දුමී බබා කාලේ - චීන දත්, බඳින තැන

Posted by දුමී

ඔන්න දැන් ඉතින් දුමී බබා කාලේ වෙච්චි දේවල් පෝලිමට මතක් වෙනවා. දුමී බබා කාලේ එක එක ප්‍රදේශ වල තමයි හිටියේ. ඒ අතරෙ මතකයේ තියෙන්නෙ කල්පිටිය, මතුගම, කළුබොවිල වගේ ප්‍රදේශ තමයි. දුමී ඉපදිලා තියෙන්නෙ කළුබොවිල මහා ඉස්පිරිතාලේ ( ඉස්සර ඒකට කියල තියෙන්නෙ එහෙමයි, දැන් තමයි ශික්ෂණ රෝහල කියන්නෙ ) . පස්සෙ රට වටේ, බබා කාලේ ගත කරලා කළුබොවිල ඒ කියන්නෙ අපේ ආත්තම්මගේ ගම් පාලාතෙ තමයි ස්ථිර පදිංචිය සිද්ධ උනේ.

ඉතින් ඔය දවස්වල අම්මගේ හරි ආත්තම්මගේ, එහෙම නැතිනම් නැන්ද කෙනෙක්ගෙ, එහෙමත් නැත්නම් පුංචි කෙනෙක්ගේ අතේ එල්ලිලා නුගේගොඩ සුපර් මාකට් එකට හරි නැතිනම් නුගේගොඩ පොළට යන එක දුමීගෙ සුලභ චර්යාවක් වෙලා තමයි තිබුනේ.ඔහොම යමින් ගමන දකින දෙයක් තමයි නුගේගොඩ සුපර් මාකට් එක ඉස්සරහා ගැමුණු ස්ටූඩියෝ එකේ වීදුරු පෙට්ටිය ඇතුලෙ දාල තිබුනු මනමාලියෙක්ගෙ තඩි කටවුට් එක. බබා කාලේ දෙහි ගෙඩි දෙකක් තරමටවත් උස නැති දුමීට ඒකෙ හිටියේ නම් තඩිම තඩි මනමාලියෙක්. අනික ඒකෙ හිටපු මනමාලිත් දත් තිස්දෙකම එලියට දාගෙන තමා හිටියේ. තව හිටපු ගමන් දුමී දකිනවා කාර්වලින් බැහැලා මනමාලියෝ ඕක ඇතුලට රිංගනවා. හිටපු ගමන් මනමාලියෝ දෙතුන් දෙනා රිංගපු වෙලාවල් දැකලා තිබුනා. ඉතින් මොකක්ද මේ බැඳිල්ල කියලවත් කිසිම වගක් විභාගයක් නොතිබුනු දුමීට මෙතන මේ මොකක්ද වෙන්නෙ කියලා ලොකු කුතුහලයක් එක්කම ප්‍රශ්න වැලකුත් තිබුනා. ඕක තව තවත් බරපතල ප්‍රශ්නයක් කරපු දෙයක් උනේ, ඔය ගැමුණු ස්ටූඩියෝ එකටම අල්ලපු බිල්ඩිමේ උඩ තට්ටුවේ ගහල තිබුනු බෝඩ් එකක් නිසා. බැලූ බැල්මට පේන්නෙ ඒක නිකන් ගැමුණු ස්ටූඩියෝ එකේම උඩ තට්ටුවේ වගේ තමයි. ඒකෙ තඩි දත් ඇන්දකුත් එක්ක දාල තිබුනා මෙන්න මෙහෙම,

"චීන දත් බඳින තැන...." කියලා.

ඔන්න ඔතැනදි තමයි දුමීට උහතකෝටික ප්‍රශ්නයකට මුහුන පාන්න උනේ. කසාද බැඳිල්ල මොකක්ද කියලා ලොකු එක්කෙනෙක්ගෙන් අහන්න ගිහිල්ල "පැහිච්ච කතා අහන්නෙ නැතිව ඉන්නවා...." කියලා දුමී බැනුම් අහලත් ඒ වෙනකොට වැඩි දවසකුත් ගිහිල්ලා තිබුනේ නෑ. ඒ අස්සෙ මෙන්න බොලේ චීන දත් බැඳිල්ලකුත් තියෙනවා.ඉතින් ඔහොම ඉඳලා තමයි බැරිම තැන දුමී ප්‍රශ්නය අත ඇරියේ අම්මට,

"අම්මේ, කවුද අම්මේ චීන දත් බඳින්නෙ ? ලංකාවෙ දතුත් බඳිනවද ......?"

ඒකට උත්තරයක් හම්බ උනාද කියල නම් මතක නැහැ.

ඉතින් ඔන්න ඔහොම එක එක්කෙනාගෙන් අහලා අහලා ප්‍රශ්නෙට හරි හමන් උත්තරයක් ලැබුනේ නැති නිසා දුමීම තියරිය හදාගත්තා හරිම අමාරුවෙන්.

"දැන් මේ මනමාලියෝ නම් මේකට රිංගන්නෙ දත් බඳින්න...."
"එහෙම බැඳපු චීන දත් සෙට් එක එලියේ දාගෙන තමයි අර ෆොටෝ එක අරගන්නෙ....."
"එතකොට තියෙන දත් සෙට් එක ?"
"ඒක ගලෝනවා......."

තියෙන දත් සෙට් එක ගලෝනවා ඇති කියලා හිතිච්ච හේතුව තමා, දුමී දවසක් දැකල තිබුනා මනමාලියෙක් හෝ ගාල අඬ අඬා ස්ටූඩියෝ එකට රිංගනවා. ඒ තියෙන දත් සෙට් එක ගලෝනවට තියෙන බයේ තමයි ඒ.

අනේ ඉතින් ඔහොම ටික දවසක් ඉන්න කොට තමයි දුමීගෙ අම්මා දුමීවයි, අක්කවයි, නංගිවයි අරගෙන ගැමුණු ස්ටූඩියෝ එකට ගියේ. දොරෙන් ඇතුළු වෙනකන්ම අම්මා මුකුත් කිව්වෙ නෑ. දොරෙන් ඇතුළු වෙනකොට වගේ තමා දුමීට මහම මහා භයංකාර සිතිවිලි පහල උනේ. මේ නම් යන්නෙ හොඳකට නෙමෙයි කියලා දුමීට ටික ටික හිතිලයි තිබුනේ.

ඉතින් ස්ටූඩියෝ එකේ පල්ලෙහා හිටපු අංකල් කෙනෙකුත් එක්ක කතා කරලා අම්මා දුමීව අරගෙන අර ලණු පැදුරක් දාල තිබුනු ලී තරප්පුව නගින්න හදන කොට තමා දුමීට තරු වීසි උනේ.

"අනේ අම්මේ.... මට බඳින්න බැරියෝ...!" දුමී අර ලණු කාපට් එකේ බිම දිගාවෙලා ඒකෙ එල්ලිලා දෙනවා දැන් බැස්ටිය....

තක්කු මුක්කු වෙච්ච අම්මා කියනවා ඒ පාර, "පිස්සුද ළමයෝ අපි මේ ෆොටෝ එකක් ගන්න යන්නෙ...."

"නෑ නෑ... ඔය බොරු කියන්නෙ....මම දන්නවා ඔය යන්නෙ මගේ දත් ගලවලා චීන දත් දාන්න......මට චීන දත් එපෝ....!"

"පිස්සුද මේ ළමයට, මොන චීන දත්ද ? ෆොටෝ එකක් ගන්න යන්නෙ. ඒක රිදින්නෙ නෑ....."

කොච්චර කිව්වත් අම්මා කියන ඒවා දුමී දැන් සත පහකට ගනන් ගන්නෙ නැහැ... ඔහොම ඔය විදිහට රිදෙන්නෙ නෑ කියලා තමයි දැනට ටික දවසකට කලිනුත් අම්මා දුමීව ඩොක්ටර් අංකල් ගාවට අරගෙන ගිහිල්ල පස්ස පැත්තට ඉන්ජෙක්ශන් එකක් ගැහුවෙත්. ඉතින් කොහොමද අම්ම කියන මේ කතාව විශ්වාස කරන්නෙ ?මොනවා කලත් ඔය තරප්පුවෙන්නම් උඩට නගින්නෙ නෑ කියලා තමයි දුමී අධිෂ්ඨාන කරගෙන හිටියේ.

ඒත් ඉතින් මෙච්චර වෙලා ගහපු කලාබරේ වැරදිදෝ කියලා දුමීට හිතුනේ ටික වෙලාවකට පස්සෙ කිසිම බයක් සැකක් නැතිව උඩට ගිහිල්ලා ආපහු හිනා වෙවී පල්ලෙහාට බහින අක්කවයි නංගිවයි දැක්කහම තමයි. ඊට පස්සෙ තමයි දුමීට හිතුනේ දුමීගෙ තියරිය වැරදි වෙන්න ඇති කියලා. කොහොමත් අරෙහෙම අඬන කොට අම්මා පොරොන්දු වෙලා තිබුනා ෆොටෝ එක ගන්න දුන්නොත් අයිස්ක්‍රීම් දාපු ෆලූඩා අරගෙන දෙනවා කියලා. දුමීගෙ අක්කා තමයි ඒ අදහස අම්මගේ ඔළුවට දැම්මෙ මොකද දුමීටත් වඩා ෆලූඩා වලට ආසා එයා හින්දා. ඉතින් මේ ෆලූඩා පෙරේත කමත් එක හේතුවක් දුමීව කූල් ඩවුන් වෙන්න.

ඔන්න දැන් ඉතින් දුමී හිතන්න ගත්තා, බැරිවෙලාවත් හදිසියේ බැන්දුවත්, චීන දත් සෙට් එකක් දැම්මත් අයිස්ක්‍රීම් දාපු ෆලූඩා එකක් හම්බ වෙනවනේ, ඒක වඩා වටිනවනේ කියලා.

පස්සෙ දුමී තීරණය කලා අයිස්ක්‍රීම් දාපු ෆලූඩා එකට කැමති වෙන්න.

එහෙම කැමති වෙලා ගත්ත පිංතූරෙ තමයි ඔය යටින් තියෙන්නෙ.

මේක ගත්තෙ 1980 මුල කාලෙදි. ඔය ඇල්බම් එකක දාල තිබිලා ටිකක් සවුත්තු වෙලා.



45 comments :

  1. දුමී අයියේ ?

    දත් කසාද බැන්දම ද නල දත් හම්බ වෙන්නේ ?

    ReplyDelete
  2. පට්ට කතාව ඒකනං. ඔය ගැමුණු ස්ටූඩියෝ එකනං තවම තියනෙව. මම හිතනෙ අර දුමී දැකපු ලයිව් සයිස් මනමාළි පින්තූරෙ තමයි තාම තියෙන්නෙ එතන. කළු සුදු මනමාළි දැන් නං හත් අටපොලකින් කාවො එහම කාල, සාරියත් ෆේඩ් වේලා, වේල් එකේ කෑල්ලකුත් ඉරිල ගිහිල්ලද කොහේද. දැන් නං මනමාළියො එතනට යන්නෙ නැති තරම් පින්තූර ගන්න. චීනගෙ දත් සාප්පුවනං මතක නෑ. හැන්දෑවට බලාගෙන යන්න ඕන ඒකත් තියෙනෙවද කියල.

    කොහොම උනත් බැන්දම සමහරුන්ටනං දත් දාගන්න වෙනවනෙ. එකක් දත ගැලවිල්ල හන්ද අනික දත් ටික බඩට ගියාම. ඒක හන්ද දෙකම එක ලඟ තියෙන නරකමත් නෑ.

    නවම්

    ReplyDelete
  3. මුන්ට වැළි කෙලියේ ඉදන්ම තිබිලා තියෙන්නෙ මහ ජුගුප්සාජනක ප්‍රශ්ණ.... ඉතින් දුමී උඹ බැන්දම ගැලවුනෙත් චීන දත්ද?

    ReplyDelete
  4. අඩේ දු,ඉයා අයියේ...ඔන්න මම එනවා ෆොටෝ ගහන්න....නෑ නෑ දත් බදින්න....කෝ බය උනාය. (ඉකේයියා...පොඩි දූමියා පව්)

    ReplyDelete
  5. එල කතාව දුමී අයියා..... දුමී අයියා හුරතල් කොලු පැටියෙක් වෙන්න ඇති ඒ කලේ.... මට මැවිලා පේනවා පින්තුරෙත් එක්ක දුමී අයියා දත් බදින්න ගිය හැටි...

    ReplyDelete
  6. මේක මගේ පුද්ගලික දත් කතාවක් ..

    මම පොඩි කාලේ ඉස්කෝලේ ඩෙස්ක් උඩ දුවල බිමට වැටිලා , ඉස්සරහම පොල් දත් දෙකෙන් එකක් උලත් එක්කම සම්පූර්ණයෙන් ගැලවිලා ආවා . අනිත් දත් ටික ඔක්කොම වගේ බුරුල් වෙලා හෙලවී හෙලවී තිබුනේ .. හවස දොස්තර මහත්මයා හම්බ වුනාම එහෙව්වා මගෙන් අනිත් දත් හෙලවෙනවාද කියලා . ඉතාම ප්‍රඥ්ඥාවන්තව මම හිතුවා ඔවු කිව්වොත් පොර ඉතුරු දත් ඔක්කොම ගලවලා දමයි කියලා . ඉතින් මම නැහැ කිව්වා .. පස්සේ දත් ටික යේ සවිමත් වුන හරියට යකා හිටවපු වැට වගේ. තවමත් එහෙමමයි .. පොල්දතේ හිඩැස නම් දැන් වැහිලා ගිහින් .

    ReplyDelete
  7. චොයි පොටො එක අප්පා..කළු සුදු පොටො ගතිය අප්පා.ඕක කලර් වුනා නං එහෙම නැ.එහෙනම් ඕක පිටිපස්සෙ මොකක් හරි තැනට ගැලපෙන්නෙ නැති මුහුදකුයි තේ දළු නෙලන කෙල්ලෙකුයි පොල් ගහකුයි දාල පොටො එක මෙලො රහක් නැති කරයි.

    කතාව ගැන කිව්වොත් ජොලි හලො තමයි.ඔයාට නැද්ද වචන 10 ක් කියන කොට 9 ක්ම හලො හලො කියන යාලුවෙක් මට නං ඉන්නව..

    ReplyDelete
  8. අනේ දුමී අයියා බබා කාලෙ හරි සෝයි වගේ...

    ReplyDelete
  9. නියම කතාව තමයි.
    හැබැයි අර පොටෝ එකේ ඉන්න හැටියටනං දත් සැට් එක නැතිව ඉන්නව ‍වගේ පේන්නෙ.

    ReplyDelete
  10. @Web Master_guir,
    ඒක නම් දන්නෙ නෑ මලේ, මට තාම කතා කරන නල දතක් හම්බ උනේ නෑ අම්මයි තාත්තයි කවුද කියලා අහන්න.

    @nawammawatha,
    මට මතක විදිහට ඒ බිල්ඩිම දැන් එතන නෑ. ඒක ගොඩක් පරණ තට්ටු දෙකේ බිල්ඩිමක්, ගැමුණු එකටම වම් පැත්තෙන් තිබුනේ. මම හිතන්නෙ දැන් ස්වර්ණමහල් එක තියෙන්නෙ ඒක කඩල හදපු අළුත් බිල්ඩිමේ...

    දත් ගැන කියනවනම් වෙඩින් එක ඉවර වෙනකොට ඔක්කොම දත් ගලෝල ඉවර වෙනවා හෝටලෙයි, ෆොටෝ කාරයයි, අන්දවන එකායි, බෑන්ඩ් එකයි , මෙකී නොකී හැම එකාම එකතු වෙලා..

    ReplyDelete
  11. කට හොදට තද කරල වහගෙන ඉන්නෙ දත් ගලවයි කියලද කොහෙද... හැබැයි මූනෙ නම් අමුතු අයිස්ක්‍රීම් හිනාවකුත් තියනව ... ; )

    මගේ ලොකු දත් එද්දි කිරි දත් ගැලෙව්ව ඒ කාලෙ...ඒක තමයි මම කැමති නැතිම බය හිතෙනම වැඩේ ...ඉන්ජෙක්ෂන් එක කට ලගට ලං කලාම දැනෙන බය නම් ලොවෙත් නෑ ... එහෙම දත් පහක් හරි හයක් හරි ගැලෙව්ව ... මම ඒ යනකොට තාත්තත් එක්ක කන්ට්‍රැක්ට් එකක් ගහල යන්නෙ ගලවන දතට මොනව හරි දෙයක් ඕනෙ කියල ... මම ඔරලෝසුවකුයි බයිසිකලේකුයි ගත්ත ඒ විදියෙ දත් දෙකකින්

    ReplyDelete
  12. @අභීත,
    උඹලට ඔය ජුජුබ්ස්ද මොනාද ඒව කරන්න හොඳයි.... අපි ඒ මොකක්ද කියලා ටිකක් හොයලා බැලුවහම තමයි නරක... ඇහෑ..?

    දත් ටික නම් වෙඩිම ඉවර වෙන්කොටම ගැලවිලා තිබුනු නිසා දැන් තායිවාන් දත් සෙට් එකක් දාගෙන ඉන්නෙ... ඒවා චීන ඒවට වඩා ලාබයි ඒ දවස්වල...

    @රත්ගමයා ,
    මලයටත් දත් සෙට් එක මාරු කරගන්න ආසාවක් ඇවිල්ල වගේ...?

    ReplyDelete
  13. @නචී,
    ඒ දවස්වල විතරක් නෙමෙයි, මම තාමත් හරි හුරතල්...!

    @Web Master_guir ,
    ඒ ගැලවිච්ච දත බිම හිටවලද ඊට පස්සෙ ගෙදර පොල් ලෙලි ගැහුවේ ?

    හා කමක් නෑ.... එහෙම වෙච්චි එක හොඳයි.. ඔය වලියකට එහෙම ගිය වෙලාවකට දත් ටික පෙන්නල පොඩ්ඩක් ගොරවපු ගමන් කට්ටිය මෙලොවෙත් නැතිව දුවයි, හැපුවොත් පිස්සු බලු රෝගේ හැදෙයි කියලා....!

    ReplyDelete
  14. නියමයි දුමී... උඹ ලියන විදියට චිත්තරූප මැවෙන්නේ වීඩියෝ එකක් බලනවා වගේ... කවදක හරි බ්ලොග් අවකාශයට සීමා නොවී ලංකාවේ ජනප්‍රිය ලේඛකයෙක් වේවා කියලා පතනවා...

    ReplyDelete
  15. @පැන්da,
    දත් සෙට් එක කෙසේ වෙතත් මලයට නම් ඇස් කණ්නාඩි කුට්ටමක් දාගන්න වෙනවා. කොහොමද බොල ඔය ෆොටෝ එක කළු සුදු උනේ. ඒක දුඹුරුයි සුදුයි. කොහොමත් ඒකාලේ ඔය කොම්පීතර වැඩ කෑලි තිබුනෙ නෑනෙ මල් ගස් ඇඩ් කරන්න...

    @හරී - පිණිපළස,
    ඇයි බොල දැන් මට මොකෑ වෙලා තියෙන්නෙ....?

    ReplyDelete
  16. @Praසන්ன,
    කොහොමත් තව පොඩ්ඩෙන් දත් සෙට් එක ගලෝනව ෆොටෝ ගහපු එකා ඌට දීපු වදේට. කොහොමත් ඔය කඳුළු හොඳට පිහිදාලා, පවුඩර් එහෙම දාල හදපු මූණ තමයි ඔය තියෙන්නෙ...

    @සහෝධරයා,
    ඔව් ඔව්, දත් ගලවන්න අවොතින් ඉතින් හපනවා කියලා තමයි හිතාගෙන හිටියේ. ඔව් ඔව් , ෆලූඩා එකට පෙරේත කමට ආපු හිනාවක් වගේ එකක් තම්යි ඔය මූණෙ තියෙන්නෙ.

    හපොයි, මුගේ දත් දෙකක් ගලවන්න ගිහිල්ල මූ තාත්තාගේ දත් සෙට් එකම ගලෝලා වගේ....

    ReplyDelete
  17. @Kush,
    පිස්සු කෙලින්න එපා බං... ඔය වගේ ප්‍රාර්ථනා කරනවද හතුරෙකුටවත්.... මේ කාලේ ඔය ලියන්නෝ ගුටි කන කැවිල්ලට මේ බ්ලොග් කෙරුවාව දාහෙන් සම්පතයි.

    අර කසූ කිව්වා වගේ, රයිටර්ස් බ්ලොක් ලෙඩේ හැදිලා මේ බොහෝම අමාරුවෙන් ඉඳලා හිටලා පෝස්ට් එකක් දාන්නෙ.

    ReplyDelete
  18. දුමී අයියේ!!

    මගේ ගැලවුණු දත ඉස්කෝලෙම නිදන් කළා... එතන දැන් තට්ටු 5 බිල්ඩිමක් .කාටද ආඩම්බර ...

    "එහෙම වෙච්චි එක හොඳයි.. ඔය වලියකට එහෙම ගිය වෙලාවකට දත් ටික පෙන්නල පොඩ්ඩක් ගොරවපු ගමන් කට්ටිය මෙලොවෙත් නැතිව දුවයි, හැපුවොත් පිස්සු බලු රෝගේ හැදෙයි කියලා....!"

    සාමාන්‍යයෙන් මම එහෙම කරන්නේ නෑ . හොඳට කට ඇරලා ඈනුමක් අරිනවා .එත කොට සතුරන්ට සුඝන්ධ භීතිකාව ඇති වෙන නිසා වැඩේ ලේසියි .

    ප. ලි. මම ඒ වැඩේට පාවිච්චි කරන්නේ ශීර්ෂ මුඛය විතරයි ;)

    ReplyDelete
  19. ඔන්න දැන් ඉතින් දුමී හිතන්න ගත්තා, බැරිවෙලාවත් හදිසියේ බැන්දුවත්, චීන දත් සෙට් එකක් දැම්මත් අයිස්ක්‍රීම් දාපු ෆලූඩා එකක් හම්බ වෙනවනේ, ඒක වඩා වටිනවනේ කියලා.

    එහෙම හිතලා වෙන්ඩෑ අයියා ඇත්තටම කසාද බැන්දෙත්? :D :D :D

    ReplyDelete
  20. ෆොඩි කාලේ තිබ්බ ෆෂ්ණ ගැන නං මොන කතාද!

    ඕවා ගැන හිතන්න ගිහිංනේ මගේ මියා සිප් එකට අහුඋනෙත්,

    http://cyberyaya.blogspot.com/2010/11/blog-post.html

    ReplyDelete
  21. @Web Master_guir,
    මාර වටින දත් සැට් එකක්නේ බොලේ මලයට තියෙන්නෙ. ඕකෙ දත දත අරගෙන හොඳ ගානකට විකුනන තිබුනා ඔය ගෙවල් හදන්න මුල් ගල් තියන ඈයන්ට. නිකන්ම තට්ටු පහකට විතර ගේ හදාගන්න පුළුවං වෙයි. ඊට පස්සෙ බැරියෑ ඒ සල්ලිවලින් චීන දැට් සෙට් එකක් බැඳගන්න....

    @RanDil,
    රන්දිල් නගාත් දන්නව ඇතිනේ, බඳිනවට වඩා ෆලූඩා කොච්චර රසද කියලා :)

    @බුද්ධි,
    උඹේ මීයා සිප් එකට අහු උනා උනාමයි, ඊට පස්සෙ අර ඇට දෙකේ ප්‍රශ්නයෙන් උඹේ බ්ලොග් එක පාළුවට ගිහිල්ලා... මොකෑ ?

    ReplyDelete
  22. @ දුමී අයියා,
    නෑ ඉතින් දැනුත් සෝයි තමා. අර පින්තූරු වලින් පේන හැටියට දැං සුදු වෙලා , කෙට්ටු වෙලා වගෙයි..( රහසින් - මගෙ ඈස් පේනවා ටිකක් හොරයි )

    ReplyDelete
  23. දුමී,
    දැන් ඉතිං ඇත්තටම දත් ගැලවුනේ ඇත්ත්ටම බැන්ඳට පස්සෙද?

    ප/ලි:
    බුද්ධිටත් writers බ්ලොක්එක හැදිලා ඉඳලා'තියෙන්නේ පහුගිය මාස දෙකේම.

    ReplyDelete
  24. හිනා කාල පණ නෑ බන්.
    පට්ට බුවෙක්නෙ අප්පා පොඩි එකා කාලෙත්.

    ReplyDelete
  25. කතාව නං ඉතිං වෙනද වගේම හිනා කාලා මැරෙන සීන් එකක් තමා.. ඒ වුනාට මේක කියවගෙන යනකොට මට හිතුන දෙයක් තමා පොඩිඑවුං නොදන්න කමට අහන ප්‍රශ්නවලට "පැහිච්ච දේවල් අහන්නෙ නැතුව ඉන්නවා" කියලා සැර කරන්නෙ නැතුව, ඌට තේරෙන විදියට යන්තං හරි විස්තර කරල දෙන එක වටිනවා කියලා.. සමහර වෙලාවට මේ දේවල් නිසා පොඩිඑවුං අන්ත අසරණ වෙනවා..

    @සහෝධරයා,
    ඈ යකෝ, දත් දෙකකට ඔරලෝසුවකුයි, බයිසිකලේකුයි.. නරක නෑ.. හොද වෙලාවට උඹෙ දත් 5-6ක් ගලවලා නැවැත්තුවෙ.. නැත්තං උඹලයෙ තාත්තට ඉඩං උගස් තියන්න වෙනවා..

    පලි: දුමියා, උඹ පුංචි කාලෙ කලු, කොට, මහත කිවුවට ඔය ඉන්නෙ නිකං ස්වීට් කොල්ල වගේ.. ඇත්ත කියපං, මේ වෙන කාගෙහරි ෆො‍‍ටෝ එකක් නේද..??

    ReplyDelete
  26. කතාව නම් පංකාදුයි දුමී.

    ReplyDelete
  27. මේකනම් වෙන කාගේ හරි පින්තූරයක් ...
    දුමියා පොඩි කාලෙත් දැං ඉන්න විදිහම කියලා තමයි මම හිතාගෙන හිටියේ ..රබ්බඩ අයියා වගේ වීර පෙනුමක් තියන කොට සක්ති සම්පන්න .කොල්ලෙක් .

    ReplyDelete
  28. අනේ ඔයා පොඩි කාලේ නම් හරි sweet අනේ. මම හිතාගන හිටියෙත් අර කලු, කොට, මහත.....කියලා.:D

    ReplyDelete
  29. නියම කතාව! මටත් පොඩි කාලෙ තිබුණ මංම හදාගත්ත අමුතු අමුතු තියරි

    ReplyDelete
  30. @හරී - පිණිපළස,
    හරි හරි... නගාට මගේ ගානේ ඇස් කන් නාඩියක් තෑගි දෙන්නම්....!

    @Kathandara,
    මම අර කලින් කමෙන්ට් එකක කිව්වේ, වෙඩින් එක දවසෙම දත් ගැල උනා කියලා....

    මට නම් පේන්නෙ බුද්ධිට තියෙන්නෙ රයිටර්ස් ඩෙඩ් ලොක් එකක්...!

    @එදිරි,
    බොහොම තැන්ක් යූ !

    ReplyDelete
  31. @AmilaArt,
    ඔව් ඉතින් පට්ට කියන්නෙ නිකන් කෙහෙල් පට්ට වගේ තමයි !

    @Buratheno,
    පිස්සු කියවන්න එප බුරෝ, එහෙම බැන්නෙ නැත්නම් අද මේ විදිහට බ්ලොග් ලියන්නෙ කොහොමද ?

    @ගල්මල්-Coral,
    Thank you Deen !

    @හිස් අහස,
    මලයෝ, උඹල ඔහොම කියන කොට නිකන් දැන් මටත් ෂුවර් නෑ, ෂුවර් නෑ වගේ මේ මමද කියලා....!

    @Podi Kumarihami,
    අපහාස කරන්න එපා කුමාරි හාමිනේ, ඔය පේන්නෙ නැද්ද කොට කළු කැත....

    @කලිකාල,
    අම්ම මුත්තා කිව්වත් ආපහු ඒ තියරි නම් වෙනස් කරන්නෙ නෑ..!

    ReplyDelete
  32. සිරියාවන්ත මූණ , පලූඩා එක මූණෙන් පේනවා....

    ReplyDelete
  33. ඈ බං අයියේ උඹ පොඩි කාලේ ඉඳන්ම ඕන නැති දේවල්මනේ හිතලා තියෙන්නේ :D

    ReplyDelete
  34. දුමීත් මාර තියරිනේ පොඩි කාලේ ඉඳන් හිතන්නේ. :D

    ReplyDelete
  35. දත් වගේද ෆලූඩා, නේද බොල......හෙනම රහයි නේද ෆලූඩා.....හික්

    ReplyDelete
  36. මායි යාලුවෙකුයි දවසක් පිලියන්දලින් බීල බීල හොරණ උගේ ගෙදර (එච්චර බීල අපේ ගෙදර යන්න අමාරුයි ) යනකොට මගදි බයික් එක පෙරලිල අරූගෙ ගෙනිච්ච හොරණ ඉස්පිරිතාලෙට.

    බලද්දි මුගේ අර බැකෝ එකේ අත වගේ ඉස්සරහට වෙලා තිබ්බ දත් හතරම නෑ!

    පස්සෙ කොහොමහරි අපි වැඩකරපු ආයතනෙ ලොක්කගෙ කරුණාවෙන් ඌට විසිපන්දාහක් විතර දාල දත් හතරක් හිටෙව්ව ( ඒක දත් බඳිනවට වඩා ඇඩ්වාන්ස් ).

    මෙන්න මූ පහුවෙනිද ඉඳං අමුතු විදියට කතා කොරනව. මොකද ඇහුවම මිනිහගෙ දිව දිග වැඩියිලු.

    ඇයි ඉස්සර ඉතින් ඉස්සරහ දත් ටික කිලොමීටර් භාගයක් විතර පස්සට ඇවිත්නෙ!

    ReplyDelete
  37. @සොඳුරු සිත,
    ඒකනම් එහෙයි තමයි වත් නගෝ !

    @පූසා,
    ඒකනෙ පූසො කියන්නෙ, මට ඕනෙ දෙයක් හිතෙන්නෙ නෑනෙ...

    @කොට ජීවිතේ,
    පොඩි කාලේ මගේම තියරි හැදුවට, දැන් අනිත් අයගේ තියරි වලට යට වෙලානෙ.... මගේ තියරියක් හැදපු කාලයක් මතක නෑ...

    @Heeniyata,
    දත් ගලවන එක ඉවසියෑකි.... ෆලූඩ එකක් අහිමි වෙන එක ඉවසන්න පුළුවන්ද ?

    @ඉන්දික උපශාන්ත,
    කමක් නහැ බං, දැන් ඕනෙම එකෙක් කතා කරන්නෙ ඇක්සන්ට් එක දාලනේ... අළුත්, මොඩර්න් ස්පීච් ස්ටයිල් එකක් කියලා හිතයි...

    ReplyDelete
  38. දත් වගෙ ද ෆලුඩ...
    අම්මගෙ දතනෙ ගලවල තියෙන්නෙ...

    ReplyDelete
  39. ෆට්ටයි ඈ... කොහොමටත් ඉතින් බඳිනවයි කියන්නේත් දත් කුට්ටමම නැතිවෙන වැඩක් නේ.... කැත නැතුව දුමී අයියට පොඩි කාලේ ඉඳලම ඒ දැනුමනම් තිබිල තියේ...

    ReplyDelete
  40. ගැමුනු එකේ මනමාලි නං තාම එහෙමම ඉන්නව එකම වෙනස දැං සාරිය එහෙම පාට වෙනස් වෙලා . . . මනමාල්ලිගෙ පාටත් අවුවට පිච්චිලා . . . .
    දත් බඳින තැන තමා දැන් ස්වර්නමහල් එක තියෙන්නෙ . . . .

    ReplyDelete
  41. ෆොටෝ එකේ එන්න කොලු පැටිය නම් හරිම ස්වීට්

    ReplyDelete
  42. බඳින්න බැහැ කියලා පොළොවේ හැපුණු දුමියා ඊට පස්සේ කසාදත් බැන්දලු. ස්ටුඩියෝ එකට ගිහින් ෆොටෝ එහෙමත් ගත්තලු. හැබැයි ඉතින් අයිස්ක්‍රීම් දාපු ෆලූඩා හම්බුණේ නැතිලු :))

    ReplyDelete
  43. අයිස්ක්‍රීම් දාපු ෆලුඩා එකක් දෙනවනම් මැරෙන්න උනත් එයි දූමී අයියා.

    ReplyDelete

Related Posts with Thumbnails