති, වදින්ඩ ගිය දේවාලෙ ඉහෙ කඩා වැටුනා කියලා සර් දැක්කට පස්සෙ......
ReplyDeleteකඳුලුත් එනවා හිනා වෙලා සුපිරියි හි හි දුමී අයියත් අල්ලන් ඉන්න ඇති ත්‍රී ඊඩියට්ස් එකේ වගේ පාත් කොරගෙන
ReplyDeleteචෙහ් මන් හිතුවෙ මේ සිද්ධිය දුමීට වුනේ ඊයෙ පෙරේදය කියලා..එහෙම හිතලා කියෝගෙන කියෝ ගෙන ගියේ..හෆොයි මට මැවිල පෙනිච්ච දේවල්..මෙතන කියන්නත් මොකද්ද මොකද්ද වගෙයි..පස්සෙ තමයි මීටර් වුනේ මේ පහේ පන්තියෙදි වුනු එකක් කියලා..ඕන් බලමුකො ඒකෙත් හැටි...
ReplyDeleteඅයියෝ වැඩක් නෑ පට්ටම සීන් එක, සර් කාරයාට තරු වීසි වෙන්න ඇති ....
ReplyDeleteබඩ නෑ හිනා වෙලා ........
ඉතිං තාත්තලට අහු වුනේ නෑ නේද??? අහු වුනා නම්... :) හික්ස්...
ReplyDeleteඅම්මෝ අක්කේ එහෙම දෙයක් නම් හිතන්නවත් එපා.....! :D
Deleteහපොයි දෙයියනේ පෝතක බබාලාට වෙච්චි දෙයක්.. මගෙ බඩත් කොර වෙලා හිනා වෙලා...
ReplyDeleteඅපරාදේ කියන්ට බෑ ලස්සන හෙඩිම...:D
ReplyDeleteපුක නෑ යකෝ හිනාවෙලා.. මට නිකං මැවිලා පේනවා සීන් එක.. අර මාරයා කිවුව වගේ මෙච්චර කල් ගත්තේ මොකෑ මේ වගේ සුපිරි කතාවක් දාන්න..!!??
ReplyDeleteගත හැකි ආදර්ශය කළු පුකවල් සුදු කරගන්නනම් මහා දවල් ලිස්සන බෝට්ටුවේ යන්න.
ReplyDeleteමැරෙන්න හිනා..
මේ කතාවට ගැලපෙන චිත්‍රයක් ඇන්දා නං කොහොමට තියේවිද?
ReplyDeleteහිනා වෙලා බඩ යනවා.. දුමීටත් වෙන්නේ පට්ට සීන් තමයි. මදැයි තෙල් ගාගත්ත.
ReplyDeleteබැරි වෙලාවත් ඔය ගියපු සෙට් එකෙක් අනිත් පැත්ත හෙම හැරිලා ගියානම්.. මගේ සංතෝ කාට කියන්නද.. තාච්චියේ ඔබන්න තමයි වෙන්නේ
උඹලට තිබුණේ ගුණවර්ධන සර්ට ගුලියක් අඹරන්න සර් මේක බේත් තෙලක්... ගෑවම පොඩ්ඩක් රිදෙනවා හැබැයි අමාරුවෙන් හරි ගා ගත්තොත් ගොඩ තමයි කියලා... බුවාත් රෑට තෙල් තාච්චිය උස්සලා හරි ගා ගනී...
ReplyDeleteහික් හික් :)
ReplyDeleteමාත් පොඩිකාලේ ඔය බිබික්කමේ ගිහින් පුක පුච්චගත්ත බන්
ReplyDeleteමදැයි වෙච්චි දේ.සර් ඒක දැකපු වෙලේ වැරදියට හිතුවේ නැද්ද දන්නේ නැහැ
ReplyDeleteහිකිස්....ඊට පස්සෙ මොකද වුනේ අයියේ.....???????
ReplyDeleteපට්ට සීන් එක. දවස් ගානක් යනකං දුමී අයියට වාඩිවෙන්න බැරුව ඉන්න ඇති නේද
ReplyDeleteඉතිං ඒකෙන්වත් පුක බේරගන්න හිතාගත්තෙ නෑ නේද?
ReplyDeleteමේ වගේ කතා කියවන්ඩ ලැබෙන කොට ඉතින් 'පුක' ග්‍රාම්‍ය උනත් කමක් නෑ ඒ ගැන ලියන එක වටිනවා.
ReplyDeleteඔය 'ග්‍රාම්‍ය' කියන වචනෙන් ගමේ අය භාවිතා කරන වචන කියලම අදහස් වෙන්නේ නැහැ. ඒ වචනෙ ආවේ එහෙම වෙන්න ඇති. නමුත් සාහිත්‍ය ලෝකේ ග්‍රාම්‍ය වචන ලෙස හඳුන්වන්නේ විද්වතුන් භාවිතා නොකරන වචන. දැන් කාලේ නං ග්‍රාම්‍ය වචන වැඩියෙන් භාවිත කරන්නේ මයෙ හිතේ ගමේ අයට වඩා නගරේ අය.
අපොයි පුක නෑ...
ReplyDeleteඅව්වේ නවත්තපු බයික් එකක සීට් එකක ඉදගත්තම කොහොමද? මෙතන ඊට හපන් නොවැ..
හිනාවෙලා මැරෙනවා ලියලා තියෙන විදියට.
ReplyDelete*කට දැනෙන අාතල් එක හිතේ මැවෙනව අප්ප!
ReplyDeleteඉතිං අයියා ගිහිං තාත්තට කිව්වද...??? හිකිස්....
ReplyDeleteඅම්මෝ... සාමාන්‍යයෙන් මේ වගේ රස කතාවක් කියවනකොට මම කරන්නේ මම එතන හිටියා වගේ චිත්ත රූප මවාගන්න එක. මීට පස්සෙ නම් එහෙම කරන්නේ නෑ.:D කාලෙකට පස්සෙ මේ පැත්තේ ගොඩ වුනේ. ඔය දීල තියෙන්නේ ඇට්ටි හැලෙන්න.:)
ReplyDeleteඇයි උඹ ඔතන අර තෙල් ගාන ඇක්ෂන් එකේ හිටියද ඒ ඩිංගට ?
Deleteහරි ආතල් අහ්!! හිනා වෙලා ආයෙත් හිනා යනවා
ReplyDeleteඅම්මෝ .... මෙන්න මිනි මරනෝ .... හිනා යනවා .. හුස්ම ගන්න බැරි යෝ......
ReplyDeleteඅනේ දුමී අය්යෙ අම්ම මාව ගෙදරින් දොට්ට දානවා ලඟදීම.. රෑ මැද්දෙ මර හඬ දීලා හිනා වෙලා.. නියම කතාව අය්යේ... අනේ පවූ පොඩි ළමයි. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ තියෙන්න ඇති
ReplyDeleteමිරිස් තෙල් ගෑවට පස්සේ තුවාල ඉක්මනට සනීප වෙන්න ඇති, නේද :)
ReplyDeleteමට හිතෙන විදිහට නියම බෙහෙත තමයි වෙලාවට කෙරිලා තියෙන්නේ
ඇයි ඔය සත්තුන්ගේ තුවාලයක් එහෙම උනාම කරන්නේ මිරිස් ගාන එකනේ
ඒක දන්න කියන එකෙක් වෙන්න ඇති දුමි අයියලාගේ පුකේ මිරිස් තෙල් ගාන්න ඇත්තේ
පුකේ තෙල් ගාන්න ඉදිරිපත් වෙච්ච එකා ගැන සර්ට සහ වැඩිහිටි බාල"යක්ෂයන්ට" මොනවා හිතෙන්න ඇත්ද...
"මුනං මරු වැඩ කාරයෙක්" කියල වෙන්න ඇති සිද්ධිය හරියට දැනගන්න කලින් හිතෙන්න ඇත්තේ
ඇයි ඉතින් කී දෙනෙක්ගේ කලිසම් පාත් කරගෙන පුකේ තෙල් ගාලද ඒ තනි කොල්ලා....
ඒ මදිවට බැදුම් හදල ඉතුරු වෙච්ච තෙල්.
හික් හික්.....
.
ReplyDeleteමේක කියවලා පුක උඩදාගෙන හිනාවෙන්න ගිහින් තවපොඩ්ඩෙන් රස්සවටත් කෙලවෙනවා....
එහෙම උනානම් පුක නෑ!!!!!
ඔය මාක් එහෙම පුකේ ඇති නේද දුමී අයියේ
ReplyDeleteපුක ඉරෙනවා හිනාවෙලා.....
ReplyDeleteඅම්මෝ හිනා වෙලා පුක නෑ... ඇති යන්තම් ආයෙත් පරණ style එකටම ලියලා තියෙනවා
ReplyDeleteමේ කථාව නම් මරු බං
ReplyDelete//කන්න උයන වෙලාවට ලූණු සුද්ද කරන වැඩ, පොල් ගාන වැඩ, මුකුණුවැන්න මිටි වලින් තනකොල ගස් ඉවත් කරන වැඩ//
ReplyDeleteමේවානං ඉතිං මලාට අපතේ යන්නෙ නැති දේවල් නෙ නේද. හෙහ් හෙහ්....
මට ප්‍රස්න දෙකක් තියනව
01. //දමින්දයාගේ මුළු මූණම රතු වෙලා// එතකොට උගෙ පුක ?
02. වැදගත්ම පස්නෙ, දුමියගෙ පුකේ ආපු දියපට්ට මොනපාටද ?
හිනා වෙනවයි කියල මෙහෙමත් ..අය්යෝ කාටුන් එකක් වගේ .
ReplyDeleteඉල ඇදුන ඕයි....
ReplyDeleteහංගල තිබ්බ කෑල්ල මරේ මරු දුමියො, හැබැයි උඹ ගණිතය නං ෆේල් නේද ?
අඩේ මට පස්සෙ මතක් වුනේ, බල්ලන්ට හෙම තුවාල වලට මිරිස් කුඩු දිය කොරල දානව නේද ? බොලාගෙ දිය පට්ට කැඩිච්ච ඒව නං ඉස්මනට සනීප වෙන්නැති...හෙහ්..හෙහ්...
යන්න සෙට් උනේ 15යි... ගියේ ඒකෙන් බාගයයි. ඒ කියන්නෙ 7 1/2... ඒ කියන්නෙ පුකවල් හතයි එක පලුවයි..
ReplyDeleteදුමී අයිය ඔයා පුක් සීරීස් එකක් කරන්නද යන්නෙ.....පට්ට කතාව හොඳේ.....
ReplyDeleteමමත් පුක පුච්චගත්ත බං ඕකෙ ගිහිං . . . . හැබැයි තෙල් ගාන්න කවුරුවත් හිටියෙ නෑ
ReplyDeleteඔන්න මමත් රතු පාට තීරුව ක්ලික් කලේ නම් නැතෝ
ReplyDeleteඔන්න එදා ඉඳන් පුක වෙන කෙනෙක් ඉදිරියේ නිරාවරණය වෙන හැම වෙලෙම දූමී කට ට පොඩි හිනාවක් එනවලු ඒ සීන් එක මතක් වෙලා...
ReplyDeleteඅඩේ පට්ට කතාව !
ReplyDeleteමට මැවි මැවි පේනවා කට්ටිය පෝලිමට පුකේ තෙල් ගාගෙන බලන් ඉන්නවා ! හික්ස් :)
පට්ට සීන් එක දුමීයා....
ReplyDeleteඔය වගේම කථාවක් තියනවා හොරෙන් චොකලට් කාලා බුකේ බාම් ගාපු.... මේක කියනව කොට ඒක මතක් උනා.. දැන්නම වෙනවා වෙලාවක...
හෆොයි හෆොයි ටොම් සෝයර් කියෙව්වා වගේ.පුක පලා මිරිස් දැමීම.
ReplyDeleteපුකක් නිසා දුකක්..පට්ට මචෝ
ReplyDeleteඅඩේ දැනුයි දැක්කේ කෑල්ලක් හංගලා කියලා ඒත් මම මුලින් කියවද්දි හංගපු එකත් එලි පිට තිබුනේ
ReplyDeleteසිරා සිරා...මාර පුකක් නේ මට පේන්නෙම පොඩි වුන් ටික පෝලිමේ ඉන්නකොට ස‍්ර ඇවිත් බනින හැටි
ReplyDeleteවිනාසයි. උදේ පාන්දරම හිනාවෙලා හරි අමාරුයි :))
ReplyDelete"කොළඹ විහාරමහාදේවි පාක් එකේ බාල දක්ෂ ජම්බෝරියක්"
විහාර මහා දේවී පාර්ක් එකේ කරන කොළඹ දිස්ත්‍රි කඳවුරට කියන්නේ "කැම්පෝරිය [Camporee]" කියලා
අම්මෝ....හින වෙලාම බඩත් රිඩෙනව අප්පා........ අයියෝ පව් පොඩ්ඩො ටික... :D
ReplyDeleteපුක නෑ ඕයි!
ReplyDeleteදුමී ට මොකද වෙලා තියෙන්නේ.
ReplyDeleteකාලෙකින් අලුත් පෝස්ටුවක් නැත්තේ මොකද?
වෙනදා වගේම මේ කතාවත් එලය
පුක පතූරැ ගහන්නට බලපත්‍රය ලබාදිමට උපමන වෙහෙසක් ගත් කතන්දරට මගේ උත්තමාචාරය
ReplyDeleteපුකේ මල් පිපෙන්නැති නෙහ්........
ReplyDeleteඑල එලස්.... :D
මටත් පුකේ කතාවක් මතක් උනා,
ReplyDeleteඒ දවස් වල මම හිටියේ හොස්ටල් එකේ 7 වසරේ. අපි 15 විතර ඩෝමෙට්‍රීයේ හිටියා. ඔය දවස් වල අපිට ගහලා තිබ්බා ටෝච් පිස්සුවක් (කරන් කපපු දවස් වල).මට නම් මරාලේ වගේ නින්ද යාගෙන එද්දි එකෙක් ඇවිත් මාව .කූද්දලා " අඩෝ මෙහෙ වරෙන් බඩ්ඩක් පෙන්නන්න " කියලා ඇදගෙන ගියා. මම වගේම තවත් දෙමළ කොල්ලෙකුත් ඇහැරවගෙන තමා ගියේ .
අරු ගිය ගමන් " ආඩවනේ.. පුක එළියේ " කිව්වා.
බලද්දි එකෙක් සරම පොරෝගෙන , පුක එළියේ.
තව එකෙක් බැටරි බැහැපු ටොච් එකක් ගහන් ඉන්නවා..
පුක රත්තරන් පාටට දිලිසෙනවා....
ඒදා අපිට තේරුනා..
"" දිලිසෙන සියල්ල රත්තන් නොවේ "" කියලා
මගේ කතා රසේ අන්තිමයි..
මේ කථාවත් කියවන්න.
ReplyDeleteමේක පුක ගැන අළුත් කථවක් මේක කියවන්න තරහ නැතිව
http://spdpmaxcom.weebly.com/other.html
ගිහින් බලන්න.
පට්ට මේක නම්....
ReplyDeleteලොවෙත් නෑ
දැන් අැති ඔය පුක ගැන කිව්වා
ReplyDeleteහිනා වෙලා පණ ගියා. එල.
ReplyDelete20 වතාවකට වඩා කිියවලා ඇති..කියවන වාරයක් ඇත් නම් හිනා යනවා.
ReplyDeleteහම්මේ මාත් කැම්පරියක් දෙකක් ගිහින් තියනව, ඔය දවස් දෙකේ විහාරමහා දේවි එකේ ටොයිලට් පැත්තට කිට්ටු කරන්න බැහැ අප්පා හරියට දිව්‍යලෝකේ වගේ.
ReplyDeleteඉතින් මුක පූට්ටු කරං බැරිනං පොල් මුඩ්ඩක් හරි ගහල හිරකරන් වැඩිය දුවන්නේ පනින්නේ, හයියෙන් හිනා වෙන්නේ නැතිව ඉන්න එක තමයි නම්බුකාර වැඩේ :-D
කියෙව්වම හිනා ගියා.. සුන්දර අතීතයක්... දිගටම ලියන්න
ReplyDelete