ගිසර්ස් හී අවතාරය

Posted by දුමී

මා මින් වසර කීපයකට පෙර ජීවිතයේ එක් දිනක් පමණක් යම් අත්භූත අත්දැකීමක් ලැබ ඇතත් එය අවතාරයක් දැයි සක් සුදක් සේ පැහැදිලි කරලීමට හෝ එය එසේමැයි යැයි මා හටම ප්‍රත්ත්‍යක්ෂ කරලීමට අවැසි වූ ප්‍රමාණවත් සාක්කියක් වත් මා සතු නොවේ. එයිටත් වඩා මා සිත එය මනෝ විකාරයක් යැයි පෙළඹවීමට හේතුව මා එදින 'මද පමණට' වඩා මත් වී සිටි හෙයිනි. එනමුත් මා හට ඉතා සමීපතයන් එවැනි වූ නොයෙක් ආකාරයේ අත්දැකීම් ලැබ ඇති බව නම් කිව යුතු මනාය. මා මෙයට කලින් පල කරනු ලැබූ මේරි ආච්චි හා කුමාරස්වාමිගේ අවතාරය යන ලිපි එසේ මා හටම නොවුවත් මා දැන හුන් සමීපතයන්හට අත්දකින්න ලැබුවාවූ අත්භූතමය සිද්ධීන්ය. අද මා කියන්න යන සිද්ධියත් එසේ මාගේ ඉතාම හිතවත් මිත්‍රයෙක් විසින් ලැබුවාවූ අත්භූතයම අත්දැකීමකි.

මා රැකියාවේ යෙදී සිටින ඩුබායි දේශය මෑත කාලේ ඉතා සීග්‍රයෙන් සංවර්ධණය වූ නගරයකි. ඩුබායි පමණක් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැදුම්ලත් සප්ත එමීරයන්ම හුදු වාලුකා කතරින් පමණක්ම පිරී තිබුනේ මෑත අතීතය වූ 1971 තරම් කාලයේය. හැටේ දශකයේදි අබුඩාබි නගර කේන්ද්‍ර කර ගනිමින් තෙල් සොයා ගැනීමත් සමග මෙම රාජ්‍යය නොසිතූ විරූ ලෙසකින් දියුණුවේ හිණිපෙත්ත කරාම ලඟා වුනි. මේ රාජ්‍යයේ ඈත අතීතය හාරා අවුසන්නෙකුට නිබඳවම ලැබෙන්නාවූ හෝඩුවාව වනුයේ ප්‍රධාන වශයෙන්ම මුහුදු කොල්ල කරුවන්ගෙන් පිරී තිබුනු අති ආක්‍රමණකාරී සමාජයක්ය. මුහුදු බඩ ආශ්‍රිතව තම ජනාවාස ඉදිකරගනිමින් ජීවත් වූ සහ ඉරාණයෙන් සංක්‍රමණය වූ අරාබි ගෝත්‍රිකයන්ගෙන් සමන්විත වූ ඔවුන්ගෙන් ඇතැමුන් මුතු බෙල්ලන් සෙවීමේ කිමිදුම්ක්‍රමයන් ජීවනෝපාය කරගනිමින් ජීවත් වූහ. ඔවුන් එසේ සොයා ගත් මුතු බෙල්ලන්, එසේ නැතිනම් මහ සයුරෙහි යාත්‍රා කරමින් තිබූ වෙළඳ යාත්‍රා වලින් කොල්ළ කන ලද භාණ්ඩ නැවත නැවතත් විකුනමින් සංක්‍රමණකාරී දිවි පෙවතක් ගත කලහ. සමාජයේ වරප්‍රසද ලද්දාවූ ප්‍රභූන්ට පමණක් හුණු ගල් වලින් සැදුම්ලත් ස්ථිර වාසස්ථාන තිබු නමුත් අනිකුත් සංක්‍රමණ කාරී ගෝත්‍රික ජනතාව ජීවත් වූයේ කාන්තාරයේ තැනින් තන අටවා ගන්න ලද තාවකාලික වූ කූඩාරම් තුලය. මුතු බෙල්ලන් එසේ නැතිනම් කොල්ල කන ලද්දාවූ නොයෙකුත් භාණ්ඩ විකුනමින් අරාබි කරයේ සිට ඈත පෙරදිග දක්වා ගොඩ බිම මාර්ගයන් ඔස්සෙ නිති සංචාර්ය කරන ලද ඔවුන්ගේ වාසස්ථාන කිසි දිනෙකත් ස්ථීරවූවන් නොවේ. එසේ නිති පතා ජීවනෝපාය සඳහා සංකරමණය වූ ඔවුන් ඈත අතීයේ පටන්ම ඉස්ලාම් භක්තිවන්තයෝ වූහ. සංක්‍රමණයේදී ඇති වන්නාවූ විවිද වූ රෝග ව්‍යාදි හේතුවෙන් මරණයට පත් වෙන්නවුන්ට සිදු වූයේ එසේ මිය යන තැනම වූ භූමියක භූමි ගත වන්නටය. එසේ තැන තැන කාලෙන් කාලෙට සිරුරු භූම දානය කරලූ ස්ථාන විශාල ප්‍රමාණයක් මේ ජනාවාස වටා පිහිටා තිබුනි. පසු කාලීනව අත්දකිනා ලද සීග්‍ර දියුණුව අරබයා කොන්ක්‍රීට් වනාන්තර ඉදිවන්න වූයෙන් සමහර හොඩනැගිලි ඉදිවූයේ මෙසේ තැන තැන පිහිටුවන ලද සලකුණු නොකරන ලද නොයෙකුත් සොහොන් බිම් මතය.

මා මිත්‍ර වර්ෂ (සැබෑ නම නොවේ) වෘතියෙන් ගුවන් යානා ඉංජිනේරුවෙකි. කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවෙකු ලෙසින් කටයුතු කල ඔහු ඩුබායි දේශයට පැමිනින්නේ කේ.එල්.එම් (KLM) ගුවන් සේවයේ ඉංජිනේරුවෙකු ලෙසින් ලද පත්වීමක් නිසාය. මෙයින් වසර හයකට පමණ පෙර ඔහු දිවි ගෙවූයේ තනිකඩයෙකු ලෙසිනි. ඩුබායි දේශයට අළුතෙන්ම පැමින රැකියාවක් කරන ඕනෑම අයෙකු දවාලන ප්‍රශ්නයක් වනුයේ ඉන්න හිටින්නට සුදුසු ගෙයක් දොරක් පහසු මිලකට සොයා ගැනීමය. ටික කාලයක් මිතුරෙකු සමග වාසය කෙරූ වර්ෂට ඔහුගේම නවාතැනක අවශ්‍යතාවයක් මතු ආවේ මිතුරාගේ දරු පවුල ඔහු සමග විසීමට ඩුබායි දේශට සපැමිණි බැවිනි. එසේ නිවාස සොය ගිය ඔහුට එම දිනවල තිබුණු මිල ගනන්වලට වඩා සෑහෙන අඩු මිලකට තනි කාමරයක් සහිත නිවසක් (one bedroom apartment) සොයා ගැනීමට ලැබුනේ ඩුබායි, සාජා මායිමේ පිහිටියාවූ ඒ දිනවල කිසිසේත්ම ජනාකීර්ණ නොවූ (අද මේ ප්‍රදේශය ඉතාමත් ජනාකීර්ණය ) ගිසර්ස් නම් වූ ප්‍රදේශයෙනි. සැනෙකින් එය බද්දට ගත් මා මිත්‍ර වර්ෂ එහි පදිංචිටය පැමිණියේ එම මිල ගණනට එම පහසුකම් සහිත වූ වෙන නිවසක් සොයා ගැනීමට නොහැකි බව පසක් වීමෙන් සිත පිළසිඳගත් සතුටකුත් සමගය. එනමුත් එම සතුට වැඩිකල් සිතේ රඳවා තබා ගැනීමට නම් මාගේ මිත්‍රයාට නොහැකි වුනි.

ඩුබායි දේශයේ සීත සෘතුව සමයෙහි ඇට මිදුලු ඝනී භවනය කරන සීතලක් පැවතීම සාමාන්‍යයෙන් අත්දැකීමට සිදුවෙන්නාවූ සුලභ දෙයකි. එලෙස සීත සෘතුව සපැමිණ තිබු එසමයෙහි ඝන පොරෝණයක් නොමැතිව නිදා ගැනීමට නම් කිසි වෙකුටත් කල හැකි දෙයක් නොවන්නේය. වරෙක රාත්‍රී වැඩ මුරයන්ද, වරෙක දහවල් වැඩ මුරයන්ද අහවර කර පැමිණෙන වර්ෂට නින්ද තරම් සුව දෙන වෙනත් දෙයක් නොමැත්තේය. එසේ වෙහෙස වී පැමිණෙන වර්ෂ ඉක්මනින්ම කිසියම් දෙයකින් කුස පුරවාගෙන ඇඳට පනින්නේ නින්ද තරම් සුවයක් නොමැති නිසාය. දහවලද රාත්‍රියද වෙනසක් නොමැති සීතල පැතිර යත්දී ඝන පොරෝනය තුලට ගුලිවෙන වර්ෂට ඇහැරෙන්නේ ඇට මිදුලු සූරා යන තරමට දැනෙන සීතලකිනි. ඇස් පියන් ඇර බලන ඔහුට දිස් වනුයේ ඇඳ පාමුල වැතිර තිබෙන මෙතෙක් වේලා තමන්ට උණුසුම සැපයූ පෝරණයය. එය කෙසේ සිදු වූවාදැයිවත් නොසිතෙන සීතලෙන් ගැහෙන ඔහු නැවතත් එය රැගෙන පොරවාගෙන නින්දට යතත් තවත් ටික වෙලාවකින් හීනෙන් මෙන් දැනෙණුයේ කිසිවෙක් විසින් පොරෝණය ඇද ඉවත් කරන බවකි. නැවතත් ඇහැරෙන ඔහුට දැකින්න ලැබෙනුයේ ඇඳ පාමුල වැතිර තිබෙන පොරෝණයයි. නින්දේදි මෙහෙමත් දඟලනවාදැයි තමන්ටම සිනාසෙන ඔහු නැවත වරක් පොරෝනය ගෙන ඇඟ දවටා නින්දට යයි. දින පතාම සිදුවෙන්නාවූ මේ ක්‍රියාදාමය නිසාම කඩින් කඩ නින්ද අහිම වන වර්ෂට රාජකාරියේදිත් නිදි කිරා වැටීමට සිදු වනුයේ රාත්‍රියේදි හරි හැටි නින්දක් නොලැබෙන හෙයිනෙ. මෙසේ සති කිහිපයක් ගත වෙන විට අති භයංකර සිදු වීමකට හර්ෂ මුහුණ පානුයේ මෙලෙසිනි. එදිනද සුපුරුදු පරිදි පොරෝනය නොමැති වීමෙන් ඇහැරුනු ඔහු එය නැවත ඇඟ දවටා නිදා ගැනීම සැරසුනා පමණි. එක් වරම යමෙක් ඔහුගේ කුකුලෙන් ඇද ඇඳෙන් බිමට ඇද දමන ලදී. පරිසරයේ සීතලට වඩා වැඩි වූ සීතලක් ඔහුගේ වලළු කර ප්‍රදේශයට දැනීමත් වැරෙන් ඇද බිමට දැමීම නිසා ඇති වූ කම්පණය නිසාත් වර්ෂට කෑ ගැසී තිබුනේ ඉබේටමය. එනමුත් තනිකඩව විසූ ඔහුගේ කෑගැසීමට ප්‍රථිචාර දැක්වූවෙක් නොමැත. මෙවැනි දෙයක් මින් පෙර අත්දැක නොතිබූ සහ මෙවැනි දෙයක් පවතී යැයි විශ්වාසයක්වත් නොතිබූ වර්ෂ මේ සිදු වූයේ කුමක්දැයි සිතමින් නොනිදමින් මුළු රැය මානසික ආථතියෙන්ම පහන් කරන ලදී. ඇති වූ කම්පණයෙන් සිටි ඔහුට පහුවදා වන විට තදින් උණ සෑදි තිබුනි. පහුදා උදෙන්ම තමාගේ කලින් නවාතැනේ මිතුරාට දුරකථන ඇමතුමක් දුන් වර්ෂ ඔහුත් සමග ගොස් ප්‍රතිකාර රැගෙන පමිණියේය. තම මිතුරා තනි නොකල වර්ෂගේ මිතුරා එදින රැය ඔහු සමග ගත කලේ වර්ෂගේ උණ ගතිය අඩු වී නොතිබූ නියාවෙනි. බිමට එලනු ලැබූ මෙට්ටයක නිදා ගත් වර්ෂගේ මිතුරාටත් අත් විඳින්නට වූයේ වර්ෂ විසින් අත් දකිනා ලද දෙයමය. කකුලෙන් ඇද මෙට්ටෙන් බිමට දමන ලද මිතුරාත් බයෙන් බීරාන්ත්‍ර වී ගියේ මෙය කිසියම් අමුනුස්සයෙකුගේ වැඩක් යැයි දැන් දැන් මොනවට පැහැදිලි වූ නිසාය

මිතුරාත් සමගම වර්ෂ පසුදිනම නිවස බදු දෙන ලද ආයතනය වෙත පැමිණියේ නිවසින් පිට වෙන බව දැනුම් දෙනු සඳහාය. තමන් අත්දකින ලද විස්තරය පවසනු ලදුව ආයතනයෙන් පවසනු ලැද්දේ මින් පෙර කිසිවෙකුත් වර්ෂ සිටියාවූ නිවසෙහි මාසයකට වඩා පදිංචි වී නොමැති බවය. මෙහි මාස තුනකට ආසන්න කාලයක් පදිංචි වී සිට ඇත්තේ වර්ෂ පමණකි. වහාම ඉන් පිටවූ වර්ෂ මිතුරාගේ නිවසේ යළි ටික කලක් පදිංචි සිට වෙනත් නිවසකට මාරු වී ගියේය. පසු කලෙකදි එම ගොඩනැගිල්ලේ වර්ෂ පදිංචිව උන් නිවහන වසා දමා කිසිවෙකුටත් කුලියට නොදෙන ලැද්දේ කිසි කෙනෙකුටහ් එහි සැනසිල්ලේ විසීමට නොහැකි වූ නියාවෙනි..

29 comments :

  1. අම්මේ දුමී අයියේ.., බඩ පපුව කූල්වෙනවා නේ මෙක කියෙව්වම..! මම මේ ළඟදී බැලුව paranormal activities චිත්‍රපරියෙත් ඔහොම එකක් තිබිලා මට මතක වුනේ ඒක..! මරු ලිවිල්ල..! ජය..!!

    ReplyDelete
  2. අම්මටසිරි...ඩුබායි වලත් හොල්මන් ඉන්නව නේද??? මොනව වුනත් කතාව මරු දූමී අයියේ!!!!!!!!

    ReplyDelete
  3. ආහ් අයියේ මමත් හිතුවේ ලංකාවේ තරම් හොල්මන් කොහෙවත් නැතිව ඇති කියල.බලන් ගියහම නපුරු හොල්මන් පිට රට වලත් ඉන්නව. අනික අයියා එය අරාබි පැත්තේ ඉන්න මිනිස්සු කොහොමත් හොල්මන් අවතාර වගේ පොරව ගෙන නෙ ඉන්නේ....
    අයිය ගේ හොල්මන් අත්දැකීමත් ලීවනම් තමයි වටින්නේ...

    මගේ පුද්ගලික මතය නම් හොල්මන් අවතාර කියා දෙයක් ලොව නොමැති බවයි....

    ඒවුනාට මාත් බයයි ...හිහ්..

    ReplyDelete
  4. කටාර් වලත් තියෙනවාළු මේ වගේ ගෙයක්. මේ ගේ අයිතිකාරයා ගේ හදලා ඉවර වෙලා පදිංචියට එන්න ඉද්දි මුළු පවුලම රිය අනතුරකින් මැරිලා. එදා ඉඳන් මේ ගෙදරට කිසි කෙනෙකුට යන්න බැහැළු. හෝමන් වලින් කරදරයිළු. මේ ගේ කඩා දමන්න හදපු බැකෝ යන්ත්‍රයක් එතැනම පෙරලිලා රියැදුරාත් මළා ළු. පහුගිය කාලේ මේ ගෙදරට පොලිස් ආරක්ෂාවත් දමලා තිබුණා කියලා තමා කියැවෙන්නේ. ලඟදි නම් කිසි ආරංචියක් නැහැ. මමත් ගේ ලඟට ගිහින් තිබුණට වත්ත ඇතුලටවත් යන්න අවසර ලැබුණේ නැති නිසා කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න හම්බවුණේ නැහැ.
    ලංකාවේත් හොල්මනක් ගැන අත්දැකීමක් තියෙනවා. ඒත් ඒක හොල්මනක්ද කියලා මටම විස්වාස නැහැ.

    ReplyDelete
  5. එළ කිරි.. අර Jeew කිව්ව හොල්මන් ගෙදරට අමතරව කටාර් වල තියෙනවා තව හොල්මන් ගමක්.. ඒ ගමේ කරන්නේ බල්ලෝ ෆයිට් කරවන එක.. මැරෙනකම්ම ෆයිට් ලු.. රෑ ජාමේ මේ ගම පැත්තේ කවුරුත් යන්නේ නෑ.. කීපදෙනෙක් බය වෙලා තියෙනවා.. ඒ ගැන පොඩි විස්තරයක් පස්සේ ලියන්නම්.

    ReplyDelete
  6. දුමී අයියගේ හොල්මන් කතා ටික නම් මරු. මේක කියවනකොට නම් මගෙත් බොක්ක කූල් වුනා. අර දුමී අයියාගෙ අත්දැකීමත් වෙලාවක ලියමු නේද? මට නම් තාම සමීපතමයෙක් හරහා වත් හොල්මන් අත්දැකීම් නෑ :(

    ReplyDelete
  7. හික් හික් හික්, ඔය අනිත් රසික රසිකාවින්යන්ට වගේ නෙමෙයි, අපිටනම් ඉතින් හොල්මන් අවතාර දවස ගානෙම දකින්ඩ ලැබුනා ටික කාලෙකට ඉස්සර ඔය දුමී අපිත් එක්ක ඉන්නකොට. දුමීගෙ වයිෆ් නම් තාමත් කියනව ගෙදර හොල්මනක් ඉන්නව කියලා...බෙඩ් සීට් එහෙම තාමත් ඇදලා දානවලු ආරන්චියෙ හැටියට....හ හ හා......

    ReplyDelete
  8. දුමී අය්යෙ, ඔයා හදන්නෙ හිත නිදහසේ රෑට නිදාගන්න එකත් නැති කරන්න ද...

    ReplyDelete
  9. හොල්මන් කතා ගොඩක් කියවල තිබුණට මම මෙච්චර කාලෙකට අත්දැකීමක්නම් ලබල නෑ... මොනව වුණත් මරු කතාව...

    ReplyDelete
  10. අහ් මේක කියවද්දින් ඇත්තටම මට මතක් උනේ චේජනාවනේ. දැන් හරි වැඩේ වෙන්නේ.:-(

    ReplyDelete
  11. "හැම එක්කෙනාටම මේවා පේන්නෙත් නැහැ. හරි ෆ්‍රීකුවන්සි එක සෙට් වෙන්න ඕන හරියට අර රේඩියො චැනල් එකක් ටියුන් කරාම විතරක් හරියට චැනල් එක අහු වෙනවා වගේ."
    මේ තියෙන්නෙ අයියගෙ "කුමාරස්වාමිගේ අවතාරය" පෝස්ට් එකේදි "පිස්සාට" දුන්න උත්තරයක්. මටත් මේ කාරනාව ඇත්ත කියල හිතෙනව.
    අයියගෙත් මීටරේ වෙනස් උන වෙලාවකනෙ අයියගෙ එකම අත්දැකීමත් ලැබුවෙ. කොහොම උනත් අපේ හිත දුර්වල උන වෙලාවට අපේ හිතට පිටස්ට්තර බලපෑමකට අපිව අහුවෙන්න පුලුවන් ඇති.

    ඒ කතාව පැත්තකින් තියමුකො....... මොකක්ද හැබෑට අර "උනන්දුවා" කියන හොල්මන් කතාව.....?

    ReplyDelete
  12. ඔක්​කොටොම වඩා උඔගේ අර ප්‍රොෆයිල් පික්චර් හොල්මන ගිහිල්ලානේ.... දැං නිදහසේ මේ බ්ලොග් එකට ආවැකි! නැත්තං ප්‍රොෆයිල් පික්චර් එක දැක්කම ගිසර්ස් හී අවතාරයට වැඩිය හපං... හිසිස්..........

    ReplyDelete
  13. There is a person I know who works in Saudi He has also experience the same thing.

    ReplyDelete
  14. @ බුද්ධි, නැහැ නැහැ.. දැන් තමයි නියම හොල්මන් ෆොටෝ එකක් දාලා තියෙන්නේ....

    ReplyDelete
  15. Mama hithuwe mehe holman naa kiyala... Very interesting.

    ReplyDelete
  16. මමත් ඔයවගෙ එව අහල තියනව..
    ඔමානයෙත් ඔයවගෙ තැන් ගොඩක් තියනව...

    ReplyDelete
  17. මාතෘකාව දැකලා කියවන්නෙම නැතුව ඉඳලා මමත් කියෙව්වනෙ. මීට පස්සෙ නම් තනියම ගෙදර ඉන්නෙ නැහැ. අපි ඉන්න villa එකෙත් ( අබුඩාබියෙ ) එක studio flat එකක් තියෙනවා නිතරම අලුතෙන් කට්ටිය පදිංචියට එන. එක කට්ටියක් මාස තුනක් විතර තමා ඉන්නෙ. අහන්න දෙයක් නෑ එහෙත් 'අරාබි හොල්මන් " ඇති.

    ReplyDelete
  18. අනේ මන්ද බොල මෙව්වා... අර කිව්ව වගේ මීටරේ සෙට් උනහම ඒ ඒ උදවියට පේනවා ඇති... අනේ අම්මේ වැරදිලවත් පිස්සගෙ මීටරේ නම් අසු නොවේවා...

    ReplyDelete
  19. හැම රටේම හොල්මන්. මුන් ටික එකතු වෙලා ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවා ගනීද දන්නේ නැහැ :)

    ReplyDelete
  20. අම්මෝ හොල්මනක්.............

    ReplyDelete
  21. බුදු අම්මියෝ.....!!

    ReplyDelete
  22. ඉතින් මෙ දුමී කියන හොල්මන නිතරම ඛෙඩ් ෂීට් එක ඇදෙන් බිමට ඇඳලා දානවාළු..
    {අම්මපා මොකද ඒ..?}

    ReplyDelete
  23. ඔන්න අපි යනෝ.................නැ නෑ මම....

    ReplyDelete
  24. සේරෝම පාරට්ටු ටික කියෙව්ව...මරු මරු......අපිත් ඉතින් ඔය පැත්තෙ හක්කලO කොරා කාලෙකට ප්‍රතම....

    පට්ටම ස්ටයිල් එක දුමී.

    ReplyDelete
  25. උඹේ මේ හොල්මන් කතා අපේ ගෙදර උන්දෑ තව පොඩ්ඩෙන් නැති හොල්මනක් බදාගෙන මාව හොල්මන් කරනවා.

    අපේ ගෙදර ඉස්සරහ දොර ඇලුමිනියම් ප්‍රේම් එකක් තියෙන වීදුරු දොරක් මතකද මන්දා උඹට.

    එකේ රබර් බීඩින් එකක් ගැලවිලා පොඩි හුලඟටත් හෙලවෙනවා. අපේ මායියා කියනවා උදේ මම වැඩට ගියාට පස්සේ කවුද මන්දා එකම වෙලාවට පස් සැරයක් හොල්ලනවාලු.

    මේ ඔක්කොම උඹේ හොල්මන් කතා කියෙව්වට පස්සේ හැබැයි . . හෆොඉ . .

    මම ඉතින් හැමදාම අහනවා අදත් හොල්මන ආවද කියලා . ..

    අද මනුස්පයා දොරේ හෙලවෙන තැනට මොකද්ද කෑල්ලක් හිර කරලා . . ඒක නිසා අද හොල්මන ඇවිත් නෑ . . හික් හික් . .

    තව පොඩ්ඩෙන් අපි ගෙවල් දොරවල් දාලා යනවා හොල්මන් වලට බය වෙලා . . . හි හි

    ReplyDelete
  26. සමහරක් හිතාගෙන ඉන්නේ හොල්මන් අවතාර තියෙන්නේ
    ලංකාවේ විතරයි කියලා,හොල්මන් අවතාර යනු මුළු ලෝකය පුරාම
    පැතිර ඇති frequency එක set වෙන අය‍ට පමණක් පෙනෙන
    අත්භූත බලවේගයකි..

    ReplyDelete
  27. >> "මා මින් වසර කීපයකට පෙර ජීවිතයේ එක් දිනක් පමණක් යම් >> අත්භූත අත්දැකීමක් ලැබ ඇතත්"

    ඒක ගැන ලියලද තියෙන්නෙ?

    !

    ReplyDelete
  28. නියම වෙලාවට නියම පෝස්ට් එකක්..
    බලමු මොකාටද එන්න හදන්නෙ කියලා...

    ReplyDelete

Related Posts with Thumbnails