ඔය ගොල්ලො වලත්තද ?
Posted by
මගේ කලින් පෝස්ට් දෙකම ඒ කියන්නෙ 'දෙවනි මනමාලි' සහ 'ඔය ඉන්නෙ කබරයෙක්' මගුල් ගෙවල් සම්භන්ධයෙන් මම ලබපු හරිම රසවත් අත්දැකීම්. ඔය ටික ලියාගෙන යනකොට තවත් රසවත් සිද්ධියක් මතක් උනා මම බෑන්ඩ් එකට සම්භන්ධ වෙලා හිටපු කාලේ සිද්ද වෙච්ච.
මේ වෙඩින්ග් එකත් තිබුනෙ මාතරට ටිකක් එහා පලාතක හරිම පිටිසර ඒ වගේම හරිම ලස්සන ගම්මානයක් ඒක. කසාද බැන්දෙ අපේ බැන්ඩ් එකේ හිටපු එකෙක්ගේ යාලුවෙක්.
පොර අවුරුදු ගානක් ඉතාලියෙ ඉඳල ඇවිල්ල ඕං හා හාපුර කියල කසාද බඳිනවා. ඒ ගොල්ලො ඔය ගමේ යමක් කමක් තියෙන, වතු පිටි, හරක බාන තියෙන ගොවි කමෙන් ජීවත් වෙච්ච පවුලක්. ඔය ගම්මානවල මගුල් තුලා කටයුතු තියෙන කොට උත්සවය එක වරුවෙන් ඉවර වෙන්නෙ නැහැ. මොකද මුළු ගමටම කියල තමයි ඒ ගොල්ලො මගුල් කන්නෙ. ඉතින් උදෙන්ම කිරි බත් මේසයක් ඇරල පටන් ගන්න මගුල් ගෙදර දවස් දෙක තුනක් යනකන්ම ලොකු ලොකු හැලි වල මාළු බත් පිණි ඉවෙනවා හරිම රසට. කෑම ගැනනං කියල වැඩක් නෑ. ඒවගෙ කටට රහට මගුල් ගෙදරකදි කෑවමයි. ගමේ කුඹුරුවල අළුත් හාලේ රතු බතුයි, ගමේ හැදිච්ච එළවළු මාළු පිණි, හප්පා, ඒක මතක් වෙනකොටත් කටට කෙලත් එනවා. ඔය අපේ කොලඹ මගුල් ගෙවල් වගේ බුෆේ කියන නාමයක් අහලාවත් නෑ ඒ ගම්වල මිනිස්සු. මගුල් කෑම දෙන්නෙ වෙනම හදපු මඩුවක. මේසෙ මේ කොනේ ඉඳන් එහා කොන පේන්නෙ නැති තරමට දිගයි. එක පාරකට සීයකට විතර ඉඳගෙන කෑම කන්න පුලුවන්.
තව ඉතින් අනිත් පැත්තෙන් සීල් අරක්කු වගේම ගමේ ගහෙන් බාපු තෙලිජ්ජෙනුත් කට්ටියට හොඳට සංග්‍රහ කලා වගේ තමයි මට මතක.
පෝරුවෙ චාරිත්‍ර තියෙන දවසෙත් උදේ, දවල්, රෑ තුන් වේලටම ගමේ මිනිස්සු එනව කට්ටි වශයෙන්. මේක ඉතින් අපිටත් හරිම අපූරු අත්දැකීමක්. වෙහස කාරි උනත් අපිත් හරි ආසාවෙන් ප්ලේ කරපු වෙඩින්ග් එකක් ඒක. පෝරුවේ චාරිත්‍ර වලින් පස්සෙ තමයි අපේ පලවෙනි සෙෂන් එක පටන් ගන්නෙ. ඊට පස්සෙ දවල් කැමෙන් බීමෙන් පස්සෙ කට්ටිය සෙට් වෙනව පොඩ්ඩක් එහාට මෙහාට කැරකිල නටන්න කරන්න කාරිය එහෙම. සාමාන්‍යයෙන් වෙඩින්ග් එකකදි පැය 4 ක් වගෙ තමයි අපිට ප්ලේ කරන්න වෙන්නෙ. ඒත් මේකෙදි අපිට මුළු දවසම ප්ලේ කරන්න උනා. දවල් කෑමෙන් පස්සෙ චරිත්‍ර වාරිත්‍ර ඔක්කොම ඉටු කරල මනාල යුවල පිටත්ව ගියාට පස්සෙත් මගුල් ගෙදර ඉවරයක් නැහැ. තව තව ගමේ කට්ටිය එනව කාල බීල යන්න. ඉතින් අපිටත් සෙෂන්ස් දෙක තුනක්ම ප්ලේ කරන්න උනා. උදේ පටන් ගත්ත වැඩේ නැවතුනෙත් බොහෝම රෑ වෙලා තමයි.
මේ සිද්ධිය වෙනකොට ඔන්න ඉතින් අපේ කට්ටිය දවල් සෙෂන් එක ඉවර කරල කෑමට කලින් පොඩි එකකට සෙට් වෙලා තමයි ඒ වෙනකොට හිටියෙ. ඒ කියන්නෙ පොඩ්ඩක් සප්පායම් වෙමින්. හැමෝම වගේ දන්නවනෙ, මීවිතයි ගී පොතයි අතර තියෙන්නෙ හරිම හෘදයාංගම සම්භන්ධතාවයක්නෙ.අපරාදෙ කියන්න බැහැ මගුල් ගෙදර ඈයොත් අපිට මහ ඉහලින් සැලකුවා. කොලඹ ඉඳන් ආපු සංගීත කණ්ඩයමක් කියල ඉතින් අපිට ගමේ ඈයන්ගෙනුත් රජ සැලකිළි.
කොහොමත් ඔය තැන් තැන්වල ප්ලේ කරනකොට අපේ කණ්ඩායමේ අයට ගෑණු ළමයි බැල්ම හෙලන එක නවත්තගන්නත් බෑනේ. ගොඩක්ම ඉතින් ඔය වගෙ දේවල් සෙට් වෙන්නෙ ගොඩක්ම සිංදු කියන අයට තමයි. ඒවා ඉතින් ගොඩක් වෙලාවට වෙඩ්ඩින්ග් එක වෙලාවෙ වදින මල් හී සර පාරවල් දෙක තුනකට සීමා වෙනවා. එහෙමත් එකක් දෙකක් තමයි දිග දුර යන්නෙ. ඒත් වැඩිම මාසයක් දෙකක් වගේ තමයි. ඔන්න මම නම් බැන්ඩ් එකේ සිංදු කියුවෙ නැහැ. මම කී බෝඩ් ප්ලේ කලා විතරයි. ඉතින් ඔය තැන්වලදි ඇහැට කණට පේන ගෑණු ළමයෙක් දෙන්නෙක් දැක්කම අපේ එවුනුත් ඉතින් අරින්නෙ නෑ. පොඩ්ඩක් නග්ගල තියල ගන්නවා. ඔන්න එදත් මේ මගුල් ගෙදර ගැවසුනා ඇහැට කනට පේන ගමේ ගොඩේ නගාල කිහිප දෙනෙක්ම. අපේ එවුනුත් පුරුද්දට වගේ එහෙන් මෙගෙන් වදින මල් හී සර පහරවල් ග්‍රහණය කරමින් තමයි හිටියෙ.
මම කිව්වනේ ඒ වෙනකොට අපි මිදුලේ කොනක හීනියට සෙට් වෙලා හිටියෙ කියලා. ඔන්න එක පාරටම අර මම කියුව ගෑණු ළමයි දෙතුන් දෙනෙක් අපි ඉන්න දිහාවට හෙමිහිට ඇවිදගෙන ආවා. අපි ඉන්න තැනට ආපු ඒ කට්ටියෙන් එක්කෙනෙක්,
"අයියේ . . . ඔය ගොල්ලො වලත්තද ?" කියල අහපි.
අප්පට සිරි, මේ මොකක්ද බොලේ මේ කඩං පාත් උන ගිණි ගෙඩිය කියල අපි දැන් එක එකාගෙ මූන බලනව. හැමෝගෙම උගුර හිර වෙලා වගේ . වචන පිට වෙන්නෙත් නැහැ. ටික වෙලාවක් අපි දිහා බලාගෙන හිටපු ඒ ගොල්ලො අපි මුකුත් කියන්නෙ නැති හින්ද ආපහු හැරිල යන්න ගියා.
ඔන්න ඉතින් අපි දැන් තාම තක්කු මුක්කු වෙලා වගේ. මෙච්චර වෙලා හීනියට දැනිච්ච වැදිච්ච කරන්ට් එකත් කොහේ ගියාද දන්නෙ නැහැ. ඔන්න ඉතින් අපි අපේ ලොකුම ‘මල් කුමාරයට’ දෝස් මුරේ දානව දැන්. උඹ හින්ද තමයි බං අපිටත් මේ වගේ කතා අහන්න වෙන්නෙ කියල අපි දැන් ඌට අම්බානෙකට බනිනවා.
"මචං මගේ මූනෙන් වලත්තයි කියල පේනවද ?" ඌත් අහනව . . .
"යකෝ උඹ විතරක් නෙවෙයි, උඹ හින්ද අපි ඔක්කොම වලත්තයි කියල තමයි උන් හිතාගෙන ඉන්නෙ . . " කියල අපේ තව එකෙක් ඌට බනිනවා.
"ටිකක් වලත්තයි තමයි. ඒත් ඕක එක එකාගෙන් ප්‍රසිද්ධියේ අහගන්න ඕනෙද ?" ඌත් අහනව.
ඔන්න තව ටික වෙලාවකට පස්සෙ උන් සෙට් එක ආපහු අපි ඉන්න දිහාවට එනවා තව කොල්ලෙකුත් එක්ක. අපේ දැන් ඇඟට හීන් දාඩියත් දාල. අපි දැන් හිතුවෙ අපි ගැන කියල කොල්ලෙක්ව එක්කං එනවා තමයි කියල ගේමට.
ආපහු අපි කිට්ටුවට ආපු ඒ ගොල්ලන්ගෙන් වෙන කෙල්ලෙක්,
"අයියල වලත්තෙයි ?" කියල ඔය දකුණෙ භාෂාවෙන්ම ඇහුවා .....
"ඇ . . ඇ. . ඇයි නංගි එහෙම අහන්නෙ ?" අපේ බෑන්ඩ් එකේ උන්නු වැඩිමල්ම එකා ඇහුවා.ඌටත් වචන ටැපලෙනවා
“ඔහෙලා වලත්තෙ මේ අයියලාගේ ගෙදර වෙඩින්ග් එකක් ගැහුවා කියල මේ අයිය කියනවා.”
හුටා . . . බලාගෙන යනකොට 'වලත්ත' කියන්නෙ ඒ පැත්තෙ තියෙන පොඩි ගමක නමක්.
අපේ දාඩිය හිඳිල ගිහිල්ල හිනා වෙලා මැරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . . .
කෙල්ලො සෙට් එකත් මුන්ට මොකක්ද මේ උනේ කියල ටික වෙලාවක් බලාගෙන ඉඳල ආපහු හැරිල යන්න ගියා.
පට්ට කතාව.......:D
ReplyDeleteහිකිස්...එලම එල
ReplyDeleteඑල එල!
ReplyDeletehih hih... hina wenna nan hoda kathawak.. hih hih.. ada thama mulinma meke post ekak kiyewwe.. maarai aiya.. hikiz.. duka hithena dewal hamoma liyanwa.. hina wenna deyak liyana eka godak hodai..
ReplyDelete:P :P :P
ReplyDeletemaru kathaawa..
ReplyDeleteෆට්ට සීන් එක ....!! මරු මරු......................!!!
ReplyDeleteLocalization - ලෝකලයිසේෂන් ප්‍රශ්ණයක්
ReplyDeleteයාලුවනේ, ලෝකලයිසේෂන් කියන්නේ කොම්පියුටර් වල "දේසේ හැටියට බාසේ" වෙනස් කිරීම කියන එක.
නියමයි දුමී,රචනයේ අගට එනකම් කුතුහලයෙන් පිරිලා. ගොඩාක් රසවින්ඳා
හික්ස්zz මරු අප්පා! මැක්සා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහෆොයි . . උඹටත් මාර වැඩ බන් වෙලා තියෙන්නේ . . .
ReplyDeleteමාර සීන් එක . . . හික් හික් . .
මරු කතාව..
ReplyDeleteහික් හික් හික් පට්ටම සීන් එක. උබ ලස්සනට ලියනවා. ඇහක් විදියට කනක් අදින්න කිව්වෙත් ඔය පැත්තෙනේ...
ReplyDeleteඉතිං අයිය ඇත්තටම වලත්තැයි???
ReplyDeleteමං හිතුවේ වත්තල ද කියන එක ටැපලිලා අහනවා කියලයි.
ReplyDeleteපට්ට කතාව! තාමත් හිනා.
ReplyDeleteඒ මං මේ උඹේ බ්ලොග් එකට ආවමයි බං. පළවෙනිම වතාවේ කැපු සිනා සංග්‍රහයට බොහෝම ස්තූතියි... පට්ට කතාව... ඕන් එහෙනං පස්සසෙං එනවෝ...
ReplyDeleteඑල කතාව අයියා....
ReplyDeleteමම හිතුවෙත් වත්තල කියන එක ටැපලිලා අහලා කියලා.... හැබැයි ඔය වචනෙට ලොකු demand එකක් තියෙන්ට ඇති ඔය නම දාන කාලෙ... මොකද ඉස්සර කාලේ දැන් වගෙ වලත්තයෝ වැඩිය ඉන්ට නැතුව ඇතිනෙ...
ReplyDeleteපික්සු හැදෙනවා..... :)
ReplyDeletehad a good laugh.... ela....
ReplyDeleteකතන්දර හිතපු දේම තම්යි මටත් හිතුනෙ.
ReplyDeleteහැමෝටම වෙන වෙනම ස්තුති නොකලට තරහ වෙන්න එපා . . . . ඔබ සැමට බොහොමත්ම ස්තුතියි කමෙන්ට් වලට සහ කරපු දිරිමත් කිරීම්වලට . . . . !
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑල ස්ටෝරිය මචං
ReplyDeletehina sagarayak.. ela ela
ReplyDeleteඅහ්
ReplyDeleteපට්ට කතාව
ඇයි ඔය පානදුරේ පැත්තේ ඉඳලා කැම්පස් එකට එන අපේ යාලුවෙක්ට සෑහෙන ප්‍රශ්ණයක් වුනා ගමේ නම නිසා. හිටි ගමන් නැගිටලා කෑ ගහනවා "මං වලානේ" කියලා. වලාන කියන්නෙ පානදුර පැත්තෙ ගමක්. :D
ReplyDeleteමම හිතුවේ වත්තලද කියන එක ඒ කෙල්ලොන්ට වැරදිලා වලත්තද කියල අහනවා කියල... මොනවා උනත් පට්ට කතාව
ReplyDeleteකොහොම හරි කියවල ඉවර කරනවා උඹගේ කතා සෙට් එක... එතකොටවත් හිනාව නවතියිනෙ.........
ReplyDeleteපිස්සු හැදෙනවා කතාව කියවලාම . මරු නේ වලත්ත කතාව
ReplyDeleteඑලම තමා...
ReplyDeleteගින්දර....එල
ReplyDeletehikk hikk! niyamai dumee ayya!
ReplyDeleteඇත්තෙයි ඔහෙලා හොදටම බය උනයි..
ReplyDeleteඅපේ ගමේ පොරකට උන කතවක් මතක් උනා උබේ වලත්ත කතාව දැක්කාම.. කෙටියෙන් කෙලල දාන්නම්.. ඌ කොළඹ කඩයක් දාල. දවසක් පොරක් ඇවිත් අහනවලු.. මුදලාලි පාන්තියේද? ,මුදලාලි කිව්වලු පාන් ඉවරයි කියල, පොර ආයෙත් අහනවලු මුදලාලි පාන්තියෙද කියල මුදලාලිට මලපැනල කිව්වලු කිව්වනේ පාන් ඉවරයි කියල.. පස්සෙ බැලුවාම ඌ මතුගම පාන්තියේ එකෙක් මදලාලිව අදුරල අහල තියෙන්නෙ..
ReplyDeleteහිහී.... ඉතිං එහෙමද..? :D
ReplyDeleteලොල්....
ReplyDeleteමේකනෙ වෙන්නේ මේ වෙලාවට අපි ප්ලේ කරකර පැනි පෙරනකොට සිංදු කියන ගොබිලා කෑල්ලට ඇඩ%ස් එක හරි ටැලිපෝං කොම්බරේ හරි දීල ඉවරයි ගිටාර් වගේ එල්ලගෙන ප්ලේ කරන එවුන්ට වෙඩිංවලට ගියාම ඉතිං හුලං තමා
ReplyDelete